අද මැලේසියාවේ සහ සිංගප්පූරුවේ වෙසෙන ජනතාවගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් දමිළ වැසියන්. මේ දමිළ වැසියන්ගෙනුත් සැළකිය යුතු ප්‍රමාණක් ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූවන්ගෙන් පැවත එන්නන් බව ඔබ දන්නවාද?
1850 පමණ වන විට අපට රට පාලනය කරනු ලැබූවේත් එවකට මලයාව යනුවෙන් හැඳින්වූ මැලේසියාවත් පාලනය කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතිකයින්. මොවුන්ට මලයාව දියුණු කිරීමට අවශ්‍ය වුණා. ඔවුන් ඔවුන්ගේ යටත් විජිත වලින් ශ්‍රමිකයින් ගෙන යාමට තීරණය කරනු ලැබූවා.
අප දන්නවා යාපනයේ දමිළ වැසියන් ඉතා දක්ෂ පුද්ගලයින් බව. අප රටේත් ඉතා දක්ෂ නිලධාරීන් යාපනය ප්‍රදේශයෙන් බිහිවී තිබේ. ජාතික නායකයින් පවා ඔවුන් අතර සිටි. එවකට බ්‍රිතාන්‍ය පාලකයින් විසින් කරන ලද ඉල්ලීමක් අනුව අප රටේ පුද්ගලයින් ද මලයාව වෙත සංක්‍රමණය වූ අතර විශේෂයෙන් යාපනයේ දක්ෂ දමිළ පුද්ගලයින් පවුල් පිටින් ගොස් මලයාවේ පදිංචි විය. මුල් කාලයේ සිංගප්පූරුවද මලයාවේ කොටසකි.
මෙසේ අප රටේ යාපනය ප්‍රදේශයෙන් සංක්‍රමණය වූවන්ගෙන් වැඩි දෙනෙක් මලයාවේ පරිපාලන කටයුතු වලට සම්බන්ධ වූ අතර විශේෂයෙන් කෘෂිකාර්මික අධ්‍යාපන හා තාක්ෂණික අංශ වල ඔවුන් කටයුතු කර තිබෙනවා. අදටත් මැලේසියාවේ ඉහළ තනතුරු වල දමිළ පුද්ගලයින් දැකිය හැකියි.
1914 දී පමණ පළමු ලෝක යුද්ධය ඇරඹි අතර බ්‍රිතාන්‍ය ද එම යුද්ධයට පැටලී සිටියේය. මේ කාලයේදී ගුවන් යානයේ මුල් අවධිය වුවද යුද්ධය සඳහා ඔවුන් ගුවන් යානා යොදා ගැනීම මගින් සාර්ථක ප්‍රතිපල අත්කර ගැනීමට සමත් වී තිබිණ. මේ කාලයේ ගුවන් යානා දැව, රෙදි වැනි සැහැල්ලු ද්‍රව්‍ය වලින් සකසා තිබූ අතර යුධ කටයුතු සඳහා ඔරොත්තු දීම යම් පමණකට පහත මට්ටමක තිබිණ.
යුද්ධයේ දී බ්‍රිතාන්‍යයට සහාය ලබා ගැනීමට අවශ්‍ය වූ අතර මේ සඳහා පැමිණි යෝජනා වලින් වඩා සාර්ථකම යෝජනාව වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත වලින් සහාය ලබා ගැනීමයි. මේ අනුව ලොව විවිධ ප්‍ර දේශ වලින් විවිධ සහායන් ලැබුණ අතර මලයාවේ සිටි ඉංග්‍රීසි ජාතිකයෙක් වූ අල්මා බේකර් නැමැත්තෙකු විසින් ද මලයාවේ මෙම මුදල් සොයා බ්‍රිතාන්‍යයට සහාය දැක්වීම කාර්යය සිදු කළ අතර ඔහු විසින් බ්‍රිතාන්‍ය හමුදාවට මලයාවෙන් ගුවන් යානා 94 කට පමණ මුදල් සොයා සපයා දී තිබිණ.
බ්‍රිතාන්‍ය හමුදා විසින් මෙසේ ලබා දුන් ගුවන් යානා වලට ඒ පරිත්‍යාග කරන ලැබූවන්ගේ නම් හෝ ඔවුන් නියෝජනය කරන ලබන නමක් යෙදු අතර “අල්මා බේකර්“, “මලක්කා චයිනීස්“ වැනි නම් ඒ අතර තිබිණ. මැලේසියාවේ මිනින්දොරු දෙපාර්තමේන්තුවේ සේවය කල “සුබ්‍රමනියම්“ නැමති යාපනයෙන් සංක්‍රමණය වූ පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් එහි විසු දමිළ ජාතිකයින්ගේ මූල්‍ය දායකත්වයෙන්ද ගුවන් යානයක් පරිත්‍යාග කළ අතර එය සුවිශේෂි ගුවන් යානයකි.මෙම යානය ලබා ගැනීම සඳහා ස්ටර්ලින් පවුම් 2250 ක් පමණ එකතු වී තිබේ.
F.E.2b වර්ගයේ යානාවක් වූ මෙහි අවර පෙත්ත පසිපසින් පිහිටා තිබීම ම විශේෂත්වයක් විය. එවකට නිෂ්පාදනය කළ ගුවන් යානා වලට පොදු ලක්ෂණයක් වූ ද්විත්ව පියාපත් සහිත වීම මෙහිද දක්නට ලැබුණ අතර අශ්ව බල 120 ක එන්ජිමක් සවි කර තිබිණ. නියමුවා සහ තවත් පුද්ගලයෙකුට ගමන් කළ හැකි මෙම යානය ගුවනේ සිට වෙඩි තැබීම හෝ බෝම්බ දැමීම සිදු කළ හැකි ආකාරයට සකස් කර තිබිණ. යානය නිෂ්පාදනය කරනු ලැබූවේ බ්‍රිතාන්‍ය යේ රාජකීය ගුවන් යානා කර්මාන්තශාලාවේදීය.
මෙසේ සකස් කරන ලද ගුවන් යානය 1915 දෙසැම්බර් මස 22 වන දින රාජකීය හමුදාවට භාර දෙනු ලැබූ අතර මෙම යානය පරිත්‍යාග කරන ලද්දවුන්ට උපහාරයක් වශයෙන් “JAFFNA“ යනුවෙන් නම් කරන ලදී. මෙම යානය බොහෝ කාලයක් රාජකීය හමුදාවට සේවය කරන ලදී.
පහත දැක්වෙන්නේ එම යානයේ සැබෑ ඡායාරූපයකි
පහත දැක්වෙන්නෙ එම යානා වර්ගයේ ප්‍රති නිර්මාණයකිමේ තිබෙන්නේ එවන් සැබෑ යානයක ඡායාරූපයකි.
ශ්‍රී ලාංකීය ගුවන් සේවා ඉතිහාසයේ සියවස සමරණ මෙම අවස්ථාවේ මෙම තොරතුරත් ඔබට වැදගත් වේවි යයි සිතමි.
නියම විස්තරයක් ඉෂාර.
ReplyDeleteදැං අපේ රටේ කොඩි ගහගෙන අනුංගෙ චන්ද්‍රිකා යනවට වැඩිය ඒක වටින්න ඇති.
මුල් කාලයේ පින්තූර දැක්කමනම් පුදුම හිතෙනවා . ස්තූතියි විස්තරයට .
ReplyDeleteකොච්චර වටින තොරතුරුද ඇයි මේවා ස්කෝල වලවත් උගන්වන් නැත්තේ
ReplyDeleteවැදගත් තොරැතුරැ තියෙන නියම විස්තරයක්. මට මේ අඩවිය ක්ලික් කරද්දිම හිතුනේ වෙනවද වගේම ලිපියේ අවසානය කියවන්න අඩි පහක් හයක් පහලට ස්ක්‍රෝල් කරන්න වේවි කියලයි..හේහ්
ReplyDelete්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
නියම විස්තරයක්
ReplyDeletehttp://www.dinumadushan.tk