Skip to main content

Posts

Showing posts with the label ගුවන් තොටුපළ

පවුලිස් අප්පුහාමි

සරම ඇඳලා කොණ්ඩෙ බැඳලා ප්ලේන් පැදපු අත්තනගල්ලේ පදිංචිව සිටි පවුලිස් අප්පුහාමි නොහොත් උක්කු මහත්තයා එදා රත්මලාන ගුවන් තොටුපොළට ගියේ ගුවන් යානා ඉහළට නංවන හා පහත බස්සවන හැටි දැකබලාගැනීමට කැමැත්තෙන් සිටි ලොකු පුතා විජිත කුමාරට ඒවා පෙන්වීමටය. එහෙත් ගුවන්යානා සමීපව දුටු වනම ඒවා කෙරෙහි දැඩි ලෙස ආසක්ත වූ පවුලිස් අප්පුහාමිට ‍ෙදාළක් ඇතිවූයේ ගුවන් යානා පැදවීමටය. 1952 අගෝස්තු මාසයේ දිනක් වූ එදාම පවුලිස් අප්පුහාමි රත්මලාන ගුවන් පුහුණු ආයතනයේ පුහුණුකරුවකු වෙත කිට්ටු වූයේ තම ආශාව ඉටුකර ගැනීමට හැකිවේ දැයි විමසීමටය. 'මට ගුවන් යානයක් පදවන්න ආසයි. මටත් උගන්වන්න පුළුවන්ද?' පුහුණුකරු වෙත ඉතා බයාදු ලෙස ළං වූ පවුලිස් අප්පුහාමි විමසා සිටියේ ලැජ්ජාශීලීවය. ගුවන්යානා පැදවීම පුහුණුකරන ලෙස තමාගෙන් ඉල්ලා සිටින මෙම තැනැත්තා දෙස පුහුණුකරු හොඳින් බැලුවේය. පුහුණුකරු දුටුවේ කමිසයකින්, කෝට් එකකින් සහ සරමකින් සැරසුණු ගමේ මුදලාලි කෙනෙක් වන් පුද්ගලයකු තමා ඉදිරියේ සිටින බවයි. ඒ මදිවාට ඔහුගේ වැවුණ හිසකෙස් එකතුකොට හිස පිටුපස කොණ්ඩයක්ද බැඳ තිබිණි. මේ ගමරාලට අහස් යානා පැදවීම පුහුණු කරන්නේ කෙස...

නග්ගන්න බස්සන්න තියෙන දිගම, කොටම සහ උසම ඒවා (The Highest, Longest and Shortest Runways in the World)

අපේ ගුවන් තොටුපලේ තියෙන ධාවන පථය මීටර 3300 ක් විතර දිගයි. මුහුදු මට්ටමේම තමයි පිහිටලා තියෙන්නෙ. දැන් මේකට ලෝකෙ තියෙන ලොකුම ගුවන් යානයටත් එන්න පුළුවන් කියලා දන්නවානෙ.  ලෝකයේ භුවිෂමතාවය සහ අවශ්‍යතාවය අනුව ගුවන් තොටුපළවල් විවිධ ස්ථාන වල පිහිටුවා තියෙනවා. ඉතින් අද මම කියන්නෙ ලෝකයේ දිගම, උසම සහ කෙටිම ගුවන් ධාවන පථ මොනවද කියලා. අපි මුලින්ම බලමු දිගම සහ උසම එක. මේ ස්ථාන දෙකම හිමිවන්නෙ එකම ගුවන් ධාවන පථයකට. ඒ තමයි චීනයේ ටිබෙට් දේශයේ තියෙන කැම්ඩෝ බැම්ඩා ( Qamdo Bamda Airport) නැති නම් චන්ග්දු බණ්ග්ඩා ( Changdu Bangda Airport ) ගුවන් තොටුපළේ ධාවන පථය. මේ තියෙන්නෙ එහි චන්ද්‍රිකා ඡායාරූපයක් ඔන්න ගුවන් යානයකුත් ඇවිල්ලා. පහසුකම් අඩුයි. බැහැලා පයින් තමයි යන්න වෙන්නෙ. මෙම ගුවන් තොටුපළ මුහුදු මට්ටමේ සිට මීටර 4334 ක් ඉහළින් පිහිටා තිබෙන අතර දැනට ලෝකයේ ඉහළින්ම පිහිටා තිබෙන සිවිල් ගුවන් ධාවන පථයයි. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයෙන් මේ ගුවන් තොටුපළට ලබා දී ඇති කේතය ZUBD  වන අතර ජාත්‍යන්තර ගුවන් පුවාහන ආයතනයෙන් ලබා දී ඇති කේතය වන්නේ BPX ය. මෙය ලෝකයේ දිගම ගුවන් ධාවන පථයද වන අතර ද...

ප්‍රථම වරට ලෝකයේ විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය A380 කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබායි. (World’s Largest Passenger A380 Aircraft First Time in Sri Lanka)

ඔබ දන්නවානෙ දැනට ලෝකයේ තියෙන විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය වන්නේ එයාර් බස් සමාගමේ A380 වර්ගයේ ගුවන් යානයයි. පිරිමැසුම් පන්තියේ (Economy Class) ආසන 800 ක් පමණ මෙහි සවි කළ හැකියි. ව්‍යාපාරික පන්තියේ ආසනත් සමග මගීන් 550 ක් පමණ ගෙන යා හැකියි. දැනට ලෝකයේ විශාල ගුවන් සමාගම් වන එමිරේට්ස් (Emirates), සිංගප්පූර් එයාර්ලයින්ස් (Singapore Airlines), කොන්ටාස් (Qantas) වැනි ගුවන් සමාගම් මේ යානා භාවිතා කරනවා. අපේ ගුවන් තොටුපල මේ ගුවන් යානය ගොඩබෑම සඳහා පසුගිය කාලයේ සූදානමක් කළ අතර යම් යම් තත්ව යටතේ මේ දැවැන්ත යානය ගොඩ බෑමට හැකියාව දැන් තිබෙනවා. ගුවන් පථයේ දිග හා පලල ආදිය විශේෂයෙන් මේ සඳහා බලපානවා. මේ සම්බන්ධයෙන් ලිපිය මෙතනින් බලන්න. කෙසේ වෙතත් පසුගිය ජනවාරි 9 වන දින අළුයම හදිසියේ මේ දැවැන්ත යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩ බානු ලැබුවා. මේ පහල තියෙන්නෙ ඒ සම්පුර්ණ වීඩියෝ ක්ලිප් එක. ගුවන් ධාවන පථයේ දිග අඩු නිසා (යානයට ගැලපෙන පරිදි) සාමාන්‍ය තත්වයන්ට වඩා තිරිංග යෙදීමට සිදුවූ අතර ඉන්පසුව නැවැත්වීම සඳහා ගෙන ඒමේදී පිටත එන්ජින් ක්‍රියා විරහිත කිරීමට සිදු වී තිබෙනවා. ඒ වගේම වැඩිපුර තිරිංග යෙදීම නිසා රත්ව...

ගුවන් තොටුපලෙන් එන්නේ මෙහෙමයි.

මීට පෙර පළ කරපු ලිපියේ සදහන් කළා මගියෙක් කොහොමද ගුවන් තොටුපළට ඇතුළු වෙලා ගුවන් යානයකට ගොඩ වෙලා ගමන් කරන්නේ කියලා. අද මේ ලිපියෙන් බලමු විදේශයක සිට පැමිණෙන මගියෙක් ගුවන් තොටුපලෙන් පිට වෙන්නේ කොහොම ද කියලා.  ගුවන් යානය ගුවන් තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ලේ නවතා අවසන් වී ගුවන් සේවිකාවන් විසින් මගින් ට බැසීමට සුදානම් වන ලෙස දන්වන තෙක් මදක් ගුවන් යානයේ රැඳී සිටින්න. ඉන්පසුව තමන්ගේ ගමන් මල්ල (උඩ රාක්කයේ තැන්පත් කළ)  පරිස්සමින් රැගෙන ගුවන් සේවිකාවන් පෙන්වන දොරෙන් හෝ තමන්ගේ ආසනයට ආසන්නම දොරෙන් පිට විය යුතුයි. යානය ගුවන් තොටුපළට සම්බන්ධ කර ඇති අවස්ථාවකදී නම් කෙළින්ම පර්යන්තයට පිවිසිය හැකියි. ඒ “එයරෝ බ්‍රිජ්“ මගින්. පහත රූපය බලන්න. එහෙම නැති නම් පුළුවන් පඩි පෙළකින් බැහැලා එතන සිට පර්යන්ත ගොඩනැගිල්ල දක්වා බස් රථයකින් පැමිණෙන්න. ඔය පහළ තියෙන්නෙ ඒ වගේ ඡායාරූපයක්. මේ වාහනය සහිත පඩිපෙළට කියන්නෙ “ස්ටෙප් ලැඩර්“ කියලා. ඔය මොන විධියෙන් හරි  ගුවන් යානයෙන් එළියට ඇවිත් පරියන්තයේ ඇවිදින කොට ඉස්සරලාම හමු වන්නෙ ආගමන විගමන කවුළු. මේ ස්ථානයේදී තමන්ගේ ගමන් බලපත්‍රය ඉදිරිපත් කර අවශ්‍ය ලියවිලි මගින්...

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැ...

අඩු මිල ගුවන් මෙහෙයුම් පර්යන්ත Budget Terminals

සාමාන්‍ය ගුවන් සේවා මෙහෙයුම් පවත්වාගෙන යනු ලබන ගුවන් තොටුපල වල ගුවන් යානා මෙහෙයුම් සඳහා එම ගුවන් තොටුපළ විශාල මුදලක් අය කරයි. ගුවන් යානාවේ වර්ගය අනුව සහ එහි ගුවන් ගත වන අවස්ථාවේ බර අනුව (MTOW – Maximum Takeoff Weight) මෙම මුදල තීරණය කරනු ලබයි. මෙම මුදල් ප්‍රමාණය වැඩි නම් ගුවන් සමාගම් එම ගුවන් තොටුපළට මෙහෙයුම් කිරීමට මැළි කමක් දක්වයි. මීට අමතරව තවත් විවිධ අය කිරීම් මෙහෙයුම් සම්බන්ධව තිබේ. මීට අමතරව නව ප්‍රවණතාවක් වන්නේ මිළ අඩු ගුවන් සමාගම් (Low Cost Carriers – LCC) බිහි වීමයි. ලංකාවේ මිහින් ලංකා ගුවන් සමාගම (Mihin Lanka Ltd) , එයාර් ඇරබියා ගුවන් සමාගම (Air Arabia) , එයාර් ඒෂියා ගුවන් සමාගම (Air Asia) , ටයිගර් ගුවන් සමාගම (Tiger Airways) ආදිය උදාහරණ ලෙස දැක්විය හැක. මේවා‍යේ මෙහෙයුම් වියදම් අවම කර ගනිමින් පාරිභෝගිකයාට අඩුම මිළට ගුවන් ටිකට්පත් සපයනු ලබයි. මෙම මෙහෙයුම් කරනු ලබන අඩු මිළ ගුවන් සමාගම් වල අවශ්‍යතාවයක් වූයේ තම මෙහෙයුම් වලට ගැළපෙන අඩු මිළ ගුවන් මෙහෙයුම් පර්යන්ත (Budget Terminals) ලබා ගැනීමයි. මෙම තත්වයට ප්‍රතිචාර දැක්වූ සමහර රටවල් අඩු මිළ ගුවන් මෙහෙයුම් පර්යන්ත සකස් කළ අ...