පසුගිය ඔක්තෝබර් මාසයේ Air Asia ගුවන් සමාගමේ ගුවන් යානයකදී මවක් දරුවෙකු බිහි කිරීම පිළිබඳ පුවතක් අසන්න ලැබුනා. ගුවන් යානය තුළදී දරුවෙකු බිහි කිරීම බොහෝ දුරකට අවදානම් සහිත ක්‍රියාවක්. Air Asia සමාගම මෙසේ ඉපදුන දරුවාට මුළු ජීවිත කාලයටම නොමිලේ එම ගුවන් සමාගමේ ගුවන් ගමන් යාම සඳහා පහසුකම් ලබා දෙන බව නොබෝ දා නිවේදනය කර තිබුණා. අපි දැන් බලමු මේ දරු උපත් හා සබැඳි තත්වය කුමක්ද කියලා. දරු ගැබක් දරණ මවකට ගුවනින් යාම සඳහා ටිකට් පත් නිකුත් කිරීම සහ එසේ යාම සඳහා වන තත්වයන් ගුවන් සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ගර්භනී මවක් ගුවනින් යනවා නම් පළමුව වෛද්‍යවරයෙකුගේ වාර්තාවක්/නිර්දේශයක් ලබා ගත යුතු වෙනවා. ඒ මත ගුවන් සමාගම තීරණය කරනවා ගමන් කිරීමට දෙනවාද නැද්ද යන වග. සාමාන්‍යයෙන් British Airways එසේ ගමන් කිරීමට ඉඩ ලබා දෙන්නෙ නැහැ. සාමාන්‍ය තත්ව යටතේ ගර්භණී මවක් ගුවනින් යාම ඇයට නම් අහිතකර දෙයක් නොවේ කියලයි වෛද්‍ය මතය. කොහොම හරි ගුවනින් යද්දී බබා ලැබෙන්න ආවොත් එම කටයුත්ත සඳහා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සූදානම්. ඒ කියන්නෙ ඔවුන්ට ඒ සඳහා මනා පුහුණුවක් ලබා දී තිබෙනවා. එසේ පුහුණුව ලබා ගැනීම අනිවාර්ය
රාවණා යුගයෙන් ඇරඹි අපේ ගුවන් ඉතිහාසය යළිත් ලියවන්නට...............