Skip to main content

Posts

Showing posts from June, 2016

“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ - ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- අවසන් කොටස

 1 කොටස 2 කොටස 3 කොටස මෙම්පිස් වලට ආසන්නයේ දී යානය පහතට එමින් තිබිණ. මේ අවස්ථාවේ දී කැලෝවේ යළිත් හදිසි ශක්තියක් ගෙන නැගී සිටියේය. ඔහු ව යට කරගෙන සිටි මිනිසුන් ඒ මේ අත විසි කරන්නට විය. ඔවුන් ද උත්සාහය අත හැරියේ නැත. කැලෝවේ විසින් ජිම් ටකර් ගේ ඇස එළියට ගැනීමට උත්සාය කරමින් සිටියේය. ඇන්ඩි පීටර්සන් ඒ අවස්ථාවේ දී යානයේ තට්ටුව මත වැටී ඇති මිටියක් ජිම් ටකර් ට ඇසෙන් පෙන් වන ලදී.    “ඔයා මූට ගහන්න ඒකෙන්“  ටකර් කෑ ගසන විටම පීටර්සන් එම මිටිය ගෙන කැලෝවේට පහර දුන්නේය.  අංක 705 දරණ ගුවන් යානය මෙම්පිස් ගුවන් තොටුපලේ අංක 36 දරණ ධාවන පථයට ඉතා තද ගොඩ බැස්සවීමක් සිදු කළේ එයින්ම පිටත් වී පැය භාගයකට පසුවය. ඉන්ධන වල අධික බරක් තිබුණ ද යානය ගුවන් ධාවන පථයේ නවතා ගැනීමට කපිතාන් සෑන්ඩර්ස් සමත් විය. ඒ සමගම ආධාරක කණ්ඩායම් යානය වටකර ගත්හ. ඒ සමගම ඔහු   නියමු කුටියේ හදිසි දොරටුවෙන් පිටතට පැමිණියේය.  මුලින් යානයේ හිණිමග දිගේ දොරටුව වෙත ළඟා වූයේ වෛද්‍ය සේවකයෙකු වූ ඩේවිඩ් ටීග් ( David Teague ) ය. බිම සිටි කිසිම කෙනෙක් සිදු වූ සිද්ධියක් දැන සිටියේ නැති අතර ඔවුන් දැන සිටියේ යානය අත්ප

“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ - ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- 3 කොටස

 1 කොටස 2 කොටස මෙම්පිස් හි ගුවන් ගමන් පාලක කුළුණ සෑන්ඩර්ස් සහ පීටර්සන් තම ආසන වලින් නැගිට පිටුපසට ඒමට පෙර කැලෝවේ යළිත් නියමු කුටියට පැමිණියේ “ spear gun” යනුෙවන් හඳුන් වන උල් ඊ හිස් විධින ආයුධයක් අතැතිවය. මුලින් ඔහු මේ ආයුධය භාවිතා නොකළේ ගුවන් අනතුරක් සිදු වූ විට ඇති වන තුවාල මොට ආයුධයකින් ඇති වූවාක් මෙන් පෙනිය යතු වූ නිසාය. කැපුම් තුවාල අනතුර පිළිබඳ සැක ඇති විය හැකි තත්වයක් බව කැලෝවේ සිතුවේය. ඔහු spear gun එකක් ගෙන ආවේ යම් හෙයකින් කාර්ය මණ්ඩලය මිටි මගින් පාලනය කර ගත නොහැකි වුවහොත් සිතුණ නිසාය.   “ඉඳ ගන්නවා, ඉඳ ගන්නවා. ආපසු ආසන වලට යනවා මේක ඇත්ත තුවක්කුවක්. මම උඹලාව මරා දානවා“ යනුවෙන් ඔහු අණ කරමින් නියමු කුටියට පිවිසිණ. ටකර්ටත්, සෑන්ඩර්ස් ට සහ පීටර්සන් ටත් දැන් වඩාත් පැහැදිලි වූයේ කැලෝවේ විසින් තමන් ව මරාදැමීමට උත්සාහ කරන බවයි.  කැලෝවේ විසින් spear gun හි තුඩ සෑන්ඩර්ස් වෙත යොමු කරන විටම   පීටර්සන් ඒ දෙසට පැන spear gun තදින් අල්ලා තම නියමුවාගෙන් බවතට එය යොමු කර වීය.   “ මම උඹලව මරණවා.“  “හේයි හේයි මම උඹළව මරණවා“ කැලෝවේ කෑ ගසන්නට විය. සෑන්ඩර්ස් ව