Airbus A350 XWB–( 1 කොටස)

Airbus A350 XWB යානය පසුගිය 14 වන දින (14 ජූනි 2013) සිය මංගල ගමන සිදු කලේය. මේ සම්බන්ධයෙන් මින් පෙර ලිපියක් පළ විය. එහි සඳහන් කළ පරිදි මේ ලිපි පෙළින් එම යානය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඔබ වෙත ගෙන එමි. ලිපිය දිගු නිසා කොටස් කීහිපයකට මෙහි පළ කරමි.

 

 

Airbus-A350XWB_02-Desktop_HD

දිනෙන් දින දියුණු වන ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව ගුවන් තොටුපල, තාක්ෂණය සහ නව ගුවන් යානා ආදිය ඉදිරිපත් වීම නිරන්තරයෙන් සිදුවේ. විශේෂයෙන් ලෝකයේ ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදන තරඟාකාරීත්වයේ දී යුරෝපයේ (ප්‍රංශයේ) “එයාර්බස්“ ගුවන් යානා නිෂ්පාදන ආයතනයත් ඇමරිකා එක්සත් ජනපදයේ “බෝයිං“ ගුවන් යානා නිෂ්පාද සමාගමත් අතර වඩා දියුණු ගුවන් යානා නිෂ්පාදනය සඳහා තරඟයක් ඇති වී තිබේ. “බෝයිං“ සමාගම එහි වඩා කාර්යක්ෂම ගුවන් යනා නිෂ්පාදනය වශයෙන් “බෝයිං 787“ ගුවන් යානය පසුගිය දිනක එළි දැක් වූ අතර එයට තරඟකාරීව “එයාර්බස්“ සමාගම විසින් නව ගුවන් යානයක් එළි දක්වන බව පසුගියා දා නිවේදනය කෙරිණ. එය නමින් “එයාර් බස් 350 එක්ස් ඩබිලිව් බී“ (Airbus A350 XWB ) වේ. මෙම ලිපියෙන් එම ගුවන් යානය ආශ්‍රිත විවිධ තොරතුරු විමසා බලමු.

මෙම ගුවන් යානය පිළිබඳ ව අප විමසා බැලීමට තවත් විශේෂ හේතුවක් වශයෙන් දැක්විය හැක්කේ “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම විසින් ද මෙම ගුවන් යානා වර්ගයෙන් කීහිපයක් මිල දී ගැනීමට අදහස් කර තිබීමයි.

Airbus A350 XWB ගුවන් යානාය “දිගු දුර“ මෙහෙයුම් සඳහා භාවිතා කළ හැකි “පුළුල් බඳ“ සහිත ගුවන් යානයකි. එය නිෂ්පාදනය කරනු ලබන්නේ යුරෝපා ගුවන් යානා නිෂ්පාදන සමාගම වන ප්‍රංශයේ පිහිටි “එයාර් බස් ඉන්ඩස්ට්‍රීස්“ සමාගමයි. කාබන් තන්තු වලින් වැර ගන්වන ලද පොලිමර් වලින් පියාපත් සහ බඳ නිෂ්පාදනය කරනු ලබන පළමු “එයාර්බස්“ ගුවන් යානය මෙය වන අතර මගීන් 250 ත් 350 ත් අතර ප්‍රමාණයක් ගෙන යාමට සැළසුම් කරනු ලැබේ.

Airbus A350 ගුවන් යානය නිෂ්පාදනය පිලීබඳ මුල්ම අදහස ඇති වූයේ 2004 වර්ෂයේ දී වන අතර ඔවුන් මුලින්ම අදහස් කරනු ලැබූවේ Airbus A330 ගුවන් යානයේ බඳ කොටස යොදා ගිනිමින් නිෂ්පාදනය කිරීමට වුවද සමහර පාරිභෝගිකයින් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඉන්පසුව 2006 වර්ෂයේ දී යළි සැළසුම් කරන ලද අතර එයා Airbus A350 XWB ලෙස නම් කෙරණ. මෙහි XWB යනුවෙන් හඳුවනුයේ eXtra Wide Body (අමතර පුළුල් බඳ) යන්නයි. එයාර්බස් සමාගම පවසනුයේ මෙම නව ගුවන් යානය වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු වන අතර “බෝයිං 787“ යානයට වඩා 8% ක මෙහෙයුම් කාර්යක්ෂමතාවයක් ඇති බවයි.

මෙම ගුවන් යානයේ මුල්ම පාරිභෝගිකයා වීමට දැනට සුදුසුකම් ලබා ඇත්තේ ‘කටාර්“ ගුවන් සමාගම වන අතර ඔවුන් 2014 වර්ෂයේ මැද භාගයේ පමණ මෙම යානය සේවයේ යෙදවීමට අදහස් කරනු ලබයි. දැනට මෙම වර්ගයේ ගුවන් යානා 600 ට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව එයාර්බස් සමාගම පවසයි.

ගුවන් යානයේ විකසනය

මුල් අවධියේ සැළසුම්

boeing-787-8-gossip-1884623089

Boeing 787 Dreamliner යානය

බෝයිං සමාගම විසින් නිෂ්පාදනය කිරීමට සූදානම් කර තිබූ Boeing 787 Dreamliner යානය ඔවුන් හඳුන්වා තිබුනේ එයාර් බස් සමාගමේ Airbus A330 ගුවන් යානයට අභියෝගයක් ලෙස වුවද එයාර්බස් සමාගම එය ප්‍රතික්ෂේප කරනු ලැබූවේ එම බෝයිං යානය Airbus A330 යානයට ප්‍රතික්‍රියාවක් පමණක් බවත් ඒ සඳහා වෙනත් තරඟකාරී යානයක් නිපදවීම අනවශය බවත්ය. එහෙත් ගුවන් සමාගම් වලින් බොයින් ඩ්‍රීම්ලයිනර් යානයට තරඟකාරී යානයක් නිපදවන ලෙස එයාර්බස් සමාගමට නිරන්තරයෙන්ම ඉල්ලීම් කරනු ලැබූ අතර එහි ප්‍රථිඵලයක් ලෙස එයාර් බස් සමාගම විසින් A330-200Lite යනුවෙන් වූ A330 යානයේ සුළු වෙනස්කම් කරමින් සැකසීමට යෝජනා ගෙන එන ලදී. එහෙත් එය ක්‍රියාවට නැංවීම සිදු නොවීය.

කෙසේ වෙතත 2004 වර්ෂයේ දෙසැම්බර් මස අග භාගය වන විට එයාර්බස් සමාගම නව ගුවන් යානයක් සැකසීම පිළිබඳ තීරණයක් ගෙන තිබූ අතර එය මෙතෙක් නිපදවූ ගුවන් යානා වලට වඩා වෙනස් නව නිර්මාණයක් ලෙස එළි දැක්වීමට කටයුතු යොදා තිබිණ. ඒ වන විට එම නව යානය A350 ලෙස නම් කර තිබිණ.

ඉන්පසුව 2005 වර්ෂයේදී පැරිස් ගුවන් යානා ප්‍රදර්ශණයේ දී මෙම නව ගුවන් යානා 60 ක් මිළදී ගැනීමට කටාර් ගුවන් සේවය කැමැත්ත පළ කළ අතර 2006 වර්ෂයේ දී ඒ සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කරන ලදී. පසුව එමිරේට්ස් සමාගම ද මේ සඳහා කැමැත්ත පළ කරන ලදී.

කෙසේ වෙතත් 2005 වර්ෂයේ දී නව ගුවන් යානය නිපදවීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ වූ අතර මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල වූයේ යුරෝ බිලියන 3.5 ක වියදමකි. මූලිකවම ආසන 250 ත් 300 ත් අතර ගණනක යානයක් නිපදවීමට අදහස් කරනු ලැබූ අතර එය A330 යානයේ වැඩි දුර සංවර්ධනයක් ලෙස ක්‍රියාවට නැංවීමට අදහස් කෙරිණ. ඒ අනුව බඳ A330 යානයේ ආකාරයටම තබා එන්ජින් සහ පියාපත් නවතාවයකින් යුතුව සකස් කිරීමට තීරණය කෙරිණ. කෙසේ වෙතත් මෙම විවාදාත්මක සැළසුම නිසා යානය නිපදවීමට මූලික වශයෙන් ඇළුමිනියම්-ලිතියම් යොදා ගැණින. මූලික වශයෙන් ආකාර දෙකකට මෙම සැළසුම් සිදු කරනු ලෑබු අතර A350-800 වර්ගය කිලෝමීටර් 16300 ක දුරක් ධාවනය කළ හැකි සහ තෙවැදෑරුම් ආසන වර්ගීකරණය (පළමු පන්තිය, ව්‍යාපාරික පන්තිය සහ පිරිමැසුම් පන්තිය) අනුව ආසන 253 කින් සමන්විත විය. අනෙක් වර්ගය A350-900 වර්ගය වූ අතර එහි මෙහෙයුම් දුර කිලෝමීටර් 13900 ක් විය. තෙවැදෑරුම් ආසන සැළසුමේ දී ආසන 300 අඩංගු කිරීමට අදහස් කෙරිණ. මේ වන විට මෙම A350 යානය බෝයිං සමාගමේ B787 වර්ගයේ යානයට තරඟකාරී ලෙස ඉදිරිපත් කෙරිණ.

එසේ වුවද මෙම නව යානයට විවිධ ගුවන් සමාගම් විශේෂයෙන් සිංගප්පූරු ගුවන් සමාගමෙන් සහ එයාර් බස් සමාගමේ විශාලතම පාරිභෝගිකයින්ගෙන් විවිධ විවේචන එල්ලවූ අතර පාර්භෝගිකයින්ගෙ අවශ්‍යතා ඉටු කිරීමට එම නව යානා වල සැලසුම් පුමාණවත් නෙවෙන බවට චෝදනා එල්ල විය. මෙහිදී අදහස් දැක්වූ එයාර් බස් සමාගම පැවසූයේ තමන්ගේ අරමුණ දීර්ඝ කාළීන වශයෙන් වෙළඳපළට අවශ්‍ය ආකාරයට සහ පාරිභෝගිකයින් ට අවශ්‍ය ආකාරයට නිෂ්පාදනයක් එළි දැක්වීම බවයි.

 

මීළඟ කොටස බලාපොරොත්තු වන්න.

11 comments:

  1. මේක එයාර් බස් සමාගමෙන් නිපදවපු විශාලතම යානයද ? 380 කියලා එකකුත් දැනටමත් තියනවද ?

    Air Bus හා Boeing ඇරුනුකොට අනෙක් ප්‍රධානතම යානා නිපදවන්නන් කවුද ?

    Dreamliner එක පහුගිය ටිකේ බැට්රි වලද කොහෙද ප්‍රශ්ණයක් කියලා ගොඩබස්සවලා තිබ්බා නේද ?

    ReplyDelete
    Replies
    1. නැහැ සෙන්නා මේක නෙමේ ලොකුම යානය. A380 තමයි ලොකුම එක.
      මේ තියෙන්නෙ ලිස්ට් එක
      http://en.wikipedia.org/wiki/List_of_aircraft_manufacturers
      ඔව් බැට්රි වල අවුලක් තිබුණා. දැන් ඒක හරි

      Delete
  2. මම අපේ අහස මගේ බ්ලොග් රෝල් වල එල්ලලා තියෙන නිසා දැන් අලුත් පෝස්ට් එකක් දාපු ගමන්ම මම දන්නවා.

    ඉෂාර, අලුතෙන්ම හදන ගුවන්යානයක් මිලදී ගන්න එක අවදානමක් නෙවෙයිද? මම නම් හිතන්නේ එහෙමයි. එක එක මොඩල් වලට ආවේනික ලෙඩ තියෙන්න පුලුවන්. අනික ඉතාම වැදගත් දෙයක් වන time tested කියන ගුණාංගය නෑ. ඒකනේ හිටපු ගමන් ඔය fleet එකම ground කරලා වෙනස්කම් කරන්නේ.

    දැන්, ලෝකෙ තියෙන පරණ වුනත් ජයප්‍රියම ගුවන් යානයක් වන බෝයිං 747 එකක් අපි කවදාවත් ගන්නේ නැද්ද? මම එහෙම කිව්වේ ඔය මූවීස් වල හැම දේම වෙන්නෙ ජම්බෝ ජෙට් එකකට නිසා. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපේ අහස එකතු කරපු එකට.
      අළුතෙන් හදන ගුවන් යානයක් ගැනීමට තිබෙන අවදානම පිළිබඳ හොඳම උදාහරණය තමයි බෝයිං 787 වල ඇති වුන දෝෂය. ඉතින් ඔයා කිව්ව එක හරි.
      සාමාන්‍යෙයන් ගුවන් සමාගමක් උත්සාහ කරනවා එකම වර්ගයේ ගුවන් යානා ඇණියක් තියා ගන්න. මොකද පයිලට්ලා ගෙ පටන් ටෙක්නීෂියන්ලා දක්වා එකම වර්ගයේ යානා වලට බොහෝ දරට සමානයි. උපකරන පවා. ඉතින් වෙනත් යානා තියා ගත්තොත් ඒ වෙනුවෙන් වෙනම කාර්ය මණ්ඩලය සහ උපකරන අවශ්‍යයයි. ඒක වියදම වැඩි කිරීමක්. බොහෝ විට අඩු මිල ගුවන් සමාගම් වල එකම වර්ගයේ යානා පමණක් යොදා ගැනීම මෙයට හොඳ උදාහරණයක්.
      ගොඩක් ඔය ෆිල්ම් ඇමරිකන් ඒවා. ඉතින් මම හිතන්නෙ ඔවුන් ඔවුන්ගේම නිෂ්පාදනයක් වන බෝයිං තමයි යොදා ගන්නෙ. මම හිතන්නෙ එහෙම.

      Delete
    2. අමෙරිකන් ‍ෆිල්ම් තමයි ඉෂාර. මම කිව්වේ බෝයිං වලත් 747ම යොදාගන්න එක ගැන. :)
      ඒක හුඟක් කඩවසම්, එන්ජින් හතරේ, ඩබල් ඩෙකර් එකක් වෙච්ච හන්දා නළු පෙනුමක්නේ තියෙන්නේ. ඇත්තෙන්ම මාත් හරි ආදරෙයි. :D


      ඔව් එකම ජාතිය තිබ්බාම නඩත්තු වියදම අඩු තමයි.

      Delete
  3. හොඳ විස්තරයක්. කටාර් ගුවන් සේවය එකපාර ප්ලේන් 60 ක් ගන්නෙ තියෙන ඒව අයින් කරලද?

    ReplyDelete
  4. මාත් මේ ගැන හොයලා බැලුවා. මංගල ගමනේ වීඩීයෝ එකත් බැලුවා! ගුවන් යානා ගැන පොඩි උනන්දුවක් තියෙනවා! :)

    ReplyDelete
  5. how to receive ur new blog post via email?

    ReplyDelete
    Replies
    1. I added a gadget on the top right corner of the blog. Please add your email address.

      Delete
  6. අපි නොදන්න පැති කොච්චර නම් තියෙනවද නේද

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....