Airbus A350 XWB–( අවසන් කොටස)

 

පළමු ලිපිය බලන්න

දෙවන ලිපිය බලන්න

තෙවන ලිපිය බලන්න

විවිධ සංස්කරණ Variants

එයාර්බස් 350 ගුවන් යානය A350 -800, A350-900 සහ A350-1000 යනුවෙන් වර්ග තුනකින් හඳුන්වා දීමට නියමිත අතර A350 -800 වර්ගය මේ වර්ෂයේ මැද භාගයේ දී පමණ දියත් කිරීමට නියමිතය.

image

A350-800

A350-800 වර්ගයේ යානයේ පන්ති 3 නේ සැළසුම අනුව මගී ආසන 270 ක් සවි කළ හැකි අතර එක් පෙළකට ආසන 9 වන ආකරයට මෙම ආසන සකස් කළ හැක. එක් වරකදී මෙම යානයට කිලෝ මීටර් 15400 ක් ගමන් කළ හැක. යානය දිගින් මීටර් 60.5 ක් පමණ වන අතර ගුවන් ගත වීමට හැකි උපරිම බර ටොන් 248 ක් පමණ වේ. එන්ජින් දෙකකින් සමන්විත යානයකි.

A350-900

A350-900 වර්ගයේ යානයේ පන්ති 3 නේ සැළසුම අනුව මගී ආසන 314 ක් සවි කළ හැකි අතර එක් පෙළකට ආසන 9 වන ආකරයට මෙම ආසන සකස් කළ හැක. එක් වරකදී මෙම යානයට කිලෝ මීටර් 15000 ක් ගමන් කළ හැක. නමුත් මෙහි තවත් සංස්කරණ වලදී ගමන් කළ හැකි උපරිම දුර කිලෝමීටර් 17000 ක් පමණ ප්‍රමාණයකට වැඩි කිරීමට යෝජනා කර ඇත. යානය දිගින් මීටර් 66.8 ක් පමණ වේ. එන්ජින් දෙකකින් සමන්විත යානයකි.

 

A350-1000

A350-1000 වර්ගයේ යානයේ පන්ති 3 නේ සැළසුම අනුව මගී ආසන 350 ක් සවි කළ හැකි අතර එක් පෙළකට ආසන 9 වන ආකරයට මෙම ආසන සකස් කළ හැක. එක් වරකදී මෙම යානයට කිලෝ මීටර් 15600 ක් ගමන් කළ හැක. නමුත් මෙහි තවත් සංස්කරණ වලදී ගමන් කළ හැකි උපරිම දුර කිලෝමීටර් 17000 ක් පමණ ප්‍රමාණයකට වැඩි කිරීමට යෝජනා කර ඇත. යානය දිගින් මීටර් 73.8 ක් පමණ වේ. එන්ජින් දෙකකින් සමන්විත යානයක් වන අතර මෙම වර්ගයේ විශාලතම යානයයි. අනෙක් වර්ග දෙකට වඩා පියාපතේ වර්ගපලය වැඩි අතර එමගින් වැඩි එසවුම් ධාරිතාවක් ලබා ගත හැකිය.

 

මෙහි සඳහන් තොරතුරු මෙම යානය සැකිසීමට පෙර සහ පළමු යානය සැකසීමෙන් පසු එම නිෂ්පාදකයා විසින් දක්වන ලද තොරතුරු වේ. නමුත් මේ සියළු යානා සකසා අවසන් වීමෙන් පසු මෙහි සඳහන් තොරතුරු මීට වඩා වෙනස් වීමට ඉඩ ඇත.

නිමි

Airbus A350 XWB–( 3 කොටස)

 

පළමු ලිපිය බලන්න

දෙවන ලිපිය බලන්න

සැළසුම

2007 සැප්තැම්බර් මාසයේ දී එයාර්බස් සමාගම සදහන් කලේ නව ගුවන් යානය A380 ගුවන් යානය සැකසීමේ දී භාවිතා කළ තාක්ෂණය ම භාවිතා කරමින් සකසන බවත් A380 ගුවන් යානයේ නියමු කුටියට සමාන නියමු කුටියක් මෙම නව යානයේත් සකස් කිරීමට අදහස් කරන බවයි. එලෙසම නියමුවෙකු අතින් සිදුකරන මෙහෙයුම වෙනුවට ඉලොක්ට්‍රොනික උපාංග මාර්ගයෙන් ගුවන් යානය පාලනය වන fly-by-wire ක්‍රමය මෙහිදීද භාවිතා වන බව ඔවුන් වැඩිදුරටත් පැවසීය. මීට අමතරව ඔවුන් සඳහන් කලේ ගුවන් යානයේ අමුද්‍රව්‍ය වලින් 53% ක් සංයුක්ත අමුද්‍රව්‍ය වලින් ද 19% ක් ඇලුමිනියම්-ලිතියම් මිශ්‍රණයකින් ද 14%ක් ටයිටේනියම් වලින්ද 20% ක් ඇළිමිනියම් වලින් ද 6% ක් වානේ වලින් සහ 8% ක් වෙනත් දුව්‍ය වලින් ද සමන්විත වන බවයි. Boeing 787 ගුවන් යානයේ අමුද්‍රව්‍ය සැළකීමේ දී එහි 50% ක් සංයුක්ත අමුද්‍රව්‍ය ද, 20% ක් ඇලුමිනියම් ද, 15 ක් ටයිටේනියම් ද, 10% ක් වානේ සහ 5%ක් වෙනත් දුව්‍ය වලින් ද නිර්මිත විය.

එලෙසම යානයේ ඉහළ ගමන් කරන විට ඇතුළත පීඩන පාලනය, වාතයේ සංසරණය සහ පිරිසිදු බව ආදී දේවල් සඳහා ද ඔවුන් නව සැළසුම් ඉදිරිපත් කරනු ලැබීය.

යානයේ බඳ කොටස Fuselage

නව XWB සැළසුමේ දී ගුවන් යානයේ පළමු දොරේ සිට 4වන දොර දක්වා බඳෙහි පළල ඒකාකාරී ලෙස පවත්වා ගනිමින් භාවිතා කළ හැකි ඉඩ ප්‍රමාණය උපරිම කර ඇත. A330/A340 ගුවන් යානා වල බඳෙහි භාහිර විශ්කම්භය මීටර් 5.64 වුවද නව ගුවන් යායේ එය මීටර් 5.97 තෙක් වැඩි කර ඇත. ඇතුලත විශ්කම්භය නව සැළසුමේ දී මීටර් 5.61 ක් වන අතර Boeing 787 ගුවන් යානා වල එය 5.49 කි. මෙම පලල් බව වැඩි වීම මගින් මගීන් ට වැඩි පහසුවක් සැළසෙන අතර ගමන් මලු ඇහිරීමේ රාක්ක වල ඉඩ ප්‍රමාණයද වැඩි වේ.

පියාපත් Wings

නව ගුවන් යානයට නවීන සුසංහිත පියාපත් සවිකරනු ලබන අතර එහි වර්ග ප්‍රමාණය වර්ග මීටර් 443කි. එය තනි මහලක් සහිත පළුල් බඳ ගුවන් යානයකට භාවිතා කරන විශාලම පියාපත වේ. එක් පියාපතක කොණක සිට අනෙක් පියාපතේ කොණ තෙක් පළල (wingspan) මීටර් 64.8 වන අතර මෙය එයාර් බස් 330 ගුවන් යානයට වඩා මීටර් 4.5 ක වැඩි වීමකි. පියාපත් අග කෙළවර අනෙක් එයාර් බස් ගුවන් යානා පියාපත් වලට වඩා වැඩියෙන් වක්‍රාකාරව ඉහළට නමා ඇත. මෙම පියාපත් නිපදවා ඇත්තේ ‘බ්‍රොග්ටන්‘ හි පිහිටි නව එයාර් බස් කර්මාන්ත ශාලාවේ දීය.

ගුවන් යානයේ මුහුණත Nose

clip_image003 

(පින්තූරය විකිපීඩියා වලිනි)

නව ගුවන් යානයේ මුහුණත එයාර්බස් 380 ගුවන්යානයේ ඉදිරි පස පෙනුමට බොහෝ සමානව සකසා ඇති අතර කොටස් 6කින් යුක්තව ඉදිරිපස වීදුරුව (සුළං මුවාව) සකසා ඇත. මුහුණතෙහි නව සැළැස්ම හේතුවෙන් ගුවන් යානයේ කාර්යක්ෂමතාව ඉහළ යන අතර කාර්ය මණ්ඩල විවේකස්ථාන යානයේ තවදුරටත් ඉදිරියට ගෙන ඒමට හැකියාව ලැබී ඇත. නව සුළං මුවාව මගින් නියමුවන්ට ඉදිරිපස පෙනෙන ප්‍රදේශය තවත් වැඩි කර ඇත.

නියමු කුටිය හා ගුවන් ඉලෙක්ට්‍රොනික පද්ධතිය Cockpit and avionics

ගුවන් යානයේ නියමු කුටිය ද නවතාවයකින් යුතුව සැළසුම් කර ඇති අතර එහි සෙන්ටි මීටර් 38 ක පළලකින් යුතු LCD තිර භාවිතා කරමින් ගුවන් සංතරණ පද්ධතිය වැඩි දියුණු කර ඇත එළෙසම විවිධ සංවේදක හා කුම උපයෝගී කර ගනිමින් විශාල තොරතුරු පුමාණයක් ගුවන් යානය මෙහෙය වීම සඳහා භාවිතා කරනු ලබයි.

ගුවන් යානවේ වැඩි දියුණු කළ ගුවන් ඉලෙක්ට්‍රොනික පද්ධතියක් භාවිතා කරන අතර 40 ක් පමණ වූ විවිධ ක්‍රියාකාරකම් මෙමගින් පාලනය වේ. එයාර් බස් 380 ගුවන් යානයේ මෙම සංඛ්‍යාව 23 ක් පමණ වේ. මෙම නව ක්‍රියාකාරකම් අතරට ඉන්ධන පාලනය, අභ්‍යන්තර වායු තත්වය, ඇතුළත මගී පරිසරය, ගිනි ආරක්ෂික පද්ධතිය ආදිය සඳහන් කළ හැක.

බල සැපයුම Power plant

අළුතින්ම සැළසුම් කරන ලද එන්ජින් දෙකකින් ගුවන් යානයට බලය සපයනු ලබන අතර මූලිකම ගුවන් යානය වන A350 – 800 ගුවන් යානයේ උපරිම එසවුම් බර ටොන් 248 ක් පමණට මෙම නව එන්ජින් වලින් බලය සපයයි. එලෙසම මෙම එන්ජින් විවිධ පරිසර තත්වයන් විශේෂයෙන් අධික උෂ්ණත්වය සහ මුහුදු මට්ටමේ සිට වැඩි උසකින් යුතු ප්‍රෙද්ශ සඳහා යෝග්‍ය වන පරිදි වෙනමම සැළසුම් කරනු ලබයි. එලෙසම ශබ්ධය ද අඩු කර ඇති අතර ඉන්ධන කාර්යක්ෂමතාය ද වැඩි කර ඇත. බෝයිං ගුවන් සමාගමේ “ඩ්‍රීම්ලයිනර්“ ගුවන් යානයේ බල සැපයුමේ ඇති වූ දෝෂද මෙම නව යානයේ මග හැරවීමට එයාර්බස් සමාගම කටයුතු කරමින් සිටී.

 

අවසාන කොටස බලාපොරොත්තු වන්න