පුරාතණයේ සිටම විවිධ දේවල වලට වන්දනා මාන කිරීම ලෝ වැසියන්ගේ සිරිත විය. ගස් ගල් පවා දේවත්වයෙන් පිදීමට ඔවුන් යොමු වී තිබිණ. අදටත් ලොව සමහර ප්‍රදේශ වල අප විශ්වාශ නොකරන දේ වලට දේවත්වයෙන් සැළකීමට මිනිසා පුරුදු වී සිටී. විශේෂයෙන් ඉන්දියාවේ මේ තත්වය වැඩි වශයෙන් දැකිය හැක. ඒ වගේම පූජා භාණ්ඩ ලෙසද ඔවුන් විවිධ දේ පූජා කිරීමට පෙළඹී සිටී. ගුවන් යානා ආදර්ශ පූජා භාණ්ඩ ලෙස යොදා ගන්නා දෙවොලක් ඉන්දියාවේ තිබෙන බව ඔබ විශ්වාස කරනවාද? එය සැබවින්ම පවතී. ඉන්දියාවේ පන්ජාබ් (Panjab) ප්‍රාන්තයේ ජලන්දාර් (Jalandhar) ප්‍රදේශයට කිලෝමීටර් 30 පමණ දුරින් පිහිටා තිබෙන ටල්හාන් (Talhan) නැමති ගමේ මේ දෙවොල පිහිටා තිබේ. යම් පුද්ගලයෙකු විදේශ රටක විසා බලාපොරොත්තු වන්නේ නම් මෙම දොවොලට ගුවන් යානයක ආදර්ශයක් පූජා කළහොත් එම වීසා ලැබීම අනිවාර්යයෙන්ම සිදු වන බව මෙම දෙවොලේ බැතිමතුන් විශ්වාස කරයි. මෙම දොවොල සික් ජාතිකයන්ගේ දෙවොලක් වන අතර එය “ෂහීඩ් බාබා නිහාල් සිං දෙවොල“ නමින් හඳුන්වයි. මෙවන් මිත්‍යා දෘෂ්ඨික පූජාවන් සිනහවට ලක් වුවද ඉරිදා දිනවල මෙම දෙවොලේ පළමු මහලේ තිබෙන ශාලාවේ සෙල්ලම් ගුවන් යානා 80-100 ත් අතර ප්‍රමාණයක් දැකිය හැකි
රාවණා යුගයෙන් ඇරඹි අපේ ගුවන් ඉතිහාසය යළිත් ලියවන්නට...............