මෙම ලිපියේ පළමු කොටස මින් පෙර පළවී ඇත.
1912
පළමු සාර්ථක ගුවන් ගමනක් සිදු කර ඇත්තේ ප්‍රංශ ජාතිකයෙකු වන “මාර්ක් පෝප්“ (Marc Poupe) විසිනි. ඒ 1912 දෙසැම්බර් 7 වන දින බව සඳහන් වේ. මෙහි දී මාර්ක් පෝපෙ විසින් තම ගුවන් යානය කොළඹ තුරඟ තරඟ පිටියෙන් ගුවන් ගත කර කොළඹ වටා ගමන් කර යළිත් සාර්ථකව තුරඟ තරඟ පිටියට ගොඩ බෑම සිදු කළ බව සදහන් වේ. මේ ගුවන් ගමන නිසි අවසරයතින් සිදු නොකළ බැවින් පොලිසිය විසින් තහනම් කරනු ලැබූ බවට ද තොරතුරු ඇත.
. මාර්ක් පෝප්
මෙම සිදු වීම “දිණමිණ“ වාර්තා කර තිබු අයුරු.
1931
1931 ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට සම්බන්ධ වූ වසරක් ලෙස ඉතිහාසයට එක්වන්නේ 1931 මැයි මස 7 වන දින දකුණු අප්‍රිකානු සම්භවයක් තිබූ ගුවන් නැවියෙකු වූ නෙවිල් වින්සන්ට් (Mr. Neville Vincent) බොම්බායේ සිට කොළඹ රාජකීය ගොල්ෆ් පිට්ටනියට “ඩි හැවිලන්ඩ් පුස් මොත්“ (de Havilland Puss Moth) යානාවක් මගින් පැමිණීම හේතුවෙනි.
ඩි හැවිලන්ඩ් පුස් මොත් යානාවක්
1932/1934
1932 දී එක්සත් රාජධානිය හා ඉන්දියාව අතර පැවති රාජකීය ගුවන් තැපැල් සේවාව ශ්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කරනු ලැබූ අතර 1934 දී සෙනෙට් සභාව විසින් රත්මලානේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් සකස් කරීමට තීරණය කරනු ලැබිණ.
1935
මේ කාලය වන විටත් ගුවන් ධාවන පථයක් නොතිබූ අතර 1935 දී නව ධාවන පථයක් රත්මලානේ දී සකස් කරන ලදී. මේ ධාවන පථයට මුලින්ම යානයක් ගොඩ බස්සවන ලද්දේ මදුරාසි ගුවන් සමාජයේ (Madras Flying Club) හැරල්ඩ් ටයන්ඩේල්-බිස්කෝ මහතා (Mr. Harold Tyndale-Biscoe) විසින් වන අතර ඒ 1935 නොවැම්බර් මස 27 වන දින දීය. මෙහි දී ගොඩබස්සවන ලද්දේ “හැවිලන්ඩ් පුස් මොත්“ (Havilland Puss Moth) යානයකි.
1936
1936 දී රත්මලාන ගුවන් තොටුපල සකස් කර අවසන් කරන ලද අතර “ලංකාවේ ගුවන් සමාජය“ (Aero Club of Ceylon) මහජනතාව සඳහා ගුවන් සේවා ආරම්භ කරන ලදී. මේ කාලයේදී ගුවන් යානා ආනයනය කිරීම වැඩි වීම නිසා සිවිල් ගුවන් යානා ලියා පදිංචි කිරීම ආරම්භ කරන ලද අතර කාන්තාවන් ද පෞද්ගලික නියමු බලපත්‍ර ලබා ගැනීම විශේයෙන් කැපී පෙනිණ.
රත්මලාන ගුවන් තොටුපල පර්යන්ත ගොඩනැගිල්ල
1937
1937 දී දේශීය ගුවන් සංතරණ නීති හඳුන්වා දෙනු ලැබූ අතර ගුවන් යානා 3ක් දේශීය ගුවන් යානා ලැයිස්තුවේ ලියාපදීංචි කරනු ලැබිණ.
1938
1938 වසරේ පෙබරවාරි මස 28 වන දින රත්මලාන ගුවන් තොටුපල එවකට ලංකාණ්ඩුකාරවරයාව සිටි ශ්‍රීමත් ඇන්ඩෘ කැල්ඩිකොට් (Sir Andrew Caldecott) මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී. එම වර්ෂයේ දී ම රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ වශයෙන් වැඩ බැලීමට පත් කරනු ලැබීය.
එම වසරේම පෙබරවාරි මස 28 වන දින ලංකාව සහ එක්සත් රාජධානිය අතර ගුවන් තැපැල් මෙහෙයුම් ආරම්භ කරන ලදී. මේ සඳහා ඉන්දියාවේ “ටාටා“ ගුවන් සමාගමේ (TATA Airlines) “වැකෝ බයිප්ලේන්“ (WACO Biplane)යානයක් උපයෝගී කරන ලදී.
වැදගත් තොරතුරු ටිකක් රාවනා කාලේ ගුවන් ගමන් ගමන් ගැන සෙල්ලිපි ටිකක් වැත් නැති වුනානෙ..සික්..
ReplyDeleteආස කරන විෂයයක්.
ReplyDeleteලිපිය මරු
ReplyDelete