Skip to main content

Posts

Showing posts from March, 2011

ගුවන් තොටුපලෙන් එන්නේ මෙහෙමයි.

මීට පෙර පළ කරපු ලිපියේ සදහන් කළා මගියෙක් කොහොමද ගුවන් තොටුපළට ඇතුළු වෙලා ගුවන් යානයකට ගොඩ වෙලා ගමන් කරන්නේ කියලා. අද මේ ලිපියෙන් බලමු විදේශයක සිට පැමිණෙන මගියෙක් ගුවන් තොටුපලෙන් පිට වෙන්නේ කොහොම ද කියලා.  ගුවන් යානය ගුවන් තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ලේ නවතා අවසන් වී ගුවන් සේවිකාවන් විසින් මගින් ට බැසීමට සුදානම් වන ලෙස දන්වන තෙක් මදක් ගුවන් යානයේ රැඳී සිටින්න. ඉන්පසුව තමන්ගේ ගමන් මල්ල (උඩ රාක්කයේ තැන්පත් කළ)  පරිස්සමින් රැගෙන ගුවන් සේවිකාවන් පෙන්වන දොරෙන් හෝ තමන්ගේ ආසනයට ආසන්නම දොරෙන් පිට විය යුතුයි. යානය ගුවන් තොටුපළට සම්බන්ධ කර ඇති අවස්ථාවකදී නම් කෙළින්ම පර්යන්තයට පිවිසිය හැකියි. ඒ “එයරෝ බ්‍රිජ්“ මගින්. පහත රූපය බලන්න. එහෙම නැති නම් පුළුවන් පඩි පෙළකින් බැහැලා එතන සිට පර්යන්ත ගොඩනැගිල්ල දක්වා බස් රථයකින් පැමිණෙන්න. ඔය පහළ තියෙන්නෙ ඒ වගේ ඡායාරූපයක්. මේ වාහනය සහිත පඩිපෙළට කියන්නෙ “ස්ටෙප් ලැඩර්“ කියලා. ඔය මොන විධියෙන් හරි  ගුවන් යානයෙන් එළියට ඇවිත් පරියන්තයේ ඇවිදින කොට ඉස්සරලාම හමු වන්නෙ ආගමන විගමන කවුළු. මේ ස්ථානයේදී තමන්ගේ ගමන් බලපත්‍රය ඉදිරිපත් කර අවශ්‍ය ලියවිලි මගින් සනාථ කර  ගුවන