Skip to main content

Posts

Showing posts from September, 2010

ලංකාවේ ප්‍රථම ගුවන් ප්‍රදර්ශණය First Air Show in Ceylon (Sri Lanka)

ඔය කට්ටිය අහලා ඇති ලෝකයේ විවිධ රටවල ගුවන් ප්‍රදර්ශණ (Air Shows) පවත්වනවා. මම කියන්නේ ගුවන් සංදර්ශණ නෙමෙයි. ගුවන් යානා ක්ෂේත්‍රයේ නව නිෂ්පාදන ආදිය පාරිභෝගිකයින්ට හඳුන්වාදීම තමයි මේවායේ අරමුණ වන්නේ. මේ ළඟඳි චීනයේත් මේ වගේ ප්‍රදර්ශණයක් තිබුණා. නමුත් ලංකාවේ අපිට නම් මේක එච්චර පළපුරුදු දෙයක් නොවේ. මොකද කොච්චර ප්‍රදර්ශණ තිබුණත් ගුවන් ප්‍රදර්ශණ වගේ දේවල් තියන්නෙ නැහැනෙ. නමුත් 1911 වගේ ඈත අතීතයේ දී ලංකවේ ගුවන් ප්‍රදර්ශණයක් තිබුණා කියලා තොරතුරු හමු වෙනවා. ඇත්තටම මේක මහා විශාල දෙයක් නොවේ අද කාලේ හැටියට. නමුත් 1903 පළමු ගුවන් ගමන ගියායින් අවුරුදු 7 ට පසුව ලංකාව වගේ රටක මේ වගේ ප්‍රදර්ශනයක් පැවැත්වීම ඉතාම විශේෂිතයි. ලංකාවට පළමු ගුවන් යානය ගෙනාවේ 1911 සැප්තැම්බර් මස 12 වන දින “රැබෙන් ෆැල්ස්“ (Rabenfels) කියන නැවෙන්. මේ යානය දෙදෙනෙකුට ගමන් කළ හැකි “බ්ලැරියට්“ මොනෝප්ලෙන් (Bleriot Monoplane) වර්ගයේ යානයක් තමයි ගෙනත් තියෙන්නෙ. මේ යානය ගෙනවිත් තිබෙන්නේ කොලින් බ්‍රවුන් (Collin Browne) කියන යුරෝපීය ජාතිකයෙක්. ඒ වගේම ඒ යානය මුලින්ම ගෙනවිත් තියෙන්නේ රු. 7490/- ට. වඩාත් සිත්ගන්නා සුළුදෙය වන්නේ මේ යානය මිළ ද

බැලූන් යැවීම - Ballooning

ඔය කට්ටිය දැකලා ඇතිනෙ සමහර විට ලංකාවෙ පළාත්වල විශාල පාට පාට බැලූන් යනවා. ඒවායේ මිනිස්සුත් නැගලා යනවා. අද මම කියන්න යන්නෙ මෙන්න මේ බැලූන් මෙහෙයුම් ගැන. මේවා හඳුන්වන්නේ “උණු වායු බැලූන්“ ( Hot Air Balloons) ලෙස. හේතුව තමයි මේවා ඉහළට යන්න උපයෝගී කර ගන්නේ උණුසුම් වූ වාතය. ඔය කට්ටියට මතක ඇතිනේ අර පොඩි පංති වල විද්‍යාව පාඩමේ ඉගැන්නුවේ රත්වූ වාතය ඉහළ නගිනවා කියලා. මෙන්න මේ සංසිද්ධිය තමයි මෙතනදී උපයෝගී කර ගන්නේ. ඒ කියන්නේ විශාල බැලූන් එකකට අධිවේගී ගිනි ධාරාවක් මගින් රත්වූ සුළං ඇතුල් කරනවා. එම වාතය බර අඩු නිසා බැලූනයත් සමග ඉහළ නගිනවා. අපි දැන් බලමු බැලූන් එකක් මෙහෙය වන්නේ කොහොමද කියලා. ඔය පින්තූරෙ තියෙන්නෙ බැලුන් එකක් ඉහළට නැගපු අවස්ථාවක්. මේකෙදි අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් තුනක්. එකක් බැලූන් එක. අනික මගීන් සඳහා වන පැස (Basket) . අනෙක පැස හා බැලූනය අතර තිබෙන ගෑස් දාහකය ( Gas Burner) බැලූනයක් ඉහළ නැංවීමට සූදානම් කිරීමේ දී පළමුව බැලූනය යමකට ගැට ගසනවා. මෙය බොහෝ විට වාහනයකි. ඉන්පසුව විශාල පංකාවක් මගින් සුළං යම් ප්‍රමාණයක් බැලූනයට ඇතුළත් කර යම් පමණයකට බැලූනය පිමිබීමකට ලක් ක