LAM Mozambique Airlines යනු මොසැම්බික් රාජ්‍යයේ ජාතික ගුවන් සේවයයි. මොසැම්බික් රාජ්‍ය යේ මපුටෝ ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන අතර අප්‍රිකානු මහාද්වීපයේ රටවල් අතර සහ මොසැම්බික් රාජ්‍යය තුළද සිය මෙහෙයුම් සිදු කරනු ලබයි. 1936 දී පමණ ආරම්භ කර ඇති මෙම ගුවන් සමාගම අප්‍රිකානු මහාද්වීපයේ හොඳින් මෙහෙයුම් සිදු කරනු ලබන ගුවන් සමාගමකි.
ගුවන් සමාගම පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී සිදු වූ ගුවන් අනතුරක් නිසා ලොවේ කථා බහට ලක් වුණා. මෙම අනතුර සිදු වූයේ මපුටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ඇන්ගෝලාවේ Quatro de Fevereiro ගුවන් තොටුපලට මොහෙයුමක් සිදු කරන අතරවාරයේ දීයි. යානය අනතුරට ලක් වූයේ නැමීබියාවේ Bwabwata ජාතික වනෝද්‍යානය ඉහළින් පියසර කරමින් තිබිය දීය.
අනතුරට පත් වූ යානය
මෙම ගුවන් අනතුරින් යානය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එහි ගමන් කළ මගීන් 27 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනා ජීවිතක්ෂයට පත් විය. යානය අනතුරට පත් වූ ස්ථානය පරීක්ෂක කණ්ඩායම් ලඟා වූයේ අනතුර සිදු වූ දිනට පසු දින වූ අතර ඒ වන විටත් යානය සම්පූර්ණයෙන් අළු ගොඩක් ව තිබූ බව එම කණ්ඩායම් පවසයි.
ගුවන් අනතුර සිදු වූ ස්ථානයේ තිබී යානයේ කලු පෙට්ටිය ලෙස හඳුන්වන CVR (Cockpit Voice Recorder ) සහ FDR (Flight Data Recorder) හමු වී ඇති මූලික පරීක්ෂණ වලදී ලොමු දැහැ ගන්වන සිද්ධියක් අනාවරනය වී තිබෙනවා.
අනතුරින් ඉතිරි වූ කොටස්
මොසැම්බික් හි මපුටෝ ගුවන් තොටුපලෙන් පෙරවරු 11 26 ට පිටත් වන TM 470 ගුවන් යානය ඇන්ගෝලාවේ ලුවන්ඩා ගුවන් තොටුපළ ට යාමට සැලසුම් කර තිබුණේ පස්වරු 2 10 ට යි. දැනට තිබෙන තොරතුරු අනුව ගුවන් යානය පස්වරු 1:09 ට අඩි 38000 ක උසක සිට පහතට පැමිණීමට පටන් ගෙන තිබේ.
යානය අනතුරට ලක් වී තිබුණේ නැමීබියාව සහ ඇන්ගෝලාව අතර දේශ සීමාවේ ය. දැනට තිබෙන තොරතුරු අනුව මෙම අනතුර හිතාමතා ම කරන ලද අනතුරක් ලෙස විශ්වාස කෙරේ. අනතුරට සුළු වේලාවකට පෙර සහාය නියමුවා වැසිකිළියට ගොස් ඇති අතර ඒ ලද අවසරයෙන් ප්‍රධාන නියමුවා විසින් ගුවන් යානය ගමන් කරන උස අඩි 38000 සිට පොළොව මට්ටමටත් වඩා අඩි 592 ක් පහළට වෙනස් කර ඇත. මෙම උස අඩු කිරීම ඔහු විසින් තෙවරක් සිදු කර තිබේ. එලෙස ම යානයේ වේග පාලක අතහැරීමක් සිදු කර ඇති අතර බොහෝ වාර ගණනක් ඔහු විසින් යානයේ උපරිම වේගය තෝරා ගෙන ඇත. මේ අතර යානයේ නියමු කුටියේ හඬ පටයේ එක් අවස්ථාවක නියමු කුටියේ දොරට තට්ටු කරන හඬ ද ඇසේ.
කෙසේ වෙතත් යානය අවසානයේ අනතුරට ලක් වී ඇති අතර සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. යානය 2012 වර්ෂයේ පළමු ගුවන් ගමන සිදු කර ඇති අතර පැය 2905 පමණ අඩු ප්‍රමාණයක ගුවන් කාලයක් වාර්තා කර ඇත. එම්බ්‍රේයර් වර්ගයේ යානයක් වන මෙම යානයේ එන්ජින් දෙකකින් සමන්විත විය.
යානය අනතුරට ලක් වන අවසන් විනාඩි කිහිපයේ තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී තවමත් නිවැරදි නිගමනයකට එළඹිය නො හැකි බව පරීක්ෂණ කණ්ඩායම් පවසන අතර නිල නොවන වාර්තා අනුව මෙය “නියමුවා දිවි නසා ගැනීමේ“ (Pilot Suicide) වර්ගයේ අනතුරක් බව පැවසේ. මෙම අනතුර වන අවස්ථාවේ කටයුතු කර ඇති නියමුවාගේ දරුවා පසුගිය වසරේ මියගොස් සිටි අතර ඔහුගේ පවුලේ ගැටළු තිබූ බව පැවසේ. මේ නිසා ඇති වූ මානසික ව්‍යාකූලතාවකින් මෙම අනතුර සිදු කරන්නට ඇති බව එම නිල නොවන වාර්තා සඳහන් කරයි.
මේ ගණයට අයත් අනතුරු කිහිපයක් ඉතිහාසයේ වාර්තා වී ඇති අතර මෙතැනින් ඒවා බලන්න.
දැන් ඉතින් බය වෙන්න එපා. හැම කෙනාම එක වගේ නෑහැ.