අද (17/02/2014) අළුයම 1230 ට පමණ ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපලින් පිටත් වූ ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් අංක ET702 දරණ ගුවන් යානය ගුවනේ දී පැහැර ගැනීමක් සිදු වී ඇති බව වාර්තා වුණා. සුඩානය ඉහළින් පියාසර කරමින් තිබිය දී මෙම සිදු වීම වාර්තා වූ අතර ගුවන් යානය ගමන් කිරීමට නියමිත වූ ගුවන් තොටුපල වූයේ රෝමයේ “ලියනාඩෝ ඩාවින්සි“ ගුවන් තොටුපලයි. නමුත් එය ගොඩබා තිබුනේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා ගුවන් තොටුපලටයි. මගීන් සහ කාර්ය මණ්ඩලය 200 ක් පමණ මෙහි ගමන් කරමින් සිටි අතර ඔවුන් සියළු දෙනාම නිරුපද්‍රිතව සිටි බව ට වාර්තා ලැබී තිබේ.
ගුවන් යානයෙන් මගීන් ඉවත් කර ගන්නා අයුරු (නියමුවා බැසිගිය ලණුව වම්පස එල්ලෙමින් තිබේ)
මෙම සිද්ධියේ ජුගුප්සාජනකම කාරණය වන්නේ සහාය නියමුවා විසින් මෙම පැහැර ගැනීම සිදු කර තිබීමයි. ප්‍රධාන නියමුවා වැසිකිලියට ගිය අවස්ථාවේ දී මෙම පැහැර ගැනීම සිදු කළ බව දැනට තොරතුරු අනාවරණය වී ඇති අතර ජිනීවා ගුවන් තොටුපලේ දී යානය නැවැත් වූ පසු සැකකාර සහාය නියමුවා ඉදිරිපස සුළං මුවාව විවර කර ලණුවක් ආධාරයෙන් පිටතට පැමිණ තිබේ. (හදිසි අවස්ථාවක එසේ පැමිණිමට පහසුකම් තිබේ) පසු ඔහුව අත් අඩංගුවට ගැණුන අතර ඔහු පවසා සිටයේ තම රට තුළ තමාට තර්ජන ඇති බැවින් මෙලෙස විදෙස් රටක රැකවරණ පැතීමට උත්සාහ කළ බවයි. කෙසේ වෙතත් නීති තත්ව යටතේ දී ඔහුට විරුද්ධව ක්‍රියා කර වසර 20 ක සිර දඬුවම් ලබා දිය හැකියි.
ප්‍රවාත්තිය මෙතනින් බලන්න
යම් හෙයකින් මෙසේ ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීමට ලක් වුවහොත් එය ගුවන් ගමන් පාලක වරුන්ට දැනුම් දීමට විශේෂ සංඥාවක් භාවිතා කරයි. ගුවන් යානයේ තිබෙන “ට්‍රාන්ස්පොන්ඩන්ට්“ නැමති විද්‍යුත් උපරණයෙන් මෙම සංඥා නිකුත් කිරීම හා හඳුනා ගැනීම සිදු කරයි. ගුවන් යානා දෙකක් ගැටීම වැළැක්වීමට, යම් අනතුරු දායක තත්වයක් දැනුම් දීමට මෙම උපකරණයේ විවිධ කේත භාවිතා කරමින් යොදා ගනී.
සෙස්නා ගුවන් යානයේ ට්‍රාන්ස්පොන්ඩන්ට් උපකරණය
මෙම ක්‍රමයට සංඥා සැකසීමේ දී squawk යන වචනය සමගින් කේතය භාවිතා කරයි. මෙලෙස භාවිතා කිරීමට අවශ්‍ය වන කේත හඳුන්වා දී ඇති අතර ඒ ඒ අවස්ථා වල මෙම කේත භාවිතා කරයි. මෙම කේත භාවිතා කිරීම දෙවන ලෝක යුද්ධ සමය තෙක් දිව යන අතර සතුරු යානා සහ මිතුරු යානා හඳුනා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව විසින් මෙම ක්‍රමය භාවිතා කරන ලදී. පසු කාලීනව මෙය සිවිල් ගුවන් යානා වල භාවිතයට ගැණින. ප්‍රාථමික රේඩාර් වල දී මෙම බීකනය මගින් යානා හඳුනා ගැනීම පහසු කරයි.
ඉහත වචනයත් සමග භාවිතා කරන මෙම කේතය ඉලක්කම් හතරකින් යුක්ත වන අතර 0000 සිට 7777 දක්වා පරාසයක විහිදේ.
උදාහරණයක් ලෙස squawk 7700 යනු හදිසි අවස්ථාවක් බව දැන්වීමයි. squawk 7600 යනු රේඩියෝ සංඥා වල බිඳ වැටීමක් වාර්තා කිරීමයි.
ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීමක් සිදු වුවහොත් ඒ බව දැනුම් දීම සඳහා squawk7500 යන කේතය භාවිතා කරයි.
ඉහත අප කථාවේ සඳහන් සහාය නියමුවා මුල සිටම මෙම සංඥාව නිකුත් කරමින් ගමන් කර ඇත.
squawk කේත මෙතනින් බලන්න
මේ සම්බන්ධයෙන් ඉතා විශාල තාක්ෂණික විස්තරයක් ඉදිරිපත් කිරීමට වඩා මෙම සරල කරුණු පැහැදිලි කිරීම පුමාණවත් යයි සිතමි. එළෙසම මෙම ප්‍රවෘත්තය කියවන හෝ අසන විට දැන් ඔබට එය වඩාත් පැහැදි වනු ඇත.
ඉස්සුවට බාන්න වෙන්නේ ගුවන් තොටුපලකටමනේ.car එකක් වගේ පැනලා අරන් යන්නත් බා නේ.ඒ නිසා ගොඩ බාපු ගමන් හිරෙන් බත් කන්න බලාගෙනම වැඩේ කරන්න ඕනේ
ReplyDeleteමම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
ඒක ඇත්ත
Deleteගෙදර ගෙනියන්න බෑනේ
ඇත්තෙන්ම ආසා හිතෙන ලිපියක් තවත් ලියන්න
ReplyDeleteස්තුතයි
Deleteප්ලේන් නං අමාරුයි. කෝච්චියක් වත් බලමු :D
ReplyDeleteමේ දවස් වල නම් මල්ලී මුළු දුම්රිය දෙපාර්තමේන්තුවම උස්සන් හිතයි. ඇත්තමයි
Deleteමෑතකදී හයිජැක් කිරිල්ලක් වුනේම නෑ නේද හොඳ වෙලාවට?
ReplyDeleteඑක කාලයක් මට මතකයි ගුවන් යානාවල මඟීන් වගේ වෙස් වලාගත්ත ආත්මාරක්ෂක සටන් ප්‍රගුණ කරපු ආරක්ෂක නිළධාරීන් නැතිනම් මාෂල්වරු යොදවලා තිබ්බා හයිජැක් කිරිල්ල දරුණුවටම ගිය නිසා.
ඉතින් බං ඔය අද උදේ කරලා තියෙන්නෙ යසට එකක්
Deleteපස්සෙ අනාගෙන
ඒකනේ. පයිලට් මෙහෙම ප්ලේන් එකක් හයිජැක් කරන්න හදපු එකක් මේ දවස්වල Terror in the Sky ප්‍රෝග්‍රෑම් එකෙත් පෙන්නුවා. පොරනම් පැසෙන්ජර්ස්ලමද කොහෙද එකතුවෙලා බිම දාගත්තා. ඒ ඔලුව පොඩ්ඩක් අප්සෙට් වෙලා.
Deleteඒක නෙවේ ඉෂාර. මම මේ වින්ඩ්ෂීල්ඩ් එක අස්සෙන් ලණුව දාපු එක ගැන කල්පනා කරන්න ගිහිල්ල මට නිතරම ඔලුවේ දුවපු ප්‍රශ්ණයක් මතක් වුනා. ඔය වයිපර්ස් තියෙනවා නේද? ඕක aerodynamic වලට විරුද්දයිනේ. එතකොට ඔය වේගෙන් යන ප්ලේන් එකක වයිපර් එකක් හුලඟට ඔරොත්තුදෙන්න හදලා තියෙන්නේ කොහොමද? ඒ මදිවට වැඩ කරන්නත්.
මචං එච් බී, සාමාන්‍යෙයන් මේ වයිපර් භාවිතා කරන්නෙ ගුවන් තොටුපලේ ගමන් කරන වෙලාවට. කෘස් එකේ දී භාවිතා වෙන්නෙම නැති තරම්. කාලගුණය අවුල් නම් ගොඩක් වෙලාවට ඉන්ස්ටෘමන්ට් ලෑන්ඩින් සිස්ටම් (ILS), ඔටෝ පයිලට් එහෙම එන නිසා පයිලට් ට වීදුරුවෙන් බලන්න අවශ්‍ය නැහැ. ගුවනේ අධික වේගයකදී මේවා ක්‍රියාත්මක කලහොත් අධික ශබ්ධයක් එනවා. ඒ වගේම ඒ වේගයට මේ වයිපර් වල මෝටරය ඔරොත්තු දෙන්නෙත් නැති නිසා හරි හැටි ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ.
Deleteඑයරෝඩයිනමික්ස් වලට සුළු හෝ බලපෑමක් සිදුවීමට ඇති ඉඩකඩ ඇහිරීමට තමයි මේවා ක්‍රියාවිරහිත තත්වයේදී වින්ඩ්ෂ්ල්ඩ් දෙක වෙන් කරන මැදින් තියෙන කොටසට සමාන්තරව ඒ කියන්නෙ පොළවට ලම්බකව මේවා ස්ථාන ගත වෙන්නෙ. එතකොට බරපතල ගැටළුවක් වෙන්නෙ නෑ. මේ විස්තරය ඇති මම හිතන්නෙ
Thanks machan. Got it!
Deleteතේ එකක් එහෙම හදාගෙන ආවේ හෙන විස්තරයක් කියවන්න.... අවුලක් නෑ... අනිත් ලිපි දෙකත් බැලුවා.... මේ විස්තරත් පැහැදිලියි
ReplyDeleteඔය ටිකත් මදෑ බං හැදෙන එකෙකුට
Deleteමමත් දැක්කා ඔය කේස් එක,,මූ මහ මැටි මෝලෙක්,,,යන රටක හිමීට බැහැලා මාරු නොවී හයි ජැක් කරන්න ගිහින්,දැන් ඉතින් හිරේ නේ,,,ප්ලේන් එක පස්සෙන් ඉතාලි ගුවන් හමුදා යානා දෙකකුත් ගියා ගොඩ බානකන්ම
ReplyDeleteඔව් එයාර්ෆෝස් එකෙන් ගිහින් තිබුණා
DeleteI like this post very much. Keep going.
ReplyDeleteI know DESH, Thanks anyway
Deleteමාත් අද උදේ නිවුස් වලට මේ විස්තරේ දැක්ක.
ReplyDeleteඕව එකක් උස්සන්න උනත් එලෝන හැටි දැනගෙන ඉන්න එපැයි. නැත්තං තෙල් ඉවරවෙලා බිම වැටෙනකං දන්නෑ.
මේකත් ජිනීවා වල ලෑන්ඩ් කලේ තෙල් ඉවරවෙන්න ළඟ වුන නිසා.
Deleteමේන් මේන් මම ආසම ආස ජාතියෙ කතාවක්...
ReplyDeleteඔය මොකා මොනා ඉස්සුවත්, ගුවන්යානා මංකොල්ලාකෑමේ ශ්‍රීලාංකීය ක්‍රමවේදයට ගහන්න ඔය එකෙක්කුටවත් තාම බැරි වුනා... නැද්ද මම අහන්නෙ ? :D
ස්තූතියි ඉෂාර...
ඒක නම් ඇත්ත.
Deleteස්තූතියි මේ කතාව තාක්ශනික තොරතුරුත් එක්ක බෙදා ගත්තට. ඊයේ නිව්ස් වලත් මේක දැක්කා.
ReplyDeleteසෙන්නා ට ලියනවනම් ඔන්න ලියන්න කතාවක්.
ස්තුතියි
Delete