Skip to main content

Posts

Showing posts with the label ගුවන් යානා

“එබෝලා“ වෛරසය පැතිර යාම Ebola Outbreak

ගයනාව, ලයිබීරියාව සහ සියෙරාලියෝන් (Sierra Leone, Liberia and Guinea) යන රටවල “එබෝලා“ වෛරස් රෝගය (Ebola virus disease (EVD) ) පැතිරි යන බවට වාර්තා වී තිබේ. මෙම රෝගය ගුවන් සම්බන්ධතා වලින් පැතිර යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයත් (International Civil Aviation Organization (ICAO), ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization (WHO)) සහ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (International Air Transport Association (IATA) ) ඒකාබද්ධ ව විමසිල්ලෙන් සිටින බව ඔවුන් සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට සංචාරක තහනමක් හෝ මෙම රටවලට ඇතුළු වීමේ තහනමක් පැනවීමට තරම් අවදානමක් හඳුනා ගෙන නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම පුදේශ වල සංචාරය කරන්නන් හට රෝගය ආසාදනය වීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. රෝගය බෝවීම සඳහා රෝග කාරක විෂබීජ/වෛරස සහිත මිනිසුන්, සතුන් හෝ මළ සිරුරු රුධිරය හෝ වෙනත් ශාරීරික තරලයක් හා මුසුවීම සිදු විය යුතු බව එම ආයතනය සඳහන් කරයි. සංචාරකයින් ට මෙවන් සම්බන්ධ වීම සිදු නො කරන ලෙසට අවවාද කෙරේ. රෝගය වෙනත් කෙනෙකුට බෝවීම සිදු වන්නේ ඉතාමත් පැහැදිලි ව රෝගය වැලඳී ඇති බවට රෝග ලක්ෂණ පෙන...

Jet Lag “ජෙට් ලැග්“ යනු කුමක් ද? එය ඇති වන්නේ ඇයි? එයින් අත් මිදෙන්නේ කෙසේ ද?

“ජෙට් ලැග්“ යන්න “වේලා කලාප වෙනස් වීමේ සින්ඩ්‍රෝමය“ (Time Zone Change Syndrome) ලෙස ද “ඩිසින්ක්‍රොනොසිස් (Desynchronosis)“ ලෙස ද හඳුන්වයි. මෙම රෝගී තත්වය ඇති වන්නේ ඉතා වේගයෙන් වැඩි දුරක් නැගෙනහිර සිට බටහිරට හෝ බටහිර සිට නැගෙනහිරට ජෙට් ගුවන් යානයක ගමන් කිරීමේ දී ය. මෙම තත්වය ඇති වීමට හේතු වන්නේ අප ශරීරයේ දෛනික රිද්මයේ (Circadian Rhythms)වෙනසක් සිදු වීම හේතුවෙන් ඇති වන කායික විද්‍යාත්මක තත්වයේ අවුල් සහගත තත්වයක් ඇති වීම නිසා වෙනි. එනිසා ම එය දෛනික රිද්මයේ අක්‍රමිකතාවක් ලෙස හඳුන්වයි. මෙම රෝගී තත්වයේ බරපතළ බව වැඩිපුර දැකිය හැකි වන්නේ නැගෙනහිරට ගමන් කරනවාට වඩා බටහිරට ගමන් කිරීමේ දී ය. දෛනික ශාරීරික රිද්මය - පැය 24 ක දිනයක දී අප ශරීරයේ සිදු වන ජීව විද්‍යාත්මක, කායික විද්‍යාත්මක සහ හැසිරීම් ක්‍රියාවලියේ චක්‍රය මෙලෙස හඳුන්වයි. සරල ව සඳහන් කරන්නේ නම් එය අපගේ “ශරීර ඔර්ලෝසුවයි“. අපගේ දෛනික ශාරීරික රිද්මය මෙහෙයවනු ලබන්නේ අභ්‍යන්තර වේලා වන් තබා ගැනීමේ පද්ධතියක් මගිනි. ශරීර අභ්‍යන්තරයේ පවතින මෙම ක්‍රියාවලිය බාහිර පරිසරයේ සිදු වන ආලෝකය වෙනස් වීම ආදී කරුණු වලට අනුරූපී ව සිදු වේ. තවත් පැහැදිලි කරන...

බෝයිං සමාගමේ බෝයිං 747 වර්ගයේ 1500 වන යානය

බෝයිං 747 ජම්බෝ ජෙට් යානය සුවිශේෂි ගුවන් යානයකි. වසර ගණනාවක් යන තුරු මහල් දෙකකින් සමන්විත ගුවන් යානය බවට පත් වූයේ මෙම යානයයි. 1969 සිදු වූ එහි පළමු ගුවන් ගමනේ සිට එය වෙනස් වී ඇත්තේ සුළු වශයෙනි. අළුතින් එළි දක්වා ඇති 747-800 යානය 747-400 යානයට ම සමාන වුවත් එහි වැදගත් වෙනස්කම් දක්නට ලැබේ. 2014 ජූනි මස 28 වන දින බෝයිං සමාගම 1500 වන 747 යානය ලුෆ්තාන්සා සමාගමට ලබා දුන්නේය. Lufthansa සමාගම සතු 1500 වන 747-800 යානයේ ව්‍යාපාරික පන්තිය 747 වැඩසටහනේ සාමාන්‍යාධිකාරි සහ උප සභාපති එරික් ලින්ඩ්බෑඩ් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙම නව 747-800 ගුවන් යානය 747-400 ගුවන් යානයෙන් වෙනස් වනවා පමණක් නොව මෙම 70 වන 747-800 යානය එහි මුල් යානයට වඩා ඉතාමත් කාර්යක්ෂම බවයි. 1970 වර්ෂයේ දී “පෑන්-ඇම්“ සමාගමට මුල්ම 747 ගුවන් යානය ලබා දුන් අතර 1981 දී “ස්කැන්ඩිනේවියන්“ ගුවන් සමාගමට 500 වන ලබා දුන්නේය. 1993 දී සිංගප්පූරු ගුවන් සමාගමට 1000 වන ගුවන් යානය ලබා දීමට බෝයිං සමාගමට හැකි විය. 2014 දී 1500 වන යානය ලුෆ්තාන්සා සමාගමට ලබා දුන් අතර සාමාන්‍යයෙන් මේ කාලසීමාවන් සළකා බැලීමේ දී වසර 10 ට වරක් පමණ යානා 500 ක...

වන් වර්ල්ඩ්

මෙන්න මෙහෙමයි ශ්‍රීලන්කන් ගුවන් යානය වන්වර්ල්ඩ් ලොගෝ එක ප්‍රින්ට් කලේෙ. මේ අපේ කොල්ලෝ කටුනායක ගුවන් තොටුපලේ දී........... වන් වර්ල්ඩ් ගැන මෙතනින් බලන්න මේ තියෙන්නෙ ඔය යානය මත්තල ගුවන් තොටුපලේ දී (09/06/2014)

උඩදි ඉස්සුවොත් පයිලට් කරන දේ Squawk Codes

අද (17/02/2014) අළුයම 1230 ට පමණ ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපලින් පිටත් වූ ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් අංක ET702 දරණ ගුවන් යානය ගුවනේ දී පැහැර ගැනීමක් සිදු වී ඇති බව වාර්තා වුණා. සුඩානය ඉහළින් පියාසර කරමින් තිබිය දී මෙම සිදු වීම වාර්තා වූ අතර ගුවන් යානය ගමන් කිරීමට නියමිත වූ ගුවන් තොටුපල වූයේ රෝමයේ “ලියනාඩෝ ඩාවින්සි“ ගුවන් තොටුපලයි. නමුත් එය ගොඩබා තිබුනේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා ගුවන් තොටුපලටයි. මගීන් සහ කාර්ය මණ්ඩලය 200 ක් පමණ මෙහි ගමන් කරමින් සිටි අතර ඔවුන් සියළු දෙනාම නිරුපද්‍රිතව සිටි බව ට වාර්තා ලැබී තිබේ. ගුවන් යානයෙන් මගීන් ඉවත් කර ගන්නා අයුරු (නියමුවා බැසිගිය ලණුව වම්පස එල්ලෙමින් තිබේ) මෙම සිද්ධියේ ජුගුප්සාජනකම කාරණය වන්නේ සහාය නියමුවා විසින් මෙම පැහැර ගැනීම සිදු කර තිබීමයි. ප්‍රධාන නියමුවා වැසිකිලියට ගිය  අවස්ථාවේ දී මෙම පැහැර ගැනීම සිදු කළ බව දැනට තොරතුරු අනාවරණය වී ඇති අතර ජිනීවා ගුවන් තොටුපලේ දී යානය නැවැත් වූ පසු සැකකාර සහාය නියමුවා ඉදිරිපස සුළං මුවාව විවර කර ලණුවක් ආධාරයෙන් පිටතට පැමිණ තිබේ. (හදිසි අවස්ථාවක එසේ පැමිණිමට පහසුකම් තිබේ) පසු ඔහුව අත් අඩංගුව...

පලමු වාණිජ ගුවන් ගමන සිදු කර වසර 100 යි

අද ලෝකයේ සෑම අතම දිනකට වාණිජමය ගුවන් ගමන් වාර ලක්ෂයකට අධික ගණනක් සිදු කරයි. දිනකට මගීන් මිලියන 8-9 ක් පමණ ගමන් කරයි. වසර 110 ක ගුවන් කර්මාන්තයේ වාණිජ ගුවන් ගමන් කර්මාන්තයට ද වසර 100 ක් පසුගිය ජනවාරි මස 1 වන දිනට (2014 ජනවාරි 1) සම්පූර්ණ විය. 1903 දී ඇමරිකාවේ කිටිහෝක් හි දී රයිට් සහෝදරයින් විසින් ප්‍රථම ගුවන් ගමන සිදු කිරීමෙන් පසුව අද වන විට ගණනය කළ නොහැකි තරමක් ගුවන් ගමන් ලොව සිදු වී ඇත. වාණිජ ගුවන් ගමන් ක්ෂේ ත්‍රයට ද ඒ සමානම ඉතහාසයක් ඇත. මුල්ම වාණිජ ගුවන් ගමන සිදු කර ඇත්තේ ද ඇමරිකාවේ දීය. ඒ පළමු ලෝක යුද්ධයට වර 3ට පෙරදීය. නිවැරදිව පවසනවා නම් ඒ 1914 ජනවාරි 1 වන දින දීය. පළමු ගුවන් ගමන යානයේ නියමුවා සහ මගියා ඇමරිකාවේ ශාන්ත පීටර්ස්බර්ග් හා ටැම්පා යන ස්ථාන දෙක අතර මෙම ගුවන් ගමන සිදු වූ අතර මුළු ගමනට ගත වූ කාලය මිනිත්තු 23 කි. සැතපුම් 21 ක් දුර ගෙවීමට මෙම යානයට පැයට සැතපුම් 60 ක වේගයෙන් පියාසර කිරීමට සිදු වූ අතර එම ප්‍රදේශයේ තිබෙන කලපුවට අඩි 15 ක් පමණ ඉහළින් පියාසැරිය සිදු විය. මේ සඳහා භාවිතා කරන ලද්දේ ඇමරිකාවේ ම නිෂ්පාදනයක් වූ Benoist XIV ගුවන් යානයක් වූ අතර එය සිලින්ඩර් 6 ක සහ අශ්ව ...

DC-10 ගුවන් යානයේ සමුගැනීම Final boarding: McDonnell Douglas DC-10 makes last passenger flight

නවතම ගුවන් යානා කර්මාන්තයට හඳුන්වා දෙන විට දැනට භාවිතා කරන ගුවන් යානා ‍සේවයෙන් ඉවත් වීම සිදු වෙනවා. ඩීසී-10 ගුවන් යානයත් එසේ සේවයෙන් ඉවත්වන ගුවන් යානයක්. දැනට මෙම ගුවන් යානය මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නේ අපේ අසල් වැසි රටක් වන බංග්ලාදේශයයි. එහි “බිමාන් බංග්ලාදේශ්“ (Biman Bangladesh) ගුවන් සමාගම සතුව මෙම ගුවන් යානා දෙකක් තිබෙන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී එක් ගුවන් යානයක් මගී ප්‍රවාහනයෙන් ඉවත් කරන ලද අතර අනෙක් යානය මෙම වසරේ දෙසැම්බර් 07 වන දින අවසන් ගුවන් ගමන පවත්වනු ලැබූවා. ඔබට මතක ඇති සමහර විට 1974 ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර සිදු වූ දැවැන්තම ගුවන් අනතුර. එසේ නැති නම් ඔබ මේ ගැන කියවා ඇති. 1974 දෙසැම්බර් 4 වන දින මස්කෙළියේ සප්ත කන්‍යා කඳු වැටියේ ගැටීම නිසා සිදු වූ මෙම අනතුරින් එහි ගමන්කළ සියළු දෙනා ම ජීවිතක්ෂයට පත්විය. මෙම අනතුරට පත් වූ ගුවන් යානය DC-8 වර්ගයේ එකකි. ඩීසී-10 යනු ඩීසී-8 ගුවන් යානයට පසුව නිපදවන ලද යානා වර්ගයයි. මෙම ගුවන් යානා වර්ගය නිපදවූයේ ඇමරිකාවේ “මැක්ඩොනල් ඩග්ලස්“ ගුවන් යානා නිෂ්පාදන සමාගමයි. එවකට තිබූ අති සාර්ථක ගුවන් යානා වර්ගයක් වූ මෙම මැක්ඩොනල් ඩග්ලස් ගුවන් යානා...

Boeing 787 Dreamliner “බෝයිං 787 සිහින යානය“ අවසන් කොටස

1 කොටස      2 කොටස     3 කොටස සැළසුම බෝයිං 787 යානයේ ලාක්ෂණිකය වූයේ සැහැල්ලු බවයි. යානයේ වැඩි ප්‍රමාණයක් සුසංහිත ද්‍රව්‍යන්ගෙන් නිෂ්පාදනය සිදු කරන ලදී. නමුත් පසුව යොදා ගන්නා ලද ටයිටේනියම් ප්‍රමාණය ඉහළ නංවන ලදී. බෝයිං සමාගමට අනුව සුසංහිත ද්‍රව්‍ය 50% ක් ද ඇළුමිනියම් 20% ක් ද ටයිටේනියම් 15% ක්ද වානේ 105 ක්ද නව යානය සඳහා යොදා ගන්නා ලදී. ටයිටේනියම් විශේෂයෙන් යොදා ගන්නා ලද්දේ එන්ජින් සඳහා සහ කොටස් එකිනෙක ඇමිණිම සඳහායි. යානයට පැයට කිලෝ මීටර් 903 ක පමණ වේගයකින් පියාසර කිරීමට හැකිය. ගුවන් පද්ධති. බෝයිං 787 ගුවන් යානයේ සුවිශේෂිම අංගය වන්නෙ එහි විද්‍යුත් පද්ධතියයි. යානයේ බොහෝ කොටස් විද්‍යුත් පද්ධතියෙන් ක්‍රියා කිරීමට සකසා ඇති නිසා එන්ජිමේ භාවිතය 35% ක් පමණ අඩු කර ගැනීමට හැකියාව ලැබී තිබේ. මෙගාවොට් 1.45 ක පමණ බලයක් ගුවන් යානයේ තිබේ. එය සාමාන්‍ය ගුවන් යානයක තිබෙන බලයට වඩා පස් ගුණයකි. විශේෂයෙන් එන්ජින් ක්‍රියාත්මක කිරීම, තිරිංග ආදිය සදහා විදුලිය යොදා ගනී. තවත් සුවිශේෂි අංගයක් වන්නේ පියාපත් මත අයිස් බැඳීම වලක්වාලන විද්‍යුත් උෂ්ණත්වය තාපක දැළක් භාවිතා කර තිබීමයි...

Boeing 787 Dreamliner “බෝයිං 787 සිහින යානය“ 3 කොටස

  2 කොටස 1 කොටස   නිෂ්පාදනය සහ සැපයුම්කරුවන්. 2003 වර්ෂයේ දී බෝයිං සමාගම නිවේදනය කරනු ලැබුවේ එවුන් එතෙක් අනුගමනය කරන ලද ගුවන් යානය සම්පූර්ණයෙන්ම නිපදවීම වෙනුවට ලෝකයේ විවිධ ප්‍ර දේශ වල සිටින ඔවුන් ගේ උප කොන්ත්‍රාත්කරුවන් මාර්ගයෙන් අර්ධ වශයෙන් එකලස් කරනු ලැබූ කොටස් ගෙන්වා වොෂින්ටන්හි පිහිටි කර්මාන්තශාලොවේදී අවසන් එකලස් කිරීම සිදු කරනු ලබන බවයි. මෙමගින් ඔවුන්ගේ ගබඩා පහසුකම් සඳහා වන වියදම් අවම වන අතර කාලය ද විශාල වශයෙන් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බව ඔවුන් සදහන් කරන ලදී. ඉන්දියාව, ප්‍රංශය, කොරියාව හා ජපානය වැනි රටවල ඔවුන්ගේ උප කොන්ත්‍රාත්කරුවන් සිටී. මෙම නව ගුවන් යානයේ එකලස් කිරීම් වේගවත් කිරීම සඳහා විවිධ කොටස් ඉක්මනින් ගෙන්වා ගැනීමට බෝයිං සමාගමේ 747 – 400 වර්ගයට අයත් ගුවන් යානා 4ක් “බෝයිං 747 ඩ්‍රීම් ලිෆ්ටර්“ යනුවෙන් හඳුන්වමින් භාණ්ඩ ප්‍රවාහනයට සකස් කරන ලදී. මෙම 787 නව යානය නිපදවීම සඳහා ජපාන රජය ප්‍රමුඛ සමාගම් විශාල දායකත්වයක් ලබා දෙනු ලැබූ අතර මුළු යානයේ නිෂ්පාදිතයෙන් 35%ක් ප්‍රමාණයකට ජපානය සම්බන්ධ වී තිබිණ. 2007 මැයි මාසය වන විට 787 යානයේ අවසන් එකලස් කිරීම් වොෂින්ටන් ...

Boeing 787 Dreamliner “බෝයිං 787 සිහින යානය“ 2 කොටස

  1 කොටස සංවර්ධනය පසුබිම 90 දශකෙය් අග භාගය වන විට බෝයිං සමාගමේ 747 හා 767 ගුවන් යානා සඳහා වන ඉල්ලුම ක්‍රමයෙන් පහල යන්නට විය. මෙම නිසා ඔවුන් නව නිපැයුමක් එළි දැක්වීමට අදහස් කල අතර ඔවුන් යෝජනා කලේ 747 යානය වෙනුවට ඊට වඩා සැහැල්ලු 747X යනුවෙන් හඳුන්වන වඩා කාර්යක්ෂමතාවයෙන් ඉහල යානයක් හඳුන්වා දීම සහ 767 යානය වෙනුවට “සොනික් කෘෂර්“ යනුවෙන් යානයක් හඳුන්වා දීමටයි. මෙයින් 747x යානයට ඉහළ ප්‍රතිචාරයක් නොලැබුණ අතර සොනික් කෘෂර් යානයට වඩා හොඳ අනාගතයක් ඇති බව පෙනින. කෙසේ වෙතත් ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් සොනික් කෘෂර් පිළිබඳ උනන්දු වුවද මෙහෙයුම් වියදම් ගැන ද අවධානය යොමු වී තිබිණ. 2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සහ ඉහළ යමින් තිබූ ඉන්ධන මිල හේතුවෙන් ගුවන් සමාගම් වැඩි කාර්යක්ෂමතාවයකින් යුතු යානා ලබා ගැනීමට උනන්දු විය. කෙසේ වෙතත් බෝයිං සමාගම විසින් “සොනික් කෘෂර්“ යානා ව්‍යාපෘතිය අවලංගු කර ඒ වෙනුවට වඩා කාර්යක්ෂම 7E7 යනුවෙන් හඳුන්වන දිවිත්ව එන්ජින් වලින් යුතු සහ බෝයිං 747 යානයට වඩා විශාල යානයක් නිපදවන බව සඳහන් කලේය. සොනික් කෘෂර් යානා ව්‍යාපෘතිය යටපත් කර "7E7" යනුවෙන් ...

චාල්ස් ආවෙ මොකේද?

එංගලන්තයේ රජ පවුල ලෝකයේ ඉතාම ඉහළින් ගෞරවයට පාත්‍රවන රාජකීයයන්. පසුගියදා අවසන් වුන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට එංගලන්තයේ මහ රැජිණ නියෝජනය කරමින් පැමිණ සිටියේ ඇයගේ පුත් චාල්ස් කුමාරයායි. අප දුටුවා ඔහු සහ පිරිවර පැමිණ සිටියේ අප මින් පෙර දැක නොමැති ගුවන් යානයකින්. සමහර විට ඔබ සිතන්න ඇති ඒ රජ පවුලටම අයත් ගුවන් යානයක් කියා. නමුත් දැනට එංගලන්තයේ රාජකීයයන්ට අයත් ගුවන් යානයක් නැහැ. ඔවුන් භාවිතා කරන්නේ ද එක්සත් රාජධානියේ ජාතික ගුවන් සේවය වන “බ්‍රිටිෂ් එයාර් වේස්“ හෝ රාජකීය ගුවන් හමුදාවේ යානා. සමහර අවස්ථාවල පෞද්ගලික ගුවන් යානා (ව්‍යාපාරික ජෙට්) සමාගම් වලිනුත් ඔවුන් යානා කුලියට ගැනීම සිදු වෙනවා. මෙවර ශ්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට එක්සත් රාජධානියේ ඔටුන්න හිමි චාල්ස් කුමරු පැමිණියේ ලුටන් ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාරික කටයුතු සිදු කරන “ට්වින්ජෙට් ඒවියේෂන්“ පුද්ගලික ගුවන් සමාගමට අයත් සුවිශේෂී එයාර් බස් 319 වර්ගයේ ගුවන් යානයකින්. මෙම යානා වර්ගය එයාර් බස් ගුවන් සමාගමේ Airbus Corporate Jet (ACJ) නැමති අංශයේ නිෂ්පාදනයක්. එයාර්බස්...

Boeing 787 Dreamliner “බෝයිං 787 සිහින යානය“ 1 කොටස

පසුගිය 07 වන (2013 නොවැම්බර් 07) දින පෝලන්තයට අයත් ලොටි පොලිස් (LOT POLIS) ගුවන් සමාගමට අයත් නවතම බෝයිං 787 වර්ගයේ යානයකින් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණියේය. මෙම යානයේ විශේෂත්වය වන්නේ එය බෝයිං සමාගම විසින් ඉදිරිපත් කරන ලද නවතම යානය වීම නිසා සහ එම යානය ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වීමත්ය. අද දින සිට ආරම්භ වන මේ ලිපි මාලාවෙන් බෝයිං 787 යානය පිළිබඳ විස්තර ඔබ හා බෙදා ගැනීමට අදහස් කරමි. --කටුනායකට පැමිණි යානය--- බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානය දිගු දුර ධාව නය කළ හැකි මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයකින් යුතු එන්ජින් දෙකකින් සමන්විත පුළුල් බඳ සහිත යානයකි. එය ඇමරිකාවේ බෝයිං වාණිජ ගුවන් යානා නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයකි. මගීන් 210 ත් 330 අතර ප්‍රමාණයක් ගෙන යා හැකි අයුරින් සකස් කළ හැකි මෙම යානය එම නිෂ්පාදන සමාගමේ වැඩිම ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුතු යානය බව එම සමාගම පවසයි. බෝයිං සමාගමේ ම නිෂ්පාදනයක් වන 767 යානයට වඩා 20% ක පමණ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් මෙය නිපදවීමට බෝයිං සමාගම උත්සාහ කර තිබිණ. විද්‍යුත් ගුවන් පද්ධතියක් සහිත මෙම නව යානයේ ඉදිරිපස වීදුරුව කොටස් 4කින් යුක්තය. එලෙසම ශබ්ධය පි...

Airbus A350 XWB–( අවසන් කොටස)

  පළමු ලිපිය බලන්න දෙවන ලිපිය බලන්න තෙවන ලිපිය බලන්න විවිධ සංස්කරණ Variants එයාර්බස් 350 ගුවන් යානය A350 -800, A350-900 සහ A350-1000 යනුවෙන් වර්ග තුනකින් හඳුන්වා දීමට නියමිත අතර A350 -800 වර්ගය මේ වර්ෂයේ මැද භාගයේ දී පමණ දියත් කිරීමට නියමිතය. A350-800 A350-800 වර්ගයේ යානයේ පන්ති 3 නේ සැළසුම අනුව මගී ආසන 270 ක් සවි කළ හැකි අතර එක් පෙළකට ආසන 9 වන ආකරයට මෙම ආසන සකස් කළ හැක. එක් වරකදී මෙම යානයට කිලෝ මීටර් 15400 ක් ගමන් කළ හැක. යානය දිගින් මීටර් 60.5 ක් පමණ වන අතර ගුවන් ගත වීමට හැකි උපරිම බර ටොන් 248 ක් පමණ වේ. එන්ජින් දෙකකින් සමන්විත යානයකි. A350-900 A350-900 වර්ගයේ යානයේ පන්ති 3 නේ සැළසුම අනුව මගී ආසන 314 ක් සවි කළ හැකි අතර එක් පෙළකට ආසන 9 වන ආකරයට මෙම ආසන සකස් කළ හැක. එක් වරකදී මෙම යානයට කිලෝ මීටර් 15000 ක් ගමන් කළ හැක. නමුත් මෙහි තවත් සංස්කරණ වලදී ගමන් කළ හැකි උපරිම දුර කිලෝමීටර් 17000 ක් පමණ ප්‍රමාණයකට වැඩි කිරීමට යෝජනා කර ඇත. යානය දිගින් මීටර් 66.8 ක් පමණ වේ. එන්ජින් දෙකකින් සමන්විත යානයකි.   A350-1000 A350-1000 වර්ගයේ යානයේ පන්ති 3 නේ සැළසුම අනුව මගී ආසන 350 ක් ...

Airbus A350 XWB–( 3 කොටස)

  පළමු ලිපිය බලන්න දෙවන ලිපිය බලන්න සැළසුම 2007 සැප්තැම්බර් මාසයේ දී එයාර්බස් සමාගම සදහන් කලේ නව ගුවන් යානය A380 ගුවන් යානය සැකසීමේ දී භාවිතා කළ තාක්ෂණය ම භාවිතා කරමින් සකසන බවත් A380 ගුවන් යානයේ නියමු කුටියට සමාන නියමු කුටියක් මෙම නව යානයේත් සකස් කිරීමට අදහස් කරන බවයි. එලෙසම නියමුවෙකු අතින් සිදුකරන මෙහෙයුම වෙනුවට ඉලොක්ට්‍රොනික උපාංග මාර්ගයෙන් ගුවන් යානය පාලනය වන fly-by-wire ක්‍රමය මෙහිදීද භාවිතා වන බව ඔවුන් වැඩිදුරටත් පැවසීය. මීට අමතරව ඔවුන් සඳහන් කලේ ගුවන් යානයේ අමුද්‍රව්‍ය වලින් 53% ක් සංයුක්ත අමුද්‍රව්‍ය වලින් ද 19% ක් ඇලුමිනියම්-ලිතියම් මිශ්‍රණයකින් ද 14%ක් ටයිටේනියම් වලින්ද 20% ක් ඇළිමිනියම් වලින් ද 6% ක් වානේ වලින් සහ 8% ක් වෙනත් දුව්‍ය වලින් ද සමන්විත වන බවයි. Boeing 787 ගුවන් යානයේ අමුද්‍රව්‍ය සැළකීමේ දී එහි 50% ක් සංයුක්ත අමුද්‍රව්‍ය ද, 20% ක් ඇලුමිනියම් ද, 15 ක් ටයිටේනියම් ද, 10% ක් වානේ සහ 5%ක් වෙනත් දුව්‍ය වලින් ද නිර්මිත විය. එලෙසම යානයේ ඉහළ ගමන් කරන විට ඇතුළත පීඩන පාලනය, වාතයේ සංසරණය සහ පිරිසිදු බව ආදී දේවල් සඳහා ද ඔවුන් නව සැළසුම් ඉදිරිපත් කරනු ලැබීය. යානයේ බඳ ...