Skip to main content

ඕමාන් එයාර් යළිත් ලංකාවට - Oman Air Back to Sri Lanka

"ඕමාන් එයාර්" (Oman Air) කියන්නේ ඕමාන් (Oman) රාජ්‍යයේ ජාතික ගුවන් සේවය. ඕමාන් රාජ්‍යය තුළ දේශිය ගුවන් ගමනුත් ඕමානයේ සිට අන්තර්ජාතික ගුවන් සේවාවනුත් පවත්වාගෙන යනවා.

"ඕමාන් එයාර්" කියන්නේ ලංකාවට අළුත් ගුවන් සමාගමක් නොවේ. මීට පෙරත් ශ්‍රී ලංකාවට මෙහෙයුම් කරා. අන්තිමට ලංකාවට මෙහෙයුම් කරනු ලැබුවේ 2005 මාර්තු මාසේ. ඉන්පසුව මෙහෙයුම් නවතනු ලැබුවා. ඒකට හේතු වුනේ මගීන් නොමැති කම. කොහාම උනත් යළිත් ඔවුන් උත්සහ කරනවා තම මෙහෙයුම් පවත්වාගෙන යන්න.

දැනට අනුමත කර ඇති කාලසටහනට අනුව සතියකට ගුවන් වාර 04 (04 Frequencies) පවත්වා ගෙන යා හැකියි. දැනට එකඟ වී ඇති ආකාරයට ලබන මාර්තු මාසයේ සිට මෙම සංඛ්‍යාව 7 දක්වා ඉහළ දැමීමට නියමිතයි.

ඕමානයේ දැනට ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් ‍සේවය කරනු ලබනවා. මෙම ගුවන් සේවා ආරම්භය ඔවුන්ට පහසුවක් වේවි. දැගන්නට ලැබී තිබෙන ආකාරයට ගුවන් ප්‍රවේශ පත් ගාස්තුව "ශ්‍රීලන්කන්" (Srilankan) ගුවන් සේවයේ මිළටම ආසන්නයි. "ශ්‍රීලන්කන්" ගුවන් සේවයත් ඕමානයේ "මස්කට්" (Muscat - MCT)අගනුවර වෙත ගුවන් ගමන් පවත්වාගෙන යනවා. නමුත් එය සෘජු ගුවන් ගමනක් නොවේ. යන්නේ "දෝහා" (Doha - DOH) හරහා.

"ඕමාන් එයාර්" ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ "ශ්‍රීලන්කන්" ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන "පීටර් හිල්"  මයි.(Peter Hill)

මේ මාසේ 14 වෙනිදා ඔවුනගේ මෙහෙයුම් ආරම්භ වීමට නියමිතයි.


Comments

Popular posts from this blog

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔ...

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැ...

නියමුවා දිවි නසා ගැනීම - Pilot Suicide

LAM Mozambique Airlines යනු මොසැම්බික් රාජ්‍යයේ ජාතික ගුවන් සේවයයි. මොසැම්බික් රාජ්‍ය යේ මපුටෝ ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන අතර අප්‍රිකානු මහාද්වීපයේ රටවල් අතර සහ මොසැම්බික් රාජ්‍යය තුළද සිය මෙහෙයුම් සිදු කරනු ලබයි. 1936 දී පමණ ආරම්භ කර ඇති මෙම ගුවන් සමාගම අප්‍රිකානු මහාද්වීපයේ හොඳින් මෙහෙයුම් සිදු කරනු ලබන ගුවන් සමාගමකි. ගුවන් සමාගම පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී සිදු වූ ගුවන් අනතුරක් නිසා ලොවේ කථා බහට ලක් වුණා. මෙම අනතුර සිදු වූයේ මපුටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ඇන්ගෝලාවේ Quatro de Fevereiro ගුවන් තොටුපලට මොහෙයුමක් සිදු කරන අතරවාරයේ දීයි. යානය අනතුරට ලක් වූයේ නැමීබියාවේ Bwabwata ජාතික වනෝද්‍යානය ඉහළින් පියසර කරමින් තිබිය දීය. අනතුරට පත් වූ යානය මෙම ගුවන් අනතුරින් යානය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එහි ගමන් කළ මගීන් 27 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනා ජීවිතක්ෂයට පත් විය. යානය අනතුරට පත් වූ ස්ථානය පරීක්ෂක කණ්ඩායම් ලඟා වූයේ අනතුර සිදු වූ දිනට පසු දින වූ අතර ඒ වන විටත් යානය සම්පූර්ණයෙන් අළු ගොඩක් ව තිබූ බව එම කණ්ඩායම් පවසයි. ගුවන් අනතුර සිදු වූ ස්ථානයේ තිබී යානයේ...