Skip to main content

Posts

Showing posts with the label ඉතිහාසය

පවුලිස් අප්පුහාමි

සරම ඇඳලා කොණ්ඩෙ බැඳලා ප්ලේන් පැදපු අත්තනගල්ලේ පදිංචිව සිටි පවුලිස් අප්පුහාමි නොහොත් උක්කු මහත්තයා එදා රත්මලාන ගුවන් තොටුපොළට ගියේ ගුවන් යානා ඉහළට නංවන හා පහත බස්සවන හැටි දැකබලාගැනීමට කැමැත්තෙන් සිටි ලොකු පුතා විජිත කුමාරට ඒවා පෙන්වීමටය. එහෙත් ගුවන්යානා සමීපව දුටු වනම ඒවා කෙරෙහි දැඩි ලෙස ආසක්ත වූ පවුලිස් අප්පුහාමිට ‍ෙදාළක් ඇතිවූයේ ගුවන් යානා පැදවීමටය. 1952 අගෝස්තු මාසයේ දිනක් වූ එදාම පවුලිස් අප්පුහාමි රත්මලාන ගුවන් පුහුණු ආයතනයේ පුහුණුකරුවකු වෙත කිට්ටු වූයේ තම ආශාව ඉටුකර ගැනීමට හැකිවේ දැයි විමසීමටය. 'මට ගුවන් යානයක් පදවන්න ආසයි. මටත් උගන්වන්න පුළුවන්ද?' පුහුණුකරු වෙත ඉතා බයාදු ලෙස ළං වූ පවුලිස් අප්පුහාමි විමසා සිටියේ ලැජ්ජාශීලීවය. ගුවන්යානා පැදවීම පුහුණුකරන ලෙස තමාගෙන් ඉල්ලා සිටින මෙම තැනැත්තා දෙස පුහුණුකරු හොඳින් බැලුවේය. පුහුණුකරු දුටුවේ කමිසයකින්, කෝට් එකකින් සහ සරමකින් සැරසුණු ගමේ මුදලාලි කෙනෙක් වන් පුද්ගලයකු තමා ඉදිරියේ සිටින බවයි. ඒ මදිවාට ඔහුගේ වැවුණ හිසකෙස් එකතුකොට හිස පිටුපස කොණ්ඩයක්ද බැඳ තිබිණි. මේ ගමරාලට අහස් යානා පැදවීම පුහුණු කරන්නේ කෙස...

“එබෝලා“ වෛරසය පැතිර යාම Ebola Outbreak

ගයනාව, ලයිබීරියාව සහ සියෙරාලියෝන් (Sierra Leone, Liberia and Guinea) යන රටවල “එබෝලා“ වෛරස් රෝගය (Ebola virus disease (EVD) ) පැතිරි යන බවට වාර්තා වී තිබේ. මෙම රෝගය ගුවන් සම්බන්ධතා වලින් පැතිර යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයත් (International Civil Aviation Organization (ICAO), ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization (WHO)) සහ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (International Air Transport Association (IATA) ) ඒකාබද්ධ ව විමසිල්ලෙන් සිටින බව ඔවුන් සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට සංචාරක තහනමක් හෝ මෙම රටවලට ඇතුළු වීමේ තහනමක් පැනවීමට තරම් අවදානමක් හඳුනා ගෙන නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම පුදේශ වල සංචාරය කරන්නන් හට රෝගය ආසාදනය වීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. රෝගය බෝවීම සඳහා රෝග කාරක විෂබීජ/වෛරස සහිත මිනිසුන්, සතුන් හෝ මළ සිරුරු රුධිරය හෝ වෙනත් ශාරීරික තරලයක් හා මුසුවීම සිදු විය යුතු බව එම ආයතනය සඳහන් කරයි. සංචාරකයින් ට මෙවන් සම්බන්ධ වීම සිදු නො කරන ලෙසට අවවාද කෙරේ. රෝගය වෙනත් කෙනෙකුට බෝවීම සිදු වන්නේ ඉතාමත් පැහැදිලි ව රෝගය වැලඳී ඇති බවට රෝග ලක්ෂණ පෙන...

බෝයිං සමාගමේ බෝයිං 747 වර්ගයේ 1500 වන යානය

බෝයිං 747 ජම්බෝ ජෙට් යානය සුවිශේෂි ගුවන් යානයකි. වසර ගණනාවක් යන තුරු මහල් දෙකකින් සමන්විත ගුවන් යානය බවට පත් වූයේ මෙම යානයයි. 1969 සිදු වූ එහි පළමු ගුවන් ගමනේ සිට එය වෙනස් වී ඇත්තේ සුළු වශයෙනි. අළුතින් එළි දක්වා ඇති 747-800 යානය 747-400 යානයට ම සමාන වුවත් එහි වැදගත් වෙනස්කම් දක්නට ලැබේ. 2014 ජූනි මස 28 වන දින බෝයිං සමාගම 1500 වන 747 යානය ලුෆ්තාන්සා සමාගමට ලබා දුන්නේය. Lufthansa සමාගම සතු 1500 වන 747-800 යානයේ ව්‍යාපාරික පන්තිය 747 වැඩසටහනේ සාමාන්‍යාධිකාරි සහ උප සභාපති එරික් ලින්ඩ්බෑඩ් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙම නව 747-800 ගුවන් යානය 747-400 ගුවන් යානයෙන් වෙනස් වනවා පමණක් නොව මෙම 70 වන 747-800 යානය එහි මුල් යානයට වඩා ඉතාමත් කාර්යක්ෂම බවයි. 1970 වර්ෂයේ දී “පෑන්-ඇම්“ සමාගමට මුල්ම 747 ගුවන් යානය ලබා දුන් අතර 1981 දී “ස්කැන්ඩිනේවියන්“ ගුවන් සමාගමට 500 වන ලබා දුන්නේය. 1993 දී සිංගප්පූරු ගුවන් සමාගමට 1000 වන ගුවන් යානය ලබා දීමට බෝයිං සමාගමට හැකි විය. 2014 දී 1500 වන යානය ලුෆ්තාන්සා සමාගමට ලබා දුන් අතර සාමාන්‍යයෙන් මේ කාලසීමාවන් සළකා බැලීමේ දී වසර 10 ට වරක් පමණ යානා 500 ක...

පලමු වාණිජ ගුවන් ගමන සිදු කර වසර 100 යි

අද ලෝකයේ සෑම අතම දිනකට වාණිජමය ගුවන් ගමන් වාර ලක්ෂයකට අධික ගණනක් සිදු කරයි. දිනකට මගීන් මිලියන 8-9 ක් පමණ ගමන් කරයි. වසර 110 ක ගුවන් කර්මාන්තයේ වාණිජ ගුවන් ගමන් කර්මාන්තයට ද වසර 100 ක් පසුගිය ජනවාරි මස 1 වන දිනට (2014 ජනවාරි 1) සම්පූර්ණ විය. 1903 දී ඇමරිකාවේ කිටිහෝක් හි දී රයිට් සහෝදරයින් විසින් ප්‍රථම ගුවන් ගමන සිදු කිරීමෙන් පසුව අද වන විට ගණනය කළ නොහැකි තරමක් ගුවන් ගමන් ලොව සිදු වී ඇත. වාණිජ ගුවන් ගමන් ක්ෂේ ත්‍රයට ද ඒ සමානම ඉතහාසයක් ඇත. මුල්ම වාණිජ ගුවන් ගමන සිදු කර ඇත්තේ ද ඇමරිකාවේ දීය. ඒ පළමු ලෝක යුද්ධයට වර 3ට පෙරදීය. නිවැරදිව පවසනවා නම් ඒ 1914 ජනවාරි 1 වන දින දීය. පළමු ගුවන් ගමන යානයේ නියමුවා සහ මගියා ඇමරිකාවේ ශාන්ත පීටර්ස්බර්ග් හා ටැම්පා යන ස්ථාන දෙක අතර මෙම ගුවන් ගමන සිදු වූ අතර මුළු ගමනට ගත වූ කාලය මිනිත්තු 23 කි. සැතපුම් 21 ක් දුර ගෙවීමට මෙම යානයට පැයට සැතපුම් 60 ක වේගයෙන් පියාසර කිරීමට සිදු වූ අතර එම ප්‍රදේශයේ තිබෙන කලපුවට අඩි 15 ක් පමණ ඉහළින් පියාසැරිය සිදු විය. මේ සඳහා භාවිතා කරන ලද්දේ ඇමරිකාවේ ම නිෂ්පාදනයක් වූ Benoist XIV ගුවන් යානයක් වූ අතර එය සිලින්ඩර් 6 ක සහ අශ්ව ...

වීසා ගන්න ඕනෙ නම් ප්ලේන් පූජා කරන්න Shaheed Baba Nihal Singh Gurdwara in Jalandhar

පුරාතණයේ සිටම විවිධ දේවල වලට වන්දනා මාන කිරීම ලෝ වැසියන්ගේ සිරිත විය. ගස් ගල් පවා දේවත්වයෙන් පිදීමට ඔවුන් යොමු වී තිබිණ. අදටත් ලොව සමහර ප්‍රදේශ වල අප විශ්වාශ නොකරන දේ වලට දේවත්වයෙන් සැළකීමට මිනිසා පුරුදු වී සිටී. විශේෂයෙන් ඉන්දියාවේ මේ තත්වය වැඩි වශයෙන් දැකිය හැක. ඒ වගේම පූජා භාණ්ඩ ලෙසද ඔවුන් විවිධ දේ පූජා කිරීමට පෙළඹී සිටී. ගුවන් යානා ආදර්ශ පූජා භාණ්ඩ ලෙස යොදා ගන්නා දෙවොලක් ඉන්දියාවේ තිබෙන බව ඔබ විශ්වාස කරනවාද? එය සැබවින්ම පවතී. ඉන්දියාවේ පන්ජාබ් (Panjab) ප්‍රාන්තයේ ජලන්දාර් (Jalandhar) ප්‍රදේශයට කිලෝමීටර් 30 පමණ දුරින් පිහිටා තිබෙන ටල්හාන් (Talhan) නැමති ගමේ මේ දෙවොල පිහිටා තිබේ. යම් පුද්ගලයෙකු විදේශ රටක විසා බලාපොරොත්තු වන්නේ නම් මෙම දොවොලට ගුවන් යානයක ආදර්ශයක් පූජා කළහොත් එම වීසා ලැබීම අනිවාර්යයෙන්ම සිදු වන බව මෙම දෙවොලේ බැතිමතුන් විශ්වාස කරයි. මෙම දොවොල සික් ජාතිකයන්ගේ දෙවොලක් වන අතර එය “ෂහීඩ් බාබා නිහාල් සිං දෙවොල“ නමින් හඳුන්වයි. මෙවන් මිත්‍යා දෘෂ්ඨික පූජාවන් සිනහවට ලක් වුවද ඉරිදා දිනවල මෙම දෙවොලේ පළමු මහලේ තිබෙන ශාලාවේ සෙල්ලම් ගුවන් යානා 80-100 ත් අතර ප්‍රමාණයක් දැකිය හැකි ...

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– අවසන් කොටස

  මෙම ලිපියේ අටවන කොටස මින් පෙර පළ විය 2009 චෙක් රජ්‍යයේ නිෂ්පාදනය කරන ලද “ස්ලින්“ වර්ගයේ සැහැල්ලු ගුවන් යානා දෙකක් වෙනස් කරමින් යුධ මෙහෙයුම් සඳහා යොදා ගන්නා යානා බවට පත් කර ගත් කොටි ත්‍රස්තවාදීන් විසින් 2009 පෙබරවාරි මස 20 වන කොළම නගරයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කළ මුත් ආරක්ෂක අංශ වල දැඩි කැපවීම මත එම ප්‍රහාරයන් ව්‍යර්ථ කිරීමට හැකිව ලැබිණ. මෙම වර්ගයේ ගුවන් යානා තනි එන්ජිමක් සහිත වන අතර නියමුවන් පුහුණු කිරීමේ කටයුතු වලට යොදා ගැනේ. එම ප්‍රහාරය සඳහා පැමිණි එම ගුවන් යානා දෙකම විනාශයට පත් වූ අතර ශ්‍රි ලංකාවේ ගුවනේ අරක්ෂාව පිළිබඳ නැවත සෙයා බැලීමටත් නව ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීමටත් රජය මේ නිසා උත්සුක විය. “ස්ලින්“ වර්ගයේ යානයක්   එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා පැවතියේ එක් ගුවන් තොටුපක් පමණි. හදිසි ගොඩ බෑම් සඳහා ද ඉන්දියාවේ “චෙන්නායි“ ගුවන් තොටුපල භාවිතා වූ අතර විවිධ අවස්ථාවල රටේ විවිධ පළාත් වල නව ජාත්‍යන්තර ගුවන් තොටුපළක් පිහිටුවීම සම්බන්ධයෙන් විවිධ මට්ටමේ කතාබහක් ඇති විය. විශේෂයෙන් පොළොන්නරුව, යාපනය, පුත්තලම ආදී පෙදෙස් මේ සඳහා යෝජනා විය. මේ...

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VIII කොටස

මෙම ලිපියේ හත්වන කොටස මින් පෙර පළ වී ඇත 2000 2000 වර්ෂයේ දී මාර්තු මස 24 වන දින “ස්කයිකැබ්“ සමාගමට අයත් AN12 වර්ගයේ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට සූදානම් වන අවස්ථාවේ මීගමුව කදිරාන ප්‍රදේශයට කඩා වැටිණ. SCB 702 යනුවෙන් හැඳින්වූ මෙම යානය බැංකොක් නුවර සිට පැමිණ තිබිණ. මෙම අනතුරින් කාර්ය මණ්ඩලයේ 6 දෙනකුත් සමග පුද්ගලයින් 9 දෙනකු මරණයට පත්වූ අතර 5 දෙනකු තුවාල ලැබීය. නිවාස කීපයක් ද හානියට පත් විය. 2001 2001 ජූලි මස 24 වන දින කොටි ත්‍රස්තවාදීන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන ලද අතර මෙම ප්‍රහාරයෙන් ගුවන් හමුදාව සතු ගුවන් යානා 8 ක් ද ‘ශ්‍රීලන්කන්“ ගුවන් සමාගමේ ගුවන් යානා 4 ක් ද විනාශයට පත් විය. විනාශයට පත් වූ “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගමේ ගුවන් යානා අතර ශ්‍රී ලංකාවට මුලින් ම ගෙන ලද “එයාර්බස්“ 320 වර්ගයේ ගුවන් යානයද විනාශයට පත් විය. මෙම ප්‍රහාරයේ දී A340 වර්ගෙය් යානා දෙකක් ද, A330 හා A320 යානාවක් බැගින් ද විනෘශ විය. මුලින් ම ගෙන්වන ද ගුවන් යානය විනාශයට පෙර (4R-ABA) විනාශ වූ යානයක් 2002 ...

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VII කොටස

  මෙම ලිපියේ හයවන කොට මින් පෙර පළ විය   1986 1986 මැයි මස 3 වන දින ලන්ඩනයේ සිට සුරිච් හා ඩුබායි හරහා කොළඹට පැමිණ මාලදිවයින බලා පිටත් වීමට සුදානමින් තිබූ UL512 දරණ ලොක්හීඩ් “ට්‍රයිස්ටාර්“ වර්ගයේ “එයාර් ලංකා“ ගුවන් යානය ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක් වූ අතර එම ප්‍රහාරයෙන් යානය දෙකඩ වූ අතර මගීන් 21 දෙනෙකු මරණයට පත්විය. පසුව කරන ලද පරීක්ෂණ වලදී පැහැදිලි වූයේ එම බෝම්බය යානයේ භාණ්ඩ ප්‍රවාහන කුටියේ භාණ්ඩ සමග තිබූ බවයි. මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ ගුවන් යානා ලියාපදිංචි කිරීමේ ලේඛණයට ඇතුලත් කර තිබුණේ 4R-ULD යන නමිනි. 4R-ULD යානයේ 1983 දි ගත් ඡායාරූපයක් 4R-ULD යානයේ ප්‍රහාරයෙන් පසු 1986 නොවැම්බර් මස 22 වන දින ලෝකයේ පළමු සු පර් සොනික් ගුවන් යානා වර්ගයේ කොන්කෝර්ඩ් යානාවක් ඒවා භාවිතයෙන් ඉවත් කිරීමට පෙර ලොව වටා ගිය ගමනේ දී ශ්‍රී ලංකාවට ද පැමිණියේයය. කොන්කෝර්ඩ් යානයක් 1988 1988 වන විට ගුවන් තොටුපළේ සංවර්ධන කටයතු අවසන් වූ අතර නව පහසුකම් සමග වසරකට මගීන් මිලියන 3.5 ක් ධාරීතාවක් එයට දරා ගැනීමට හැකියාව ලැබිණ. නව ධාවන පථයද විවෘත කෙරිණ. ඒ සමගම පැරණි ධාවන පථය “ටැක්සි“ පථයක් ලෙස භාවි...

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VI කොටස

  මෙම ලිපියේ පස්වන කොටස මින් පෙර පළවිය 1979 1979 වර්ෂයේ දී “එයාර් සිලෝන්“ සමාගම විසුරුවා හරිනු ලැබූ අතර එම වර්ෂයේ ම සැප්තැම්බර් මස 1 වන දින සිට “එයාර් ලංකා“ සමාගම පූර්ණ රජයේ සංස්ථාවක් ලෙස පිහිටුවන ලදී. මෙහි මුල් කාලීන කළමණාකාරීත්වය සහ තාක්ෂණික සහාය “සිංගප්පූරු“ ගුවන් සමාගම මගින් සිදු වූ අතර ඔවුන් විසින් “බෝයිං 707-300“ යානා 2 ක් ද සපයන ලදී. එම සමාගමේ මුල්ම ගුවන් ගමන තායිලන්තයේ බැංකොක් වෙත සිදු කෙරිණ. එම වර්ෂයේම නොවැම්බර් මස දී “බෝයිං 737 – 200“ වර්ගයේ ගුවන් යානා දෙකක් “එයාර් ලංකා“ සමාගම විසින් කලාපීය ගුවන් ගමන් සඳහා යෙදවීමට බදු පදනම යටතේ ලබා ගන්නා ලදී.   1980 තවද 1980 වර්ෂය වන විට “එයාර් ලංකා“ සමාගමේ මෙහෙයුම් ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් ෆ්‍රැන්ක්ෆර්ට්, සුරිච්, පැරිස්, ලන්ඩන් (ගැට්වික්), බැංකොක්, සිංගප්පූරුව, ක්වාලාලම්පූර්, බහරේන්, ඩුබායි, බොම්බාය, මදුරාසිය හා මාලේ යන නගර වලට මෙහෙයුම් සිදු කරන ලදී. එම වර්ෂයේදී 1979 අංක 46 දරණ පණත මගින් “ගුවන් තොටුපළ අධිකාරිය“ පිහිටුවමින් එම ආයතනයට එතෙක් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව භාරයේ තිබූ සිවිල් ගුවන් තොටුපල නඩත්තුව හා සංවර්ධනය ...

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– V කොටස

මෙම ලිපියේ හතරවන කොටස මින් පෙර පළවී ඇත 1957 1957 නොවැම්බර් 01 වන දින එක්සත් රාජධානිය විසින් කටුනායක ගුවන් තොටුපල ලංකාවට භාරදෙනු ලැබූ අතර 1959 දී කටුනායක ගුවන් තොටුපලේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරනු ලැබිණ. කටුනායක ගුවන් තොටුපළ 1957/58 වර්ෂ වලදී 1960 1960 වර්ෂයේ දී ලංකාවේ පළමු දේශීය පෞද්ගලික ගුවන් සමාගම වන “උපාලි එයාර්“ අරඹන ලදී. 1961 1961 වර්ෂයේ දී අනුරාධපුරයට ගුවන් ගමන් පවත්වා ගනිමින් දේශීය ගුවන් ගමන් ආරම්භ කරන ලද බවට තොරතුරු සඳහන් වන අතර පසුව ගල් ඔය (අම්පාර), මඩකලපුව, ත්‍රිකුණාමලය ආදී ස්ථාන වලට මෙය ව්‍යාප්ත විය. 1963 1963 වර්ෂයේදී කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු ආරම්භ කරන ලදී. රාජකීය ගුවන් හමුදාව සතුව තිබූ මීටර් 1840 ක් වූ කටුනායක ගුවන් ධාවන පථය මීටර් 3350 ක් දක්වා දිගු කරනු ලැබූ අතර ඒ කැනේඩියානු ආධාර යටතේයි. මේ අවස්ථාවේදී පර්යන්ත ගොඩනැගිල්ල වර්ෂයකට මගීන් 150000 ක් මෙහෙය වීම සඳහා ඉඩකඩ ඇතිව සකස් කරනු ලැබිණ. අදටත් මීගමුව කොළඹ මාර්ගයෙන් ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගය කැනඩා මිත්‍රත්ව මාර්ගය ලෙස හඳුන්වන්නෙ මේ නිසාය. මේ අතර 1962 වර්ෂයේ දී “කේ. එල්. ...