Skip to main content

ගුවන් ටිකට්පත් නිකුතුව පිළිබඳ පාඨමාලාව AIRLINE RESERVATION & FARES CALCULATION COURSE

ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ගුවන් සාමාගම් දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් ශ්‍රී ලන්කන් ගුවන් සාමාගම. අනෙක මිහින් ලංකා ගුවන් සමාගම. කවුරු කොහොම කිව්වත් මේවා ජාතිය සතු දේවල්. මීට අමතරව දැනට ශ්‍රි ලංකාවට අන්තර්ජාතික ගුවන් සමාගම් 30කට ආසන්න ප්‍රමාණයක් මෙහෙයුම් කරනු ලබනවා. මේවායේ දේශීය සේවකයින් විශාල ප්‍රමාණයක් සේවය කරනවා. මෙයිනුත් සැළකිය යුතු ප්‍රමාණයක් ගුවන්ටිකටිපත් නිකුත් කරන නිලධාරීන්. මේ ගුවන් ටිකට්පත් නිකුත් කිරීම ආවාට ගියාට කරන්න බැහැ. ඒකටත් හොද දැනුමක් අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් ලොවම පිළිගත් පාඨමාලා තිබෙනවා. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය මගින් මෙහෙය වනු ලබන ඩිප්ලෝමා පාඨමාලාව තමයි මෙහි බයබලය ලෙස පිළිගැනෙන්නේ. නමුත් වැය කුළ යුතු මුදල ඉතා විශාලයි. සමහර විට එය රු. 100000/- විතර වෙනවා.

මීට අමතරව දේශියව විවිධ ආයතන විසින් මේ හා සමාන පාඨමාලා විවිධ මට්ට්ම් වලින් පවත්වාගෙන යනු ලබනවා. ඒවායේ ජාත්‍යන්තර පිළිගැනීම නම් ප්‍රශ්ණකාරීයි. ලැබෙන දැනුමත් සාපේක්ෂව අඩුයි. ඒවගේම අඩු දැනුමක් ඇති අය ගුවන් සමාගම් වල සේව‍ය කිරීම නිසා පාරිභෝගිකයින්ටත් විවිධ අපහසුතා පැන නගිනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියට ලැබෙන පැමිණිලි වලින්ම මෙය පැහැදිලි වෙනවා. මේ සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ කාලීන අධ්‍යයනයකින් පසුව සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළා ගුවන් ටිකට්පත් නිකුතුව පිළිබඳව පාඨමාලාවක් ආරම්භ කරන්න. දැන් එහි පළමු කණ්ඩායම මුදාහැර අවසන්.

සතුටුදායකම දෙය තමයි ඔවුන් සියළු දෙනාම රැකියාවන් කරනවා. දැන් ඒ පාඨමාලාවේ දෙවන කණ්ඩායම ආරම්භකිරීමට අයදුම්පත් භාර ගන්නවා. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර 0112441522 න් හරි සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

රාජ්‍ය ආයතයක පාඨමාලාවක් නිසා ජාත‍‍‍්‍යන්තරවත් මෙය පිළිගැනීමට ලක් වෙනවා.

Comments

  1. කියෙව්වා. විස්තර වලට ස්තුතියි !

    ReplyDelete
  2. කියෙව්වා. විස්තර වලට ස්තුතියි !

    ReplyDelete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔ...

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැ...

“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ - ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- අවසන් කොටස

 1 කොටස 2 කොටස 3 කොටස මෙම්පිස් වලට ආසන්නයේ දී යානය පහතට එමින් තිබිණ. මේ අවස්ථාවේ දී කැලෝවේ යළිත් හදිසි ශක්තියක් ගෙන නැගී සිටියේය. ඔහු ව යට කරගෙන සිටි මිනිසුන් ඒ මේ අත විසි කරන්නට විය. ඔවුන් ද උත්සාහය අත හැරියේ නැත. කැලෝවේ විසින් ජිම් ටකර් ගේ ඇස එළියට ගැනීමට උත්සාය කරමින් සිටියේය. ඇන්ඩි පීටර්සන් ඒ අවස්ථාවේ දී යානයේ තට්ටුව මත වැටී ඇති මිටියක් ජිම් ටකර් ට ඇසෙන් පෙන් වන ලදී.    “ඔයා මූට ගහන්න ඒකෙන්“  ටකර් කෑ ගසන විටම පීටර්සන් එම මිටිය ගෙන කැලෝවේට පහර දුන්නේය.  අංක 705 දරණ ගුවන් යානය මෙම්පිස් ගුවන් තොටුපලේ අංක 36 දරණ ධාවන පථයට ඉතා තද ගොඩ බැස්සවීමක් සිදු කළේ එයින්ම පිටත් වී පැය භාගයකට පසුවය. ඉන්ධන වල අධික බරක් තිබුණ ද යානය ගුවන් ධාවන පථයේ නවතා ගැනීමට කපිතාන් සෑන්ඩර්ස් සමත් විය. ඒ සමගම ආධාරක කණ්ඩායම් යානය වටකර ගත්හ. ඒ සමගම ඔහු   නියමු කුටියේ හදිසි දොරටුවෙන් පිටතට පැමිණියේය.  මුලින් යානයේ හිණිමග දිගේ දොරටුව වෙත ළඟා වූයේ වෛද්‍ය සේවකයෙකු වූ ඩේවිඩ් ටීග් ( David Teague ) ය. බිම සිටි කිසිම කෙනෙක් සිදු වූ සිද්ධියක් දැන සිට...