Skip to main content

Posts

Showing posts with the label විවිධ

“එබෝලා“ වෛරසය පැතිර යාම Ebola Outbreak

ගයනාව, ලයිබීරියාව සහ සියෙරාලියෝන් (Sierra Leone, Liberia and Guinea) යන රටවල “එබෝලා“ වෛරස් රෝගය (Ebola virus disease (EVD) ) පැතිරි යන බවට වාර්තා වී තිබේ. මෙම රෝගය ගුවන් සම්බන්ධතා වලින් පැතිර යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයත් (International Civil Aviation Organization (ICAO), ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization (WHO)) සහ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (International Air Transport Association (IATA) ) ඒකාබද්ධ ව විමසිල්ලෙන් සිටින බව ඔවුන් සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට සංචාරක තහනමක් හෝ මෙම රටවලට ඇතුළු වීමේ තහනමක් පැනවීමට තරම් අවදානමක් හඳුනා ගෙන නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම පුදේශ වල සංචාරය කරන්නන් හට රෝගය ආසාදනය වීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. රෝගය බෝවීම සඳහා රෝග කාරක විෂබීජ/වෛරස සහිත මිනිසුන්, සතුන් හෝ මළ සිරුරු රුධිරය හෝ වෙනත් ශාරීරික තරලයක් හා මුසුවීම සිදු විය යුතු බව එම ආයතනය සඳහන් කරයි. සංචාරකයින් ට මෙවන් සම්බන්ධ වීම සිදු නො කරන ලෙසට අවවාද කෙරේ. රෝගය වෙනත් කෙනෙකුට බෝවීම සිදු වන්නේ ඉතාමත් පැහැදිලි ව රෝගය වැලඳී ඇති බවට රෝග ලක්ෂණ පෙන...

වන් වර්ල්ඩ්

මෙන්න මෙහෙමයි ශ්‍රීලන්කන් ගුවන් යානය වන්වර්ල්ඩ් ලොගෝ එක ප්‍රින්ට් කලේෙ. මේ අපේ කොල්ලෝ කටුනායක ගුවන් තොටුපලේ දී........... වන් වර්ල්ඩ් ගැන මෙතනින් බලන්න මේ තියෙන්නෙ ඔය යානය මත්තල ගුවන් තොටුපලේ දී (09/06/2014)

මොකක්ද මේ “වන් වර්ල්ඩ්“ කියන්නෙ? What is OneWorld?

ගුවන් සේවා කර්මාන්තයත් අනෙකුත් කර්මාන්ත හා වෙළඳ ව්‍යාපාර මෙන් ම විවිධාංගීකරණයට නිරන්තරයෙන් ම ලක් වේ. අද පවතින තරගකාරී ස්වභාවයත් පාරිභෝගික දැනුවත් කමත් ආදී කරුණු හේතුවෙන් ලාභදායී ව්‍යාපාරයක් ලෙස ගුවන් කර්මාන්තය පවත්වා ගෙන යාමට නම් විවිධ අලෙවි උපායමාර්ග ක්‍රියාත්මක කළ යුතු ව ඇත. ගුවන් සමාගම් එක් ව සන්ධාන ගත වීම ද මෙවන් උපාය මාර්ගයක් ලෙස දැක්විය හැක. 2014 මැයි මස 1 වන දින සිට “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම ද ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් වල සන්ධානයක් හා සන්ධානගත වී තිබෙන බව විවිධ මාධ්‍ය ඔස්සේ ඔබ දකින්න ඇති. ඒ වගේ ම මේ කුමක් ද යන්න සමහර විට ඔබට පැහැදිලි නොමැතිව බවට සැක නැහැ. මෙවන් සන්ධාන ගත වීමකින් ගුවන් සමාගමට ආර්ථික වාසි සැලසෙනවා මෙන් ම මගීන් ට ද විවිධ වාසි සැලසේ. අවාසි ද නැතිව ම නොවේ. ගුවන් සේවාවන් සන්ධාන ගත වීම අද ඊයෙ සිදු වූ දෙයක් නොව 1930 දශකය දක්වා ම දිව යන්නෙකි. මුලින් ම ගුවන් සේවා සන්ධානයක් ඇති කර ගනු ලබන්නේ Panair do Brasil සමාගම සහ එහි ම මව් සමාගම වන Pan American World Airways යන සමාගම් දෙක ලතින් ඇමරිකාවේ ගමනාන්ත බෙදා හදා ගැනීම වෙනුවෙන්. ඉන් පසුව ක්‍රමයෙන් මෙම සන්ධාන වර්ධනය ව...

වීසා ගන්න ඕනෙ නම් ප්ලේන් පූජා කරන්න Shaheed Baba Nihal Singh Gurdwara in Jalandhar

පුරාතණයේ සිටම විවිධ දේවල වලට වන්දනා මාන කිරීම ලෝ වැසියන්ගේ සිරිත විය. ගස් ගල් පවා දේවත්වයෙන් පිදීමට ඔවුන් යොමු වී තිබිණ. අදටත් ලොව සමහර ප්‍රදේශ වල අප විශ්වාශ නොකරන දේ වලට දේවත්වයෙන් සැළකීමට මිනිසා පුරුදු වී සිටී. විශේෂයෙන් ඉන්දියාවේ මේ තත්වය වැඩි වශයෙන් දැකිය හැක. ඒ වගේම පූජා භාණ්ඩ ලෙසද ඔවුන් විවිධ දේ පූජා කිරීමට පෙළඹී සිටී. ගුවන් යානා ආදර්ශ පූජා භාණ්ඩ ලෙස යොදා ගන්නා දෙවොලක් ඉන්දියාවේ තිබෙන බව ඔබ විශ්වාස කරනවාද? එය සැබවින්ම පවතී. ඉන්දියාවේ පන්ජාබ් (Panjab) ප්‍රාන්තයේ ජලන්දාර් (Jalandhar) ප්‍රදේශයට කිලෝමීටර් 30 පමණ දුරින් පිහිටා තිබෙන ටල්හාන් (Talhan) නැමති ගමේ මේ දෙවොල පිහිටා තිබේ. යම් පුද්ගලයෙකු විදේශ රටක විසා බලාපොරොත්තු වන්නේ නම් මෙම දොවොලට ගුවන් යානයක ආදර්ශයක් පූජා කළහොත් එම වීසා ලැබීම අනිවාර්යයෙන්ම සිදු වන බව මෙම දෙවොලේ බැතිමතුන් විශ්වාස කරයි. මෙම දොවොල සික් ජාතිකයන්ගේ දෙවොලක් වන අතර එය “ෂහීඩ් බාබා නිහාල් සිං දෙවොල“ නමින් හඳුන්වයි. මෙවන් මිත්‍යා දෘෂ්ඨික පූජාවන් සිනහවට ලක් වුවද ඉරිදා දිනවල මෙම දෙවොලේ පළමු මහලේ තිබෙන ශාලාවේ සෙල්ලම් ගුවන් යානා 80-100 ත් අතර ප්‍රමාණයක් දැකිය හැකි ...

ලකඹර ගුවන් ගමන් සාර්ථක වී ශතවර්ෂයයි. (Centenary Celebrations of Civil Aviation of Sri Lanka)

1903 දී රයිට් සහෝදරයින් ගුවන් යානය සොයා ගත්තේ යයි සඳහන් වන්නේ ඔවුන් විසින් පළමුවෙන් ම මිනිසකු සහිතව හා බලය සහිත ගුවන් යානයක් සාර්ථකව ඉහළ නංවා ගුවනේ ගමන් කර යළි සාර්ථකව ගොඩබෑම හේතුවෙනි. 1911 සැප්තැම්බර් මස 12 වන දින පළමුවෙන්ම “ලංකාවට“  ලුවිස් බ්‍රවුන් නම් මහතෙක් “බ්ලැරියට්“ වර්ගයේ ගුවන් යානයක් ගෙන ආවද එය නිවැරදිව ඉහළ නංවා ගුවනේ ගමන් කරවා අනතුරක් නැතිව ගොඩබෑම සිදු කිරීමට හැකියාවක් තිබුණේ නැත. එළෙසම 1911 දෙසැම්බර් මාසයේ දී ද ජර්මානු ජාතික හර් ඔස්ටර් විසින් ද බොහෝ උත්සාහන් දැරුවද ඉහළ නැංවීම, ගුවනේ ගමන් කිරීම හා ගොඩ බෑම යන සාර්ථක ගුවන් ගමනක මූලික අංග තුනම සාර්ථක කර ගැනීමට අසමත් විය.  මෙම කාලසීමාවේ විවිධ පුද්ගලයින් විසින් වරින් වර යානා ගෙන ආවද සාර්ථක ගුවන් ගමනක් යාමට ඔවුන්ට හැකියාවක් නොලැබිණ. කෙසේ වෙතත් 1912 වර්ෂයේ දෙසැම්බර් මස 7 වන දින ඒ ඓතිහාසික ගුවන් ගමන යාමට ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙක් සමත් විය. ඔවුන් විසින් ද භාවිතා කරන ලද්දේ “බ්ලැරියට්“ වර්ගයේ ගුවන් යානාවක් වූ අතර මා මුලින් සඳහන් කළ සාර්ථක ගුවන් ගමනක අදියරයන් 3 ම සාර්ථක සිදු කිරීමට ඔවුන් සමත් විය. මේ හේතුවෙන් ලොව ප්‍රථම සාර්ථ...

ගුවන් යානයට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කිරීම DENIED BOARDING

වැඩි මගීන් සංඛ්‍යාවක් සඳහා ආසන වෙන් කිරීම නිසා බොහෝ විට ගුවන් යානයේ තිබෙන ආසන ප්‍රමාණයට වඩා වැඩි මගීන් සංඛ්‍යාවක් සිටින තත්වයක් ඇතිවේ. මෙසේ වැඩි මගීන් සංඛ්‍යාවක් සඳහා ආසන වෙන් කිරීම යම් නීත්‍යානුකූල බවක් සහ සම්මතයක් වුවද මෙම මගීන්ට ආසන පැනවීමට ගුවන් සමාගමට නොහැකි වේ. මෙම තත්වය ගුවන් යානයට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කිරීම යනුවෙන් හඳුන්වයි. කෙසේ වෙතත් ගුවන් සමාගම් මෙසේ කිරීම සම්බන්ධයෙන් තොරතුරු සැපයීම එතරම් පැහැදිලි නොවේ. මෙම තත්වය ඇති වෙන්නේ ඇයි? ගුවන් යානයේ ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා මගීන් කිහිප දෙනෙකු බොහෝ විට ගමන් කිරීම සඳහා නොපැමිනෙන බව ගුවන් සමාගම අත්දැකීමෙන් දනී. මෙය බොහෝ විට ඉහළ යන්නෙ ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් ගමන් කරනා අවස්ථා වලයි. සමහර අවස්ථාවලදී ව්‍යාපාරිකයින් ආසනයක් වෙන් කර ගත්තද අවසාන මොතේදී වෙනත් රැස්වීමක් හෝ වෙනත් මොනයම් කාරණයක් නිසා හෝ ගමන අවලංගු කරයි. යම් හෙයකින් ගුවන් සමාගම ආසන ගණනටම පමණක් මගින් වෙන්කර ගතහොත් ඉහත පරිදි නොපැමිනෙන මගීන් හේතුවෙන් හිස් ආසන ඉතිරි වේ. එයින් ආදායමක් නොලැබෙන නිසා ගුවන් සමාගමට පාඩු විඳීමට සිදු‍වේ. මෙ නිසා වැඩිපුර මගීන් සඳහා ආසන ව...

මේ අය ගැන දන්නවාද?– Ministers who were responsible for Civil Aviation subject since independence in Sri Lanka

මේ බ්ලොග් එකේ මම දේශපාලනය ගැන කථා කරන්නෙ නැහැ. ඒත් අද ලියන්න යන්නෙ විශේෂයෙන් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට වැදගත් වන තොරතුරක්. ඒ තමයි ශ්‍රී ලංකාවේ නිදහසෙන් පසුව සිවිල් ගුවන් සේවා විෂය සම්බන්ධයෙන් කටයුතු කල අමාත්‍යවරුන් කවුරුන්ද කියා සඳහන් කිරීම. මෙහිදී මා ඔවුන් පිළිබද විස්තරයක් ලබා දීමට අදහස් කරන්නෙ නැහැ. එය ඕනම අයෙකුට සොයා ගත හැකියි. අනික මේ පුද්ගලයින් බොහෝ විට ශ්‍රී ලාංකීය දේශපානයේ ප්‍රසිද්ධ චරිත. ඒ වගේම මොවුන් විසින් ක්ෂේත්‍රයට කරන ලද සේවය ගැන ඔබ සොයා බලා තීරණ ගන්න.   සර් ජෝන් කොතලාවල මැතිතුමා ප්‍රවාහන සහ වැඩ අමාත්‍ය 1947 සැප්තැම්බර් – 1956 මාර්තු මෛත්‍රීපාල සේනානායක මැතිතුමා ප්‍රවාහන සහ වැඩ අමාත්‍ය 1956 මාර්තු – 1960 මාර්තු මොන්ටේගු ජයවික්‍රම මැතිතුමා ජනසතු සේවා, නාවික සහ ප්‍රවාහන අමාත්‍ය 1960 මාර්තු – 1960 ජූලි   පී. බී. ජී. කළුගල්ල මැතිතුමා ප්‍රවාහන සහ වැඩ අමාත්‍ය 1960 ජූලි – 1964 ජූනි අනිල් මුණසිංහ මැතිතුමා සන්නිවේදන අමාත්‍ය 1964 ජූනි – 1965 ...

හුරේ……. අපි දිනුම්

අපි කියන්නෙ ශ්‍රී ලංකාව. දිනුවෙ ජාත්‍යන්තර තරඟයකින්. ඉස්සරලාම මේ වීඩියෝ එක බලන්නකෝ. ඊට පස්සේ තමයි විස්තර. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය කියන්නෙ ගුවන් සේවා සම්බන්ධව තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය. මේකට රටවල් 190 ක් පමණ සම්බන්ධ වෙලා තියෙනවා. ආරක්ෂාකාරී ගුවන් ගමනකකට අවශ්‍ය ජාත්‍යන්තර කරුණු සම්පාදනය කරන්නෙ මේ ආයතනය. පසුගිය දිනක මේ ආයතනය ලෝකයේ ජනතාව අතර තරගයක් පැවැත්වූවා අනාගත ගුවන් සේවාව කෙසේ විය යුතුද කියලා. ඒකට හදපු වීඩියෝ එක තමයි ඔය තියෙන්නෙ. මේ තියෙන්නෙ එම තරඟය පිළිබඳ විස්තර අඩංගු වෙබ් අඩවිය. මෙහි තරඟය පිළිබඳව විස්තර අඩංගු වෙනවා. මෙම තරඟයට ලෝකයේ රටවල් 50 කින් පමණ තරඟකරුවන් ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ රටෙනුත් තරඟකරුවන් ඉදිරිපත් වෙලා තියෙනවා. අපිත් එක්ක වැඩ කරන දේව් සමරජීව ත් මේ තරඟයට ඉදිරිපත් වෙලා පහළ වීඩියෝ එක සකස් කලා. මෙන්න මේක ලෝකෙන්ම ප්‍රථමස්ථානයට පත් වෙලා. දේව් ලබන 16 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා වලට යනවා මේකට හිමි ත්‍යාගය ලබා ගන්න. දේව් අපිත් එක්ක ලංකාවේ ගුවන් සේවාවන් ව්‍යාප්ත කරන්න බොහොම මහන්සි වෙන පොඩි කොල්ලෙක්. ඒ ත්‍යාගය එය...

ප්ලෙන් එක ආයෙත් පෙන්නනවා

“දැයට කිරුළ“ 2012 ප්‍රදර්ශණ භූමියෙ තිබුණ අංක එකේ ජනතා ආකර්ශණය දිනූ ප්‍රදර්ශන භාණ්ඩය වුණේ අපි ඉදිරිපත් කරපු AN24 ගුවන් යානය. මේ ගැන මම පළ කරපු සටහනට විශාල ප්‍රතිචරායක් තිබුණා . මේ සටහනට විතරක් නෙමේ ඒ අවස්ථාවෙ අපේ මේ ගුවන් යානය නරඹන්න දැනුම ලබා ගන්න විශාල ජනතාවක් එක් රැස් වුණා. ඒ වගේම මගේ කලින් සදහන් කළ සටහනට ප්‍රතිචාර දක්වපු අය කියා තිබුණා මෙය මුදල් නාස්තියක් කියලා. ඒ වගේම චූටි මහත්තයා කාටූන් එකකට මාව ඇතුලත් කළාමත් ඒ සඳහා විවිධ ප්‍රතිචාර දැක්වූවා. කොහොම වුණත් මම ඒ විචාරයන්ට දක්වපු ප්‍රතිචාර වලත් සඳහන් කළා මෙම යානය තවදුරටත් ප්‍රදර්ශණය කරන බව. මේ සඳහා පාසැල් ළමුන්ගේ අති විශාල උද්යෝගයක් තිබුණා. සාමාන්‍යයෙන් අපේ රටේ කුඩා දරුවන්ගෙන් විශේෂයෙන් ගම්බද දරුවන්ගෙන් ලොකු වුණාම වෙන්න කැමති කවුද කියලා අහපුවාම ජනප්‍රිය උත්තර කීහිපය ඇතුලෙ ගුවන් යානා නියමුවෙක් වෙන්න කැමති බව සඳහන් පිළිතුර තිබෙන්නෙ බොහොම කලාතුරකින්. ගුවන් ක්ෂේත්‍ර යේ වෙනත් තනතුරු ගැන නම් දන්නෙත් නැති තරම්. අපි පසුගිය වසර දෙකක කාලය තුල කරන ලද වැඩසටහන් වල පුතිපලයක් ලෙස අද මේ තත්වය ඉතා සැළකිය යුතු මට්ටමකින් වෙනස් වෙලා තියෙනවා. විශේෂය...

අනුරාධපුරේට ප්ලේන් එකක් බාලා

ඔව් ඉතින් එහෙ එයාර්පෝට් එකක් තියෙනවානෙ. ඕක කියන්නත් දෙයක්ද? මේ කියන්නෙ ඇත්ත. ඔන්න අපි එහෙ සවිකළා AN24 වර්ගයේ ගුවන් යානයක්. නගින්න බහින්න බලන්න නිදහසේ පුළුවන්. හරි හරි ඔන්න සරලවම කියනවා. අනුරාධපුරේ “දැයට කිරුළ“  ප්‍රදර්ශණ භූමියේ අපි ඇත්තම ගුවන් යානයක් සවි කරල තියෙනවා ඔයගොල්ලන්ට බලන්න. මතකනේ ගිය සැරේ බුත්තල තිබුණ දැයට කිරුළ ප්‍රදර්ශණයේ යානය. ඒක තවත් අංග සමග එහි ස්ථාන ගත කළා. මේ පහළ තියෙන්නෙ ඒ බුත්තල භූමියේ තිබුණ යානය. මේ තියෙන්නෙ යානයේ ඇතුළත දර්ශනයක් මේ බලන්න කොච්චර ආසාවෙන්ද ඒ අය ඉන්නෙ කියලා මේ බලන්න කොච්චර සෙනග ආවාද කියලා. මේ නිසාමයි අපි මේක මේ සැරෙත් පෙන්නන්න හිතුවෙ. මේ යානය ඇතුළට ගියාම ඇත්තටම තමන් ගුවන් ගමනක් ගියා වැනි හැඟීමක් ඇති වෙනවා. මේක මේ වගේ දුර පළාතක ඉන්න ගුවන් යානයක යන්න අවස්ථාවක් නැකි අයට ඉතා හොඳ අත්දැකීමක් බව අපට පසුගිය වාරයෙත් පැහැදිලි වුණා. මීට අමතරව එතන තියෙනවා ගුවන් යානයක් හසුරුවන්නෙ කොහොමද කියලා කියා දෙන සරල ආකෘතියක්. ඒක ඉතාම වැදගත් වේවි බලන්න එන අයට බොහෝ දේ ඉගෙන ගන්න. ඉතින් එන්න සේරම අපේ ගුවන්යානය බලන්න. ආ අනික මමත් ඉන්නවා එතන 8 වෙනිදා ව...

පුම්බා උඩ අරින්න ගියෙමි–උණුසුම් වායු බැලුන් මෙහෙයුම–දඹුල්ල වීර මොහාන් විදුහල් ක්‍රීඩාංගනය–Hot Air Ballooning at Dambulla Veera Mohan School

ගුවන් යානා වල මූලාරම්භය ගැන කථා කරන විට උණු වායු බැලුන් (Hot Air Balloon) වලට මූලික ස්ථානයක් හිමි වෙනවා. මේක විනෝදාංශයක් විධියට දැන් කරන අතර වානිජ මට්ටමේ කටයුතුත් සිදු වෙනවා. බැලූනයක් සමාන්‍ය සරල දෙයක් වගේ පෙණුනට එය මෙහෙය වීම ට යම් තරමකට ගුවන් යානා පැදවීමට අවශ්‍ය මූලික දැනුම අවශ්‍යයි. ඒ වගේම එහි සුරක්ෂාවත් අනෙක් භාහිර දේ වල ආරක්ෂාවත් බැලුම මෙහෙයවන්නාගේ (Pilot) වගකීමක්. තවත් සරලව කියනවා නම් බැලුන් නියමුවා ඒ සඳහා සුදුසු කම් සම්පූර්ණ කළ බලපත්‍ර ලාභියෙක් විය යුතු වෙනවා. මේ බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පවත් වනු ලබන පරීක්ෂණ කීපයකට පසුවයි. ඒ වගේම ඔවුන් ඒ ප්‍රවීණතාවයත් බැළුමේ පියාසර යෝග්‍යතාවයත් ගුවන් යානා ඉංජිනේරුවෙක් ඉදිරිපිට සනාථ කළ යුතුයි. පසුගිය 2 වෙනිදා (2011 දෙසැම්බර් 02) මේ වගේ යෝග්‍යතාවය පරීක්ෂා කරන අවස්ථාවක් එළඹුණා. ලංකාවෙ ලියාපදිංචි වී බලපත්‍ර ලබා ගත් බැලුන් වාණිජ මෙහෙයුම් කරුවන් 4 ක් සිටින අතර ඔවුන්ගෙන් එක් අයෙක් ර්‍ශී ලාංකිකයෙක්. ඒවගේම ලංකාවේ ගුවන් යානා ලියාපදිංචි ලේඛණයේ ලියාපදිංචි වී ඇති බැලුන් ගණන 9 ක්. මෙයින් 6ක් දැනට ක්‍රියාත්ම...