ගුවන් යානයක ගමන් ගන්නා මගීන් විවිධාකාරයි. සමහර විට ඔහු හෝ ඇය සාමාන්‍ය පුද්ගලයෙක් විය හැකියි. තවත් විටක ආබාධිතයෙක් විය හැකියි. නැතිනම් කුඩා දරුවෙක් විය හැකියි. එසේත් නැතිනම් විශේෂ අවධානයකට ලක්විය යුතු පුද්ගලයෙක් විය හැක. ඒවගේම සමහර මගීන් ප්‍රථම වතාවට ගුවනින් යන්නන් විය හැකියි. මේ කොයි ආකාරයේ මගියෙකු වුවද ඒ සැමට තමන්ගේ අවශ්‍යතාවය ඉටුවන ආකාරය අනුව සේවා සැපයීම ගුවන් සමාගමේ වගකීමක්. මේ කුමන ආකාරයේ මගියෙකු වුවද ප්‍රවේශයපත්‍රය ලබා ගන්නා අවස්ථාවේදී එම ප්‍රවේශපත්‍රය නිකුත් කරනු ලබන ආයතනය විසින් ඒ මගියාගේ අවශ්‍යතාවය ගුවන් සමාගමට දැනුම් දිය යුතු වෙනවා. මේ සඳහා විවිධ කේත භාවිතා කරනවා. ඒ වගේ මගියාගේ ත් වගකීමක් තමන්ට විශේෂ තත්වයන් අවශ්‍ය නම් ඒබව කල් තියාම දැනුම් දීම. එවිට ගුවන් සමාගමට පහසුවක් වෙනවා ඒ අවශ්‍යතා ඉටු කිරීම. කෙසේ වෙතත් යම් ආකාරයක සංකීර්ණ ඉල්ලීම් තිබෙනවා නම් බොහෝ විට ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නා විසින් අදාළ ගුවන් සමාගම සමග දුරකථනයෙන් සම්බන්ධ වී ඒ තත්වයන්ට අවශ්‍ය දේ සපයා දිය යුතුයි. කෙසේ වෙතත් විශේෂිත මගීන් වර්ග කිහිපයක් සිටිනවා. ඒවා තමයි, 1. ළමා මගීන් ( Child Passengers) 2.
රාවණා යුගයෙන් ඇරඹි අපේ ගුවන් ඉතිහාසය යළිත් ලියවන්නට...............