Skip to main content

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා.
දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක.
දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි.
ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි අයටද ඇතුල් වීමේ හැකියාව ඇත. නමුත් මෙහිදී ගමන් මළු හා පුද්ගලයින් ගුවන් හමුදාව විසින් පරීක්ෂාවට ලක් කරනු ලබයි.
ඔය පහළ තියෙන්නෙ ඒ අවස්ථාව.
IMG_1123IMG_1129
ඔය වම් පැත්තෙ තියෙන පින්තූරෙ තියෙන උපකරණය තුළින් තමන්ගේ ගමන් මළු, දුරකථන හා වෙනත් උපකරණ යැවිය යුතු වන අතර ඒවා සිසාරණය වේ. මේ පරීක්ෂා කිරීම් සිදු කරන්නෙ ගුවන් තොටුපළ ආරක්ෂක අංශය. මේ ආරක්ෂක අංශය ‍ඉතා විශිෂ්ඨ දෙස් විදෙස් පුහුණුවක් ලත් නිලධාරීන්ගෙන් සමන්විතයි. ගුවන් තොටුපළේ සෑම අංශයකම ආරක්ෂක කටයුතු සිදු කරන්නෙ ඔවුන්. ඔය ඉහල වම් ඡායාරූපයේ තද නිල් පැහැ නිළ ඇඳුම් හැඳ සිටින්නෙ ඔවුන්. ගුවන් හමුදා නිලධාරීන් ඔවුන්ට සහාය වේ.
මෙහිදී තමන්ගේ ගමන් මළු ගෙන යාම සඳහා ට්‍රොලි භාවිතා කළ හැකි අතර අවශ්‍ය නම් පෝටර් වරයෙකුගේ සහාය ද ලබා ගත හැකියි. මොවුන්ට මුදල් ගෙවිය යුතු වෙනවා. මේ ගෙවන මුදල ගුවන් තොටුපළේ විවිධ ස්ථාන වල සඳහන් කර තිබෙනවා. ඊට අමතරව ඔවුන්ගේ ඇඳුමේත් සඳහන් කර තිබෙනවා. ඔවුන් යම් ආයතනයකට අයත් පුද්ගලයින් නොවන අතර ඔවුන් ගුවන් තොටුපළෙන් වැටුපක් ගෙවීමක් සිදු කරන්නේ නැහැ. ඔවුන්ට ගෙවීමට නියමිත මුදලට වඩා අඩුවෙන් ගෙවීමට නොහැකි අතර අවශ්‍ය නම් වැඩි මුදලක් ගෙවිය හැකියි. 
IMG_1122
ඔය ඉහළ පින්තූරෙ තියෙන්නෙ ඒ ට්‍රොලි. ඔය ඉන්නෙ ගුවන් හමුදා නිළධාරීන්.
දැන් අපි ඔය ස්ථානයත් පසුකරගෙන යනවා ගමන් මළුත් අරගෙන, තනියට ආපු අයත් එක්ක ටිකට් පරීක්ෂා කරන ස්ථානයට.  ඒ කියන්නෙ Check – In කවුන්ටර්ස් තියෙන තැනට. එතෙන්ට යන්න ඉස්සරලා අපිට හමු වෙනවා විදේශ නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් හමු වෙනවා. රැකියා සදහා විදේශගත වන මෙම ස්ථානයට වාර්තා කළ යුතු වෙනවා.
ඉන් පසුව හමු වන්නේ විදේශිය මුදල් ලබා ගැනීම සඳහා වන දේශිය බැංකු.රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ශාඛාවන් මෙහි තිබෙනවා.  ඒ වගේම  කාර්ගිල්ස් සමාගමේ කුඩා ෆුඩ් සිටි ශාඛාවකුත්  ආහාර වර්ග විකුණන ආයතනයකුත් මෙහි තිබෙනවා. මේවායේ තිබෙන්නේ සාමාන්‍ය මිළ ගණන්. P1090100
මේ තියෙන්නෙ ඒ බැංකු සහිත පුදේශය
දැන් ඔබ සූදානම් ටිකට්පත් පරීක්ෂා කරන ස්ථානයට පිවිසීමට. එසේ පිවිසීමට ප්‍රථම ඔබගේ ටිකට් පත සහ ඔබ එහි හිමිකරුවා බවට සුළු තහවුරුකර ගැනීමක් සිදුකර ගන්නවා. එසේ කරනුයේ මගියා පමණක්ම ටිකට් පරීක්ෂා කරන ස්ථානයට යැවීම සඳහා. තවත් අයුරකින් කියනවා නම් මේ ස්ථානයෙන් පසුව මගියා සමග පැමිණි අනෙක් පුද්ගලයින්ට ගමන් කළ නොහැකියි.
දැන් මගියා ගමන් මළු සමග ටිකට් පරීක්ෂා කරන ස්ථානයට ඇතුළු වෙනවා. ඒ ඇතුළු වන ස්ථානයේම ශ්‍රී ලංකා රේගුව පරීක්ෂණ කටයුතු සඳහා සූදානමින් සිටිනවා. නමුත් මෙම නිළධාරීන් සියළුම මගීන් පරීක්ෂා කිරීමක් සිදු කරන්නෙ නැහැ. ඒ වෙනුවට යම් සැක සහිත මගීන් සහ අහඹු ලෙස තෝරා ගත් මගීන් පරීක්ෂාවට ලක් කරනවා.
එසේ පරීක්ෂාවෙන් පසුව මගියා ගමන් කිරීමට නියමිත ගුවන් සමාගම අනුව අදාළ Check-In කවුන්ටර් වෙත ගමන් කළ යුතු වෙනවා. අපේ ගුවන් තොටුපළේ Check-in කවුන්ටර්ස් වල එක් පසක් වෙන් කර තිබෙන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහායි. අනෙක් කොටස විදේශිය ගුවන් සමාගම් සහ මිහින් ලංකා සමාගම සඳහා වෙන් කර තිබෙනවා. හරියටම කියනවා නම් දකුණු පස කවුන්ටර්ස් ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහාත් වම් පස කවුන්ටර්ස් අනෙක් ගුවන් සමාගම් සඳහාත් වෙන් කර තිබෙනවා.
දැන් මගියා තමන්ට අදාළ ගුවන් සමාගමේ ටිකට් පරීක්ෂා කරන කවුන්ටරය වෙත යා යුතු වෙනවා. මේ සියළුම කවුන්ටර්ස් වල සේවය කරන්නෙ  ශ්‍රීලන්කන් ගුවන්සමාගමේ සේවකයින්  වන අතර ව්දේශිය ගුවන් සමාගම් වල නියෝජිතයිනුත් එම ස්ථානයේ රැඳී සිටිනවා.
IMG_1138
P1090104
ඔය තියෙන්නෙ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා වන Check-in කවුන්ටර්ස් ඉදිරියේ මගීන් සිටින ආකාරය.
24112009063
මේ තියෙන්නෙ අනෙකුත් ගුවන් සමාගම් සදහා වෙන් කර ඇති කවුන්ටර්ස්.
දැන් මගියා මේ අදාළ කවුන්ටරයට තමන්ගේ ටිකට්පත සහ ගමන් බලපත්‍රය ඉදිරිත් කළ යුතු අතර තමන්ගේ ගමන් මළු බර කිරීම සදහා ඒ කවුන්ටර් දෙපස ඇති තරාදි මත තැබිය යුතුය. මෙය අවශ්‍ය වන්නේ ගෙන යා හැකි භාණ්ඩ පුමාණය සීමා සහිත වන නිසායි. එය කි. ග්‍රෑ 20 –40 ත් අතර ගණනක් වෙනවා.
IMG_1145 මේ තියෙන්නෙ බර කිරන ලද බෑගයක් ගුවන් යනාව වෙත යොමු වෙන අවස්ථාව
තමන්ගේ බෑග් වල ආරක්ෂාව සඳහා ඒවා අගුළු දමා තිබීම වැදගත්. ඒ වගේම තවත් විශේෂිත සෙලෝෆේන් ආවරණයකින් ආරක්ෂා කිරිමත් කල හැකියි. මේ සඳහා පහසුකම් ගුවන් තොටුපලේ තිබෙන අතර එක් බෑගයක් සඳහා රු. 500/- ක මුදලක් අයකෙරේ. මෙම කුමයෙන් බෑගය සීරීම හා අපිරිසිදු වීමත් වළකිනවා.
IMG_1146
මේ ඉහළ තිබෙන්නෙ ඒ පහසුකම.
මෙසේ බර කිරා අවසන් කල බෑග් ඒ නිළධාරීන් විසින් සළකුණු කිරීමෙන් පසු ගුවන් යනාව වෙත යවනවා. මගියාගේ තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසු මගියාට යම් කාඩ් පතක් නිකුත් කර ඔහු හෝ ඇය ගමන් කල යුතු ගුවන් යානාව නවත්වා ඇති ගේට්ටු අංකය දන්වනු ලබනවා. මෙහිදී මගියාට කුඩා පත්‍රිකාවක් ලැබෙනවා. ඒකෙ ගේට්ටු අංකයත් ආසන අංකයත් සඳහන් වෙනවා. මෙය මුද්‍රණය කිරීමට ප්‍රථම අවශ්‍ය නම් තමන්ට අවශ්‍ය ආසනය ලබා ගත හැකියි. උදාහරණයක් විධියට ජනේලයක් අසල ආසනයක් ලබා ගැනීම දැක්විය හැකියි. දැන් මගියාට තමන්ගේ අතේ ගෙන යන ගමන් මල්ල ද සමග ඒ වෙත ගමන් කළ හැකි වෙනවා. අවශ්‍ය නම් රෝද පුටු ආදි පහසුකමුත් ලබා ගත හැකි වෙනවා. ඒ ගමන් කරනු ලබන අතරේ දී ආගමන විගමන  නිලධාරීනුත් තමන්ගේ රාජකාරිය කිරීමට සැදී පැහැදී සිටිනවා. මෙම අවස්ථාවට ප්‍රථම පිටත්ව යාමේ පත්‍රිකාව (Disembarkation Card) පුරවා සූදානම් කර ගත යුතු වෙනවා. මෙම කාඩ්පත සෑම මගියෙකුම විසින් පුරවා ආගමන විගමන නිළධාරීන් වෙත භාර දිය යුතු අතර එහි තමන්ගෙ නම, ගමනේ විස්තර ආදි සුළු තොරතුරු ප්‍රමාණයක් තමයි ඇතුළත් කිරීමට තිබෙන්නෙ. ඒ පත්‍රිකා සමහර විට ටිකට් පත ලබා ගන්නා ආයතනයෙනුත් ලබා දෙනවා. නැතිනම් ගුවන් තොටුපලේ ආගමන විගමන කවුන්ටර් අසලත් තිබෙනවා.  
දැන් ආගමන විගමන නිළධාරීන්ට තමන්ගේ වීසා බලපත්‍රය සහිත විදේශ ගමන් බලපත්‍රය ලබා දිය යුතු අතර ඔවුන් යම් යම් ප්‍රශ්ණ කීපයකුත් ඔබගෙන් අසාවි. අවසානයේදී ඔවුන් ඔබගේ ගමන් බලපත්‍රයේ ඔවුන්ගේ මුද්‍රාව තබා ඔබට යාමට ඉඩ හරීවි. දැන් ඔබට පිටත් වීමේ ගුවන් යානය නවතා ඇති ස්ථානයට යාමට හැකියි. මේ අවස්ථාවේදීද ඔබට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට සාප්පු කීපයක් තිබෙනවා.
අවසානයේ ඔබ ගුවන් යානා නවතා ඇති ගොඩනැගිල්ලට පිවිසෙනවා. පහළ පින්තූරයේ තිබෙන්නෙ ඒ ස්ථානයේ  ඡායාරූපයක්.
IMG_0150
මේ ස්ථානයේත් වැසිකිළි පහසුකම් හා සුළු සුළු බීම වර්ග ආදිය මිළදී ගැනීමේ පහසුකමුත් තිබෙනවා.
ඔබට මතක ඇති ඔබ ටිකට් පත පෙන්වූ අවස්ථාවේ එම නිලධාරීන් යම් පත්‍රිකාවක් ඔබ අත තබා ගේට්ටු අංකයක් සඳහන් කළා. මේ අංකය ඔබ අත ඇති පත්‍රිකාවෙත් ම්‍රදුණය කර තිබෙනවා. ඔබ දැන් අන්න ඒ ගේට්ටු අංකය සොයා යා යුතුයි. මේ අංක පුවරු වල පෙන්වා තිබෙනවා. ඔය ඉහළ තිබෙන පින්තූරෙත් තිබෙන්නෙ දැන්වීමක් ‘Gate 8-14’ කියලා. අපේ ගුවන් තොටුපලේ මේ වගේ ගේට්ටු 14 ක් තිබෙනවා. දැන් මගියා අදාළ ගේට්ටු අංකය තිබෙන තැනට යා යුතු අතර සමහර විට ඒ කාමරය විවෘත නොකර තිබෙන්නට පුළුවන්. ඒසේ නම් මදක් රැඳී සිටින්න.
එයට ඇතුළු වන විට ඔබගේ භාණ්ඩ හා ඔබව ඉතා දැඩි පරීක්ෂාවකට ලක් කරන අතර ඔබගේ සපත්තු මේස් පවා ගලවා පෙන්විය යුතුයි. මෙය සාමාන්‍ය තත්වයක්. ඒ සඳහා මගියාගේ සහාය ඉතාම වැදගත් වෙනවා. ඒ කටයුතු අවසන් වීමෙන් පසුව මගියා අත ඇති පත්‍රිකාව එහි සිටින නිලධාරියෙකුට පෙන්වීමට අවස්ථාව ලැබන අතර මගියාට එහිදී තමන්ගේ ආසන අංකය සහිත කුඩා පත්‍රිකාවක් ලැබෙනු ඇති. දැන් මේ පත්‍රිකාවත් සමග මදක් රැඳි සිටිය යුතු වෙනවා ගුවන් යානයට මගීන් නංවා ගැනීමේ අවස්ථාව වනුතුරු.
මෙහිදී ඔවුන් යම් අංක පිලීවෙලකට කථා කර මගීන් නැංවීම සිදු කරනු ලබන අතර කලබල නොවී තමන්ගේ වාරය පැමිණෙනතුරු සිටිය යුතුයි. කිසිම අයුරකින් දැන් මගියාව දමා යාමට නොහැකි නිසා බිය විය යුතු නැති අතර අවශ්‍ය නම් එම ස්ථානයේ සිටින නිලධාරීන්ගෙන් ඒ පිලීබඳව විමසිය හැක.
IMG_0155
ඔය ඡායාරූපය එසේ මගීන් රැඳි සිටින ස්ථානයයි
අවසානයේදී මගියාට ගුවන් යානයට ගොඩවීමට හැකි අතර ගුවන් සේවිකාවන් විසින් තමන්ගේ ආසනය පෙන්වා දෙනු ඇත නැතහොත් තමාට ම වුවත් ආසනය සොයා ගත හැකි අතර ආසන අංක ආසනයට ඉහළින් රාක්ක වල මුදුණය කර තිබෙනවා. එය කියවිය යුත්තේ පළමුව අංකයත් දෙවනුව අකුරත් ලෙසයි. අංකය වන්නේ යානයේ ආසන පේළි අංකයයි. අකුර එම පේළියේ ආදාළ ආසනයට හිමි හදුනා ගැනීමේ අකුරයි. තමා හිද ගැනීමට පෙර අතේ තිබෙන බෑගය ආසනයට ඉහළින් ඇති රාක්කයේ තැන්පත් කළ යුතු අතර මේ සහා අවශ්‍ය සහාය ගුවන් සේවිකාවන් විසින් ලබා දෙනු ඇත.
IMG_0179
මේ පින්තූරෙ ඒ අංකය සහ අකුර බලන්න.
ගුවන් ගමන තුළදී ගුවන් සේවිකාවන් විසින් ලබා දෙන උපදෙස් තරයේ පිලීපැදිය යුතු අතර අවශ්‍ය සහාය ඔවුන් ලබා දේවි. ගුවන් සමාගම විසින් ඔබට ආහාර පාන අදිය නොමිලේ ලබා දිය හැකියි. සමහර විට අඩු මිළ ගුවන් සමාගම් වල තත්වය මීට වෙනස් විය හැකියි. ගුවන් යානය ගුවන් ගත වූ පසු අනෙක් මගීන්ට කරදරයක් නොව අයුරින් ඔබ මොබ ගමන් කල හැකියි. වැසිකිලි යාමට පවා යානයේ පහසුකම් තිබෙනවා.
ගුවන් යානය ගමනාන්තයේ දී නැවැත්වූ පසු යානයෙන් බැස යාම පිළිබඳ විස්තර වෙනත් සටහනකින් දැන ගනිමු. විදේශ ගුවන් තොටුපළකින් පිටවීමත් මේ වගේම සිදු වෙනවා. ගුවන් තොටුපළක ගමන් කිරීම තමාගේ නිවසේ ගමන් කරනවා වගේම පහසු දෙයක්.

Comments

  1. A correction:
    Seat number is mentioned on the boarding pass. It provides when you check-in.

    ReplyDelete
  2. Anonymous
    Yes. You're correct. Post corrected accordingly.
    Thanks.

    ReplyDelete
  3. ස්තුති අළුත් පොස්ට් එකට...මමත් ඔය සේරටම මුහුණ දීලා ආවේ...ඒත් මට තිබුන ප්රාශ්ණය documents වල මෙච්චර අපි ගැන විස්තර තියෙද්දිත් තව Disembarkation Card එකක් මාර්ක් කරන්නේ ඇයි කියලා. ඒ වගේම ඔය අනුන්ගේ බඩු බාහිරාදිය භාර ගන්න වෙන්නෙත් ඔය Check-in කවුන්ටර්ස් තියෙන තැනදි ගොඩක් වෙලාවට. මනුස්සකමට නේ කියලා මමත් ඔය ගොන් වැඩේ කලා. ඒත් පස්සේ තමයි ඒකේ බරපතල කම තේරුනේ. පළවෙනි වරට විදේශ ගත වෙන අය ඔය මෝඩ වැඩේට අහුවෙනවා. ඒ නිසා ඒ ගැනත් සදහන් කලා නම් හොදයි මයේ හිතේ. මීට ඉස්සෙල්ලාත් ඔයා ඒ ගැන post එකක මතක් කරලා තිබුනා.

    ReplyDelete
  4. ගීත්, අද ඔයා පහු උණා. Disembarkation Card එක ගන්නෙ රටෙන් පිටත් වෙන පුද්ගලයින් පිළිබඳ ගණනය කිරීමත් ඒ යන්නෙ කුමක් සදහාද යන්නත් වාර්තා තබා ගැනීමට. මේක සෑම රටකම පාහේ සිදු කරන දෙයක්.
    අනුන්ෙග් බඩු ගන්න ඒක ගැන මම කලින් සඳහන් කර තියෙනවා

    ReplyDelete
  5. Disembarkation Card එකේ ප්‍රශ්ණය ඔන්න දැන් තමයි නිරාකරනය වුනේ.

    ReplyDelete
  6. වැදගත් ලිපියක්. විදේශගතවෙන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි.

    ReplyDelete
  7. පරීක්ෂා කරන්නේ ගවන් හමුදාව විතරක් නෙමෙයි. ගුවන් තොටුපල ආරක්ෂක අංශයත් ඉන්නවා. ඇත්තටම ගුවන් හමුදාව ඉන්නෙ සහායට තද නිල් පාට ඇදගෙන ඉන්නෙ ගුවන් තොටුපල ආරක්ෂක අංශය. 1992 අංක 55 දරන ගුවන්තොටපල ආරක්ෂන පනත මගින් ගුවන් තොටුපල ආරකෂක අංශට ගුවන්තොටුපලේ සම්පුර්න ආරෂක වගකීම පවරලා තියෙනවා.

    ReplyDelete
  8. කණගාටුවට කරුණ තමා ලංකාවේ airport එකේ මගියා සමග පැමිණෙන අනෙක් අයට පිටත් වීමේ පර්යන්තයට ඇතුල් වීමට අවශ්‍ය නම් රු.150-200 ක් ගෙවා ටිකට් පතක් ලබා ගත යුතු වීම. මෙය ම ලෝකයේ කිසිම airport එකක දැක නැහැ. ඇයි මෙහෙම දුප්පත් මිනිසුන්ගෙන් සල්ලි ගන්නේ? මා දැක තිබෙනවා බොහෝ දුර බැහැර සිට පැමිණෙන අය පවා මගියා බස්සවා ආපසු පිටත් වී යනවා.

    ReplyDelete
  9. විමසුම, ස්තුතියි නිවැරදි කිරීමට. ඔබගේ සඳහන් කිරීමට අනුව සටහන නිවැරදි කළා

    ReplyDelete
  10. Anonymous (2)
    ඔයා කියන දේ ඇත්ත. එසේ ඇතුල් වීමට යම් මුදලක් අය කරනවා. මේ දේ වෙනත් රටවලත් විවිධාකාරයෙන් සිදු වෙනවා. ඒක ගුවන් තොටුපළ ඔවුන් වෙනුවෙන් සපයන සේවා සදහා වන ගාස්තුවක්. යම් විධියකින් මේ යන පුද්ගලයින්ටත් නොමිලේ යන්න දුන්නොත් එකක් සේවා සැපයීම පිලීබඳ ගැටළුවක් එනවා. අනික ඒසේ නිකං යන විට අපේ අයත් විශාල කණ්ඩායමක් රැගෙන යාමට උත්සහ කරනවා. එයින් අනවශ්‍ය තදබදයක් ඇති වෙනවා. මේ හැම දේකම පැති කීපයක් තිබෙනවා.

    ReplyDelete
  11. මචං මේ ලිපියට හොඳ ප්‍රතිචාර ලැබිල තියෙනවා........දිගටම ලියාගෙන යන්න

    ReplyDelete
  12. ඔන්න අදයි කියෙව්වෙ... මමත් ඕවා වින්ද නෙව

    ReplyDelete
  13. ඉෂාර, ඉතාම වැදගත් සහ ප්‍රයෝජනවත් කරුණු අඩංගු හොඳ ලිපියක්, ස්තූතියි

    ReplyDelete
  14. වැදහත් කරුනු ගොඩක් තියනවා. ගුවන් කවුන්ටර වල වම දකුන මාරුවෙලා නැත්ද? මට මතක විදිහට පිටරට ගුවන් සේවාවන් ඉන්නේ වම් පැත්තේ.

    ReplyDelete
  15. vidulahasaranga, නිවැරදි කළා. ස්තුතියි.

    ReplyDelete
  16. ඉතා වැදගත් ලිපියක්. නිවැරදි check-in කවුන්ටරය ෙහායා ගන්න විදියත් පැහැදිලි කරානම් තමා ෙහාද මට මතක විදහට රූපවාහිනි තිර මගින් සියල්ල වැෙටනවා එ ගැනත් පැහැදිළි කරන්න

    ReplyDelete
  17. පුදුම වැඩක් කියන්නේ මහත්තයෝ අද මේක මගේ ඇස ගැටුන එක...
    මම ඔබේ බ්ලොගය මගේ ගූගල් රීඩරයට ඇතුල් කරගෙන තියනවා... නමුත් නිවි සැනසිලේ කියවන්න ලැබුනේ නෑ...
    අම්මවයි අප්පච්චීවයි පොඩි පහේ එතෙර සංචාරයකට යවන්න සූදානම් වෙන දවස් මේ...
    අද උදේ වරුවේ ඒ දෙන්නට මේ සියල්ල මම කියාදුන්නා..
    මෙන්න රූප පිටින්ම ඔක්කොම තියනවා...!!!
    හෙට ඒ දෙන්නට මේක බලන්න කියන්නම්...
    ඔබට බෙහෙවින්ම ස්තූති...
    පිනුත් ලැබෙනවා...

    ReplyDelete
  18. තිස්ස
    අගය කිරීම ගැන ස්තුතියි. ඒ අයටයි ඔයාටයි මේ දේ පහසුවක් වෙනවා නම් ඒක මගේ සතුට. ඒ දෙන්නට පහසු ගුවන් ගමනක් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  19. වැදගත් ලිපියක්....ස්තුතියි...
    seat වෙන්කරද්දී අපි කැමති ඕන තැනක seat එක දෙනවාද?

    ReplyDelete
  20. මේක දැක්කේ අද...ඉතා වැදගත් ලිපියක්. මුල් වරට විදේශ ගතවෙන අය ඉන්නෙ තරමක චකිතයෙන්. ඊලඟට යන්නෙ කොහේටද..කරන්නෙ මොනාද..මොනවද පුරවන ලිපි ලේඛන ගැන දන්නෙ නැහැ නෙ. මේ ලිපිය බලල යන එක වැදගත්

    ReplyDelete
  21. nice article. I have saved it for future use. Thanks lot...

    ReplyDelete
  22. හොඳ ලිපියක් . ..

    ReplyDelete
  23. කියෙව්වා. විස්තර වලට ස්තුතියි !

    ReplyDelete
  24. ඉතාම වටිනා ලිපියක්.මුලිනම රට යන කෙනෙක්ට හරිම ප්‍රයෝජනවත්.

    ReplyDelete
  25. Hеllo thеrе, Therе's no doubt that your web site could possibly be having web browser compatibility problems. When I look at your site in Safari, it looks fine however, when opening in IE, it has some overlapping issues. I merely wanted to provide you with a quick heads up! Other than that, great site!

    my website - Apple laptop

    ReplyDelete
  26. Amal Jayawardane24 April 2014 at 21:48

    Dear Ishara,
    Thanks for the helpful and needfull article.
    I experienced all those matters in 3 or 4 times. But all travels are transitted. In my first jounrny was an "on arrival visa"..I faced bit problems in Check-in / Immigration desks. (It depends due to the person who is in duty). I know this is a simple and basic article. but good. If you are going to publish another article please include the advance issues like "Transit passengers" role in the airport/airports. Anyway thank you and all the best..Keep it foam.

    ReplyDelete
  27. මුලින්ම මේ කමෙන්ට් එක දාන්න මෙච්චර කල් පරක්කු වුණ එකට සමාව අයදිනවා. අවුරුදු 6කට පෙර 2014දි මම පළමු වර විදේශ ගත වෙන්න ඉඳිද්දි අහම්බෙන් මේ ලිපිය ඇස ගැටුනේ. සෑහෙන ප්‍රයෝජනවත් වුණා ඒ කාලේ හැටියට. එදා මුල්ම ගමනෙදි window seat එකක් ඉල්ලගත්තෙ මේකෙන් දැනගෙන. කලින් දැනන් හිටියෙ නැහැ එහෙම ගන්න පුළුවන් බව. පස්සෙ ගිය ගමන් වලදි නම් online seats book කලා විතරක් නෙවෙයි online checkin වුණත් ඒ මුල්ම ගමන හැමදාම මතකයේ රැඳෙනවා. ඒ ගමනට උදව් කළ ඔබට බොහොම පින්. අලුත් ප්‍රවෘත්ති/විස්තර එක්ක බ්ලොග් එක අලුත් වෙනව දකින්න කැමතියි. ජය වේවා!

    ReplyDelete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔ...

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනා...