Skip to main content

Posts

Showing posts with the label Runways

“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ - ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- 3 කොටස

 1 කොටස 2 කොටස මෙම්පිස් හි ගුවන් ගමන් පාලක කුළුණ සෑන්ඩර්ස් සහ පීටර්සන් තම ආසන වලින් නැගිට පිටුපසට ඒමට පෙර කැලෝවේ යළිත් නියමු කුටියට පැමිණියේ “ spear gun” යනුෙවන් හඳුන් වන උල් ඊ හිස් විධින ආයුධයක් අතැතිවය. මුලින් ඔහු මේ ආයුධය භාවිතා නොකළේ ගුවන් අනතුරක් සිදු වූ විට ඇති වන තුවාල මොට ආයුධයකින් ඇති වූවාක් මෙන් පෙනිය යතු වූ නිසාය. කැපුම් තුවාල අනතුර පිළිබඳ සැක ඇති විය හැකි තත්වයක් බව කැලෝවේ සිතුවේය. ඔහු spear gun එකක් ගෙන ආවේ යම් හෙයකින් කාර්ය මණ්ඩලය මිටි මගින් පාලනය කර ගත නොහැකි වුවහොත් සිතුණ නිසාය.   “ඉඳ ගන්නවා, ඉඳ ගන්නවා. ආපසු ආසන වලට යනවා මේක ඇත්ත තුවක්කුවක්. මම උඹලාව මරා දානවා“ යනුවෙන් ඔහු අණ කරමින් නියමු කුටියට පිවිසිණ. ටකර්ටත්, සෑන්ඩර්ස් ට සහ පීටර්සන් ටත් දැන් වඩාත් පැහැදිලි වූයේ කැලෝවේ විසින් තමන් ව මරාදැමීමට උත්සාහ කරන බවයි.  කැලෝවේ විසින් spear gun හි තුඩ සෑන්ඩර්ස් වෙත යොමු කරන විටම   පීටර්සන් ඒ දෙසට පැන spear gun තදින් අල්ලා තම නියමුවාගෙන් බවතට එය යොමු කර වීය.   “ මම උඹලව මරණවා.“  “හේයි හේයි මම උඹළව මරණවා“ කැලෝ...

අමාරුවෙන් බස්සන පාරෝ ගුවන් තොටුපල – Paro International Airport

හිමාල කඳුවැටිය පාමුල තිබෙන භූතානය ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ඒ වගේම පරිසර දූෂණයෙන් අවම වූ මනස්කාන්ත දේශයක්. ස්වභාවයෙන්ම කඳු වලින් ගහන වූ මේ රටේ සියල්ලන්ම බෞද්ධයින්. ඒ වගේම ඉතාම සාමකාමී රටක්. ප්‍රවාහන ක්ෂේත්‍රය ගත හොත් ඉතාමත්ම පහල මට්ටමක සංවර්ධනයක් තිබෙන මෙහි කඳු සහිත භු විෂමතාව හේතුවෙන් මාර්ග පද්ධතියක් සකස් කිරීමට ඉතා අපහසු තත්වයක් තිබේ. ඒ සඳහා අධික වියදමක් දැරීමට සිදුවේ. ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් අතරින් ගුවන් හා මාර්ග ප්‍රවාහන ය තිබුණත් දුම්රිය ප්‍රවාහනයක් ඇත්තේ නැහැ. මම අද මේ භූතානය පිළිබඳ පිවිසුමක් ලබා ගත්තේ මේ දිනවල භූතානයේ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක් කිරීමට සැළසුම් කර තිබෙන නිසා. එපමණක් නොව මේ දිනවල ලෝකයේ ගුවන් අනතුරු කිපයක්ම වාර්තා වුණා. එයත් එක් හේතුවක් අද ප්‍රධාන කාරණයට යොමු වීමට. භූථානයේ කඳු සහිත භූ විෂමතාවය හා නිරන්තර වෙනස් වන කාළගුණය නිසා ගුවන් යානා ගොඩ බැස්සවීම ඉතාමත් අනතුරුදායකයි. ඒ සඳහා විශේෂ පුහුණුවක් නියමුවන්ට අවශ්‍ය වනවා. භුතානය සතුවන්නේ එකම එක ජාත්‍යන්තර ගුවන් තොටුපළක් පමණයි. එයට ද යානා ගොඩ බැස්සවීම ඉතාමත් අභියෝගාත්මකයි.  අද අපි ...

බෝයිං සමාගමේ බෝයිං 747 වර්ගයේ 1500 වන යානය

බෝයිං 747 ජම්බෝ ජෙට් යානය සුවිශේෂි ගුවන් යානයකි. වසර ගණනාවක් යන තුරු මහල් දෙකකින් සමන්විත ගුවන් යානය බවට පත් වූයේ මෙම යානයයි. 1969 සිදු වූ එහි පළමු ගුවන් ගමනේ සිට එය වෙනස් වී ඇත්තේ සුළු වශයෙනි. අළුතින් එළි දක්වා ඇති 747-800 යානය 747-400 යානයට ම සමාන වුවත් එහි වැදගත් වෙනස්කම් දක්නට ලැබේ. 2014 ජූනි මස 28 වන දින බෝයිං සමාගම 1500 වන 747 යානය ලුෆ්තාන්සා සමාගමට ලබා දුන්නේය. Lufthansa සමාගම සතු 1500 වන 747-800 යානයේ ව්‍යාපාරික පන්තිය 747 වැඩසටහනේ සාමාන්‍යාධිකාරි සහ උප සභාපති එරික් ලින්ඩ්බෑඩ් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙම නව 747-800 ගුවන් යානය 747-400 ගුවන් යානයෙන් වෙනස් වනවා පමණක් නොව මෙම 70 වන 747-800 යානය එහි මුල් යානයට වඩා ඉතාමත් කාර්යක්ෂම බවයි. 1970 වර්ෂයේ දී “පෑන්-ඇම්“ සමාගමට මුල්ම 747 ගුවන් යානය ලබා දුන් අතර 1981 දී “ස්කැන්ඩිනේවියන්“ ගුවන් සමාගමට 500 වන ලබා දුන්නේය. 1993 දී සිංගප්පූරු ගුවන් සමාගමට 1000 වන ගුවන් යානය ලබා දීමට බෝයිං සමාගමට හැකි විය. 2014 දී 1500 වන යානය ලුෆ්තාන්සා සමාගමට ලබා දුන් අතර සාමාන්‍යයෙන් මේ කාලසීමාවන් සළකා බැලීමේ දී වසර 10 ට වරක් පමණ යානා 500 ක...