Skip to main content

අනුරාධපුරේට ප්ලේන් එකක් බාලා

ඔව් ඉතින් එහෙ එයාර්පෝට් එකක් තියෙනවානෙ. ඕක කියන්නත් දෙයක්ද? මේ කියන්නෙ ඇත්ත. ඔන්න අපි එහෙ සවිකළා AN24 වර්ගයේ ගුවන් යානයක්. නගින්න බහින්න බලන්න නිදහසේ පුළුවන්.
හරි හරි ඔන්න සරලවම කියනවා. අනුරාධපුරේ “දැයට කිරුළ“  ප්‍රදර්ශණ භූමියේ අපි ඇත්තම ගුවන් යානයක් සවි කරල තියෙනවා ඔයගොල්ලන්ට බලන්න. මතකනේ ගිය සැරේ බුත්තල තිබුණ දැයට කිරුළ ප්‍රදර්ශණයේ යානය. ඒක තවත් අංග සමග එහි ස්ථාන ගත කළා.
මේ පහළ තියෙන්නෙ ඒ බුත්තල භූමියේ තිබුණ යානය.
IMG_1704
මේ තියෙන්නෙ යානයේ ඇතුළත දර්ශනයක්
IMG_1647
මේ බලන්න කොච්චර ආසාවෙන්ද ඒ අය ඉන්නෙ කියලා
IMG_1645
මේ බලන්න කොච්චර සෙනග ආවාද කියලා. මේ නිසාමයි අපි මේක මේ සැරෙත් පෙන්නන්න හිතුවෙ.
IMG_1683
මේ යානය ඇතුළට ගියාම ඇත්තටම තමන් ගුවන් ගමනක් ගියා වැනි හැඟීමක් ඇති වෙනවා. මේක මේ වගේ දුර පළාතක ඉන්න ගුවන් යානයක යන්න අවස්ථාවක් නැකි අයට ඉතා හොඳ අත්දැකීමක් බව අපට පසුගිය වාරයෙත් පැහැදිලි වුණා.
මීට අමතරව එතන තියෙනවා ගුවන් යානයක් හසුරුවන්නෙ කොහොමද කියලා කියා දෙන සරල ආකෘතියක්. ඒක ඉතාම වැදගත් වේවි බලන්න එන අයට බොහෝ දේ ඉගෙන ගන්න.
ඉතින් එන්න සේරම අපේ ගුවන්යානය බලන්න. ආ අනික මමත් ඉන්නවා එතන 8 වෙනිදා වෙනකම්. (මාව බලන්න එන්න එපාHot smile)

Comments

  1. දැයට කිරුළ වැනි ප්‍රදර්ශන ගම් මට්ටමට යන එක අගය කරන්න ඕනා..වෙලාවක් ලැබුනොත් එන්නම්කො දෙකම බලන්න..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/

    ReplyDelete
  2. එතකොට ඕකෙන් take off / landing අත්දකීම් ගන්නත් පුලුවන්ද..

    ReplyDelete
  3. මෙහෙමයි සෙනා මේකෙ ඇතුලෙ තියෙන්නෙ වීඩියෝ එකක්. මේ සැරේ තියෙන්නෙ අනුරාධපුරෙන් ගුවන් ගත වෙලා ලංකාවෙ රවුමක් ගිහින් ආපහු අනුරාධපුරේට ගොඩ බෑමක්. ඉතින් වර්චුවල් අත්දැකීමක් විඳින්න පුළුවන්

    ReplyDelete
  4. Gindara..........
    ma plane1 gana vistara danna

    ReplyDelete
  5. pattama patta api enawa fly karanna.can you help us

    ReplyDelete
  6. නියම වැඩක්.....

    ReplyDelete
  7. නියම අත්දැකීමක් වේවි.

    ReplyDelete
  8. හරිම නැවුම් බ්ලොග් සටහන් මචං
    දිගටම ලියන්න අපි එනවා බලන්න
    හැමාතින්ම උඹල ලොකු සේවයක් කරන්නේ මචෝ - අපේ රටේ මිනිස්සුන්ට
    ජයවේවා!!

    ReplyDelete
  9. තිසා මචං අපි හැමෝටම ජය වේවා

    ReplyDelete
  10. මමත් ඔබතුමා සම්බන්ධ විශය ධාරාව හදාරන කෙනෙක්....ඇත්තටම අඳුනාගැනීම ලොකු සතුටක්...අපිට ගොඩක් ඇගයීම් වාර්තා හදන්න තියෙනව...ඒ සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට ඔබතුමාගෙ emial එක ලබාගන්න පුලුවන්ද?

    ReplyDelete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු ක

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුප