පුම්බා උඩ අරින්න ගියෙමි–උණුසුම් වායු බැලුන් මෙහෙයුම–දඹුල්ල වීර මොහාන් විදුහල් ක්‍රීඩාංගනය–Hot Air Ballooning at Dambulla Veera Mohan School
ගුවන් යානා වල මූලාරම්භය ගැන කථා කරන විට උණු වායු බැලුන් (Hot Air Balloon) වලට මූලික ස්ථානයක් හිමි වෙනවා. මේක විනෝදාංශයක් විධියට දැන් කරන අතර වානිජ මට්ටමේ කටයුතුත් සිදු වෙනවා.
බැලූනයක් සමාන්‍ය සරල දෙයක් වගේ පෙණුනට එය මෙහෙය වීම ට යම් තරමකට ගුවන් යානා පැදවීමට අවශ්‍ය මූලික දැනුම අවශ්‍යයි. ඒ වගේම එහි සුරක්ෂාවත් අනෙක් භාහිර දේ වල ආරක්ෂාවත් බැලුම මෙහෙයවන්නාගේ (Pilot) වගකීමක්.
තවත් සරලව කියනවා නම් බැලුන් නියමුවා ඒ සඳහා සුදුසු කම් සම්පූර්ණ කළ බලපත්‍ර ලාභියෙක් විය යුතු වෙනවා. මේ බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පවත් වනු ලබන පරීක්ෂණ කීපයකට පසුවයි.
ඒ වගේම ඔවුන් ඒ ප්‍රවීණතාවයත් බැළුමේ පියාසර යෝග්‍යතාවයත් ගුවන් යානා ඉංජිනේරුවෙක් ඉදිරිපිට සනාථ කළ යුතුයි. පසුගිය 2 වෙනිදා (2011 දෙසැම්බර් 02) මේ වගේ යෝග්‍යතාවය පරීක්ෂා කරන අවස්ථාවක් එළඹුණා.
ලංකාවෙ ලියාපදිංචි වී බලපත්‍ර ලබා ගත් බැලුන් වාණිජ මෙහෙයුම් කරුවන් 4 ක් සිටින අතර ඔවුන්ගෙන් එක් අයෙක් ර්‍ශී ලාංකිකයෙක්. ඒවගේම ලංකාවේ ගුවන් යානා ලියාපදිංචි ලේඛණයේ ලියාපදිංචි වී ඇති බැලුන් ගණන 9 ක්. මෙයින් 6ක් දැනට ක්‍රියාත්මක තත්වයේ පවතිනවා. ඒ වගේම තවත් බැලුන් දෙකක් ලියාපදිංචිය සඳහා අවසර ඉල්ලා තිබෙනවා.
මේ එක් බැලුනයක සාමාන්‍ය වටිනාකම රුපියල් ලක්ෂ 35 ක් පමණ වෙනවා. ඒ වගේ ම බැලුනයක මගීන් 6 –16 වගේ ගණනක් යන්න පුළුවන්.
ඉතින් මම ඉහළින් සදහන් කළා වගේ මේ බැලුන් වල යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ ප්‍රෙද්හයේ පාසැල් සිසුන් කීපදෙනකුටත් බැලුන් සවාරියක් ලබා දීමට අප තීරණය කළා. උතුරු මැද අධ්‍යාපන කලාපයේ පාසැල් සිසුන් අතර ගුවන් ක්ෂේත්‍රය පිළිබඳව රචනා තරඟයක් පවත්වා එයින් වැඩිම ලකුණු ලබා ගත් සිසු සිසුවියන් 5 දෙනකුට මේ අවස්ථාව ලබා දුන්නා.
ඒ වගේම මාධ්‍ය දැනුවත් කිරීමකුත් මේ සම්බන්ධයෙන් තිබුණා. පහළදැක්වෙන්නෙ ඒ අවස්ථාව ඡායාරූපයට නැගුණ ආකාරය.
මේ තියෙන්නෙ ගෑස් පුරවන අවස්ථාව. වෙලාව උදේ 5.30 ට විතර ඇති.
මෙන්න මේක ඇතුලෙ තමයි මගීන් යන්නෙ.
මේ තියෙන්නෙ ඒ අවස්ථාවට සහභාගි වුණ ළමයි. අපි ඒ අයට තෑගිත් දුන්නා.
අනෙක් බැලුණුත් දැන් වායුව පුරවමින් සිටින්නෙ.
ඉස්කෝලෙ පුංචි දුවලා අපිට නැටුමකින් සංග්‍රහ කළා.
මේ තියෙන්නෙ ඔය අවස්ථාවට සමගාමීව වීර මොහාන් විදුහලේ සිසුන් කල නිර්මාණ.
තෑගිත් අරන් හරිම සතුටින්……..
මේ දර්ශණය ලස්සනයි. ඔය ඉදිරියෙන්ම තියෙන බැලුම ලියාපදිංචි අංකය බලන්න. ලංකාවට හිමි 4R අංකයත් සමග BIG යනුවෙන් සඳහන්.
කටිටිය නැගලා ඔය යන්නෙ. මේ ගමණට සහභාගි වුණ දරුවන්ට ඒ සදහා සහභාගී කරවා ගැනීමට ලිඛිත අවසරය දෙමව්පියන් ගෙන් ලබා ගත්තා.
බිම පෙණුනෙ මෙහෙම
ඈතට පෙණුන සුන්දරත්වය
මේ වගේ උඩදිත් ගෑස් දුන්නා.
ඔන්න අපි බිමට ආවා.
මේ ඉන්නෙ නියමුවා. මෙයා තමයි ලංකාවෙ එක්කෙනා. නම රිචර්ඩ්. අර වටේ තියෙන පාට පාට ලණු වලින් තමයි පාලනය කරන්නෙ.
අපි සේරම එකතු වෙලා බැලුම හැකිලුවා.
මේක සේරටම අළුත්ම අත්දැකීමක් වුණා. පාසල් සිසුන්ට හරිම සතුටුයි.
niyamayi
ReplyDeleteමේ වගේ අත්දැකීමක් බ්ලොග් එකෙන් බෙදාගත්තට අපිටත් සතුටුයි.
ReplyDeleteබොහොම වටිනා කියන සටහනක්. ස්තූතියි හැමදාම අපිත් එක්ක අළුත් අත්දැකීම් බෙදා ගන්නවට...
ReplyDeleteකාර්යබහුලත්වය නිසා හුග දවසකින් ෙම් පැත්ෙත් ඒන්න බැරි වුනා. ෂා මරු. අාහ් මමත් දැන් ගුවන් ෙස්වා කටයුතුවලට සම්බන්ධයි. ලංකාෙව් ඉදිවන ෙදෙවනි ප්ර.ධාන ජාත්යකන්තර ගුවන්ෙතාටුපෙල් ඉදිකිරීම් සැලසුම් ශිල්පිෙයකු විදිහට වැඩකටයුතු කරනවා.
ReplyDeleteනියමයි! පොටෝ ටිකත් මරු. එන්ඩ තිබ්බනං කියලා වැඩක් නෑ....
ReplyDeleteඊ ළඟ එකට ගෙනියන්නම්
Deleteකියෙව්වා. විස්තර වලට ස්තුතියි !
ReplyDelete