Skip to main content

මොකක්ද මේ “වන් වර්ල්ඩ්“ කියන්නෙ? What is OneWorld?

ගුවන් සේවා කර්මාන්තයත් අනෙකුත් කර්මාන්ත හා වෙළඳ ව්‍යාපාර මෙන් ම විවිධාංගීකරණයට නිරන්තරයෙන් ම ලක් වේ. අද පවතින තරගකාරී ස්වභාවයත් පාරිභෝගික දැනුවත් කමත් ආදී කරුණු හේතුවෙන් ලාභදායී ව්‍යාපාරයක් ලෙස ගුවන් කර්මාන්තය පවත්වා ගෙන යාමට නම් විවිධ අලෙවි උපායමාර්ග ක්‍රියාත්මක කළ යුතු ව ඇත. ගුවන් සමාගම් එක් ව සන්ධාන ගත වීම ද මෙවන් උපාය මාර්ගයක් ලෙස දැක්විය හැක.

File:Oneworld logo.svg

2014 මැයි මස 1 වන දින සිට “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම ද ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් වල සන්ධානයක් හා සන්ධානගත වී තිබෙන බව විවිධ මාධ්‍ය ඔස්සේ ඔබ දකින්න ඇති. ඒ වගේ ම මේ කුමක් ද යන්න සමහර විට ඔබට පැහැදිලි නොමැතිව බවට සැක නැහැ. මෙවන් සන්ධාන ගත වීමකින් ගුවන් සමාගමට ආර්ථික වාසි සැලසෙනවා මෙන් ම මගීන් ට ද විවිධ වාසි සැලසේ. අවාසි ද නැතිව ම නොවේ.

ගුවන් සේවාවන් සන්ධාන ගත වීම අද ඊයෙ සිදු වූ දෙයක් නොව 1930 දශකය දක්වා ම දිව යන්නෙකි. මුලින් ම ගුවන් සේවා සන්ධානයක් ඇති කර ගනු ලබන්නේ Panair do Brasil සමාගම සහ එහි ම මව් සමාගම වන Pan American World Airways යන සමාගම් දෙක ලතින් ඇමරිකාවේ ගමනාන්ත බෙදා හදා ගැනීම වෙනුවෙන්. ඉන් පසුව ක්‍රමයෙන් මෙම සන්ධාන වර්ධනය විය. සන්ධාන ගත වීම ගුවන් සමාගම් දෙකක් අතර හෝ ඊට වැඩි ගණනක් අතරේ සිදු විය හැක. දැනටමත් ගුවන් සමාගම් දෙකක් අතර බොහෝ සන්ධාන ඇති වී තිබේ. Codeshare යනුවෙන් හඳුන්වන මෙම කුඩා සන්ධාන මගින් ගුවන් සමාගම් දෙක තම මෙහෙයුම් ගමනාන්ත බෙදා හදා ගැනීමක් සිදු කරනු ලබන අතර උදාහරණයක් ලෙස ශ්‍රීලන්කන් (SriLankan) ගුවන් සමාගම එටිහාඩ් (Etihad) ගුවන් සමාගම සමග එළඹී ඇති මෙවන් ගිවිසුමක් නිසා දකුණු අප්‍රිකාවට එටිහාඩ් ගුවන් යානයක ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ගුවන් ටිකට් පතකින් ගමන් කළ හැක. දකුණු අප්‍රිකාවට සෘජු ගුවන් ගමන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම සිදු නො කළත් මෙම ගිවිසුම් නිසා අපහසුවකින් තොර ව මගීන්ට එම ගමනාන්තයට ගමන් කිරීමේ පහසුව සැලසේ.

File:SkyTeam logo.svg

මෙවන් ගුවන් සමාගම් දෙකක් අතර ඇති වන ගිවිසුම් වලට අමතරව ලොව බොහෝ ගුවන් සමාගම් එකට එක් වී ගුවන් සන්ධාන කීපයක් අති කර ගෙන තිබේ. ලොව ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් සන්ධාන තුනක් තිබෙන අතර ඒවා “ස්ටාර් එලායන්ස්“ (Star Alliance), “වන් වර්ල්ඩ්“ (Oneworld), “ස්කයි ටීම්“ (Sky Team) යනුවෙන් දැක්විය හැක. මෙයින් විශාලතම සන්ධානය වන්නෙ “ස්ටාර් එලායන්ස්“ සන්ධානය වන අතර එහි පූර්ණ සාමාජික ගුවන් සමාගම් ගණන 26 වන අතර එම සමාගම් වල අනුප්‍රාප්තික ගුවන් සමාගම් ද 25 ක් පමණ තිබේ.

“වන් වර්ල්ඩ්“ ගුවන් සන්ධානය ගත හොත් එහි පූර්ණ සාමාජිකත්වය ගුවන් සමාගම් 15 ක් වන අතර අනු සමාගම් 30 ක් පමණ තිබේ. “ස්කයි ටීම්“ ගුවන් සන්ධානය ගත හොත් එහි පූර්ණ සාමාජිකත්වය 20 කි.

මෙසේ සන්ධාන ගත වීම නිසා ගුවන් සමාගම් වලට අන්‍යෝන්‍ය වශයෙන් වාසි සැලසේ. එක් වාසියක් වනුයේ ලොව විවිධ ප්‍රදේශ වල පිහිටි ගුවන් සමාගම් සමග සන්ධාන ගත වීම නිසා මෙහෙයුම් ගමනාන්ත ජාලයේ මෙහෙයුම් ගමනාන්ත ප්‍රමාණය ඉහල යාමක් සිදු වීමයි. එනම් උදාහරණයක් ලෙස “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම “වන්වර්ල්ඩ්“ ගුවන් සන්ධානය සමග සන්ධාන ගත වීම නිසා එම සන්ධානයේ අනෙකුත් ගුවන් සමාගම් විසින් මෙහෙයුම් සිසු කරනු ලබන ගමනාන්ත වලට මෙහෙයුම් සිදු කරන ආකාරයෙන් අලෙවි කටයුතු සිදු කළ හැක. උදාරණයක් ලෙස බ්‍රසීලයට “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම මෙහෙයුම් සිදු නොකළත් “ඇමරිකන් එයාර්ලයින්ස්“ (American Airlines) ගුවන් සමාගම එම රටට මෙහෙයුම් සිදු කරන නිසා අප ගුවන් සමාගමට බ්‍රසීලයට යනවා මෙන් පෙනී සිටිය හැකි අතර ගුවන් ටිකට් පත් විකිණීම සිදු කළ හැක. තවත් සරලව පැවසුව හොත් “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගමේ ගමනාන්තයක් ලෙස බ්‍රසීලයේ ගුවන් තොටුපලවල් ද දැක්විය හැක.

මෙයට අමතරව ගුවන් සමාගම් වලට වියදම් අඩු වීමක් ද සිදු වේ. කාර්යාල පොදුවේ භාවිතා කිරීමට හැකි වීම, නඩත්තු කටයුතු බෙදා හදා ගත හැකි වීම ආදියත් ගුවන් තොටුපල වල කාර්ය මණ්ඩල පොදු වේ භාවිතා තළ හැකි වීමත් විශේෂයෙන් වියදම් අඩු කර ගැනීම් සඳහා උදාහරණ ලෙස දැක්විය හැක.

මීට අමතරව පාරිභෝගිකයින්ට ද විශේෂ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වීම විශේෂත්වයකි. විශේෂයෙන් මෙහෙයුම් වියදම් අඩු වන නිසා අඩු මුදලකට සේවා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා මෙන් ම එක් ගමනාන්තයකට තිබෙන පිටත් වීම ගණන ද සාපේක්ෂව වැඩි වේ. එමගින් මගියාට අතර මග ගුවන් තොටුපළ වල ගත කිරීමට සිදු වන කාලයත් අඩුවේ. ඒ වගේ ම ගුවන් තොටුපළ වල විවේක කාමර (Lounge) පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඉහළ යයි. උදාහරණයක් ලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සතු වන විවේක කාමර මෙම “වන්වර්ල්ඩ්“ ගුවන් සන්ධානයේ ගුවන් සමාගම් හා බෙදා හදා ගැනීමට හැකි වන නිසා වෙනත් ගුවන් සමාගම් වල පැමිණෙන මගීන්ටත් එම පහසුකම් ලබා ගත හැකිය.

ගුවන් සමාගම් වල නිරන්තර ගුවන් ගමන් වල යෙදෙන මගීන් උදෙසා ගමන් කරන දුර සඳහා ප්‍රසාද දීමනා (Frequent Flyer Programs) ලබා දීමට ගුවන් සමාගම් කටයුතු කරන අතර “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම් “ෆ්ලයි ස්මයිල්ස්“ (FLY SMILES) වැඩ සටහන දැක්විය හැක. මෙම වැඩසටහන් වල ගමන් කරන දුර සඳහා ලකුණු එකතු වන අතර බොහෝ ලකුණු එකතු වූ පසු ඒවා ගුවන් සමාගමට ලබා දී ඒ සඳහා නොමිලේ ගුවන් ටිකට්පත් හා වෙනත් සේවාවන් ලබා ගත හැක.

මෙම ගුවන් සන්ධාන සමග එක් වීමෙන් ඒ සන්ධානයේ ඕනෑම ගුවන් සමාගමක ගමන් කර මෙම ලකුණු එක ගිණුමකට එකතු කර ගත හැකි අතර ඒ ලකුණු සන්ධානයේ ඕනෑම ගුවන් සමාගමක දී සේවාවන් ලබා ගැනීමට භාවිතා කළ හැක. එය මගීයාට සැලසෙන වාසියකි.

මෙවන් සන්ධාන ගත වීමක දී අවාසි ද නැතුවම නොවේ. යම් මාර්ගයක මෙහෙයුම් කරන්නෙ එක් සන්ධානයකට අයත් ගුවන් සමාගම් පමණක් නම් ඔවුන්ට මිල ඉහළ දැමීම සිදු කළ හැක. එය මගීයාට අවාසියකි. ඒ වගේම එක ගමනාන්තයකට පිටත් වීම් කීපයක් ගුවන් සමාගම් කීපයක් එකතු වී සිදු කරන්නේ නම් සන්ධාන ගත වීමෙන් පසු මෙම වාර ගණන අඩු කිරීමට හැකියාවක් තිබෙන නිසා පිටත් වීම ගණන අඩු වීමෙන් මගියාට ලැබෙන පහසුව අඩුවේ. කෙසේ වෙතත් එය ගුවන් සමාගමට වාසියකි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සන්ධානගත වී තිබෙන්නේ “වන් වර්ල්ඩ්“ නම් සන්ධානය සමග වන අතර එමගින් ගුවන් සමාගමට විශාල වාසියක් ලැබේ. විශේෂයෙන් ගුවන් ගමනාන්ත ප්‍රමාණය 1000 ක් පමණ ගණනකට වැඩි වේ. ඒ වගේම ලොව වටා සාමාජික ගුවන් සමාගම් වල 600 ක් පමණ වන විවේක කාමර පහසුකම් ලබා ගැනීමටත් මගීයාට හැකි වේ. එය මගියාට වාසියකි.

“වන්වර්ල්ඩ්“ ගුවන් සන්ධානය ආරම්භ වන්නේ 1999 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ය. දැනට මෙම සන්ධානයේ ප්‍රධාන කාර්යාලය ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටුවා තිබෙන අතර එයාර් බර්ලින්(Air Berlin), ඇමරිකන් එයාර්ලයින්ස් (American Airlines), බ්‍රිටිෂ් එයාර්වේස්(British Airways), කැතේ පැසිපික්(Cathay Pacific), ෆින් එයාර්(Finnair), ඉබරියා(Iberia), ජපෑන් එයාර්ලයින්ස්(Japan Airlines), ලෑන් එයාර්ලයින්ස්(LAN Airlines), මැලේසියා එයාර්ලයින්ස්(Malaysia Airlines), කොන්ටාස් එයාර්වේස්(Qantas), කටාර් එයාර්වේස් (Qatar Airways), රෝයල් ජෝර්දානියන්(Royal Jordanian), එස් 7(S7 Airlines), ටෑම් එයාර්ලයින්ස් (TAM Airlines) සහ ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් (SriLankan)එහි සාමාජිකයින් වන අතර එම සමාගම් වල අනුබද්ධිත ගුවන් සමාගම් ද 30 ක් පමණ තිබේ.

image

2009 වර්ෂයේ දී එළඹී දස වන සංවත්සරයත් සමගම මෙම සන්ධානයේ වෙළඳ සලකුණ එළි දැක් වූ අතර එය ගුවන් සමාගම් වලට කැමති නම් තම යානා වල ප්‍රදර්ශනය කළ හැකි විය. එම සලකුණෙහි මීටර් 2 ක් උස අකුරු වලින් සන්ධානයේ නම මුද්‍රණය කරනු ලබන අතර යානයේ බඳෙහි පසෙකින් සලකුණ මුද්‍රණය කරනු ලබයි. ගුවන් සමාගමේ නම කුඩා අකුරින් සන්ධානයේ නමට පහළින් මුද්‍රණය කරනු ලබයි. යානයේ වලිගය කොටසේ සුපුරුදු පරිදි ගුවන් සමාගමේ සලකුණු මුද්‍රණය කල හැක.

මෙසේ සන්ධාන ගත වීමකින් පසු ක්ෂණිකව ගුවන් සමාගමක් ඉහළ ප්‍රතිඵල ලබා ගන්නවා යයි කිව නොහැකි අතර නිවැරදි කළමණාකරනය ඒ සඳහා වැදගත් වේ. ඒ වගේම මගීන් සඳහා උපරිම සේවාවන් සැළසෙන්නේ ද ගුවන් සමාගමේ ක්‍රියාකාරීත්ව අනුවයි.

 

Comments

  1. ඔක්කොටම කලින් ඉගෙන ගත්ත ලොක්කෝ ටිකක් දැම්මනම් හරි යයි

    ReplyDelete
  2. මේ විස්තරය දැනගත්තේ අදමයි. බොහෝම ස්තුතියි තොරතුරුවලට..

    …එතකොට සන්ධානයට අයිති වෙනත් සමාගමක ගුවන් යානයක සේවය කිරීමට කාර්‍ය මණ්ඩලයට සිදුවෙනවාද?

    …මෙහෙම සන්ධානගත වීමෙන් සමාගම්වල ප්‍රමිතියත් ඉහළ යනවා ඇති..

    ReplyDelete
    Replies
    1. නැහැ හරී, එහෙම වැඩ කරන්න වෙන්නෙ නහැ.
      ඔව් අනිවාර්යයයෙන් ප්‍රමිතිය ඉහල යනවා. ශ්‍රීලන්කන් එයාර්ලයින් මේකට සුදුයි කියලා කිව්වෙ කැතේ පැසිෆික් සමාගම කරපු ඔඩිට් එකකට පස්සෙ.

      Delete
  3. මම නම් හිතන්නෙ ගුවන් සමාගමකට ඉගෙගත්ත කියන මට්ටමින් නැතුව තනතුරට සුදුසු අය ජාත්‍යන්තර මට්ටමින් ඉන්ටවිව් කරලා වැඩි ගානකට ගත්තත් කමක් නැහැ . මොකද ලංකාවෙ තිබෙන කාර්මිකරන වටපිටාව එක්ක ගුවන් සමාගමක කළමනාකරන නිල දරන්න සුදුසු අය ලංකාවෙ සිටිවිය කියලා මට හිතෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. අමිල මෙතනදි තව ප්‍රශ්ණ බොහොමයක් තියෙනවා.විශේෂයෙන් ඒ වගේ අයට ගෙවන්න වෙන මුදල. ඒක සමාගමේ ආදායමත් එක්ක ගලපන්න වෙනවා.
      ඔබ කියන දේ කරනවා විශේෂයෙන් මැදපෙරදිග රටවල්. ඔවුන්ට ඇති තරම් මුදල් තියෙනවනෙ. ඒ අය අපේ දක්ෂයින් වැඩි මුදලට ගන්නවා.

      Delete
  4. igena gaththa ewn kannada yako ? unta hithanna puluwan seemawa seema sahithai :) :) ........


    oya dan inna ewn pata ...

    kawadawath kisima dawasaka hodata igena gaththa kenekta ba loke lokuma salli karayonge list eke top 100 atharatawath enna LOL

    lankaweth ba ....ekata kiyanne luck eka neme

    ReplyDelete
  5. මේක Shipping Lines නම් නිතරම කරන දෙයක්.. මේකෙදි ටිකට් එකේ මිළ තීරණය කිරීම අදාල මෙහෙයුම් නොකරන ගුවන් සමාගමට කරන්න බැරිද ? Shipping Lines නම් එහෙම කරනවා. එකම නැවේ එකම වරායන් දෙකක් අතර ප්‍රවාහනය කෙරෙන බහලුම් දෙකකට වෙන වෙන ගාස්තු අයකෙරෙනවා ඒ ඒ ලයින් වල අභිමතය පරිධි.

    ReplyDelete
    Replies
    1. සෙන්නා මිල තීරණය කිරීඹ වගේ දේවල් කරන්නෙ ඒ ඒ සමාගම් ඒකාබද්ධව. අනික සන්ධානයත් මේ සඳහා මැදිහත් වෙනවා.

      Delete
  6. //ඒ වගේම මගීන් සඳහා උපරිම සේවාවන් සැළසෙන්නේ ද ගුවන් සමාගමේ ක්‍රියාකාරීත්ව අනුවයි.// ඔන්න ඔතන තමයි ප්‍රශ්නෙ.

    ReplyDelete
    Replies
    1. කොහෙත් එහෙමනෙ ප්‍රසා...... දැන් ඔය එකම බැංකුවේ විවිධ ශාඛා වලට ගියාම ලැබෙන සේවයේ ගුණාත්මක බව වෙනස්.....මේකෙත් එහෙමයි

      Delete
  7. අපේ ප්ලේන්වල මේ ලාංඡ්නේ දැන් ගහලද ඉෂාර ?

    ReplyDelete
  8. ඔව් සෙන්නා.. ඔය උඩ තියෙන පින්තූරෙත් තියෙන්නෙ.

    ReplyDelete
  9. ස්තුතියි තොරතුරුවලට.

    ReplyDelete
  10. One World ගැන වටින් ගොඩින් අහලා තිබ්බට දැන් තමා හරියටම විස්තරේ දන්නේ. ස්තූතියි අපිව මේ ගැන දැනුවත් කලාට.

    ReplyDelete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු ක

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුප