ඇදහීමටවත් නොහැකි තාක්ෂණයක් සහිතව ලොව නන් දෙස පියාසර කරන නවීන ගුවන් යානා අද තිබුණ ද ගුවන් යානා විකාශණයේ මුල් අවධියේදී ඉතාම සරල, ගුවන් යානා ලෙසවත් හැදීන්වීමට නොහැකි යන්ත්‍ර තිබිණ. ඇමරිකාවේ ගුවන් යානාවක් සාර්ථකව අත්හදා බලන අතරතුරදීම ලොව විවිධ කලාප වල ගුවන් යානා අත්හදා බැලීම සිදු විය. විශේෂයෙන් තාක්ෂණික පුනරුදයක් ඇති වී තිබු යුරෝපයේ ද විවිධ අත්හදා බැලීම් අසාර්ථක වීම් සහ සාර්ථක ගුවන් ගමන් ආදිය විටින් විට වාර්තා විය. අප රටේ සාර්ථක ගුවන් ගමනක් වාර්තා වන්නේ 1912 වර්ෂයේ වුවද ඉන් පෙර වර්ෂයේ එනම් 1911 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ගුවන් යානාවක් “රැබන්පැලස්“ නම් නෞකාවෙන් ලක් දිවට ගෙන ආවේය. මෙම ගුවන් යානය “බ්ලැරියට් XI” වර්ගයේ යානාවක් විය. මෙම ගුවන් යානය අද තිබෙන ගුවන් යානා හා සන්සන්දනය කළ විට ඉතාමත් සරළ නිර්මාණයක් වුවද එකල එය ඉතා ඉහළ ගණයේ නිර්මාණයකි. තාක්ෂණික පෙළහරකි. මෙම “බ්ලැරියට් XI“ ගුවන් යානය නිපදවීමට පෙර එය නිෂ්පාදනයේ හිමිකරු වූ “ලුවිස් බ්ලැරියට්“ විසින් විවධ ආකාරයේ අත්හදා බැලීම් සිදු කළේය. බ්ලැරියට් I මුල් කාලයේ ඔහු විසින් “ඕර්නිතොප්ටර්“ වර්ගයේ යානයක් අත්හදා බලන ලද අතර මෙය “බ්ලැරියට් I“ ල
රාවණා යුගයෙන් ඇරඹි අපේ ගුවන් ඉතිහාසය යළිත් ලියවන්නට...............