Skip to main content

ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු FACTS YOU MUST KNOW BEFORE YOU BUY AN AIR TICKET

අද පවතින ලෝකයේදී පෙර කා‍ලයේ මෙන් නොව ඔබට ද මතු යම් දිනක ගුවන් ගමනක් යාමට සිදු විය හැක. සමහර විට දැනටමත් ඔබ ගුවන් ගමනක නිරත වී ඇතිවාට සැකයක් නැහැ. සමහර විට ඔබ නිතර ගුවන් ගමන් වල යෙදෙන්නෙක් විය හැකිය.
අද මා ලියන්නට යන අදහස් මේ කුමන මට්ටමක හෝ සිටින ඔබ හට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වනු ඇතැයි මා විශ්වාස කරමි.

පළමුව එබ ගමන් කිරීමට අදහස් කරන ගමනාන්තය පිළිබදව යම් හෝ දැනීමක් ඔබ සතුව තිබීම ප්‍රයෝජනවත්‍‍ විය හැක. ඒ මන්ද යත් ඔබගේ ගමනාන්තය ටිකට් පත ලබා ගැනීම සඳහා ඉතා වැදගත් වනු බැවිනි. කෙසේ වෙතත් ඔබට යම් දැනුමක් නොතිබුණත් ගුවන් ටිකට්පත ලබා ගන්නා ආයතන වල නිලධාරීන් ඔබ පවසන සුළු දෙයකින් පවා ඔබට යාමට අවශ්‍ය ස්ථානය ඔබට පැහැදිලි කර ගැනීමට උදව් කරාවි.

උදාහරණයක් ලෙස අපි සිතමු ඔබට යාමට අවශ්‍ය "වැන්කුවර්" නගරයට ය කියා. සමහර විට ඔබ ඒ නගරය මින් පෙර අසා නොමැති විය හැක. නැතහොත් එය පිහිටි ස්ථානය ඔබ නොදන්නවා විය හැක. නමුත් අදාළ ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබන ආයතන ඔබට මෙහිදී උපකාර කරනු ඇති.

ඉන්පසුව ඔබ එහි යාමට අදහස් කරන දිනය, සමුළුවන් රැස්වීමක් වැනි දෙයක් නම් එහි සිටිය යුතු ‍දිනය සහ වේළාව ආදය පිළිබඳව ඔබ දැනුවත් විය යුතුය. එසේම ඔබ යළි ආපසු ඒමට අදහස් කරන දිනය ආදියද මෙහිදී ඉතා වැදගත් වේ. මේ විස්තරද ඔබ ගුවන් ටිකට් පත ලබා ගැනීමට අදහස් කරන ආයතනයට දන්වන්න.

එසේම ඔබ යම් ගුවන් සමාගමක සේවය ප්‍රිය කරන්නේ නම් එම සමාගම හෝ සමාගම් පිළිබඳවද ටිකට් පත ලබා ගන්නා ආයකනයට දන්වන්න.

ගුවන් යානයක බොහෝ විට විවිධ ආසන මට්ටම් (සුව පහසුව සහ අනෙකුත් පහසුකම් අනුව) ඇති ුතර ඔබගේ කැමැත්ත මත මෙම මට්ටම් තෝරා ගත හැක. සාමාන්‍යයෙන් අඩු මුදලට ගමන් කළ හැක්කේ පිරිමැසුම් (Economy) පන්තියේ ගමන් කිරීම වියදම් අඩුය. ව්‍යා‍පාරික පන්තියේදී මිළ අධික වුන මුත් පහසුකම් ඉතා ඉහළය. ඔබට වියදම් කිරීමට ඇති හැකියාව පරිදි අදාළ පන්තිය තෝරා ගන්න. නැතහොත් අවම මිළ ගණන් ඇති ආසනයක් අවශ්‍ය බව දන්වන්න.  

තවත් සැළකිය යුතු කරුණක් වන්නේ ඔබ විදේශ ගතවන්නේ යළි දිවයිනට ඒමේ අදහසින් ද නැතහොත් එහි නතර වීම‍ටද යන්නයි. නතර වීමට අදහස් කරන‍්නේ නම් වැඩි බර ප්‍රමාණයක් ඔබට ගෙන යා හැකියි.

තවද ඔබගේ ගමණ යාමට අවශ්‍ය වන්නේ සෘජුවමද නැතහොත් අතර මගදී ගොඩබැසීමෙන් පසුව ද යන්න ද දැනුවත් විය යුතුයය.

මේ සියළු දේ දැන්වීමෙන් පසුව ද ඔබට එම ස්ථානයෙන්ම ටිකට්පත මිළදී ගත යුතු නැත. පළමුව මිළ ඇස්තමෙන්තුවක් ඉල්ලා සිටින්න. ඉන්පසුව මෙවන් ආකාරයෙන්ම ගුවන් ටිකටි පත් නිකුත් කරනු ලබන වෙනත් ආයතන වෙතින් ද ඇස්තමේනුත්වක් ඉල්ලා සිටින්න. පසුව මෙම ආයතන අතරින් අඩුම මිළ ලබා දී ඇති ආයතනය වෙත යොමු වන්න.

විවිධ ආයතන ගුවන් ටිකට් පත් නිකුත් කිරීමේදී විවිධ මිළ ගණන් යටතේ මේ ටිකට් පත් විකුණයි. මෙට හේතු වන්නේ ඔවුන්ට විකට්පත් ලැබෙන්නේටිකටි පතේ මුළු වටිනාකමින් 93% ක මුදලකට‍ය. සමහර විට මෙම මුදල මීට වඩා වැඩි විය හැක.

මෙම ආයතන එසේ 93% ට මිළදී ගන්න ටිකට් පත් ඔවු‍න්ගේ ගාස්තු ලෙස මෙයට යම් මුදලක් එකතු කර (ප්‍රතිශතයක්) පාරිභෝගිකයාට විකුණනු ලබයි.

මෙහිදී පැහැදිලි වන්නේ ගුවන් සමාගම් වලින් මිලට ගන්නවාට වඩා වෙනත් නියෝජිත ආයතන වලින් මිලදී ගැනීම සුදුසු බවයි. මන්ද යත් ගුවන් සමාගම් ටිකට් පත් විකුණන්නේ 100% ක මුදලටය.

තවත් සැළකිය යුතු කරුණක් වන්නේ මෙම ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් යන වගයි. මෙම ආයතන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ලියාපදිංචි කරනු ලබන අතර ඔවුන්ට බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ. ඔබට එය ඉල්ලා සිටීමට හැක.  එවන් ආයතන වලින් ටිකට් පත් මිලදී ගැනීම වඩා ආරක්ෂාකාරියි.

ඔබගේ ගමනාන්තයට යාමේදී අතරමගදී ස්ථාන වලින් වෙනත් ගුවන් යානා වලට මාරු වීමට සිදුවන්නේ නම් එසේ මාරු වන ස්ථාන වල තිබෙන වීසා නීති රීති පිලීබද සැළකිළිමත් විය යුතුය. මන්ද යත් සමහර රටවල සුළු කාලයක් වුව ගුවන් තොටුලලේ රැදී සිටීමට නොහැකිය. අනිවාර්යයෙන්ම හෝටලයක නැවති යුතුය.

ඔබට යම් ගැටළුවන් වේනම් එය එම ටිකට් පත් නිකුත් කරනු ලබන ආයතයෙන්ම විමසා සිටිය යුතුය. එසේම අනිවාර්යයෙන්ම ටිකට් පතේ ඔබ ගමන් කරන සෑම කොටසක්ම ස්ථිර (OK) කර තිබිය යුතුය. තවද ඔබට ලෙන යා හැකි උපරිම බර ප්‍රමාණයද දැනගත යුතුය. සාමාන්‍යයෙන් ගුවන් සමාගමක් 20kg-30kg අතර ප්‍රමාණයක් නොමිලේ ගෙන යාමට ඉඩ‍ දේ. වැඩි වන සෑම 1ක්‍ර.ග්‍රෑ එකකටම විශාල මුදලක් ගෙවීමට සිදු වේ. කෙසේ වෙතත් එක් බෑගයකට අඩංගු කළහැක්කේ උපරිම 33කි.ග්‍රෑ. පුමාණයක්  පමණි. (ජාත්‍යන්තර කම්කරු නීති) තවත 7කි.ග්‍රෑ. පුමා්‍යක් අතේ ගෙන යාහැකිය.

තවත් වැදගත් දෙයක් වන‍්නේ තමන්ගේ දුරකථන අංකය හා ලිපිනය අනිවාර්යයෙන්ම එම ආයතනට ලබා දෙන්න. මන්ද හදිසි කාලසටහන් වෙනස්කම් ආදිය එම ආයතන මගින් දැනුම් දීමට එමගින් හැකියාව ලැබේ.

දැනට මා හට මතකයට එන්නේ මෙච්චරයි. මොනවා හරි තිබුණොත් පස්සේ ලියන්නම්.
ටිකට් පත් නිකුත් කිරීමේදී, ගමන් කිරීමේදී හෝ වෙනත් අවස්ථාවකදී එම ටිකට් පත් හා ගුවන් ටිකට්පත් නිකුත් එන ආයතන පිලිබදව,. ගුවන් සමාගම් පිලීබදව යම් පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් ප්‍රවාහන අංකයට දුරකථන අංක 0112441522 මගින් මගින් හෝ ලිපි මගින් හෝ ඊ මේල් මගින් (e-mail) දැනුම් දිය හැක. ddatla@caa.lk

පස්සේ තව ලියන්නම්.

Comments

  1. මචං පුලුවන්නම් මිල පරීක්ෂා කිරීමට යන යන හැම නියෝජිත ආයතනයකින්ම ආසන වෙන් කිරීම නොකරන ලෙස, එම ආයතන දැනුම් දෙන දිනයට කලින් තම ටිකට් පත මුදල් ගෙවා වෙන්කර ගන්නා ලෙස, මිලදී ගත්තාට පසු සැකයක් ඇත්නම් ගුවන් සමාගමට දුරකථනයෙන් කතා කර හරියටම OK ද නැද්ද යනවග පරීක්ෂා කරගන්නා ලෙස වන කරුණු කාරනා ගැනත් ලියන්න.

    ටිකට් එකක් refund කරගද්දි සැලකිය යුතු කරුණු හා
    විශේෂයෙන්ම economy class එකේම different booking classes තිබිය හැකි බව හා සමහරවිට තමාට එහා පැත්තේ ඉඳගෙන යන කෙනා තමාට වඩා අඩු මුදලක් ගෙවා යන බව දැන ගැනීමට හැකි වන බව කියන්න. :)





    මේ වගේ ක්ෂේත්‍රයක් ගැන දැනුවත් කරන්න ඉදිරිපත් වීම ගැන ස්තූතියි මචං.

    මමත් ticketing agency යක වැඩ කරලා තියෙනවා. සෑහෙන ප්‍රශ්නවලට මූණ දීලා තියෙනවා. ඒ අතර වැඩි හරියක් ගණුදෙනු කරුවන්ගේ නොදැනුවත් කම නිසා. මොකද හැම දෙයක්ම පොඩි වෙලාවක කියලා දෙන්න බැහැනේ. ;)



    ජය වේවා. දිගටම ලියන්න. අපි බලන් ඉන්නවා. ;)

    ReplyDelete
  2. දැනුවත් කිරීම ගැන බොහෝම තුති. ඕං බුක්මාක් කළා. :)

    ReplyDelete
  3. Kathawa aththa. Anith wedagathma de thama ticket book karadddi anthima mohotha wenakan inne nethuwa kal thiyala book karana eka. Last minute tickets damn expensive.

    ReplyDelete
  4. අපිනම් කවද ඔවුව පාවිච්චි කරයිද දන්නෙ නෑ.. ;)
    කොහොම උනත් තැංකූ... :)

    ReplyDelete
  5. එළ ලිපියක්.

    ReplyDelete
  6. මට නම් පුදුම විදිහට වටිනවා මේ ලිපිය.. ...
    ගොඩක් ඉස්තූතී දැනුවත් කිරීමට

    ReplyDelete
  7. කියෙව්වා. විස්තර වලට ස්තුතියි !

    ReplyDelete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු ක

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුප