Skip to main content

Posts

Showing posts with the label දේශීය ගුවන් ගමන්

පුම්බා උඩ අරින්න ගියෙමි–උණුසුම් වායු බැලුන් මෙහෙයුම–දඹුල්ල වීර මොහාන් විදුහල් ක්‍රීඩාංගනය–Hot Air Ballooning at Dambulla Veera Mohan School

ගුවන් යානා වල මූලාරම්භය ගැන කථා කරන විට උණු වායු බැලුන් (Hot Air Balloon) වලට මූලික ස්ථානයක් හිමි වෙනවා. මේක විනෝදාංශයක් විධියට දැන් කරන අතර වානිජ මට්ටමේ කටයුතුත් සිදු වෙනවා. බැලූනයක් සමාන්‍ය සරල දෙයක් වගේ පෙණුනට එය මෙහෙය වීම ට යම් තරමකට ගුවන් යානා පැදවීමට අවශ්‍ය මූලික දැනුම අවශ්‍යයි. ඒ වගේම එහි සුරක්ෂාවත් අනෙක් භාහිර දේ වල ආරක්ෂාවත් බැලුම මෙහෙයවන්නාගේ (Pilot) වගකීමක්. තවත් සරලව කියනවා නම් බැලුන් නියමුවා ඒ සඳහා සුදුසු කම් සම්පූර්ණ කළ බලපත්‍ර ලාභියෙක් විය යුතු වෙනවා. මේ බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පවත් වනු ලබන පරීක්ෂණ කීපයකට පසුවයි. ඒ වගේම ඔවුන් ඒ ප්‍රවීණතාවයත් බැළුමේ පියාසර යෝග්‍යතාවයත් ගුවන් යානා ඉංජිනේරුවෙක් ඉදිරිපිට සනාථ කළ යුතුයි. පසුගිය 2 වෙනිදා (2011 දෙසැම්බර් 02) මේ වගේ යෝග්‍යතාවය පරීක්ෂා කරන අවස්ථාවක් එළඹුණා. ලංකාවෙ ලියාපදිංචි වී බලපත්‍ර ලබා ගත් බැලුන් වාණිජ මෙහෙයුම් කරුවන් 4 ක් සිටින අතර ඔවුන්ගෙන් එක් අයෙක් ර්‍ශී ලාංකිකයෙක්. ඒවගේම ලංකාවේ ගුවන් යානා ලියාපදිංචි ලේඛණයේ ලියාපදිංචි වී ඇති බැලුන් ගණන 9 ක්. මෙයින් 6ක් දැනට ක්‍රියාත්ම...

අභ්‍යන්තර ගුවන් ගමන් වල අනාගත අර්බුධය - Future Conflict of Domestic Aviation

මා මින් පෙරත් සඳහන් කළා ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් යාපනය හා තවත් නගර කීපයකට සිදු වෙන බව. විශේෂයෙන්ම යාපනයේ කන්කසන්තුරෙයි ගුවන් තොටුපලට සිදු වන ගුවන් ගමන් සඳහන් කළ හැකියි. මෙම ගුවන් ගමන් පසුගිය කාලයේ ඉතාමත් ජනප්‍රිය වී තිබිණ. ඒ වගේම මුල් කාලයේ ගුවන් සමාගම් කීපයක් මේ ගුවන් ගමන් වාර පවත්වාගෙන ගියා. ලයන් එයාර්, එයරෝ ලංකා, එක්ස්ෆෝ ඒවි‍යේෂන්, ඩෙකෑන් ඒවියේෂන්  ඒ වගේ ගුවන් සාමාගම්.  පසු කාලීනව ඉතිරි වුනේ ඩෙකෑන් ගුවන් සමාගම සහ එක්ස්ෆෝ ඒවයේෂන් සමාගමයි. එක්ස්ෆෝ සමාගම දෛනිකව ගුවන් ගමන් වාර 10 ක් පමණ යාපනයට පවත්වාගෙන ගියා. ඒත් ලබන 12 වෙනිදා සිට ඒ ගුවන් ගමන් වාරත් නැවැත්වීමට තීරණය කරලා. හේතුව මම කියන්න ඕ‍නෙ නැහැනෙ. මොකද දන්නවානේ A9 පාර ඇරලා තියෙන නිසා සේරම කට්ටිය බිමින් යන්න පටන් අරන්. අපේ කට්ටියට කාලය ට වඩා මුදල් වටිනවානේ.බිමින් යන්න පැය 8 කට වඩා ගන්නවා. මුදල් ප්‍රමාණය නම් අඩුයි. ගුවනින් යනවා නම් රු. 20000/- ක් විතර යනවා. හැබැයි යන වෙලාව පැයක් විතර. කොහොම උනත් මේ ගුවන් ගමන් වාර නැවැත්වු එකනම් මම දකින්නෙ දේශීය ගුවන් ගමන් කර්මාන්තයට හොඳ දෙයක් විධියට නොවේ. මොකද යාපනය තමා කොළඹ ඉඳන් දුරම ග...

අහස අපේ ආර්ථික සම්පතක් - Air Space is an economic resource.

සාමාන්‍යයෙන් අප කුඩා කළ සිට පුරුදු පහුණු වී සිටින්නේ රටේ ආර්ථික සම්පත් යනුවෙන් හඳුනා ගන්නා විට සාම්ප්‍රදායික දේ හඳුනා ගැනීමටයි. උදාහරණයක් ලෙස තේ, පොල්, රබර් ආදී වැවිලි බෝග වර්ගත්, මිනිරන්, මැණික් වැනි ඛණිජ සම්පතුත් ජලය වැනි ස්වභාවික සම්පතුත් අපේ සාම්ප්‍රදායික පිළිතුරු අතර වෙනවා. ශ්‍රම බලකාය පවා සමපතක් ලෙස හදුනා ගන්නේ කීයෙන් කී දෙනාද? ඔබ නොදන්නවාට, නිතර බොහෝ දෙනෙක් කථා නොකළාට අපට ඉහළින් පවතින ගුවන් කලාපය ශ්‍රී ලංකාව සතු සම්පතක්. දැනටත් මෙයින් විශාල ආදායමක් රටට ලැබෙනවා. 1944 දී අත්සන් කළ ගුවන් ප්‍රවාහනය හා සම්බන්ධ චිකාගෝ සම්මුතියෙන් සෑම රටකටම එහි ගුවන පිළිබඳ ස්වාධිනත්වයක් නැතහොත් ස්වෛරීයත්වයක් තිබෙන බවට පිළිගන්නා අතර යම් රටක් තවත් රටක අවසර නොමැතිව එම රටට පිවිසිය නොයුතු බවට ද මෙහි පිළි ගන්නවා. ඒ අනුව යම් රටක ගුවන් යානයකට වෙනත් රටක ගුවන් සීමාව හරහා යාමට අවශ්‍යය නම් පළමුව එම රටෙන් ඒ සදහා අවසර ලබා ගත යුතුයි. ශ්‍රී ලංකාවේ නම මේ අවසරය රජය වෙනුවෙන් ලබා දෙන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියයි. මෙසේ  අවසර ලබා ගත්තාට පසු එම යානයට එම අවකාශය තරණය කළ හැකියි. නමුත් මෙසේ ඉහළින් පියාසර කිර...

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සිවිල් ගුවන් ගමන් - Domestic Air Transportation in Sri Lanka

අප දන්නවා ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් (International Airlines)සෑහෙන ගණනක් තිබෙන බව. මේ ගණන වසරින් වසර සෘතු‍වෙන් (Season) සෘතුව වෙනස් වුවද සාමාන්‍යයෙන් එම ගණන 25 ත් 35 අතර ගණනක් වෙනවා. මේ ගණන භාණ්ඩ ප්‍රවාහනයට (Cargo)  සහ සංචාරකයින් පැමිණෙන ගුවන් යානාත් සමග. මම දැන් කථා කරන්න යන්නේ වෙනත් දෙයක් ගැන. සමහර විට ඔබ දන්නේ නැතිව ඇති අපේ රටේත් අභ්‍යන්තර ගුවන් ගමන් පවතින බවත් එය ඉතාම ජනප්‍රිය බවත්. ශ්‍රී ලංකාව තුළ ගුවන් තොටුපළවල් 15 ක් පමණ තිබෙනවා. මෙයින් එක් ගුවන් තොටුපළක්, ඒ කියන්නේ පුත්තලමේ ඇති ගුවන් තොටුපළ දැනට ක්‍රියාත්මක නැහැ. අනෙක් සියළුම ගුවන් තොටුපළවල් දැනට ක්‍රියාත්මකයි. මෙම සෑම ගුවන් තොටුපළක්ම ගුවන් හමුදාව භාවිතා කරනු ලබනවා. කෙසේ වෙතත් යාපනය (පළාලි), රත්මලාන, ත්‍රිකුණාමලය (චීන වරාය), අම්පාර ආදී ගුවන් තොටුපළවලට අභ්‍යන්තර සිවිල් ගුවන් ගමන්  පෞද්ගලික ආයතන විසින් පවත්වාගෙන යනු ලබනවා. යාපනය සහ රත්මලාන අතර ගුවන් ගමන දෛනිකව සිදු කරනු ලබනවා. දෛනිකව යාපනය සහ කොළඹ අතර ගුවන් ගමන් වාර 10 කට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යනු ලබනවා. මෙම ගුවන් ගමන් වල යෙදෙන්නේ එක්ස්පෝ ගුවන් සම...