Jet Lag “ජෙට් ලැග්“ යනු කුමක් ද? එය ඇති වන්නේ ඇයි? එයින් අත් මිදෙන්නේ කෙසේ ද?

Jet-lag_man

“ජෙට් ලැග්“ යන්න “වේලා කලාප වෙනස් වීමේ සින්ඩ්‍රෝමය“ (Time Zone Change Syndrome) ලෙස ද “ඩිසින්ක්‍රොනොසිස් (Desynchronosis)“ ලෙස ද හඳුන්වයි. මෙම රෝගී තත්වය ඇති වන්නේ ඉතා වේගයෙන් වැඩි දුරක් නැගෙනහිර සිට බටහිරට හෝ බටහිර සිට නැගෙනහිරට ජෙට් ගුවන් යානයක ගමන් කිරීමේ දී ය. මෙම තත්වය ඇති වීමට හේතු වන්නේ අප ශරීරයේ දෛනික රිද්මයේ (Circadian Rhythms)වෙනසක් සිදු වීම හේතුවෙන් ඇති වන කායික විද්‍යාත්මක තත්වයේ අවුල් සහගත තත්වයක් ඇති වීම නිසා වෙනි. එනිසා ම එය දෛනික රිද්මයේ අක්‍රමිකතාවක් ලෙස හඳුන්වයි. මෙම රෝගී තත්වයේ බරපතළ බව වැඩිපුර දැකිය හැකි වන්නේ නැගෙනහිරට ගමන් කරනවාට වඩා බටහිරට ගමන් කිරීමේ දී ය.

දෛනික ශාරීරික රිද්මය - පැය 24 ක දිනයක දී අප ශරීරයේ සිදු වන ජීව විද්‍යාත්මක, කායික විද්‍යාත්මක සහ හැසිරීම් ක්‍රියාවලියේ චක්‍රය මෙලෙස හඳුන්වයි. සරල ව සඳහන් කරන්නේ නම් එය අපගේ “ශරීර ඔර්ලෝසුවයි“. අපගේ දෛනික ශාරීරික රිද්මය මෙහෙයවනු ලබන්නේ අභ්‍යන්තර වේලා වන් තබා ගැනීමේ පද්ධතියක් මගිනි. ශරීර අභ්‍යන්තරයේ පවතින මෙම ක්‍රියාවලිය බාහිර පරිසරයේ සිදු වන ආලෝකය වෙනස් වීම ආදී කරුණු වලට අනුරූපී ව සිදු වේ. තවත් පැහැදිලි කරන්නේ නම් මෙම දෛනික ශාරීරික රිද්මය අපගේ නිදා ගැනීම, ආහාර ගැනීම, අවදි වීම ආදී කටයුතු වලින් පාලනය වේ. මෙම අභ්‍යන්තර චක්‍රය ට බලපාන බාහිර සාධක වෙනස් වීම නිසා “ජෙට්ලැග්“ තත්වය ඇති වේ.
“ජෙට් ලැග්“ තත්වය පවතින විට නිදා ගැනීම- අවදි වීම ආදියට බාධා පැමිණේ. ශරීරයේ සමබරතාව සුළු වශයෙන් හෝ බිඳී ඇති බව දැනීම, අලස ගතිය සහ නුරුස්සනා ස්වභාවය සහ විඩාපත් ගතිය මෙම රෝගී තත්වයේ ලක්ෂණයි. වැඩි වේලා කලාප ගණනක් පසු කරන්නේ නම් මෙම තත්වය වැඩි වශයෙන් ඇති වේ.

මෙම රෝගී තත්වය ඇති වීමට බලපානු ලබන්නේ හයිපොතැලමසට පහතින් තිබෙන “සුප්‍රාකියස්මැටික්“ (Suprachiasmatic) ස්නායු ව්‍යුහයේ ඇති වන බාධා වන් නිසා බව වොෂින්ටන් සරසවියේ සිදු කළ පර්යේෂණයක සඳහන් වේ.

මෙම රෝගී තත්වය හඳුන්වන “ජෙට්ලැග්“ යන්න ඕනෑම භාෂාවකට අළුත් වචනයකි. හේතුව වසර 80 ක් තරම් අතීතයට පෙර පුද්ගලයින් වේලා කලාප අතර මෙතරම් වේගයෙන් ගමන් නො කළ නිසා මෙවන් තත්වයක් ඇති නො වීමයි. එලෙස ම ඒ කාලයේ ජෙට් ගුවන් යානා ද තිබුණේ නැත. එනිසා මෙම වචනය ලෝකයේ සියලු භාෂා වලට අළුත් වචනයකි.

වැඩිහිටි පුද්ගලයින් ට මෙම තත්වය වඩා බරපතළ ලෙස බලපාන නමුත් ලා බාල අයට මෙය එතරම් තදින් බලපාන්නේ නැත. වැඩිහිටියන්ට වඩා ඉක්මනින් ලා බාල පුද්ගලයින් මෙම රෝගී තත්වයන් ගෙන් මිදේ.

“ජෙට්ලැග්“ සඳහා වන හේතු කාරණා මොනවා ද?

අප වේලා කලාප බොහෝ ගණනක් පසු කරමින් දිවා කාලය හා රාත්‍රිය උදා වීමේ සාමාන්‍ය ක්‍රමයට පටහැණි ආකාරයට ගමන් කරන්නේ නම් අපගේ ශරීරයේ ජෛව විද්‍යාත්මක ඔර්ලෝසුව සමමූර්තකරණය (synchronization) සිදු වීමට බාධා පැමිණේ. අපගේ දෛනික රිද්මය, නිදා ගැනීම අවදි වීමේ රටාව, ආහාර ගැනීමේ රටාව ආදිය අවුල් වේ. ඒ වගේ ම මෙම පාරිසරික තත්වයන් වෙනස් ආකාරයෙන් දැනීම නිසා ශරීරයේ හෝමෝන වෙනස් වීම ආදිය ද සිදු වේ. සමහර අවස්ථාවල අප ශරීරයේ උෂ්ණත්වය වෙනස් වීම ආදිය ද සිදු විය හැක. මෙම තත්වයන් සියල්ලට ම නිවැරදිව මුහුණ දීමට හැකියාව ලැබෙන තෙක් අප “ජෙට්ලැග්“ තත්වයට පත් වී සිටී.

වේලා කලාප අතර ගමන් කිරීම නිසා, විශේෂයෙන් උතුරු අර්ධගෝලයේ සිට දකුණු අර්ධගෝලයට ගමන් කිරීමේ දී අමතර ගැට‍ළු වලට ද මුහුණ දීමට සිදු වේ. ශරීරයට වෙනස් වීමට සිදු වනවා පමණක් නොව සමහර විට සෘතු වෙනස් වීම ද සිදු විය හැක. මේ නිසා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම ආදිය ද සිදු විය හැක.

එකම වේලා කලාපයේ ගමන් කරන්නේ නම් මෙම “ජෙට්ලැග්“ තත්වය ඇති නොවේ. උදාහරණයක් ලෙස ඇමරිකාවේ චිකාගෝ නගරයේ සිට චිලී රාජ්‍ය යේ සන්තියාගෝ දක්වා ගමන් කරන්නේ නම් “ජෙට්ලැග්“ තත්වය ඇති නොවේ. එයට හේතුව එකම වේලා රේඛාවක ගමන් කිරීමයි. එහෙත් ඇමරිකාවේ ම නැගෙනහිර වෙරළේ සිට බටහිර වෙරළට ගමන් කරන්නේ නම් “ජෙට්ලැග්“ තත්වය ඇති වේ.

එක් අයෙක් පමණක් වේලා කලාප කිහිපයක් පසු කරන්නේ නම් ද “ජෙට්ලැග්“ තත්වයක් ඇති නොවේ.
ප්‍රවීණයින් පවසන ආකාරයට පරිසරයේ තිබෙන ඔක්සිජන් මට්ටමත් “ජෙට්ලැග්“ තත්වයත් අතර සම්බන්ධතාවක් පවතින බවයි. ගුවන් යානයක් ඉහළින් ගමන් කරන විට එහි පීඩනය මුහුදු මට්ටමේ පීඩනයට වඩා පහළ මට්ටමක පවතින අතර එහි ගමන් කරන්නන්ගේ මොළයට ගමන් කරන ඔක්සිජන් ප්‍රමාණය ද අඩුවේ. මෙම තත්වය නිසා ඔවුන් යම් උදාසීන බවකට පත් කරන අතර එය ද “ජෙට්ලැග්“ තත්වයේ ලක්ෂණ තීව්‍ර කිරීමට බලපානු ලබයි. මගියා හෘද රෝග ආදියෙන් පෙළෙන්නේ නම් මෙම තත්වය තවත් බැරෑරුම් වේ. කෙසේ වෙතත් මෙම අවස්ථාවල “ජෙට්ලැග්“ තත්වය ඇති වීමට නම් අවම වශයෙන් වේලා කලාප 3ක් වත් පසු කිරීම සිදු විය යුතු ය.

වඩා අපහසු නැගෙනහිර සිට බටහිරට ගමන් කිරීම ද? බටහිර සිට නැගෙනහිරට ගමන් කිරීම ද?

jetlag-725811

ඔබ නැගෙනහිර දෙසට ගමන් කරන්නේ නම් තත්වය වැඩි වශයෙන් බලපානු ලබන්නේ දවස දිගු බවක් දැනෙන නිසාය. ඔබ විකාගෝ සිට පැමිණ රාත්‍රි 10 ට පමණ ලන්ඩන් නගරයට පිවිසෙන්නේ නම් චිකාගෝ හි එවිට වේලාව සවස 4 පමණ වේ. ලන්ඩනයේ මධ්‍යම රාත්‍රිය උදා වුව ද නින්ද යාම සඳහා ශරීරය සූදානම් නො වන්නේ ඔබ පිටත් වූ චිකාගෝ හි වේලාව තවමත් සවස 6 පමණ වන නිසා ය. නමුත් ඔබ රාත්‍රී 10 ට විකාගෝ වල ට පැමිණියේ නම් එවිට ලන්ඩන් වල පාන්දර 4 පමණ වන නිසා නිදා ගැනීම පහසු වේ. සුව පහසු රාත්‍රි නින්දක් “ජෙට්ලැග්“ තත්වයෙන් ගැලවීමට කදිම මගකි.
ප්‍රවීණයින් පවසන ආකාරයට ගුවන් යානයේ දී මද්‍යසාර භාවිත ය ද “ජෙට්ලැග්“ තත්වය උග්‍ර කිරීමට බලපානු ලබයි.

“ජෙට්ලැග්“ තත්වයේ රෝග ලක්ෂණ මොනවා ද?What are the symptoms of jet lag?

රෝග ලක්ෂණයක් යනු රෝගියාට දැනෙන සහ ඔහු හෝ ඇය විසින් විස්තර කරන තත්වයකි. රෝගය සම්බන්ධ සලකුණක් යනු වෙනත් අයෙක් විශේෂයෙන් වෛද්‍යවරයෙක් දකින දෙයකි. උදාසීනත්වය රෝග ලක්ෂණයක් වන අතර විස්තෘත වූ ඇසේ කණිනිකාව රෝග සලකුණකි. “ජෙට්ලැග්“ තත්වයේ දී පෙන්වන රෝග ලක්ෂණ විවිධාකාරය. විශේෂයෙන් වේලා කලාප කොපමණ ප්‍රමාණයක් හරහා ගමන් කළේ ද, මගියාගේ වයස, සෞඛ්‍ය තත්වය, ගුවන් ගමනේ දී මත්පැන් පානය කළේ ද නැද්ද යන වග සහ ගුවන් ගමනේ දී නිදා ගත් ප්‍රමාණය ආදිය මෙම තත්වයට බලපානු ලබයි.

පහත දැක්වෙන්නේ සාමාන්‍යයෙන් “ජෙට්ලැග්“ තත්වයේ රෝග ලක්ෂණයි.

  • හිසරදය
  • හිසෙහි බර ගතිය
  • උදාසීනත්වය/වෙහෙසකාරී බව
  • නිදිමත නැති බව (Insomnia)
  • උද්දීපතය (Irritability)
  • මද මානසික අවපීඩනය (Mild depression)
  • අවධානයේ දුර්වල බව
  • ආහාර අරුචිය
  • සුළු පැටලිලි ස්වභාවය
  • කරකැවිල්ල.
  • ආහාර ජීර්ණ අපහසුතා

“ජේට්ලැග්“ තත්වයට ප්‍රතිකර්ම මොනවාද? What are the treatment options for jet lag?

“ජෙට්ලැග්“ තත්වය අවම කර ගැනීම සඳහා අපට කල හැකි කටයුතු කිහිපයකි.

ශාරීරික යෝග්‍යත්වය සහ සෞඛ්‍යය -

අධ්‍යයන වලින් හෙලි වී ඇති ආකාරට හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින පුද්ගලයින් විශේෂයෙන් සමබල ආහාර වේලක් ලබා ගන්නා අයගේ “ජෙට්ලැග්“ තත්වයට ඔරොත්තු දෙන බව වැඩිය.
ලබාගන්නා වෛද්‍ය ප්‍රතිකාර - හෘද රෝග පෙනහළු ආශ්‍රිත රෝග ආදියට නිවැරදිව ප්‍රතිකාර ගන්නේ නම් “ජෙට්ලැග්“ තත්වය අවම වේ.

විජලනය -

ගුවන් ගමන අතර තුර හොඳින් වතුර පානය කිරීමද වැදගත්වේ. නමුත් මධ්‍යසාර සහ කැෆේන් අඩංගු පාන වර්ග “ජෙට්ලැග්“ තත්වය ඉහළ නංවයි.

රෝග ලක්ෂන බරපතල නම් -

දිගු ගුවන් ගමනක් යන වියට එය වැඩි කාලයක් ගෙන ගමන් කිරීම සුදුසුව. එනම් අතර මැදදී දින දෙක තුනක් නැවතී යළි ගමන් ආරම්භ කිරීම දැක්විය හැක.

යම් ස්ථානයකට පැමිණි පසු -

ඔබ යම් ගමනාන්තයකට පැමිණි පසු හැකි ඉක්මනින් එහි කාර්යයන් අරඹන්න. එමගින් ඔබගේ සිරුසර තුළ ඇති ජෛවීය ඔර්ලෝසුව නව පරිසරයට ඉක්මනින් හුරුවී අපහසුතා මග හරවයි.

අව් කණ්නාඩි පැලඳීම ද “ජෙට්ලැග්“ තත්වය අවම කර ගැනීමට හේතුවක් වන බව සමහර පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.

22 ප්‍රතිචාර:

  1. //ප්‍රවීණයින් පවසන ආකාරයට ගුවන් යානයේ දී මද්‍යසාර භාවිත ය ද “ජෙට්ලැග්“ තත්වය උග්‍ර කිරීමට බලපානු ලබයි.// මේකනං මේ නිකං දෙන අරකකු ටිකට කෙලින්න ප්‍රවීණයෝ ගොතාපු බොරුවක්ද කොහේද.. :D

    ReplyDelete
    Replies
    1. යකෝ කොහෙද ඒවා නිකං දෙන්නෙ. ඒකටත් සල්ලි අරන් තියෙන්නෙ. දෙන සේරම කාපල්ලා බීපල්ලා ජෙට්ලැග් නෙමේ මොක හැදුනත් යන එනකොට. නැත්තං අපිට අතිනුත් පාඩුයි.

      Delete
  2. හපොයි මේකනම් හරිම වදයක්
    දවස් එකහමාරක් විතර යනව ගොඩ එන්න
    බයෝ ක්ලොක් එකේ ක්‍රියාකාරිත්වය නම් විස්මිතයි
    එලාම් එකට විනාඩියක් තියක ඇහැරෙනව සමහර වෙලාවට

    ReplyDelete
    Replies
    1. හැබැයි තිසා තව එකක්. නිකමට එක දවසක එළාම් එක නොතියා නිදා ගන්න. එදාට අර විධියට වෙන්නෙ නෑ.....

      Delete
  3. අනේ පව් නේද ඒ වගේ ලෙඩ හැදුනම? ඉතිං ඒ වගේ අසනීප උනාම ඒ අයට කොච්චර අමාරු ඇතිද? ඒ හින්දා අපිත් එයාලට ඉක්මනට සුවය පාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු ලෙඩ හැදෙන අයට.

      Delete
  4. අප්පේ... මරු දවසේ මමත් මේක කියවලා තියෙන්නේ! කලාප බර ගානක් පහු කරගෙන ලංකාවට ආවේ ඊයේ පාන්දර! තාම නිකම් අන්දකයිප්පු වගේ! :D උදේ පාන්දර 4 ට නැගිට්ටා අද කවදාවත් නැතිව

    ReplyDelete
    Replies
    1. ආ...ඒ කියන්නෙ එහෙ වෙලාවෙන් ඇහැරෙන්න ඇති.....ඔය තියෙන්නෙ සාක්ෂි

      Delete
  5. ගුවන් යානා කාර්ය මන්ඩලය කෝමද ඔය තත්වය මග හරවගන්නේ.. අන්න ඒ විදිය කිව්වනං...

    ReplyDelete
    Replies
    1. මේ අයටත් මේක බලපානවා. ටිකක් කල් යනකොට නම් පුරුදු වෙනවා. නිතර යන නිසා. ඒ වගේම වැදගත්ම දේ තමයි මේ ගොල්ලන්ගෙ සේවා මුර අතර අනිවාර්ය විවේක කාල තිබෙනවා. ඒවා හැම එයාර්ලයින් එකක්ම ක්‍රියාත්මක වෙනවා.

      Delete
  6. මම පැය එකහාමරක දුරක ඉඳලත් දවසක් විතර ගියා ඇඩ්ජස්ට් වෙන්න.. බඩගිනි වෙන්නෙත් පුරුදු වෙලාවට..

    හොඳ නින්දක් ඕකට හොඳ බේතක් මම හිතන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් හොඳ නින්දක් ගන්න එකෙන් අපහසුතා අඩු වෙනවා

      Delete
  7. හැමදේම විස්තර කරලා තියෙන මේ වගේ පෝස්ට් එකකට දාන්න කමෙන්ට් එකක් හිතාගන්න අමාරුයි මොකක් හරි ගොං ප්‍රශ්නයක් අහනවා ඇර. :D

    ReplyDelete
    Replies
    1. ඉතින් ගොං ප්‍රශ්ණයක් හරි අහන්න

      Delete
  8. හික්ස් ඔය කතා කියන්න එපා අප්පා මම නම් විස්කි ශොට් එකක් හරි වයින් ශොට් එක හරි දා ගන්නවා මොන ජෙට්ලැග්ද,,ගෙදර ගිහාම නම් පොඩ්ඩක් කොයිල් ගතිය එනවා,,පොඩ්ඩක් නිදාගෙන නාපුවම ගොඩ

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් බිම හිටියත් විස්කි බ්‍රැන්ඩි ගත්තම ජෙට්ලැග් වගේ තමා

      Delete
  9. ජෙට් ලැග් හැදෙන්න ජෙට් එකක ගිහිල්ල තියෙන්න එපැයි.
    හැබැයි අර මාරයට කිවුව වගේ දෙන දේවල් ඔක්කොම ගිලල දාන එකනං මෙන ලෙඩේ හැදුනත් කරන්න වෙනව. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ප්‍රසා ඇති තරම් කන්න මොකක් වුණත්.....

      Delete
  10. ජෙට් ලැග් වගේම තමා ජෙට් ලැට්. හරිම අපහසුයි ඔය දෙකම නිසා :D

    මහන්සිවෙලා මෙහෙම ලිපි ලියන්න එපා බං. අපිටත් කොනක් අල්ලං මොනා හරි කියෝ ගන්න ඇහැක් අඩුපාඩුත් තියෙන එකක් ලියහන් :P

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අඩුපාඩු හොයන එකාටනම් මේකෙ එමට තියෙනවා මචං උඹලට නැති වුණාට

      Delete
  11. මමනම් පුලුවන් තරම් ෆෘට් ජූස් බොනවා.ඒත් ගියපු ගමන් වැඩ ආරම්භ කරන්නෙනම් නැ.හොද නින්දක් දානවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නින්ද හොඳ බේතක්

      Delete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....