බෝයිං සමාගමේ බෝයිං 747 වර්ගයේ 1500 වන යානය

image

බෝයිං 747 ජම්බෝ ජෙට් යානය සුවිශේෂි ගුවන් යානයකි. වසර ගණනාවක් යන තුරු මහල් දෙකකින් සමන්විත ගුවන් යානය බවට පත් වූයේ මෙම යානයයි. 1969 සිදු වූ එහි පළමු ගුවන් ගමනේ සිට එය වෙනස් වී ඇත්තේ සුළු වශයෙනි. අළුතින් එළි දක්වා ඇති 747-800 යානය 747-400 යානයට ම සමාන වුවත් එහි වැදගත් වෙනස්කම් දක්නට ලැබේ. 2014 ජූනි මස 28 වන දින බෝයිං සමාගම 1500 වන 747 යානය ලුෆ්තාන්සා සමාගමට ලබා දුන්නේය.

image

Lufthansa සමාගම සතු 1500 වන 747-800 යානයේ ව්‍යාපාරික පන්තිය

747 වැඩසටහනේ සාමාන්‍යාධිකාරි සහ උප සභාපති එරික් ලින්ඩ්බෑඩ් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙම නව 747-800 ගුවන් යානය 747-400 ගුවන් යානයෙන් වෙනස් වනවා පමණක් නොව මෙම 70 වන 747-800 යානය එහි මුල් යානයට වඩා ඉතාමත් කාර්යක්ෂම බවයි.

1970 වර්ෂයේ දී “පෑන්-ඇම්“ සමාගමට මුල්ම 747 ගුවන් යානය ලබා දුන් අතර 1981 දී “ස්කැන්ඩිනේවියන්“ ගුවන් සමාගමට 500 වන ලබා දුන්නේය. 1993 දී සිංගප්පූරු ගුවන් සමාගමට 1000 වන ගුවන් යානය ලබා දීමට බෝයිං සමාගමට හැකි විය. 2014 දී 1500 වන යානය ලුෆ්තාන්සා සමාගමට ලබා දුන් අතර සාමාන්‍යයෙන් මේ කාලසීමාවන් සළකා බැලීමේ දී වසර 10 ට වරක් පමණ යානා 500 ක් නිපදවා තිබෙන බව පෙනේ.

747-800 යානා ගුවන් සමාගම් 8ක් පමණ භාවිතා කරන අතර ගුවන් තොටුපලවල් 150 කට පමණ මෙහෙයුම් සිදු කරයි. ගුවන් පැය 385000 ක් පමණ දැනට පියාසර කර ඇත.

image

1981 දී ස්කැන්ඩිනේවියන් ගුවන් සමාගම සතු වූ 500 වන බෝයිං 747 යානය

බෝයිං සමගම විසින් 747-800 යානයේ මෙහෙයුම් වියදම් එය හඳුන්වා දීමේ සිට 3.5% ක දක්වා වර්ධනය කර ඇත. එම අගය ඉතා කුඩා වුවත් මුදලින් ගත් කල වසරකට එක් ගුවන් යානයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.94 ක පමණ ඉතිරියකි. 747-800 යානය 747-400 යානයට වඩා 16% ක ඉන්ධන කාර්යක්ෂමතාවකින් යුක්ත වන අතර එය වසරකට එක් යානයකින් ඇමරිකානු ඩොලර් මිලියන 8.8 ක ඉතිරියකි.

image

1993 දී සිංගප්පූරු ගුවන් සමාගම සතු වූ 1000 වන බෝයිං 747 යානය

මෙම කාර්යක්ෂමතාව ලබා ගැනීම සඳහා ගුවන් යානයේ ගගන නාවික ලක්ෂණ වල වැඩි දියුණු කිරීම් මෙන්ම ගුවන් යානයේ අමතර ඉන්ධන ටැංකියක් ඇතුලත් කිරීමත් සිදු කර ඇත. ඒ වගේම යානයේ බර කිලෝ 3500 කින් පමණ අඩු කර ඇත.

image

747 වන බෝයිං 747 යානය

බොහෝ දෙනෙක් බෝයිං 747 යානයේ ඉදිරි පැවැත්ම පිළිබඳව ප්‍රශ්ණ කරයි. නිෂ්පාදන ඇණවුම් නොමැතිව මෙම යානා ව්‍යාපෘතිය පවත්වා ගත හැකිද? මේ සම්බන්ධයෙන් සෘජු පිළිතුරක් ලබා නොදෙන බෝයිං සමාගම ඉඟියක් දෙමින් සඳහන් කරන්නෙ ඉදිරි මාස කිහිපය තුළ නව පාරිභෝගිකයින් ඇති වනු ඇති බවයි.

image

1500 වන බෝයිං 747 යානයේ නියමු කුටිය

 

20 comments:

  1. දිගටම ලියහන්. කියවන්න මිනිස්සු ඉන්නව.

    ReplyDelete
    Replies
    1. අනිවා ලියනවා.......ස්තුතියි

      Delete
  2. Boing 747-800 guwanyanaya godabana guwanthotupalawal 150 n shuwarekatama ape MATHTHALA J..GU.. thotupalath ethulath ethi.(Desha premiya)

    ReplyDelete
  3. ලේසියෙන් ඇස ගැටෙන්නේ නැති තොරතුරු මෙහෙම සරලව ලබාදෙනවට ස්තූතියි ඔබට!

    ReplyDelete
    Replies
    1. හ්ම්...ආවට පින් මේ පැත්තෙ

      Delete
  4. මරු නේ බං...තැන්කුයි. අර අශාන්ත කිව්ව වගේ උඹ මේ ලියන ඒවා අපි කියවනවා..

    බෝයිං වල මොකක් හරි අවුලක් තියේද බං.. දිගටම පොඩි කතන්දර වගයක් තිබුන නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනෙබං මම ලියන්නෙ.... බෝයිං 787 අවුලක් තිබුණා. දැන් රෙක්ටිෆයි කරලා. හොඳට ෆ්ලයි කරනවා. එයාර් බස් 380 ත් අවුලක් තිබුණා. ඒකත් හරි.
      වෙලා තියෙන්නෙ තරඟෙයි අළුත් තාක්ෂණ හඳුන්වා දීමයි නිසා ඉතින් නිෂ්පාදන අවුල් තියෙනවා. ඒත් ඉතින් ඒවා හදාගෙන එළියට එනවා. මේවා හැම මොඩ්ල් එකේම තියෙනවා. අර ටොයොටා හයිබ්‍රිඩ් වගයකුත් රිකෝල් කරලා තිබුනෙ.

      Delete
    2. ඒත් ඉතිං බොලා තාම ඇමිඇච් 370 හොයාගත්තේ නෑනේ..

      Delete
    3. හොයන්න ඉස්සර තව එකක් ගියා ඔන්න

      Delete
  5. ඔව්. ප්ලේන් ගැන සිංහලෙන් දැන ගන්න නම් ඉතින් මේක තමා.
    ඒක නෙමෙයි - උඩට ගන්නයි, පහලට ගන්නයි ඇයි ප්ලේන් එකකට මෙච්චර බටන්?

    ReplyDelete
    Replies
    1. උඩට ගන්නෙත් නැති, පහලට ගන්නෙත් නැති කාර් වල කොච්චරක්නම් කියල බටොන් තියනවද ? ගෙදර නිකන්ම තියන ටීවී එකේ කොච්චර බටොන් තියනවද ? එහෙම බලපුවම උඩට පහලට ගන්න මේ බටොන් ගාන මදි වගේ මටනම්...

      Delete
    2. බුද්ධියා ඒවා තියෙන්නෙ පයිලට්ට සින්දු අහන්නයි ගෙදරට කථා කරන්නයි. (හී හී හී)
      සෙන්නා ඒක නම් ඇත්ත.

      Delete
  6. ගුවන් යානා පිලිබඳ තොරතුරු ඇතුලත් එකම බ්ලොග් එක මෙය නිසා මෙය සුවිශේෂී බ්ලොග් එකක් හැටියට සලකනවා . ඔබේ ලිපි තුලින් අප ලබාගත් දැනුම බොහොයි. සෑම ලිපියකටම කමෙන්ට් නොකලත් කියවනවා.

    ReplyDelete
    Replies
    1. කෙමෙන්ට් නොකරත් එන එක කියවන එක වටිනවානෙ ගිමා

      Delete
  7. ඉෂාර ඔන්න මම දැනුයි දන්නේ මේ වෙනකල් 747 හදලා තියෙන්නේ 1500යි කිව්වාම. මම හිතුවේ ඊට හූඟාක් වැඩියි කියලා. ඇයි මචං, ඕනෙම air disaster ‍ෆිල්ම් එකක් ගත්තොත් කතාවට අදාල වෙන්නේ ජම්බෝ ජෙට් එකක්. කොටින්ම ප්ලේන් එකක් නම් ඒක 747 එකක් තමයි බොහෝ වෙලාවට. 747 කියන්නේ හොලිවුඩ් වල ජනප්‍රියම ප්ලේන් නළුවා මම හිතන්නේ. ඒකයි තාම 1500යි හදලා තියෙන්නේ කිව්වාම පුදුම හිතෙන්නේ.

    ඉෂාර මට පුදුමාකාර දොළදුකක් තියෙනවා මචං Concorde එකක යන්න. ආයේ සුපර්සොනික් හදන්න යනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔහොම කථාවක් තියෙනවා. ඒත් ඉතින් වෙයි ද දන්නෙ නෑ. සුපර් සොනික් ගැන මරු විස්තර ටිකක් තියෙනවා වෙලාව ලැබෙන හැටියට ලියන්නම්. බලලාවත් සැනසෙන්න

      Delete
  8. බෝයිං = අනතුරක් අත ළඟ.. මටනම් හිතෙන්නෙම එහෙමයි...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඊයෙත් එකක් බිම දාගෙන

      Delete
    2. ඒකනෙ අප්පා කියන්නෙ...

      Boeing + MH = Disaster :D

      Delete
  9. කාලෙකට පස්සේ post එකක්.. :) දකින්නත් සතුටුයි.... :) අර boeing = crash කියන කතාවනම් ඇත්ත තමා..... ගොඩක් ආසාවෙන් කියවන බ්‍ලොග් එකක්.... :) දිගටම ලියන්න..... (y)

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....