“දැයට කිරුළ“ 2012 ප්‍රදර්ශණ භූමියෙ තිබුණ අංක එකේ ජනතා ආකර්ශණය දිනූ ප්‍රදර්ශන භාණ්ඩය වුණේ අපි ඉදිරිපත් කරපු AN24 ගුවන් යානය. මේ ගැන මම පළ කරපු සටහනට විශාල ප්‍රතිචරායක් තිබුණා.
මේ සටහනට විතරක් නෙමේ ඒ අවස්ථාවෙ අපේ මේ ගුවන් යානය නරඹන්න දැනුම ලබා ගන්න විශාල ජනතාවක් එක් රැස් වුණා. ඒ වගේම මගේ කලින් සදහන් කළ සටහනට ප්‍රතිචාර දක්වපු අය කියා තිබුණා මෙය මුදල් නාස්තියක් කියලා. ඒ වගේම චූටි මහත්තයා කාටූන් එකකට මාව ඇතුලත් කළාමත් ඒ සඳහා විවිධ ප්‍රතිචාර දැක්වූවා.
කොහොම වුණත් මම ඒ විචාරයන්ට දක්වපු ප්‍රතිචාර වලත් සඳහන් කළා මෙම යානය තවදුරටත් ප්‍රදර්ශණය කරන බව.
මේ සඳහා පාසැල් ළමුන්ගේ අති විශාල උද්යෝගයක් තිබුණා.
සාමාන්‍යයෙන් අපේ රටේ කුඩා දරුවන්ගෙන් විශේෂයෙන් ගම්බද දරුවන්ගෙන් ලොකු වුණාම වෙන්න කැමති කවුද කියලා අහපුවාම ජනප්‍රිය උත්තර කීහිපය ඇතුලෙ ගුවන් යානා නියමුවෙක් වෙන්න කැමති බව සඳහන් පිළිතුර තිබෙන්නෙ බොහොම කලාතුරකින්. ගුවන් ක්ෂේත්‍ර යේ වෙනත් තනතුරු ගැන නම් දන්නෙත් නැති තරම්.
අපි පසුගිය වසර දෙකක කාලය තුල කරන ලද වැඩසටහන් වල පුතිපලයක් ලෙස අද මේ තත්වය ඉතා සැළකිය යුතු මට්ටමකින් වෙනස් වෙලා තියෙනවා.
විශේෂයෙන් මෙවර දැයට කිරුළ වැඩ සටහනට සමගාමීව උතුරු මැද පළාත තුළ දියත් කරන ලද කුමවත් අධ්‍යාපන වැඩසටහන් තුළින් ඒ ප්‍රෙද්ශයේ දරුවන් අතර ගුවන් ක්ෂේත්‍රය පිළිබඳ පිබිදීමක් ඇති කිරීමට හැකියාවක් ලැබුණා. මෙය තවත් තීවු වුණා ප්‍රදර්ශණ භුමියේ තිබුණ සැබඋෑ ගුවන් යානය දැකීමෙන්.
මේ සියළු කාරණා ප්‍රදේශයේ දේශපාලන අධිකාරයත් දැනුවත්ව සිදුවුණ අතර දැයට කිරුළ පුදර්ශණය අවසානයේ ඔවුන්ගෙන් ඉල්ලීමක් තිබුණා තව දුරටත් මේ යානය එම ප්‍රදේශයේ ප්‍රදර්ශණය කරන ලෙසට. ඒ අනුව අපි දින 10 ක වැඩසටහනක් දියත් කරනු ලබු අතර එය 2012 මාර්තු මස 05 වන දින සිට 15 වන දින තෙක් දින 10 ක් පාසැල් සිසුන් සඳහා ප්‍රදර්ශණය වෙනවා. මේ අවස්ථාව වන විටත් අපේ නිලධාරින් එහි එම කටයුතු සිදු කරනු ලබන අතර ඉතා විශාල සිසුන් ප්‍රමාණයක් දෛනිකව මෙම යානය නැරඹීම සඳහා පැමිනෙනවා. මේ පහළ තියෙන්නෙ ප්‍රථම දිනයේ සිසුන් පැමිණි ආකාරය.
මේ හරහා ප්‍රදේශයේ පාසැල් සිසුන් අතර ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් ඇති කර ඔවුන් මේ ක්ෂේත්‍රයට ආකර්ශණය කරවා ගැනීම අපේ අරමුණ වෙනවා. මේ වගේ සතුට උතුරණ හිනා මූණු දැක්කම අපේ ඉදිරිය සුභ බව පේනවා.
ප්‍රදේශයේ පාසැල් කළාප අධ්‍යාපන කාර්යාලය හරහා දැනුවත් කර තිබෙන අතර ඉදිරි දින කීපය තුළ ඔවුන් මෙය නැරඹීමට පැමිණේවි.
ගුවන් යානයක් දැකල නැති ඉස්කෝලෙ යන ලමයින්ට ඒක පෙන්වීම නං හොද දෙයක් තමයි. ඒ වෙනුවෙන් ගෙවන්න වෙන මිල ගැන මෙතනදි කතා නොකර ඉමු. මේක දේශපාලන පෝස්ටුවක් නොවන නිසා.
ReplyDeleteස්තුතියි නිවැරදිව වටහා ගැනීම සම්බන්ධයෙන්
Deleteමටත් එන්න හිතෙනවා
ReplyDeleteලොකු ජෝන් කියපු එකමයි මටත් හිතුනේ . අහස් යානා වල ගිහින් තිබුනත් ඔබගේ ලිපිය දැක්කම ආස හිතෙනවා ලියල තියෙන විදියට .
Deleteහෙට පෝයත් වුණ එකේ අටමස්ථානෙත් වැඳගෙන ප්ලේන් එකත් වැඳගෙන ආවොත් කොහොමද?
Deleteමට මේ ප්ලේන් එක දැක්ක ගමන් හිතුනේ මේක මෙතනට ගෙනාවේ කොහොමද කියලා. පුළුවන් නම් ඒ ගැනත් ලිපියක් පළකරන්න.
ReplyDeleteදැනට ලියාන යනවා. ඒ විතරක් නෙමේ ආයතනයේ අවශ්‍යතාවයට වීඩියෝ එකකුත් හදනවා.
Deleteඑළ එළ
ReplyDeleteස්තුතියි
Deleteකන්න බොන්න නැතත් අපි ප්ලේන් එකේ යමු !
ReplyDeleteමාත් 1991දි කඹුරුපිටියෙ තිබුන ගම්උදාවෙ තිබුන ප්ලේන් එකට නැග්ගා මතකයි. ඒකදි නම් චොක්ලට් තුත් දුන්න අපිට කන්න...
ReplyDeleteආවාට ස්තුතියි මේ පැත්තෙ
Deleteපින් සිද්ධ වෙන වැඩක් අප්ප....
ReplyDeleteස්තුතියි තේරුම් ගත්තට
Deleteකව්ද දන්නේ... මෙව්වායෙන් ඉන්ස්පයර් වෙන දරුවන් මොන මොන නිපැයුම් ඉස්සරහට කරාවිද කියල? පොඩි ළමයින්ට මෙව්ව පෙන්වන එක වටිනම දෙයක්..
ReplyDeleteඒ වෙනුවෙන් කැප වෙන ඔබට මගේ ආචාරය ඉෂාර...
ඔව් TD අනිවාර්යයෙන් ඒක වේවි. මේ නිසා අඩු තරමින් 10 ක් වත් ක්ෂේත්‍රයට ආවොත් ඒ ඇති අපට. ඇත්තටම මේකට අපේ ඔෆිස් ඒකේ කට්ටියටම ප්‍රණාමය හිමි වෙන්න ඕනා. මේ සාමූහික ප්‍රයත්නයක්. අගය කිරීම අපට ශක්තියක්
Deleteඇත්තට පොඩි උන්ගෙ ඔලුවලට මේක වදියි නියමෙට. එතකොට තව ප්ලෙන් ඉෂාර මහත්තයලා ටිකක් අනාගතයට හදාගන්න පුලුවන් වෙයි නේද?
ReplyDeleteඔව් බුද්ධි අපි හැමෝගෙම සිහිනයක් නෙ කවුරුත් කරන්නෙ නැති දේවල් කරන එක. මේ දේත් පොඩි අයගෙ “බොක්කටම“ වැදිලා මේ ක්ෂේත්‍රයට ඒවි. එදාට අපිට හරි සතුටුයි. ඒ එන්නෙ උඹලගෙ අපේ දරුවො.
Deletesira plane ekak hadanta lankawata thawa kochchara kal yaida?? Mnawa unath maru blog eka ah!!!
ReplyDeleteස්තුතියි අගය කිරීමට.
Deleteගම්වල ළමයින්ට ගුවන්යානයක ශබ්දය ඇහුනාම, ශබ්දය එන තැන ඉඳන් හැතැක්ම ගානක් ඉස්සරහ අහස දිහා බලනවා. එතකොට ඈත තිතක් වගේ තමයි ගුවන්යානය පේන්නෙ. එහෙම ළමයින්ට ගුවන්යානයකට නගින්න හම්බ වෙන එක මොනතරන් වටිනවද.. මේවා මුදල්වලින් මනින්න බැරි අනාගත ආයෝජන කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteඇත්ත. ඔයාගෙ තේරුම් ගෑනීම මට සතුටක්
Delete