Skip to main content

Posts

Showing posts with the label Aviation Medicine

“එබෝලා“ වෛරසය පැතිර යාම Ebola Outbreak

ගයනාව, ලයිබීරියාව සහ සියෙරාලියෝන් (Sierra Leone, Liberia and Guinea) යන රටවල “එබෝලා“ වෛරස් රෝගය (Ebola virus disease (EVD) ) පැතිරි යන බවට වාර්තා වී තිබේ. මෙම රෝගය ගුවන් සම්බන්ධතා වලින් පැතිර යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයත් (International Civil Aviation Organization (ICAO), ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization (WHO)) සහ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (International Air Transport Association (IATA) ) ඒකාබද්ධ ව විමසිල්ලෙන් සිටින බව ඔවුන් සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට සංචාරක තහනමක් හෝ මෙම රටවලට ඇතුළු වීමේ තහනමක් පැනවීමට තරම් අවදානමක් හඳුනා ගෙන නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම පුදේශ වල සංචාරය කරන්නන් හට රෝගය ආසාදනය වීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. රෝගය බෝවීම සඳහා රෝග කාරක විෂබීජ/වෛරස සහිත මිනිසුන්, සතුන් හෝ මළ සිරුරු රුධිරය හෝ වෙනත් ශාරීරික තරලයක් හා මුසුවීම සිදු විය යුතු බව එම ආයතනය සඳහන් කරයි. සංචාරකයින් ට මෙවන් සම්බන්ධ වීම සිදු නො කරන ලෙසට අවවාද කෙරේ. රෝගය වෙනත් කෙනෙකුට බෝවීම සිදු වන්නේ ඉතාමත් පැහැදිලි ව රෝගය වැලඳී ඇති බවට රෝග ලක්ෂණ පෙන...

Jet Lag “ජෙට් ලැග්“ යනු කුමක් ද? එය ඇති වන්නේ ඇයි? එයින් අත් මිදෙන්නේ කෙසේ ද?

“ජෙට් ලැග්“ යන්න “වේලා කලාප වෙනස් වීමේ සින්ඩ්‍රෝමය“ (Time Zone Change Syndrome) ලෙස ද “ඩිසින්ක්‍රොනොසිස් (Desynchronosis)“ ලෙස ද හඳුන්වයි. මෙම රෝගී තත්වය ඇති වන්නේ ඉතා වේගයෙන් වැඩි දුරක් නැගෙනහිර සිට බටහිරට හෝ බටහිර සිට නැගෙනහිරට ජෙට් ගුවන් යානයක ගමන් කිරීමේ දී ය. මෙම තත්වය ඇති වීමට හේතු වන්නේ අප ශරීරයේ දෛනික රිද්මයේ (Circadian Rhythms)වෙනසක් සිදු වීම හේතුවෙන් ඇති වන කායික විද්‍යාත්මක තත්වයේ අවුල් සහගත තත්වයක් ඇති වීම නිසා වෙනි. එනිසා ම එය දෛනික රිද්මයේ අක්‍රමිකතාවක් ලෙස හඳුන්වයි. මෙම රෝගී තත්වයේ බරපතළ බව වැඩිපුර දැකිය හැකි වන්නේ නැගෙනහිරට ගමන් කරනවාට වඩා බටහිරට ගමන් කිරීමේ දී ය. දෛනික ශාරීරික රිද්මය - පැය 24 ක දිනයක දී අප ශරීරයේ සිදු වන ජීව විද්‍යාත්මක, කායික විද්‍යාත්මක සහ හැසිරීම් ක්‍රියාවලියේ චක්‍රය මෙලෙස හඳුන්වයි. සරල ව සඳහන් කරන්නේ නම් එය අපගේ “ශරීර ඔර්ලෝසුවයි“. අපගේ දෛනික ශාරීරික රිද්මය මෙහෙයවනු ලබන්නේ අභ්‍යන්තර වේලා වන් තබා ගැනීමේ පද්ධතියක් මගිනි. ශරීර අභ්‍යන්තරයේ පවතින මෙම ක්‍රියාවලිය බාහිර පරිසරයේ සිදු වන ආලෝකය වෙනස් වීම ආදී කරුණු වලට අනුරූපී ව සිදු වේ. තවත් පැහැදිලි කරන...