Skip to main content

Posts

Showing posts from January, 2012

ප්‍රථම වරට ලෝකයේ විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය A380 කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබායි. (World’s Largest Passenger A380 Aircraft First Time in Sri Lanka)

ඔබ දන්නවානෙ දැනට ලෝකයේ තියෙන විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය වන්නේ එයාර් බස් සමාගමේ A380 වර්ගයේ ගුවන් යානයයි. පිරිමැසුම් පන්තියේ (Economy Class) ආසන 800 ක් පමණ මෙහි සවි කළ හැකියි. ව්‍යාපාරික පන්තියේ ආසනත් සමග මගීන් 550 ක් පමණ ගෙන යා හැකියි. දැනට ලෝකයේ විශාල ගුවන් සමාගම් වන එමිරේට්ස් (Emirates), සිංගප්පූර් එයාර්ලයින්ස් (Singapore Airlines), කොන්ටාස් (Qantas) වැනි ගුවන් සමාගම් මේ යානා භාවිතා කරනවා. අපේ ගුවන් තොටුපල මේ ගුවන් යානය ගොඩබෑම සඳහා පසුගිය කාලයේ සූදානමක් කළ අතර යම් යම් තත්ව යටතේ මේ දැවැන්ත යානය ගොඩ බෑමට හැකියාව දැන් තිබෙනවා. ගුවන් පථයේ දිග හා පලල ආදිය විශේෂයෙන් මේ සඳහා බලපානවා. මේ සම්බන්ධයෙන් ලිපිය මෙතනින් බලන්න. කෙසේ වෙතත් පසුගිය ජනවාරි 9 වන දින අළුයම හදිසියේ මේ දැවැන්ත යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩ බානු ලැබුවා. මේ පහල තියෙන්නෙ ඒ සම්පුර්ණ වීඩියෝ ක්ලිප් එක. ගුවන් ධාවන පථයේ දිග අඩු නිසා (යානයට ගැලපෙන පරිදි) සාමාන්‍ය තත්වයන්ට වඩා තිරිංග යෙදීමට සිදුවූ අතර ඉන්පසුව නැවැත්වීම සඳහා ගෙන ඒමේදී පිටත එන්ජින් ක්‍රියා විරහිත කිරීමට සිදු වී තිබෙනවා. ඒ වගේම වැඩිපුර තිරිංග යෙදීම නිසා රත්ව