සාමාන්‍යයෙන් අප කුඩා කළ සිට පුරුදු පහුණු වී සිටින්නේ රටේ ආර්ථික සම්පත් යනුවෙන් හඳුනා ගන්නා විට සාම්ප්‍රදායික දේ හඳුනා ගැනීමටයි. උදාහරණයක් ලෙස තේ, පොල්, රබර් ආදී වැවිලි බෝග වර්ගත්, මිනිරන්, මැණික් වැනි ඛණිජ සම්පතුත් ජලය වැනි ස්වභාවික සම්පතුත් අපේ සාම්ප්‍රදායික පිළිතුරු අතර වෙනවා. ශ්‍රම බලකාය පවා සමපතක් ලෙස හදුනා ගන්නේ කීයෙන් කී දෙනාද? ඔබ නොදන්නවාට, නිතර බොහෝ දෙනෙක් කථා නොකළාට අපට ඉහළින් පවතින ගුවන් කලාපය ශ්‍රී ලංකාව සතු සම්පතක්. දැනටත් මෙයින් විශාල ආදායමක් රටට ලැබෙනවා. 1944 දී අත්සන් කළ ගුවන් ප්‍රවාහනය හා සම්බන්ධ චිකාගෝ සම්මුතියෙන් සෑම රටකටම එහි ගුවන පිළිබඳ ස්වාධිනත්වයක් නැතහොත් ස්වෛරීයත්වයක් තිබෙන බවට පිළිගන්නා අතර යම් රටක් තවත් රටක අවසර නොමැතිව එම රටට පිවිසිය නොයුතු බවට ද මෙහි පිළි ගන්නවා. ඒ අනුව යම් රටක ගුවන් යානයකට වෙනත් රටක ගුවන් සීමාව හරහා යාමට අවශ්‍යය නම් පළමුව එම රටෙන් ඒ සදහා අවසර ලබා ගත යුතුයි. ශ්‍රී ලංකාවේ නම මේ අවසරය රජය වෙනුවෙන් ලබා දෙන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියයි. මෙසේ අවසර ලබා ගත්තාට පසු එම යානයට එම අවකාශය තරණය කළ හැකියි. නමුත් මෙසේ ඉහළින් පියාසර කිරීමට
රාවණා යුගයෙන් ඇරඹි අපේ ගුවන් ඉතිහාසය යළිත් ලියවන්නට...............