“ම්‍රියා” - බඩු අදින ලොකුම එක–AN225 Strategic Airlifter - “Mriya”

ඔව් ඉතින් මේකෙ කථා කරන්නෙ ප්ලේන් ගැන විතරනෙ. වෙනදේවල් ගැන නෙමේ. මම පසුගිය දවසක කිව්වනෙ ලෝකෙ තියෙන ලොකුම මගී පුවාහන ගුවන් යානය ලංකාවට ආවා කියලා. ඊට පස්සෙ කථා කළානෙ බඩු අදින “බෙලූගා“ ගුවන් යානා 5 ගැන. අද මම කියන්නෙ දැනට ලෝකයේ භාවිතා වන විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ගැන.
1980 දශකය වන විට සෝවියට් රුසියාවෙ අභ්‍යවකාශ වැඩසටහනේ “බුරාන්“ ෂටලය ප්‍රවාහනය සඳහා විශාල ප්‍රවාහන යානයක අවශ්‍යතාවයක් පැන නැගුන අතර ඒ අනුව සෝවියට් රුසියාවට අයත්ව තිබූ යුක්රේනයේ ඇන්ටනොව් ගුවන් යානා සමාගම විසින් විශාල යානයක් නිෂ්පාදය ඇරඹුවා. ඒ වන විටත් ඔවුන් සතුව AN124 නමින් විශාල භාණ්ඩ ප්‍රවාහන යානයක් තිබුණා. එය එන්ජින් 4 කින් සමන්විත වුණා. මේ තියෙන්නෙ එහි ඡායාරූපයක්.

එම AN124 යානයේ සංවර්ධිත අවස්ථාවක් ලෙස පළමු AN225 යානය 1988 දී නිෂ්පාදනය කළ අතර එය දැනට ලෝකයේ ඇති බරින් වැඩිම ගුවන් යානයත් වෙනවා. මෙය හදුන්වන “ම්‍රියා“ යන යුක්රේනියානු වචනයේ තේරුම “සිහිනය“ යන්නයි. 1988 දෙසැම්බර් මස 21 වන දින ප්‍රථම වරට පියාසර කුරනු ලැබීය. ඉන්පසුව දෙවන යානයත් නිපදවීම ඔවුන් විසින් ආරම්භ කළත් සෝවියට් දේශය කෑඩී බිඳී යාමත් සමග එම ව්‍යාපෘතිය අතරමග නතර වුණා.
මෙම යානයේ ඇතුලත ටොන් 250 ක් පමණ ගෙන යා හැකි අතර මතුපිට නම් එය 200 ක් පමණ වෙනවා. මොකක්ද මතුපිට කියන්නෙ? කියලා අහන නිසා ඔය පහළ තියෙන පින්තූරෙ බලන්න.
an-22529
දැන් අපි බලමු මේකෙ තාක්ෂණික විස්තර ටිකක්.
කාර්ය මණ්ඩලය  6 ගෙන් සමන්විත වන අතර ගෙන යා හැකි භාණ්ඩ වල උපරිම බර ටොන් 250 ක් පමණ වේ. දිගින් මීටර් 84 ක් පමණ වන අතර පියාපත් සමග පළල මීයර් 88.4ක් වේ. උසින් මීටර් 18.1 වන අතර යානයේ බර ටොන් 285 ක් පමණ වේ. උපරිම ඉහළ නැංවීමේ බර ටොන් 640 ක් පමණ වන අතර කි.මී. 3.5 ක් පමණ ධාවන පථයේ ගමන් කිරීමෙන් ඉහළ නැංවිය හැකියි. මෙම යානයේ එන්ජින් 6 ක් දැකිය හැකියි. උපරිම වේග පැයට කිලෝ මීටර් 850 ක් පමණ වෙනවා. ඉන්ධන උපරිම පිරවීමෙන් පසු කිලෝමීටර් 15400 ක් පමණ එක් වරකට ගමන් කළ හැකියි. රෝද 32 ක් මෙහි ගොඩබෑමේ උපාංගය ලෙස භාවිතා වෙනවා.
පහත දැක්වෙන්නෙ නියමු කුටිය.
an-22504
ඔය පහළ පින්තූරෙ තියෙන ලීවර වලින් තමයි එන්ජින් වල බලය පාලනය කරන්නෙ. එන්ජින් 6 ට ලීවර 6ක් තියෙනවා.
an-22514
මේ තියෙන්නෙ භාණ්ඩ ගබඩා කරන ඇතුළත දර්ශණයක්.
an-22505
මේ තියෙන්නෙ පසුපස රෝද.
an-22515
මෙන්න එන්ජින් එක පැත්තක.
an-22502
මේ තියෙන්නෙ දැනට භාවිතා කරන අනෙක් ගුවන් යානා සමග සන්සන්දනය.
220px-Giant_planes_comparison.svg

  Hughes H-4 Hercules (1947)
  An-225 (first flight 1988)
  Airbus A380-800 (first flight 2005)
  Boeing 747-8 (first flight 2010)

කොළ පාටින් තියෙන්නෙ මේ ගුවන්යානය.
දැන් ඉතින් සම්පූර්ණ යානයේ ඡායාරූපයක් මෙන්න.
an-22509
an-22524
පින්තූර වැඩියෙන් දැම්මෙ තේරුම් ගන්න ලේසි වෙන්න.
RightWrongparadox
දැන් අහමු බලන්න ප්‍රශ්ණ තියෙනවනම්.

ප්ලෙන් එක ආයෙත් පෙන්නනවා

“දැයට කිරුළ“ 2012 ප්‍රදර්ශණ භූමියෙ තිබුණ අංක එකේ ජනතා ආකර්ශණය දිනූ ප්‍රදර්ශන භාණ්ඩය වුණේ අපි ඉදිරිපත් කරපු AN24 ගුවන් යානය. මේ ගැන මම පළ කරපු සටහනට විශාල ප්‍රතිචරායක් තිබුණා.

මේ සටහනට විතරක් නෙමේ ඒ අවස්ථාවෙ අපේ මේ ගුවන් යානය නරඹන්න දැනුම ලබා ගන්න විශාල ජනතාවක් එක් රැස් වුණා. ඒ වගේම මගේ කලින් සදහන් කළ සටහනට ප්‍රතිචාර දක්වපු අය කියා තිබුණා මෙය මුදල් නාස්තියක් කියලා. ඒ වගේම චූටි මහත්තයා කාටූන් එකකට මාව ඇතුලත් කළාමත් ඒ සඳහා විවිධ ප්‍රතිචාර දැක්වූවා.

කොහොම වුණත් මම ඒ විචාරයන්ට දක්වපු ප්‍රතිචාර වලත් සඳහන් කළා මෙම යානය තවදුරටත් ප්‍රදර්ශණය කරන බව.

මේ සඳහා පාසැල් ළමුන්ගේ අති විශාල උද්යෝගයක් තිබුණා.

සාමාන්‍යයෙන් අපේ රටේ කුඩා දරුවන්ගෙන් විශේෂයෙන් ගම්බද දරුවන්ගෙන් ලොකු වුණාම වෙන්න කැමති කවුද කියලා අහපුවාම ජනප්‍රිය උත්තර කීහිපය ඇතුලෙ ගුවන් යානා නියමුවෙක් වෙන්න කැමති බව සඳහන් පිළිතුර තිබෙන්නෙ බොහොම කලාතුරකින්. ගුවන් ක්ෂේත්‍ර යේ වෙනත් තනතුරු ගැන නම් දන්නෙත් නැති තරම්.

අපි පසුගිය වසර දෙකක කාලය තුල කරන ලද වැඩසටහන් වල පුතිපලයක් ලෙස අද මේ තත්වය ඉතා සැළකිය යුතු මට්ටමකින් වෙනස් වෙලා තියෙනවා.

විශේෂයෙන් මෙවර දැයට කිරුළ වැඩ සටහනට සමගාමීව උතුරු මැද පළාත තුළ දියත් කරන ලද කුමවත් අධ්‍යාපන වැඩසටහන් තුළින් ඒ ප්‍රෙද්ශයේ දරුවන් අතර ගුවන් ක්ෂේත්‍රය පිළිබඳ පිබිදීමක් ඇති කිරීමට හැකියාවක් ලැබුණා. මෙය තවත් තීවු වුණා ප්‍රදර්ශණ භුමියේ තිබුණ සැබඋෑ ගුවන් යානය දැකීමෙන්.

මේ සියළු කාරණා ප්‍රදේශයේ දේශපාලන අධිකාරයත් දැනුවත්ව සිදුවුණ අතර දැයට කිරුළ පුදර්ශණය අවසානයේ ඔවුන්ගෙන් ඉල්ලීමක් තිබුණා තව දුරටත් මේ යානය එම ප්‍රදේශයේ ප්‍රදර්ශණය කරන ලෙසට. ඒ අනුව අපි දින 10 ක වැඩසටහනක් දියත් කරනු ලබු අතර එය 2012 මාර්තු මස 05 වන දින සිට 15 වන දින තෙක් දින 10 ක් පාසැල් සිසුන් සඳහා ප්‍රදර්ශණය වෙනවා. මේ අවස්ථාව වන විටත් අපේ නිලධාරින් එහි එම කටයුතු සිදු කරනු ලබන අතර ඉතා විශාල සිසුන් ප්‍රමාණයක් දෛනිකව මෙම යානය නැරඹීම සඳහා පැමිනෙනවා. මේ පහළ තියෙන්නෙ ප්‍රථම දිනයේ සිසුන් පැමිණි ආකාරය.

P1010367 (Copy)

P1010369 (Copy)

05021234 (Copy)

මේ හරහා ප්‍රදේශයේ පාසැල් සිසුන් අතර ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් ඇති කර ඔවුන් මේ ක්ෂේත්‍රයට ආකර්ශණය කරවා ගැනීම අපේ අරමුණ වෙනවා. මේ වගේ සතුට උතුරණ හිනා මූණු දැක්කම අපේ ඉදිරිය සුභ බව පේනවා.

P1010363 (Copy)

ප්‍රදේශයේ පාසැල් කළාප අධ්‍යාපන කාර්යාලය හරහා දැනුවත් කර තිබෙන අතර ඉදිරි දින කීපය තුළ ඔවුන් මෙය නැරඹීමට පැමිණේවි.

“බෙලූගා“ කියන ගුවන් නැව–Beluga–The Cargo Aircraft

“බෙලූගා“ යනුවෙන් හඳුන්වන්නෙ ආර්ක්ටික් ප්‍රදේශයේ වාසය කරන සදු තල්මසුන් විශේෂයක්. මේ පහළ තියෙන පින්තූරෙ බලන්න.
දැන් මේ පහළ තියෙන අනික් ඡායාරූපයත් බලන්න
මේ දෙකේ සමාන බවක් පේනවා නේද?
දැන් ඉතින් මම කියන්න යන්නෙ මේ සතා ගැන නම් නෙමේ .මෙන්න මේ යානය ගැන තමයි දැන් කියන්න යන්නෙ.
ලෝකයේ ප්‍රධාන වශයෙන්ම ගුවන් යානා නිපදවන සමාගමක් වන්නේ ප්‍රංශයේ ලියාපදිංචි වී සිටින එයාර්බස් සමාගම. ලෝකයේ දැනට භාවිතා වන විශාලම මගී ගුවන් යානය වන එයාර්බස් 380 නිපදවන්නේ මේ ආයතනයේ. නමුත් මෙම යානයේ කොටස් යුරෝපයේ රටවල් කීපයක නිපදවීම සිදු කරනවා. එයාර්බස් සමාගමේ අනෙකුත් කර්මාන්තශාලා පිහිටුවා තිබෙන්නේ බ්‍රිතාන්‍ය, ස්පාඥ්ඥය, ජර්මනිය යන රටවල් වල. 
පියාපත් සහ රෝද නිපදවන්නේ එංගලන්තයේ. බඳ ජර්මනියේත් වලිගය සහ දොරවල් ස්පාඤ්ඤයේත් ඉදිරිපස කොටස  සහ මධ්‍යම කොටස ප්‍රංශයේත් නිපදවනු ලබන අතර ප්‍රංශයේ ජර්මනියේ හෝ සපාඤ්ඤයේ ඇති කර්මාන්ත ශාලා වල අවසන් එකලස් කිරීම කරනු ලබනවා.
1970 දී එයාර්බස් සමාගම තම ගුවන් යානා නිපදවීම ආරම්භ කළ පසු ඔවුන් එම නිෂ්පාදිත කොටස් ප්‍රවාහනය සඳහා මාර්ග යොදා ගත්තා. නමුත් ඔවුන්ගේ නිෂ්පාදන වර්ධනයත් සමගම 1972 දී පමණ මේ ප්‍රවාහනය සඳහා ගුවන් යානා යොදා ගැනීම සිදු කළා. මුල් කාලයේද් මේ සදහා යොදා ගනු ලැබුවේ බෝයිං සමාගමේ නිෂ්පාදිත “සුපර් ගුපි“ (Super Guppy) නම් භාණ්ඩ ප්‍රවාහන යානාවන්. මේ පහත තියෙන්නෙ ඒ එකක්.
මේ යානා නිෂ්පාදන කළේ එයාර්බස් සමාගමේ තරඟකාරී සමාගමක් වන බෝයිං සමාගම. ඉතින් ඒ කාලයේ දී “සෑම එයාර්බස් ගුවන් යානයක්ම බෝයිං පියාපත් මතින් ගමන් කරයි“ (Every Airbus is delivered on the wings of a Boeing)යනුවෙන් කියමනකුත් තිබිලා තියෙනවා. මෙම යානා ප්‍රොපෙලර් එන්ජින් සහිත ඒවායි. පසුකාලයේදී මේවා නිතර නිතර නඩත්තු කටයුත් කිරීමට සිදුවීම නිසා ඔවුන් වෙනත් විකල්පයකට යාමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් විසින් වෙනත් සහායක සමාගම් දෙකක් මාර්ගයෙන් ගුවන් යානයක් නිපදවීම 1991 දී අරඹනවා. ඔවුන් මේ සඳහා යොදා ගනු ලබන්නේ ලෝකයේ ප්‍රථම වරට නිපදවන ලද  ද්විත්ව එන්ජින් සහිත දුර ධාවන ගුවන්යානයක් වන A300 ගුවන් යානය. මෙයත් එයාර් බස් සමාගමේම නිෂ්පාදනයක්.  මේ තියෙන්නෙ ඒ වර්ගයේ යානයක්.
මේ අය මේ යානයේ එන්ජින්, පියාපත් සහ රෝද ඒ ආකාරයෙන්ම තිබියදී බඳ කොටස ඉහළට ඔසවා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් සහ විශාලත්වයෙන් වැඩි ද්‍රව්‍ය ගෙන යා හැකි ආකාරයට වෙනස් කළා. ඒ වගේම නියමු කුටිය පහළට ගෙන ආවා. තවද මෙම යානයේ වලිගය ශක්තිමත් බවින් වැඩි කළා.
මේ සේරම කළාට පස්සෙ යානය ඔන්න ඔය දෙවන ඡායාරූපයේ වගේ එකක් වුණා.
1992 දී නිෂ්පාදනය ආරම්භ කරන ලද මේ යානය 1994 වන විට අවසන් කරනු ලැබූ අතර 1995 දී සේවයට එක් වුණා. ඒ A300-600ST Beluga යන නමින්. මෙහි ST යනු “Super Transporter” යන්නයි. Beluga යනුවෙන් හැඳින්වීමට හේතුව මෙහි පෙනුම. පළමු ඡායාරූපයයි දෙවන එකයි බලන්න.
මේ වර්ගයේ ගුවන් යානා 5ක් දැනට එයාර්බස් සමාගම සතු වන අතර එයාර් බස් සමාගමේ ගුවන් යානා වල කොටස් ප්‍රවාහනය කිරීම මූලික කාර්යය වෙනවා.
මෙම යානයේ භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රදේශයේ අරය මීටර් 7.4 ක් පමණ වන අතර දිග මීටර් 37.7ක් පමණ වෙනවා. ටොන් 47 ක් පමණ බර මෙහි ගෙන යා හැකිය. යානයේ පියාපත් පළල මීටර් 44.84 ක් වන අතර දිග මීටර් 56.15 ක් පමණ වේ.  උස මීටර් 17.24කි. එක් වරකදී උපරිම බරත් රැගෙන කිලෝමීටර් 2779 ක් පමණ ගමන් කළ හැකියි.
මෙවන් යානා 5ක් එයාර් බස් සමාගම සතු වන අතර වෙනත් ආයතන වල භාණ්ඩ ප්‍රවාහනය සිදු කරනවා.
ඔබ නොදන්නවා ඇති විශේෂම දේ මේ යානා වල එයාර් බස් සමාගමේම නිෂ්පාදනයක් වන A380 යානයේ කොටස් ප්‍රවාහනය කිරීමට නොහැකියි.
Beluga 1
Beluga 2
Beluga 3

Beluga 4

Beluga 5

මේ පහළ තියෙන්නෙ මේ වගේ යානයකට හෙලිකොප්ටරයක් ඇතුළු කරන අවස්ථාවක්.

(මෙම ලිපිය සැකසීමේදී විකිපීඩියා තොරතුරු උපයෝගී කර ගන්නා ලදී)