Skip to main content

Posts

Showing posts with the label මෙහෙයුම්

මොකක්ද මේ “වන් වර්ල්ඩ්“ කියන්නෙ? What is OneWorld?

ගුවන් සේවා කර්මාන්තයත් අනෙකුත් කර්මාන්ත හා වෙළඳ ව්‍යාපාර මෙන් ම විවිධාංගීකරණයට නිරන්තරයෙන් ම ලක් වේ. අද පවතින තරගකාරී ස්වභාවයත් පාරිභෝගික දැනුවත් කමත් ආදී කරුණු හේතුවෙන් ලාභදායී ව්‍යාපාරයක් ලෙස ගුවන් කර්මාන්තය පවත්වා ගෙන යාමට නම් විවිධ අලෙවි උපායමාර්ග ක්‍රියාත්මක කළ යුතු ව ඇත. ගුවන් සමාගම් එක් ව සන්ධාන ගත වීම ද මෙවන් උපාය මාර්ගයක් ලෙස දැක්විය හැක. 2014 මැයි මස 1 වන දින සිට “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම ද ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් වල සන්ධානයක් හා සන්ධානගත වී තිබෙන බව විවිධ මාධ්‍ය ඔස්සේ ඔබ දකින්න ඇති. ඒ වගේ ම මේ කුමක් ද යන්න සමහර විට ඔබට පැහැදිලි නොමැතිව බවට සැක නැහැ. මෙවන් සන්ධාන ගත වීමකින් ගුවන් සමාගමට ආර්ථික වාසි සැලසෙනවා මෙන් ම මගීන් ට ද විවිධ වාසි සැලසේ. අවාසි ද නැතිව ම නොවේ. ගුවන් සේවාවන් සන්ධාන ගත වීම අද ඊයෙ සිදු වූ දෙයක් නොව 1930 දශකය දක්වා ම දිව යන්නෙකි. මුලින් ම ගුවන් සේවා සන්ධානයක් ඇති කර ගනු ලබන්නේ Panair do Brasil සමාගම සහ එහි ම මව් සමාගම වන Pan American World Airways යන සමාගම් දෙක ලතින් ඇමරිකාවේ ගමනාන්ත බෙදා හදා ගැනීම වෙනුවෙන්. ඉන් පසුව ක්‍රමයෙන් මෙම සන්ධාන වර්ධනය ව...

ප්‍රථම වරට ලෝකයේ විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය A380 කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබායි. (World’s Largest Passenger A380 Aircraft First Time in Sri Lanka)

ඔබ දන්නවානෙ දැනට ලෝකයේ තියෙන විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය වන්නේ එයාර් බස් සමාගමේ A380 වර්ගයේ ගුවන් යානයයි. පිරිමැසුම් පන්තියේ (Economy Class) ආසන 800 ක් පමණ මෙහි සවි කළ හැකියි. ව්‍යාපාරික පන්තියේ ආසනත් සමග මගීන් 550 ක් පමණ ගෙන යා හැකියි. දැනට ලෝකයේ විශාල ගුවන් සමාගම් වන එමිරේට්ස් (Emirates), සිංගප්පූර් එයාර්ලයින්ස් (Singapore Airlines), කොන්ටාස් (Qantas) වැනි ගුවන් සමාගම් මේ යානා භාවිතා කරනවා. අපේ ගුවන් තොටුපල මේ ගුවන් යානය ගොඩබෑම සඳහා පසුගිය කාලයේ සූදානමක් කළ අතර යම් යම් තත්ව යටතේ මේ දැවැන්ත යානය ගොඩ බෑමට හැකියාව දැන් තිබෙනවා. ගුවන් පථයේ දිග හා පලල ආදිය විශේෂයෙන් මේ සඳහා බලපානවා. මේ සම්බන්ධයෙන් ලිපිය මෙතනින් බලන්න. කෙසේ වෙතත් පසුගිය ජනවාරි 9 වන දින අළුයම හදිසියේ මේ දැවැන්ත යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩ බානු ලැබුවා. මේ පහල තියෙන්නෙ ඒ සම්පුර්ණ වීඩියෝ ක්ලිප් එක. ගුවන් ධාවන පථයේ දිග අඩු නිසා (යානයට ගැලපෙන පරිදි) සාමාන්‍ය තත්වයන්ට වඩා තිරිංග යෙදීමට සිදුවූ අතර ඉන්පසුව නැවැත්වීම සඳහා ගෙන ඒමේදී පිටත එන්ජින් ක්‍රියා විරහිත කිරීමට සිදු වී තිබෙනවා. ඒ වගේම වැඩිපුර තිරිංග යෙදීම නිසා රත්ව...

බැලූන් යැවීම - Ballooning

ඔය කට්ටිය දැකලා ඇතිනෙ සමහර විට ලංකාවෙ පළාත්වල විශාල පාට පාට බැලූන් යනවා. ඒවායේ මිනිස්සුත් නැගලා යනවා. අද මම කියන්න යන්නෙ මෙන්න මේ බැලූන් මෙහෙයුම් ගැන. මේවා හඳුන්වන්නේ “උණු වායු බැලූන්“ ( Hot Air Balloons) ලෙස. හේතුව තමයි මේවා ඉහළට යන්න උපයෝගී කර ගන්නේ උණුසුම් වූ වාතය. ඔය කට්ටියට මතක ඇතිනේ අර පොඩි පංති වල විද්‍යාව පාඩමේ ඉගැන්නුවේ රත්වූ වාතය ඉහළ නගිනවා කියලා. මෙන්න මේ සංසිද්ධිය තමයි මෙතනදී උපයෝගී කර ගන්නේ. ඒ කියන්නේ විශාල බැලූන් එකකට අධිවේගී ගිනි ධාරාවක් මගින් රත්වූ සුළං ඇතුල් කරනවා. එම වාතය බර අඩු නිසා බැලූනයත් සමග ඉහළ නගිනවා. අපි දැන් බලමු බැලූන් එකක් මෙහෙය වන්නේ කොහොමද කියලා. ඔය පින්තූරෙ තියෙන්නෙ බැලුන් එකක් ඉහළට නැගපු අවස්ථාවක්. මේකෙදි අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් තුනක්. එකක් බැලූන් එක. අනික මගීන් සඳහා වන පැස (Basket) . අනෙක පැස හා බැලූනය අතර තිබෙන ගෑස් දාහකය ( Gas Burner) බැලූනයක් ඉහළ නැංවීමට සූදානම් කිරීමේ දී පළමුව බැලූනය යමකට ගැට ගසනවා. මෙය බොහෝ විට වාහනයකි. ඉන්පසුව විශාල පංකාවක් මගින් සුළං යම් ප්‍රමාණයක් බැලූනයට ඇතුළත් කර යම් පමණයකට බැලූනය පිමිබීමකට ලක් ක...

මැදිරි සහායකයින්

මේ නම් මේ විධියට කිව්වට තේරෙන්නෙ නැහැනෙ. මේ අයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Flight Attendants එහෙමත් නැතිනම් Stewards ලා කියලා. තවත් විධියකට කියනවා නම් ඔය සරළවම අපි කියන්නේ Air Hostess ලා කියලා. අද මම කියන්න යන්නෙ මෙන්න මේ අය ගැන. මේක ගැන ලියන්න කියලා පසුගිය Post   එකට ප්‍රතිචාරයකුත් තිබුණානෙ. ඔය ගුවන් යානා වල යන අය, ගිය අය දැකලා ඇති ගුවන් යානයට ගොඩ වෙන අවස්ථාවෙදි අපිව සාදරයෙන් පිළි අරගෙන ගුවන් ගමන පුරාවටම අප ගැන සොයලා බලන නිලධාරීන් පිරිසක් ඉන්න බව. මේ අය පිරිමි හා ගැහැණු යන දෙපක්ෂයෙන්ම සිටින බවත් ඔබ දැකලා ඇති.  මේ මැදිරි සහායකයින් කියලා අපි සිංහලෙන් හඳුන්වන නිලධාරීන්ගේ ප්‍රධාන රාජකාරිය තමයි මගියාගේ ආරක්ෂාව ( Safety) සම්බන්ධව ක‍ටයුතු කිරීම. ඊට අමතරව ඔවුන් ට පැවරිලා තියෙනවා මගීන් ට සේවා සැපයීමත්. ඒ වගේම ගුවන් සාමාගම ප්‍රචාරනය (Promote) කිරීමත් ඔවුන්ගේ අමතර කාර්යයක්. ඒත් මම මුලින් සඳහන් කළා වගේ මොවුන්ගේ ප්‍රධාන ම කාර්ය ය වන්නේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. විශේෂයෙන් ම ගමන් කරන ගුවන් යානයක් වගේ සීමාසහිත ස්ථානයක සිරවී සිටින මගීන්ට සහාය වීම සහ ඔවුන්ගේ ආරක්ෂාව  තහවුර...

උඩදි බබා හම්බ උනොත්? - If Baby Delivered On Board?

පසුගිය ඔක්තෝබර් මාසයේ  Air Asia ගුවන් සමාගමේ ගුවන් යානයකදී මවක් දරුවෙකු බිහි කිරීම පිළිබඳ පුවතක් අසන්න ලැබුනා. ගුවන් යානය තුළදී දරුවෙකු බිහි කිරීම බොහෝ දුරකට අවදානම් සහිත ක්‍රියාවක්. Air Asia  සමාගම මෙසේ ඉපදුන දරුවාට මුළු ජීවිත කාලයටම නො‍මිලේ එම ගුවන් සමාගමේ ගුවන් ගමන් යාම සඳහා පහසුකම් ලබා දෙන බව නොබෝ දා නිවේදනය කර තිබුණා.  අපි දැන් බලමු මේ දරු උපත් හා සබැඳි තත්වය කුමක්ද කියලා.  දරු ගැබක් දරණ මවකට ගුවනින් යාම සඳහා ටිකට් පත් නිකුත් කිරීම සහ එසේ යාම සඳහා වන තත්වයන් ගුවන් සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ගර්භනී මවක් ගුවනින් යනවා නම් පළමුව වෛද්‍යවරයෙකුගේ වාර්තාවක්/නිර්දේශයක් ලබා ගත යුතු වෙනවා. ඒ මත ගුවන් සමාගම තීරණය කරනවා ගමන් කිරීමට දෙනවාද නැද්ද යන වග. සාමාන්‍යයෙන් British Airways එසේ ගමන් කිරීමට ඉඩ ලබා දෙන්නෙ නැහැ. සාමාන්‍ය තත්ව යටතේ ගර්භණී මවක් ගුවනින් යාම ඇයට නම් අහිතකර දෙයක් නොවේ කියලයි වෛද්‍ය මතය.  කොහොම හරි ගුවනින් යද්දී බබා ලැබෙන්න ආවොත් එම කටයුත්ත සඳහා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සූදානම්. ඒ කියන්නෙ ඔවුන්ට ඒ සඳහා මනා පුහුණුවක් ලබා දී ති‍බෙනවා. එසේ පු...

ගුවන් යානා ලියාපදිංචි කිරීම - Aircraft Registration

ඕනෑම රටක එම රටට අයත් ගුවන් යානා ලියාපදිංචි කළ යුතු අතර සාමාන්‍යයෙන් එසේ ලියාපදිංචි කිරීම කරනු ලබන්නේ එම රටෙහි සිවිල් ගුවන් සේවා අධිකාරිය හෝ දෙපාර්තමේන්තුවයි. කෙසේ හෝ මෙම ආයතනය එම රටේ සිවිල් ගුවන් සේවාව සමිබන්ධ රාජ්‍ය ආයතනයක් වෙනවා. ඒ වගේම රටින් රටට මේ සම්බන්ධයෙන් පවතින නීති රීති ද වෙනස් වෙනවා. ශ්‍රී ලංකාවට අයත් ගුවන් යානා ලියාපදිංචිය කරනු ලබන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියයි. අපේ රටේ පවතින නීතිය අනුව යම් ආයතනයක් බදු පදනම මත හෝ පූර්ණ වශයෙන් මිළ දී ගැනීමකදී හෝ මෙම ලියාපදිංචිය සිදු කළ යුතු වෙනවා. නමුත් එසේ මිලදී ගන්නා හෝ බදු පදනම මත ගන්නා වූ ගුවන් යානය නිෂ්පාදිත දිනයේ සිට වසර 15 කට වඩා පැරණි නොවිය යුතුයි. එසේම එය මිළදී ගැනීමට හෝ බදු පදනම මත ගැනීමට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් යානා ඉංජිනේරුවරයෙකු විසින් එහි යෝග්‍යතාවය පරීක්ෂා කර සහතික කළ යුතුයි. ඒ කියන්නේ ඔහු හෝ ඇය එම ගුවන් යානය දැන් පවතින රටට ගොස් එය පරීක්ෂා කළ යුතුයි. ඒ වගේම යම් යානයක කොටස් අපේ රටට ගෙනවිත් ගුවන් යානයක් එකලස් කරන්නේ නම් එම එකලස් කරන අවස්ථාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේ සිටිය ...