Skip to main content

Posts

Showing posts from September, 2012

ගුවනේ දී ඉන්ධන ලබා දීම - Aerial Refueling

ගුවනේදී එක් ගුවන් යානයකින් තවත් ගුවන් යානයකට ඉන්ධන පිරවීම “ගගන ඉන්ධන පිරවීම“ ( Aerial refueling ) යනුවෙන් හඳුන්වයි. මෙහිදී ඉන්ධන ගෙන යන යානය Tanker යනුවෙන්ද අනෙක් යානය ඉන්ධන ලබන්නා වශයෙන්ද හඳුන්වයි. මෙම ක්‍රමය මගින් ඉන්ධන ලබන යානයට දිගු දුරක් ගමන් කිරීමට හෝ වැඩි වේලාවක් ගුවනේ සැරි සැරීමට පහසුකම ලැබේ. මේ ආකාරයේ ඉන්ධන පිරවීම් කීපයක් මගින් වැඩි වේලාවක් ගුවනේ රැඳී සිටීමට හැකියාව තිබුණද ගුවන් යානා එන්ජින් වල තත්වය වැනි ඉංජිනේරුමය තත්වයන් හා කාර්ය මණ්ඩලයේ විඩාව වැනි දේ අනුව එසේ රැඳී සිටීමේ කාලය සීමා වේ. ඕනෑම ගුවන් යානයක් ගුවන් ගත වීමේ දී තිබිය හැකි උපරිම බරක් තිබේ. මෙම උපරිම බර සීමාවට වඩා අඩුවෙන් ගුවන් යානය ගුවන් ගත වන අවස්ථාවේ තබා ගත යුතු අතර ගමන යාමට අවශ්‍ය ඉන්ධන සහ හදිසියේ වෙනත් ගුවන් තොටුපලකට යාමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දී උපරිම මගී සංඛ්‍යාවක් හෝ භාණ්ඩ ප්‍රමාණයක් ගෙනයාම ​සාමාන්‍යයෙන් සිදු කරයි. යානයේ ඉන්ධන ප්‍රමාණයන් අඩු වැඩි කිරීම මගින් උපරිම එසවීමේ බරට වඩා අඩුවෙන් යානය පවත්වාගැනීමට හැකියාව ලැබේ. වැඩි මගීන් ප්‍රමාණයක් හෝ භාණ්ඩ ප්‍රමාණයක් ගෙන යාමට ඇති අවස්ථාවක අඩු ඉන්ධන ප්‍රමාණ