1 කොටස 2 කොටස 3 කොටස සැළසුම බෝයිං 787 යානයේ ලාක්ෂණිකය වූයේ සැහැල්ලු බවයි. යානයේ වැඩි ප්‍රමාණයක් සුසංහිත ද්‍රව්‍යන්ගෙන් නිෂ්පාදනය සිදු කරන ලදී. නමුත් පසුව යොදා ගන්නා ලද ටයිටේනියම් ප්‍රමාණය ඉහළ නංවන ලදී. බෝයිං සමාගමට අනුව සුසංහිත ද්‍රව්‍ය 50% ක් ද ඇළුමිනියම් 20% ක් ද ටයිටේනියම් 15% ක්ද වානේ 105 ක්ද නව යානය සඳහා යොදා ගන්නා ලදී. ටයිටේනියම් විශේෂයෙන් යොදා ගන්නා ලද්දේ එන්ජින් සඳහා සහ කොටස් එකිනෙක ඇමිණිම සඳහායි. යානයට පැයට කිලෝ මීටර් 903 ක පමණ වේගයකින් පියාසර කිරීමට හැකිය. ගුවන් පද්ධති. බෝයිං 787 ගුවන් යානයේ සුවිශේෂිම අංගය වන්නෙ එහි විද්‍යුත් පද්ධතියයි. යානයේ බොහෝ කොටස් විද්‍යුත් පද්ධතියෙන් ක්‍රියා කිරීමට සකසා ඇති නිසා එන්ජිමේ භාවිතය 35% ක් පමණ අඩු කර ගැනීමට හැකියාව ලැබී තිබේ. මෙගාවොට් 1.45 ක පමණ බලයක් ගුවන් යානයේ තිබේ. එය සාමාන්‍ය ගුවන් යානයක තිබෙන බලයට වඩා පස් ගුණයකි. විශේෂයෙන් එන්ජින් ක්‍රියාත්මක කිරීම, තිරිංග ආදිය සදහා විදුලිය යොදා ගනී. තවත් සුවිශේෂි අංගයක් වන්නේ පියාපත් මත අයිස් බැඳීම වලක්වාලන විද්‍යුත් උෂ්ණත්වය තාපක දැළක් භාවිතා කර තිබීමයි. මෙම ගුවන් යානයේ ද “ෆ්ලයි බයි වය
රාවණා යුගයෙන් ඇරඹි අපේ ගුවන් ඉතිහාසය යළිත් ලියවන්නට...............