Skip to main content

Posts

Showing posts with the label ධාවන පථ

නග්ගන්න බස්සන්න තියෙන දිගම, කොටම සහ උසම ඒවා (The Highest, Longest and Shortest Runways in the World)

අපේ ගුවන් තොටුපලේ තියෙන ධාවන පථය මීටර 3300 ක් විතර දිගයි. මුහුදු මට්ටමේම තමයි පිහිටලා තියෙන්නෙ. දැන් මේකට ලෝකෙ තියෙන ලොකුම ගුවන් යානයටත් එන්න පුළුවන් කියලා දන්නවානෙ.  ලෝකයේ භුවිෂමතාවය සහ අවශ්‍යතාවය අනුව ගුවන් තොටුපළවල් විවිධ ස්ථාන වල පිහිටුවා තියෙනවා. ඉතින් අද මම කියන්නෙ ලෝකයේ දිගම, උසම සහ කෙටිම ගුවන් ධාවන පථ මොනවද කියලා. අපි මුලින්ම බලමු දිගම සහ උසම එක. මේ ස්ථාන දෙකම හිමිවන්නෙ එකම ගුවන් ධාවන පථයකට. ඒ තමයි චීනයේ ටිබෙට් දේශයේ තියෙන කැම්ඩෝ බැම්ඩා ( Qamdo Bamda Airport) නැති නම් චන්ග්දු බණ්ග්ඩා ( Changdu Bangda Airport ) ගුවන් තොටුපළේ ධාවන පථය. මේ තියෙන්නෙ එහි චන්ද්‍රිකා ඡායාරූපයක් ඔන්න ගුවන් යානයකුත් ඇවිල්ලා. පහසුකම් අඩුයි. බැහැලා පයින් තමයි යන්න වෙන්නෙ. මෙම ගුවන් තොටුපළ මුහුදු මට්ටමේ සිට මීටර 4334 ක් ඉහළින් පිහිටා තිබෙන අතර දැනට ලෝකයේ ඉහළින්ම පිහිටා තිබෙන සිවිල් ගුවන් ධාවන පථයයි. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයෙන් මේ ගුවන් තොටුපළට ලබා දී ඇති කේතය ZUBD  වන අතර ජාත්‍යන්තර ගුවන් පුවාහන ආයතනයෙන් ලබා දී ඇති කේතය වන්නේ BPX ය. මෙය ලෝකයේ දිගම ගුවන් ධාවන පථයද වන අතර ද...

ප්‍රථම වරට ලෝකයේ විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය A380 කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබායි. (World’s Largest Passenger A380 Aircraft First Time in Sri Lanka)

ඔබ දන්නවානෙ දැනට ලෝකයේ තියෙන විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය වන්නේ එයාර් බස් සමාගමේ A380 වර්ගයේ ගුවන් යානයයි. පිරිමැසුම් පන්තියේ (Economy Class) ආසන 800 ක් පමණ මෙහි සවි කළ හැකියි. ව්‍යාපාරික පන්තියේ ආසනත් සමග මගීන් 550 ක් පමණ ගෙන යා හැකියි. දැනට ලෝකයේ විශාල ගුවන් සමාගම් වන එමිරේට්ස් (Emirates), සිංගප්පූර් එයාර්ලයින්ස් (Singapore Airlines), කොන්ටාස් (Qantas) වැනි ගුවන් සමාගම් මේ යානා භාවිතා කරනවා. අපේ ගුවන් තොටුපල මේ ගුවන් යානය ගොඩබෑම සඳහා පසුගිය කාලයේ සූදානමක් කළ අතර යම් යම් තත්ව යටතේ මේ දැවැන්ත යානය ගොඩ බෑමට හැකියාව දැන් තිබෙනවා. ගුවන් පථයේ දිග හා පලල ආදිය විශේෂයෙන් මේ සඳහා බලපානවා. මේ සම්බන්ධයෙන් ලිපිය මෙතනින් බලන්න. කෙසේ වෙතත් පසුගිය ජනවාරි 9 වන දින අළුයම හදිසියේ මේ දැවැන්ත යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩ බානු ලැබුවා. මේ පහල තියෙන්නෙ ඒ සම්පුර්ණ වීඩියෝ ක්ලිප් එක. ගුවන් ධාවන පථයේ දිග අඩු නිසා (යානයට ගැලපෙන පරිදි) සාමාන්‍ය තත්වයන්ට වඩා තිරිංග යෙදීමට සිදුවූ අතර ඉන්පසුව නැවැත්වීම සඳහා ගෙන ඒමේදී පිටත එන්ජින් ක්‍රියා විරහිත කිරීමට සිදු වී තිබෙනවා. ඒ වගේම වැඩිපුර තිරිංග යෙදීම නිසා රත්ව...

ධාවන පථයේ රබර් ඉවත් කිරීම Runway Rubber Removal

ගුවන් යානා ඉහළට නැංවීම සහ ගොඩබැස්සවීම සඳහා භාවිතා කරන ධාවන පථ (Runways)කොන්ක්‍රීට් වලින් හෝ “ඇස්ෆාල්ට්“ (Asphalt) වලින් සකස් කිරීම සිදු කරනවා. අපේ ධාවන පථය ගත හොත් එය “ඇස්ෆාල්ට්“ වලින් සකසන ලද එකක්. ඇත්තටම ඇස්ෆාල්ට්-කොන්ක්‍රීට් මිශ්‍රණයක් තමයි තියෙන්නෙ. මේ භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවද කියලා තීරණය කරන්න බොහෝ දේවල් භාවිතා කරනවා. ධාවන පථය පිහිටන ස්ථානයේ දේශගුණය, කාලගුණය, උෂ්ණත්වය, පසේ ස්වභාවය, ගොඩ බැස්සවීමට බලාපොරොත්තු වන යානා වර්ග, එක් කාල පරාසයකදී මෙහෙයුම් කරනු ලබන යානා සංඛ්‍යාව ආදි බොහෝ දේ ඒ අතර වෙනවා. විශේෂයෙන් ශීතල දේශගුණයක් තිබෙන රටවල කොන්ක්‍රීට් ධාවන පථ භාවිතය උණුසුම් දේශගුණයක් තිබෙන රටවලට වඩා වැඩියි. ධාවන පථයේ ශක්තිමත් බව එය සකස් කරන අවස්ථාවේදී තීරණය කරනු ලබන අතර මෙහිදි යම් විශාල යානයක් ගොඩබැස්සවීමට අවශ්‍ය ශක්තිමත් භාවයක් ඇතිවන විධියට එය සකස් කරනු ලබනවා. ධාවන පථයක යානයක් ගොඩබැස්සවීමේදී යානයේ රෝද ධාවන පථය හා ගැටීම නිසා රෝදයේ රබර් ධාවන පථය මත තැන්පත් (Rubber Deposit) වීමක් සිදු වෙනවා. සාමාන්‍ය බෝයිං 747  (B747) වර්ගයේ යානයක් එක් වරක් ගොඩ බැස්සවීමේදී රබර් කිලෝ 3 ක් පමණ තැන්පත් වී...

ධාවන පථ නම් කිරීම - Runway Designation

ඔය උඩින් තියෙන පින්තූර තුනෙන් පළමු එක කටුනායක ගුවන් ධාවන පථයේ චන්ද්‍රිකා ඡායාරූපයක්. ඊළඟට තියෙන දෙක ධාවන පථයේ අන්ත දෙක. (මේක ගත්තෙ Google Earth වලින්) දැන් අපි අද කියන්න යන දේ බලමු. සමහර විට ඔයගොල්ලන් දැකලත් ඇති (නැතිනම්   Google Earth වලට ගිහින් බලන්න) ගුවන් ධාවන පථයේ දෙපස අංක දෙකක් යොදලා තියෙනවා.  අපේ කටුනායක ධාවන පථයේ (Runway) මේක 04 හා 22 ලෙස සටහන් වෙනවා.  නිකමටවත් හිතුනෙ නැද්ද මේ මොනවද කියලා. අද අපි බලමු මේ මොනවද කියලා. සාමාන්‍යයෙන් එක් භෞතික ගුවන් ධාවන පථයක අතථ්‍ය ( Virtual) ධාවන පථ දෙකක් තිබෙනවා. ඒ කියන්නෙ එක් පැත්තකින් එකකුත් අනෙක් පසින් දෙවන එකත් ලෙස. මේ ධාවන පථ දෙක වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට සහ සන්නිවේදනයේ පහසුව සඳහා මේවා අංකනය කර තිබෙනවා. ඒ ලෙස යෙදූ අංක තමයි ඔය ඉහළ දෙවන තුන්වන ඡායාරූප වල දැක්වෙන්නේ. මේ අංකනය සිදු කරන්නේ චුම්භක උතුරට (Magnetic North) සාපේක්ෂ දිශාව අනුව. ඒ කියන්නේ ධාවන පථයේ කඩ ඉරකින් ඇඳ තිබෙන මධ්‍ය රේඛාව (Center Line) ඒ ඒ ධාවන පථයේ දී පිහිටන අංශක ගණන අනුව තමයි මේ අංක යොදන්නෙ. මේක අපි උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. දැන් සිතන්න අපේ කටුන...