Skip to main content

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VIII කොටස


මෙම ලිපියේ හත්වන කොටස මින් පෙර පළ වී ඇත

2000
2000 වර්ෂයේ දී මාර්තු මස 24 වන දින “ස්කයිකැබ්“ සමාගමට අයත් AN12 වර්ගයේ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට සූදානම් වන අවස්ථාවේ මීගමුව කදිරාන ප්‍රදේශයට කඩා වැටිණ. SCB 702 යනුවෙන් හැඳින්වූ මෙම යානය බැංකොක් නුවර සිට පැමිණ තිබිණ. මෙම අනතුරින් කාර්ය මණ්ඩලයේ 6 දෙනකුත් සමග පුද්ගලයින් 9 දෙනකු මරණයට පත්වූ අතර 5 දෙනකු තුවාල ලැබීය. නිවාස කීපයක් ද හානියට පත් විය.
image
2001
2001 ජූලි මස 24 වන දින කොටි ත්‍රස්තවාදීන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන ලද අතර මෙම ප්‍රහාරයෙන් ගුවන් හමුදාව සතු ගුවන් යානා 8 ක් ද ‘ශ්‍රීලන්කන්“ ගුවන් සමාගමේ ගුවන් යානා 4 ක් ද විනාශයට පත් විය. විනාශයට පත් වූ “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගමේ ගුවන් යානා අතර ශ්‍රී ලංකාවට මුලින් ම ගෙන ලද “එයාර්බස්“ 320 වර්ගයේ ගුවන් යානයද විනාශයට පත් විය. මෙම ප්‍රහාරයේ දී A340 වර්ගෙය් යානා දෙකක් ද, A330 හා A320 යානාවක් බැගින් ද විනෘශ විය.
image
මුලින් ම ගෙන්වන ද ගුවන් යානය විනාශයට පෙර (4R-ABA)
image
විනාශ වූ යානයක්
2002
මෙම කාලය වන විට සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා කර්මාන්තය නියාමනය කරමින් සිටිමුත් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයකින් පසු තව දුරටත් ඵලදායි ලෙස කර්මාන්තය නියාමනය කිරීමට නම් වඩා ස්වාධින ආයතනයක් පිහිටුවිය යුතු බවට රජයට නිර්දේශ කරනු ලැබීය. ඒ අනුව 2002 අංක 34 දරණ පණතින් එතෙක් පැවති සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව වෙනුවට “සිවිල් ගුවන් සේවා අධිකාරිය “ පිහිටුවන ලැබීය. එම පිහිටුවීමත් සමගම සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සතුව තිබූ සියළු කාර්යයන් හා දේපල එම නව අධිකාරියට පවරන ලදී.
2003
2003 වර්ෂයේ දී ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයවන ලද මගීන් සංඛ්‍යාව 3,000,000 ඉක්මවන ලද අතර භාණ්ඩ මෙට්‍රික් ටොන් 112 ක් ද යානා මෙහෙයුම් 22500 ද ඉක්මවීය.
 
2004
2004 වර්ෂයේ දී තවත් වරක් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සුරක්ෂිතතාවය පිළිබඳව විගණනයක් සිදු කරන ලදී. එම වර්ෂයේ මගී මෙහෙයුම් 4,000,000 ක්ද භාණ්ඩ මෙට්‍රික් ටොන් 152 ක් සහ යානා මෙහෙයුම් 30000 ක් ද ඉක්මවීය.
“ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම විසින් 2004 වසරේ දී ප්‍රථම වරට “එයාර් ටැක්සී“ නමින් ජලචර ගුවන් යානා මෙහෙයුම් නම් කරන ලද අභ්‍යන්තර ජලශ වලට ආරම්භ කරන ලදී. නමුත් ආරක්ෂක හේතුන් මත වසර 3 ට පසුව මෙම මෙහෙයුම් නවතා දමන ලදී. මෙම මෙහෙයුම් සඳහා භාවිතා කරන ලද්දේ “ට්වින් ඔටර් ටර්බො ප්‍රොප්“ වර්ගයේ ගුවන් යානා වූ අතර වික්ටෝරියා, පොල්ගොල්ල යන ජලාශත්, කැළණි ගඟ සහ බෙන්තර ගඟත් මුල් අවධියේ දී මේ සඳහා භාවිතා කරන ලදී.
 
2005
මෙම කාලය වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් යානා සඳහා “ගුවන් පාලම්“ (Aerobridges) නොතිබූ අතර 2005 වර්ෂයේ නොවැම්බර් මස 15 වන දින වන විට “ගුවන් පාලම්“ 8 ක් සහිතව මගී පර්යන්තයක් ගුවන් තොටුපල ව්‍යාප්ත කිරීමේ පළමු අධියර වශයෙන් ඉදි කර විවෘත කරනු ලැබීය. එමගින් ගුවන් යානා වලට වඩා කාර්යක්ෂම සේවාවක්ද, මගීන් සඳහා සුවපහසු හා ආරක්ෂාකාරී සේවාවක් ද සැපයීමට හැකියාව ලැබිණ.
image
නව ගුවන් පාලම් ගුවනට පෙනෙන අයුරු
image
ඇතුළත දර්ශණයක්
2006
2006 වසර වන විටත් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය “එමිරේට්ස්“ ගුවන් සමාගමේ කළමණාකරණය යටතේ තිබූ බැවින් පූර්ණ වශයෙන්ම රජය සතු ආයතනයක් නොවීය. එම ගිවිසුම අවසන් වීමට තවත් වසර කීපයක් ඉතිරි වී තිබූ හෙයින් රජයට නව ගුවන් සමාගමක අවශ්‍යතාවය දැනෙන්නට විය. ඒ අනුව නව සංකල්පයක් අනුව සහ ජනතාවවට වඩා සහනදායි සේවාවක් ලබා දීමට හැකියාව ඇති වන නව “පිරිමැසුම්දායි ගුවන් සේවාවක් “ (Budget Airline) “මිහින් ලංකා“ (Mihin Lanka) නමින් ඇරඹීම 2006 ඔක්තෝබර් මස 27 වන දින සිදු විය. මෙය පූර්ණ ලෙසම රජය සතු පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි විය. ඉන්පසු එම සමාගමට බලපත්‍ර සහ ගුවන් යානා ලබා ගැනීමේ කටයුතු සිදු කරන ලදී.
image
image

2007

2007 අප්‍රේල් මස 24 වන දින මිහින් ලංකා සමාගම මුල්ම වාණිජ ගුවන් ගමන ආරම්භ කරන ලදී. ඉන්දියාව සහ ඩුබායි වලට මුල්ම මෙහෙයුම් දියත් කරන ලද අතර “එයාර්බස් 320“ වර්ගයේ යානාවක් ඒ සඳහා යොදා ගන්නා ලදී. මිහින් ලංකා සමාගමේ මූලික අරමුණ වූයේ වැඩි පහසුකම් සහිත අඩු මිළ සේවාවක් සැපයීමයි.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න






















Comments

  1. හනී ගුවන් සේවා නං අපිට ගේන සනීපෙ කියලා නිම කරන්න බැහැ..

    ReplyDelete
  2. දැන් ටිකක් එක්ස්ප්‍රස් කෝච්චියෙ යනව වගේ නේද? කමක් නෑ කමක් නෑ දිගටම ලියමු.

    ReplyDelete
  3. ලිපි සෙට් එකම බලාගෙන ආව. නියම විස්තර ටිකක්නෙ තියෙන්නෙ.

    මිහින් ලංකා ‍එකේ බජට් එක අපේ කරපිටිංද දන්නෑ යන්නෙ. :D

    ReplyDelete
  4. අර ස්කයිකැබ් එක වැටුනෙ කොටි ප්‍රහාරයකින් නෙමේද ? මට නිකන් එහෙම මතකයක් තියනවා..

    කටුනායක Aerobridges කීයක් තියනවද ?

    මිනිහ් ලංකා යානා හෙන පරණ ඒවා කියලා කියනවා. ඇත්තද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. නැහැ සෙන්නා ඒක ඉන්ධන අවසන් වීම නිසා වුණ අනතුරක්.මේ ලින්ක් එකෙන් වැඩි විස්තර බලන්න.

      http://aviation-safety.net/database/record.php?id=20000324-0

      මේකෙ රිපෝට් එක ලැබුණම දාන්නම්.

      එයරෝබ්‍රිජස් 8ක් කටුනායක දැනට තියෙනවා. මත්තල 2ක් දැනට තියෙනවා.

      ලංකාවෙ තියෙන ඒවා සේරම පරණ ඒවා. ඒත් “හෙණ“ පරණ ඒවා නෙමේ. අවුරුදු 15 ක් විතර වෙනවා. නමුත් ආරක්ෂාව සඳහා වන නඩත්තුව උපරිමයට තියෙනවා. භය වෙන්න දෙයක් නෑ.

      Delete
  5. හොද ලිපියක්.අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  6. ඔන්න අදත් ලිපිය කියෙවුවා

    ReplyDelete
  7. niyama information tika.math kamathiy pilot kenek wenna.wenne kohomada kiyannako?

    ReplyDelete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු ක

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුප