Skip to main content

ලකඹර ගුවන් ගමන් සාර්ථක වී ශතවර්ෂයයි. (Centenary Celebrations of Civil Aviation of Sri Lanka)

1903 දී රයිට් සහෝදරයින් ගුවන් යානය සොයා ගත්තේ යයි සඳහන් වන්නේ ඔවුන් විසින් පළමුවෙන් ම මිනිසකු සහිතව හා බලය සහිත ගුවන් යානයක් සාර්ථකව ඉහළ නංවා ගුවනේ ගමන් කර යළි සාර්ථකව ගොඩබෑම හේතුවෙනි.

1911 සැප්තැම්බර් මස 12 වන දින පළමුවෙන්ම “ලංකාවට“  ලුවිස් බ්‍රවුන් නම් මහතෙක් “බ්ලැරියට්“ වර්ගයේ ගුවන් යානයක් ගෙන ආවද එය නිවැරදිව ඉහළ නංවා ගුවනේ ගමන් කරවා අනතුරක් නැතිව ගොඩබෑම සිදු කිරීමට හැකියාවක් තිබුණේ නැත. එළෙසම 1911 දෙසැම්බර් මාසයේ දී ද ජර්මානු ජාතික හර් ඔස්ටර් විසින් ද බොහෝ උත්සාහන් දැරුවද ඉහළ නැංවීම, ගුවනේ ගමන් කිරීම හා ගොඩ බෑම යන සාර්ථක ගුවන් ගමනක මූලික අංග තුනම සාර්ථක කර ගැනීමට අසමත් විය. 

මෙම කාලසීමාවේ විවිධ පුද්ගලයින් විසින් වරින් වර යානා ගෙන ආවද සාර්ථක ගුවන් ගමනක් යාමට ඔවුන්ට හැකියාවක් නොලැබිණ.

කෙසේ වෙතත් 1912 වර්ෂයේ දෙසැම්බර් මස 7 වන දින ඒ ඓතිහාසික ගුවන් ගමන යාමට ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙක් සමත් විය. ඔවුන් විසින් ද භාවිතා කරන ලද්දේ “බ්ලැරියට්“ වර්ගයේ ගුවන් යානාවක් වූ අතර මා මුලින් සඳහන් කළ සාර්ථක ගුවන් ගමනක අදියරයන් 3 ම සාර්ථක සිදු කිරීමට ඔවුන් සමත් විය. මේ හේතුවෙන් ලොව ප්‍රථම සාර්ථක ගුවන් ගමන රයිට් සහෝදරයින් 1903 දී සිදු කල ආකාරයෙන්ම මෙම ප්‍රංශ ජාතිකයින් දෙදෙනාද සාර්ථක වු නිසා ලක් ඉතිහාසයේ ප්‍රථම සාර්ථක ගුවන් ගමන ලෙස සැළකිය හැක්කේ එම ප්‍රංශ ජාතිකයින් දෙදෙනාගේ ගුවන් ගමනයි.

මෙම ගුවන් ගමන 1912 දෙසැම්බර් මස 10 වන දින “දිණමිණ“ පුවත්පත වාර්තා කර තිබුණේ පහත ආකාරයටයි.

First Flight Dinamina

ඒ අනුව මෙම වසරේ එනම් 2012 වර්ෂයේ දෙසැම්බර් 7 වන දිනට ගුවන් යානය ලකඹර ජයගෙන ශතවර්ෂයක් සපිරේ.

එදින මෙම ඓතිහාසික ගුවන් ගමන් සිදු කළ ද ඒ සඳහා නිවැරදිව අවසරයක් රැගෙන සිදු කළ වගක් නොපෙනෙන්නේ පහත සටහන් කියවීමෙනි.

13 1

එළෙසම අය කරන ලද මුදල් ඉල්ලා සිටි විට එම මුදල් පොලිසියෙන් ඉල්ලා ගන්න යයි දන්වා සිටීම ජුගුප්සාජනකයි. කෙසේ වෙතත් මෙම තහනමට හේතුව වශයෙන් සඳහන් වන්නේ ඔවුන් ගුවනින් ගොස් එකවට පිහිටුවා තිබූ කාලතුවක්කු බතරොයි තිබන ස්ථාන ඔවුන් දැනගනීවි යයි තිබූ සැකය නිසාවෙනි.

කෙසේ වෙතත් පසුව මෙම දෙදෙනාට යම් සීමා සහිත ප්‍රදේශයක ගුවන් ගමන් සිදු කිරීමට අවසර ලබා දී ඇති බව පසුව පළවූ වාර්තා වලද සඳහන් වේ.

මෙම ගුවන් ගමනින් පසුව ක්‍රම ක්‍රමයෙන් ලක් ගුවන් ඉතිහාසය දිග හැරීම ආරම්භ වුවද 1912 සිට 1931 දක්වා කාල සීමාවේ සිවිල් ගුවන් සේවා කටයුතු සිදු වී ඇති බවට වාර්තා සොයා ගැනීම අපහසුයි. ඉන්පසුව යළිත් ජව ගැන්වුණ ලක් ගුවන ජය ගැනීම අපටම අයත් වූ “එයාර් සිලෝන්“ ගුවන් සමාගමත් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලත් දිවයිනේ නන් දෙස ඉදිවු තවත් ගුවන් තොටුපල සහා ගුවන් ක්ෂේත්‍රයේ වෙනත් ප්‍රවර්ධනයන්ද සමග 2012 දෙසැම්බර් මස 7 වන දින වන විට වසර සියයක් සමරයි.

මේ අවස්ථාව වන විට අප රටේ ගුවන් ක්ෂේත්‍රය සීඝ්‍ර දියුණුවතට පත් වෙමින් තිබේ. අප ගුවන් තලයේ සහ අප ගුවන් ක්ෂේත්‍රය ආසියා පැසිපික් කලාපයේ සුරක්ෂිත බවින් 4 වන ස්ථානයේ පවතින බව ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානය තහවුරු කර අවසන්. එලෙසම මුලු ලොවින්ම එය 17 වන ස්ථානයයි. නව ගුවන් තොටුපලක් ඉදිවෙමින් පවතී. නව දේශිය ගුවන් සමාගම් රටතුළ බිහිවෙමින් පවතී. බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ආදී ලොව පිළිගත් ගුවන් සමාගම් දිවයිනට මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබේ. ගුවන් සේවා ක්ෂේත්‍රය අපරටේ ආර්ථිකයට ඉතා විශාල දායකත්වයක් මෙන්ම විදේශ විනිමයක් ලබා දෙමින් සිටී. මේ නිසා මෙම වසර සියය සැමරීම ඉතාම ඉහළින් සිදු කිරීම සිදු කළ යුතුය.

ඒ අනුව අද දින එනම් දෙසැම්බර් මස 7 වන දින අතිගරු ජනාධිපතිතුමන් සහ ගුවන් සේවා අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී මෙම සැමරුම සිදු කිරීමට කටයුතු සිදු සංවිධානය කර ඇත.

මේ වෙනුවෙන් සමරු මුද්දර හා මුල් දින කවර නිකුත් කිරීමත්, ගුවන් සේවා ඉතිහාසය සම්බන්ධයෙන් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කිරීමත් ඒ වගේම අප ඉතිහාසය සම්බන්ධයෙන් වාර්තා වැඩසටහනක් සකස් කර ප්‍රචාරය කිරීමත් ඇතුළු බොහෝ වැඩ කටයුතු සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

ඉතින් මේ වසර සියය තුළ සිදු වූ විවීධාරකාර සිදුවීම් වලට විවිධ අය සහයෝගය දක්වා ඇති අතර ඔවුන් කළ කී දෑ නිසා අද මෙම කර්මාන්තය ඉතා ඉහළ පිළිගැනීමක් සහිත ස්ථානයක් බවට පත්ව ඇත. ඔවුන් වෙනුවෙන් මේ අවස්ථාවේ දී “අපේ අහස“ ශීර්ෂ ප්‍රණාමය සිදු කරනු ලබන අතර තවත් වසර දස දහස් ගණනක් ඉදිරියට කර්මාන්තය ප්‍රවර්ධනය වීමට හැකියාව ලැබේ යයි ප්‍රාර්ථනා කරමු.

Comments

  1. සල්ලි පොලීසියෙන් ඉල්ල ගන්න කියන්නෙ උන් මාර පොරවල්නෙ....

    වසර් සියයක් ඇතුලත අපි ලබලා තියන ප්‍රගතිය ගැන සතුටු වෙන්න පුළුවන්...ආසියා-පැසිපික් කලාපයේ හතර වෙනියද අපි ? අනිත් තුන්දෙනා කවුද ?

    මත්තල ගුවන්තොටුපල මේ නොවැම්බර් නේද විවෘත්ත කරණවා කිව්වෙ ? කල් ගියාද ඒක ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. සෙන්නා අපිට ඉහලින් ඉන්නෙ 1. දකුණු කොරියාව, 2. සිංගප්පූරුව 3. ජපානය. ආසියා-පැසිපික් කලාපයේ අනික් සේරම අපිට යටින් ඉන්නෙ.

      මත්තල සැළසුමේ තියෙන්නෙ මාර්තු ඉවර වෙන්න. ඒක මාර්තු වල විවෘත කරයි. දැන් වැඩ ගොඩක් ඉවරයි.

      Delete
  2. නියමයි....ගොඩක් දේවල් දැන ගත්තා....ස්තූති...

    ReplyDelete
    Replies
    1. මනුස්සයෝ මත්තල ගුවන් තොටුපල ගැන වචනයක් කියලා යන්ඩ....

      Delete
    2. විවෘත්ත කරන දවසක් නම් තවම හරියටම දන්නේ නැහැ.නමුත් මේ වන විට ෆිනිෂින් වැඩ කටයුතු අවසන් වෙමින් යන්නේ..දැන් ෆර්නිචර් ගෙනත් භානවා...තව සතියකින් දෙකකින් විතර ෆර්නිචර් ෆිට් කරනට පටන් ගනීවී.ඒ නිසා මේ දවස්වල වෙන්නේ සේවක කප්පාදුව...මට ශෝට් එක වදින්නේ කොයි වෙලාවෙද කියලා මම බලාගෙන ඉන්නේ....හයියෝ..මට එපා.................................වෙලා.....

      Delete
    3. මාර්තු විවෘත කරනවා

      Delete
  3. හැමදම වගේ නියමම කරැණු ටිකක් ..ටිකක් නෙමෙයි ගොඩක්...


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  4. ගුවන් සේවාව පිළිබදව ගොඩක් කරුණු දැනගත්තෙ මේ බ්ලොග් එකෙන්. 100 ට මැරිලා වැඩ කලා කියලයි ආරංචිය....

    සුබ පැතුම්!

    (මේකේ රාවනා යානා ගැන ලියවිච්ච නැති එකනම් වස වැරැද්දක් ඈ.. :D)

    ReplyDelete
  5. මෙතෙක් ලබා ඇති දියුණුව ගැන ඉතාමත් සතුටුයි . මේ සඳහා ඇප කැප වූ සියලුම දෙනාට ප්‍රණාමය . ඒ වගේම මේ තොරතුරු ඉතා රසවත් ආකාරයෙන් අපිට
    …ලියන ඔබටත් විශේෂ ස්තූතිය .

    ReplyDelete
  6. සිංහල වෙබ් අවකාශයට මේ තොරතුරු එකතු කරන එකට ඉෂාරට බොහොම ස්තූති..
    හුදෙක් රාජකාරිය රාජකාරියට පමණක් සීමා නොකර ඒ ගැන ආසාවකින් කටයුතු කිරීම පැසසුම් කටයුතුය.
    ඔබට ජය!

    ReplyDelete
  7. ස්තුතියි අදහස් දක්වපු සේරටම

    ReplyDelete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු ක

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුප