Skip to main content

ගුවන් යානයට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කිරීම DENIED BOARDING

bumped-on-a-bench
වැඩි මගීන් සංඛ්‍යාවක් සඳහා ආසන වෙන් කිරීම නිසා බොහෝ විට ගුවන් යානයේ තිබෙන ආසන ප්‍රමාණයට වඩා වැඩි මගීන් සංඛ්‍යාවක් සිටින තත්වයක් ඇතිවේ. මෙසේ වැඩි මගීන් සංඛ්‍යාවක් සඳහා ආසන වෙන් කිරීම යම් නීත්‍යානුකූල බවක් සහ සම්මතයක් වුවද මෙම මගීන්ට ආසන පැනවීමට ගුවන් සමාගමට නොහැකි වේ. මෙම තත්වය ගුවන් යානයට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කිරීම යනුවෙන් හඳුන්වයි.
කෙසේ වෙතත් ගුවන් සමාගම් මෙසේ කිරීම සම්බන්ධයෙන් තොරතුරු සැපයීම එතරම් පැහැදිලි නොවේ.
මෙම තත්වය ඇති වෙන්නේ ඇයි?
Passenger_rights-200x
ගුවන් යානයේ ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා මගීන් කිහිප දෙනෙකු බොහෝ විට ගමන් කිරීම සඳහා නොපැමිනෙන බව ගුවන් සමාගම අත්දැකීමෙන් දනී. මෙය බොහෝ විට ඉහළ යන්නෙ ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් ගමන් කරනා අවස්ථා වලයි.
සමහර අවස්ථාවලදී ව්‍යාපාරිකයින් ආසනයක් වෙන් කර ගත්තද අවසාන මොතේදී වෙනත් රැස්වීමක් හෝ වෙනත් මොනයම් කාරණයක් නිසා හෝ ගමන අවලංගු කරයි. යම් හෙයකින් ගුවන් සමාගම ආසන ගණනටම පමණක් මගින් වෙන්කර ගතහොත් ඉහත පරිදි නොපැමිනෙන මගීන් හේතුවෙන් හිස් ආසන ඉතිරි වේ. එයින් ආදායමක් නොලැබෙන නිසා ගුවන් සමාගමට පාඩු විඳීමට සිදු‍වේ.
මෙ නිසා වැඩිපුර මගීන් සඳහා ආසන වෙන් කිරීම නීති විරෝධි කරුණක් ලෙස නොසලකන මුත් එය වාණිජමය වශයෙන් යම් සාධාරණ බවක් තිබෙන ක්‍රියාවකි. ගුවන් සමාගම් පවසන්නේ එලෙස කිරීමෙන් ඇති විය හැකි පාඩුව අවම කර ගන්නා නිසා ගුවන් ප්‍ර වේශපත්‍ර මිළ ඉහළ දැමීමට සිදු නොවන බවයි.
කෙසේ වෙතත් ගුවන් යානාවේ ආසනයක් වෙන් කර, ගමන් කිරීම ට නොපැමිණේ යයි අනුමාන කරන මගීන් සංඛ්‍යාව අඩු වෙමින් පවතින අතර එයින් වැඩිපුර ආසන වෙන් කිරීමට භාජනය වු මගීන් අපහසුතාවයට පත් වේ. මෙවන් අවස්ථා වලදී මගියාගේ අහිමි වන ගුවන් ගමන වෙනුවෙන් යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට ගුවන් සමාගමේ ප්‍රතිපත්තියක් තිබේ.
පළමුවෙන්ම මගීන් අතර තම ගමන අතහැරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නන් සිටී නම් ඔවුන් ව වෙන් කරනු ලබයි. මෙහිදී අත්හරිනු ලබන ආසනය වෙනුවෙන් මගියාට වෙනත් ගුවන් ගමනක් හෝ වටිනා තෑගි වවුචරයක් එසේත් නැති නම් ගමන් කිරීමට අදහස් කළ පන්තියට වඩා ඉහළ පන්තියකට ගුවන් ටිකට්පතේ වටිනාකම වැඩි කර දීම ආදිය සිදු කරනු ලබයි.
නමුත් සමහර අවස්ථා වලදී මෙවන් ක්‍රියාමාර්ග ගැනීමට ගුවන් සමාගමේ ප්‍රතිපත්තියක් නොමැතිනම් හෝ ස්වේච්ඡාවෙන් ඉවත් වීමට මගීන් නොමැති නම් ගුවන් සමාගම අපහසුතාවයට පත් වේ. එවිට බලෙන්ම මගීන් ගුවන් යානයට ඇතුළු කර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලබයි.
බොහෝ විට මෙසේ නංවා ගැනීම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ අඩු වටිනාකමක් ඇති මගීන්ය. නැතහොත් ව්‍යාපාරික හෝ පළමු පන්තියේ මගීන්ට වඩා පිරිමැසුම් දායක පන්තියේ මගීන් ප්‍රතික්ෂේප කිරීම සිදුවේ. එලෙසම නිරන්තරයෙන්ම ගුවන් ගමන් වල නිරත වන මගීන්ද වෙනත් ගුවන් සමාගමක සේවය ලබාගැනීමට පෙලඹීමට ඉඩ ඇති මගීන්ද මෙලෙස ප්‍රතික්ෂේප නොකරන මගීන්ට උදාහරණ වේ. මෙම මගීන් වෙන් කර ගැනීම සඳහා ගුවන් සමාගම ක්ෂණික ඇගයීමක් සිදු කිරීමට සිදුවන අතර මෙම තීරණ ගුවන් සමාගමේ වාණිජමය අගයටත් වෙනත් තරඟකාරී ගුවන් සමාගම් සමග තිබෙන තරගකාරීත්වයටත් යම් බලපෑමක් එල්ලවිය හැකි බැවින් මෙසේ මගීන් ප්‍රතික්ෂේප කිරීම පිලිබඳ වැඩි විස්තර ගුවන් සමාගම් අණාවරනය නොකරයි. අපේ රටෙත් විශේෂයෙන් මැදපෙරදිග බලා යන කාන්තාවන්ට මෙම තත්වයට මුහුණු පෑමට සිදු වේ.
මෙම අවස්ථාවට මුහූන දෙන මගීන් ලැබෙන අයිතීන් ලෝකයේ කලාප අනුව සහ ගුවන් සමාගම් අනුව වෙනස් වේ.
උදාහරණයක් ලෙස යුරෝපීය සංගමයේ රටකට ගමන් ගන්නා මගීන්ට යුරෝපීය සංගමයේ අංක 261/2001 යන රෙගුලාසි අනුව ක්‍රියා කළ හැක. මෙම රෙගුලාසි වල ගුවන් සමාගමට එරෙහිව පැනවිය හැකි බදු සහ ගුවන් මගියාගේ අයිතීන් විස්තර වේ. එක්සත් ජනපදයේදී මේ සඳහා වන දේශීය නීති තිබේ.
කෙසේ වෙතත් බෙහෝ ගුවන් සමාගම් තමන්ට ආවේණික වූ විවිධ ක්‍රම මෙසේ ප්‍රතික්ෂේප වන මගීන්ට සාධාරණය ඉටු කිරීම සඳහා යොදා ගනී. මගීන් මේ සම්බන්ධයෙන් දැනුවත් වී සිටීම ඉතා වැදගත් වේ. මෙම තෙරතුරු ගුවන් සමාගමේ වෙබ් අඩවියෙන් ලබා හැක.
කෙසේ වෙතත් “අපේ අහස“ ඔබට දැනුම් දෙන්නේ ගුවන් ගමනකට පෙර එහිදී මගියාගේ වරප්‍රසාද හා අනෙකුත් කරුණු පිලිබඳව පවතින ගුවන් සමාගමේ ප්‍රතිපත්තිත් හා ජාත්‍යන්තර නීති හා දේශීය නීති පිළිබඳවත් දැනුවත් වීම සුදුසු බවයි.
ශ්‍රීලංකාවේදි ඔබට යම් අපහසුතාවකට පත්වීමක් සිදුවුවහොත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට දැනුම් දීම සිදුකිරීම මගින් සාධාරණයක් ඉටු කර ගත හැකිවේ.

Comments

  1. පැහැදිලි විස්තරාත්මක ලිපියක්. ඉශාරගෙන්ම තමා මේ වගේ කරුණු
    දැනගන්න ඉන්න එකම එක්කෙනා මේ බ්ලොග් අවකාශයේ .
    බොහොම අගේ ඇති ලිපියක් .
    ජය !

    ReplyDelete
  2. මෙහෙමත් වෙනවද? අදයි දන්නෙ..

    ස්තුතියි!

    ReplyDelete
  3. නිතර ගමන් කරන අයට වැදගත්! බොහොම ස්තුතියි!

    ReplyDelete
  4. හැමදාම වාගේ වැදගත් ලිපියක්. මමත් අහලා තියෙනවා මැදපෙරදිග යන සීට් නැ කියලා ආපහු එනවා කියලා. මම සැහෙන්න කල්පනා කලා මෙච්චර සැලැස්මක් තියෙද්දිත් ඒහෙම වෙන්නෙ කොහොමද කියලා. දැන්නෙ වැඩේ තේරෙන්නෙ.......

    ReplyDelete
  5. ඈහ්.. එහෙම වෙන්නෙ කොහොමද ? ඒ කියන්නෙ අපි කලින් ටිකට් අරන් වෙන් කරගන හිටියත් උන්ට ඕනනම් හලන්ඩ පුලුවන්ද ? මම අහලා තියනවා සමහර මඟීන් එනවා කියලා සීට් තියනවනම් විතරක් චෙක් ඉන් වෙන්ඩ බලාගන.. මම හිතුවෙ මේ ඒ ගොල්ලො ගැන කියන්නෙ කියලා.. බලාගන යනකොට එහෙම නෙමේ වගේ නේද ? වාසනාවකට මටනම් තාම ඔය තත්ත්වයට මුහුණ දෙන්ඩ වුනේ නෑ..

    ReplyDelete
  6. Duty free allowances ගැනත් පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන් නම් හොදයි.

    ReplyDelete
  7. එක සැරයක් කුවේට් ගුවන් සේවයෙන් මට බිස්නස් ක්ලාස් යන්න චාන්ස් එකක් හම්බුනා ඔය වැඩේ නිස,,ශ්‍රී ලංකන් එකෙන් එහෙම වෙලා එයාලා වට්ටමක් දෙන්නම් කියලත් කිවුවා,,ඒත් සණ්ඩු කරගෙන මාව දැම්මා කොහොම හරි,,අනේ එහෙම කියපු ප්ලේන් එකේ ශීට් 4 නිදියගෙන මම ආවේ.ඒ වගේම ශීට් ගොඩක් හිස් ආවා, ඒකට හේතුව මොකද්ද ඉශාර

    ReplyDelete
  8. මාර කේස් එකක්නෙ මේක.

    ReplyDelete
  9. මීවනපලානේ ජයරත්න යනු සුජීව කොකාවලය. අත හිත මාරයාගෙනි.

    ReplyDelete
    Replies
    1. යන්නෙ කොහෙද මල්ලෙ පොල්...

      අපිට මොකද ඕයි ඌ මොකෙක් උනාම..

      Delete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු ක

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුප