මෙහෙම කිව්වම හිතනව ඇති පිස්සු තද වෙලා ඇති කියලා. නෑ ඇත්තටම මේක පොඩි ආරාධනාවක්. ඔය කට්ටිය දන්නවානේ මේ සැරේ දැයට කිරුළ ප්‍රදර්ශණය තියෙන්නෙ බුත්තල. ඒකෙ තියෙනවා අපේ ප්‍රදර්ශන කුටියක්. ඒ කියන්නෙ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රදර්ශණ කුටිය.
මේ සැරේ අපි කල්පනා කළා ඔබට නවමු අත්දැකීමක් දෙන්න. මේ වෙනුවෙන් අපි විශේෂ ප්‍රදර්ශණ කුටියක් සකස් කළා. ඇත්තටම මේක ගුවන් යානයක්. සාමාන්‍ය ගුවන් යානයක දකින්න පුළුවන් හැම දෙයක්ම මේකෙ තියෙනවා. මේ ගුවන් යානය සිවිල් ගුවන් සේවා අධිකාරියට ත්‍යාගයක් විධියට ලැබුණු දෙයක් පෞද්ගලික ආයතනයකින්. එය අපි යොදා ගන්නෙ ගුවන් සේවා ගැන සාමාන්‍ය ජනතාවට අවබෝධයක් දෙන්න. එය කලක් ගුවන් ගත වූ යානයක් දැනට නම් ප්‍රෙයා්ඩානයක් ගන්න බැහැ. ඒ කියන්නෙ පියාසර කරන්න බැහැ. ඉතින් අපි ඒක දැන් සකස් කරලා තියෙනවා අධ්‍යාපන කටයුතු සදහා.
මේ ගුවන් යානය රත්මලාන ගුවන් තොටුපළේ සිට බුත්තල දක්වා ගුවන් හමුදාවෙ ප්‍රයිම් මුවර් රථ මගින් කැබලි වශයෙන් ප්‍රවාහනය කරනු ලැබ යළි එහි ප්‍රතිනිර්මාණය කරනු ලැබුවා. එය සම්පූර්ණයෙන් තීන්ත ආලේප කර ස්ටිකර් අලවා ආසන සවි කර ඇතුළත අනෙකුත් උපකරණ සවි කරනු ලැබ ඇත.
ගුවන් යානයට ගොඩ වීමට යන අතර තුර ගුවන් තොටුපළට යන ආකාරය පිළිබඳ හැඳින්වීමක් සිදුකරනු ලබන අතර ඉන්පසු යානය ඇතුළතදී ගුවන් යානය මත්තල ගුවන් තොටුපලෙන් ගුවන් ගත වී වරාය, ලුණු ලේවාය, කතරගම ආදී පුදේශ හරහා ගුවනින් ගමන් කර යලී ගුවන් තොටුපලට ගොඩබෑම දැක ගත හැකිය.ඇත්තටම කියනවනම් එය දැනේවි.
මේ දේට අප සියළු දෙනාම මාස දෙකක් පුරාවට දිවා රාත්‍රී වෙහෙස මහන්සි වී කටයුතු කරනු ලැබූවා. ඉතින් අපි හිතනවා අපිට හැකි වේවි එය බලන්න එන ඔබට යම් දැනුමක් සහ නවමු අත්දැකීමක් ලබා දිය හැකි වේවි කියලා.
අපේ මේ ගුවන් යනය තිබෙන්නෙ නාවික හමුදාවේ ප්‍රදර්ශණ කුටිය අසලමයි.
ඉතිං ඔබ සියළු දෙනාටම ආරාධනා කරනවා එන්න මේ අත් දැකීම විඳ ගන්න. නව දැනුමක් ලබා ගන්න. ඒ වගේම අප සූදානම් ගුවන් සේවා ගැන ඔබට තිබෙන ගැටළු නිරාකරණය කර දෙන්නත්. ඇවිත් අපිව හමු වන්න.
පෙබරවාරි 4 සිට 6 දක්වා කාලයේ දී මමත් මේ ස්ථානයේ සිටිනවා.
මා යලීත් ඔබට ඇරයුම් කරනවා අපේ ප්‍රදර්ශණ කුටියටත් එන්න කියා.
මේක ගුවන් ගත කරන්න බැරිනම් මත්තල ගුවන් තොටුපලෙන් ගුවන් ගත වී වරාය, ලුණු ලේවාය, කතරගම ආදී පුදේශ වලට යන්නේ කෝමද? මම හිතන්නේ ඒ යානය ඇතුලෙදි රෑපවාහිනි තිරයක් මගින් ඒක පෙන්වනවා ඇති නේද? ඒක නේ ඒක දැනේවි කියලා දාලා තියෙන්නේ.
ReplyDeleteගීත්
ReplyDeleteඒක එහෙම තමයි වෙන්නෙ.
eka hodai api hamotama plane eke yanna money nane
ReplyDeleteමේකනං ගොඩදෙනෙක්ට වැදගත් වෙයි.
ReplyDeleteWhat a waste of public money.
ReplyDeletemama adai mekata awe...attatama hoda wedak me blog eka...mama asai pilot kenek wenna...mama 2011 o/l....pilot kenek wenna apita ona educational sudusukam monada....please mata kiayanna puluwanda....FB innawanam FB name eka hari email eka hari denawada......
ReplyDeleteAnonymous,yes that's your idea. But we think that no one can give such experience for people from grass-root level. i think most of them,specially school children, they will never have such experience. No one can value it. It is invaluable.
ReplyDeleteNow we feel it.
සංචාරක
ishara453@gmail.com
You didn't tell us about this.........
ReplyDelete