“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ - ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- අවසන් කොටස








මෙම්පිස් වලට ආසන්නයේ දී යානය පහතට එමින් තිබිණ. මේ අවස්ථාවේ දී කැලෝවේ යළිත් හදිසි ශක්තියක් ගෙන නැගී සිටියේය. ඔහු ව යට කරගෙන සිටි මිනිසුන් ඒ මේ අත විසි කරන්නට විය. ඔවුන් ද උත්සාහය අත හැරියේ නැත. කැලෝවේ විසින් ජිම් ටකර් ගේ ඇස එළියට ගැනීමට උත්සාය කරමින් සිටියේය. ඇන්ඩි පීටර්සන් ඒ අවස්ථාවේ දී යානයේ තට්ටුව මත වැටී ඇති මිටියක් ජිම් ටකර් ට ඇසෙන් පෙන් වන ලදී. 

 “ඔයා මූට ගහන්න ඒකෙන්“ 

ටකර් කෑ ගසන විටම පීටර්සන් එම මිටිය ගෙන කැලෝවේට පහර දුන්නේය. 

අංක 705 දරණ ගුවන් යානය මෙම්පිස් ගුවන් තොටුපලේ අංක 36 දරණ ධාවන පථයට ඉතා තද ගොඩ බැස්සවීමක් සිදු කළේ එයින්ම පිටත් වී පැය භාගයකට පසුවය. ඉන්ධන වල අධික බරක් තිබුණ ද යානය ගුවන් ධාවන පථයේ නවතා ගැනීමට කපිතාන් සෑන්ඩර්ස් සමත් විය. ඒ සමගම ආධාරක කණ්ඩායම් යානය වටකර ගත්හ. ඒ සමගම ඔහු  නියමු කුටියේ හදිසි දොරටුවෙන් පිටතට පැමිණියේය. 

මුලින් යානයේ හිණිමග දිගේ දොරටුව වෙත ළඟා වූයේ වෛද්‍ය සේවකයෙකු වූ ඩේවිඩ් ටීග් (David Teague) ය. බිම සිටි කිසිම කෙනෙක් සිදු වූ සිද්ධියක් දැන සිටියේ නැති අතර ඔවුන් දැන සිටියේ යානය අත්පත් කර ගැනීමේ උත්සාහයක් තිබුණ බව පමණි. ඉහළට නැගුණ ඩේවිඩ් ට දුටු දේ අදහා ගත නොහැකි විය. යානයේ ඇතුලත රක්ත වර්ණ වී තිබිණ. ලෙයින් පෙඟුණ අඩි සළකුණු යානයේ බිම පමණක් නොව බිත්ති වලත් සිවිලිමේත් දැකිය හැකි විය. සෑම තැන මිටි, ආයුධ, කඩදාසි ආදිය විසිරී තිබිණ. තුවාළ වූ ෆෙඩෙක් සේවකයින් ද තැන තැන වැටි සිටියහ. ඩේවිඩ් ඉක්මනින් මංකොල්ලකරු අල්ලා ගත් අතර තුවාල කරුවන් යානයෙන් ඉවත් කරන ලදී. 

රෝහල් ගත කරන ලද කපිතාන් සෑන්ඩර්ස් ගේ ඉරි එල්ලෙමින් තිබු කණ යළි ස්ථාන ගත කරන ලද අතර ඔහුගෙ හිසෙහි තිබූ යම් පිපුරුම් තත්වයන්ට ප්‍රතිකාර කරන ලදී. ඊට අමතරව ඔහුගේ පැන තිබු හකු ඇට යළි යථා තත්වයට පත් කරන ලදී. ගුවන් ඉංජිනේරු පීටර්සන්ගේ හානි වූ රුධිර නාල සහ හිසට ද ප්‍රතිකාර කිරීමට සිදුවිය. සහාය නියමු ටකර් ගේ හිසෙහි ගොල්ෆ් බෝලයක් තරම් වූ සිදුරක් සහිතව සිහට බරපතල තුවාල සිදු වී තිබිණ. ඔහුගේ දකුණු අත සහ කකුල යලි යථා පරිදි ක්‍රියා කර වීමට හැකි වනු පිණිස මාස කිහිපයක් භෞත චිකිත්සක ව්‍යායාම කිරීමට සිදු විය. ඔහුට ජීවිත කාලයටම ඖෂධ ගැනීමට ද සිදු විය. කැලෝවේ විසින් ගැලවීමට උත්සාහ කළ ටකර් ගේ ඇස අඩ අන්ධ බවට පත් විය. කෙසේ වෙතත කැලෝවේ ගේ තුවාල බරපතල නොවීය. එහෙත් ඔහුගේ මුලින් තිබූ රැකියාව පිළිබඳ බිය තහවුරු කරමින් ෆෙඩෙක්ස් ආයතනය ඔහුව රැකියාවෙන් නෙරපුවේය. 

එෆ්. බී. අයි. ආයතනය විසින් සිදු කරන ලද පරීක්ෂණයේ දී ඔහුගේ නිවසේ තිබු අළුතින් සකස් කරන ලද අවසන් කැමති ප්‍රත්‍රය හමු විය. ඊට අමතරව 705 ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ ලැයිස්තුවක් ද ඔහු විසින් ගෙන යාමට සැළසුම් කර තිබූ ආයුධ වල ලැයිස්තුවක් ද හමු විය. මේ සම්බන්ධ නඩුවේ දී මෙය තාවකාලික උන්මාද ගතිය නිසා කැලෝවේ විසින් කරන ලද්දක් බවට ආයාඡනය කරන ලද මුත් විනිශ්චයකරු විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී. නඩුවේ දී කැලෝවේ වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කරුණු වලට හා තර්ක වලට පැහැදිව ප්‍රතිචාර දක්වා ඔහුගේ නිර්දෝෂි බව ඔප්පු කිරීමට නොහැකි වූ අතර ඔහුගේ පාපොච්චාරණයක් නොගෙනම ගුවන් යානයක් මංකොල්ලකෑමට උත්සාහ කිරීම වෙනුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම්  නියම කිරීමට ජූරිය තිරණය කරන ලදී. දැනටත් ඔහු කැලිෆෝනියාවේ සිර ගත වී සිටින අතර ඔහු විසින්  www.auburncallowaysupport.com යනුවෙන් වෙබ් අඩිවියක් පවත්වා ගෙන යන ලද්දේ ඔහුගේ නිර්දෝෂි බව පෙන්වීමටය. නමුත් දැන් එම වෙබ් අඩවිය ක්‍රියාත්මක නොවේ. 

1994 මැයි මස 26 වන දින ෆෙඩෙක්ස් 705 ගුවන් යානයේ කාර්ය මණ්ඩලය “ ගුවන් නියමුවන්ගේ සංගමයේ“ (Airline Pilots Association) “රන් සම්මානයෙන්“ පුදන ලදී. ඉතා දක්ෂ ලෙස තම දිවි නොතකා ගුවන් යානයත් ජීවිතත් වෙනත් දේපලත් බේරාගෙන කරන ලද වීර ක්‍රියාවට ඔවුන් අගයනු ලැබිණ. කෙසේ වෙතත් ඔවුන්ට සිදු වී තිබූ තුවාල නිසාවෙන් යළිත් කිසි දිනක වාණිජ ගුවන් මෙහෙයුම් සඳහා ඔවුන් වෛද්‍යමය වශයෙන් නුසුදුස්සන් විය. කෙසේ වෙතත් ටකර් සහ සෑන්ඩර්ස් විසින් පෞද්ගලික ගුවන් නියමු බලපත්‍ර ලබාගෙන විනෝදාත්මක ගුවන් කටයුතු සිදු කළහ. 


ඔබර්න් කැලෝවේ ගේ දිවිනසා ගැනීමේ උත්සාය නිසා ආසන්න වශයෙන් ෆෙඩෙක්ස් සමාගමට ඩොලර් ලක්ෂ අටක පමණ අලාභයක් වී ඇති බවට ඇස්තමේන්තු කරන ලදී. මේ සිද්ධියට සම්බන්ධ ගුවන් යානය අළුත් වැඩියා කර යළිත් සේවයට එක් කරන ලදී. දැනටත් සේවයේ යෙදෙන මෙම ගුවන් යානය 2018 වර්ෂයේ දී විශ්‍රාම ගැන්වීමට නියමිතය.
 
මෙම සිද්ධිය සිදු වූ ගුවන් යානයේ දැන් පෙනුම (ලියාපදිංචි අංක N306FE)
ඔබර්න් කැලෝවේ තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදු කිරීමට උත්සාහ කරන ලද්දේ ඉතාම නරක ක්‍රියාවකි. ඉතාමත් කපටි අන්දමින් ගුවන් අනතුරක් ලෙස පෙන්නුම් කිරීමට සැළසුම් කරන ලද්දේ වුවද ඔහුගේ නිවසේ ඒ සඳහා ගැලපෙන සාක්ෂි ඉතිරි කර තිබිණ. පුදුමය කාරණය නම් ඔහු මෙය සිදු කරන ලද්දේ විකෘති වූ මනසකින් ද නැතහොත් ලෝකයට දැන ගැනීම සඳහා ද යන්නයි. සත්‍ය ලෙසම ඔහුගේ සැළසුම් මොනවා ද යන්න තවමත් අභිරහසකි.

15 comments:

  1. ඉෂාර.. මේක මුල් කොටස දාපු දවසෙම හිතාගත්තා අන්තිමට තමා කියව්නේ කියලා.. ඕං අද එක හුස්මටම හතරම කියෙව්වා.. ලස්සනට ලියල තියෙනවා.. කුඩා මානසිකත්ව වෙනසකින් මොනව වෙන්න බැරිද ?? මං හිතන්නේ කැලෝවේ පීඩිතයෙක්.. ඔහු එයින්ම වන්දි ගෙවනවා..

    ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ. ඉෂාරට තිබුණෙ මේක තව ටිකක් දිගට දාන්න. මූ හුස්ම හිරවෙලා මැරෙන හැටි බලන්න.

      Delete
    2. ඔව් හොඳ වෙලාවට ඒ වන්දි ගෙවීමට අනික් අයට ජීවිත දෙන්න වුණේ නැහැ. ස්තුතියි

      Delete
  2. එහෙනං එහෙමයි වැඩේ කෙළ(වර) උනේ.
    මොනව උනත් වැඩේ සාර්ථකව අවසන් කරගැනීම ගැන ගුවන් නියමුවන්ට ගෞරවය පිදිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අන්න එහෙමයි කෙළ(වර) වුනේ...... ස්තුතියි ආවට

      Delete
  3. මේක සත්‍ය කතාවක් නේද? ලස්සනට ලියල තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් මේක ඇත්තටම සිදු වුණ දෙයක්. මේ තියෙන්නෙ පරිවර්තනයක්

      Delete
  4. පුදුම දරුණු මිනිහෙක්නෙ .තමන්ට කිසිම වරදක් නොකළ මිනිහෙක්ගෙ ඇස් උගුල්ලන්න පුළුවන්ද ?
    අවසානය වෙනකම් බයෙන් හිටියේ මොනවා වේවිද කියලා. ලස්සන කුතුහලය පිරුණු කතාවක්.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු හරි දරුණුයි. බලන්න තමන්ගෙ වාසියට අනෙක් අයව අමාරුවෙ දාන හැටි

      Delete
  5. හතරම එක දිගට කියෙව්වා. හම්මේ යන්නත් බයයි දැන්නම්. මාත් කෝකටත් සූදානම් වෙලාම යන්නෝනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙනම් පොරවක් අරගෙන යන්න මීට පස්සෙ යනකොට. හී හී
      ස්තුතියි කියෙව්වට

      Delete
  6. අහස බොලාගෙ උනාට කමක්නෑ. කොමෙන්ට් අපේ.
    මේක ලියහං.

    ReplyDelete
  7. ප්ලේන් එක කඩා වැටුනද?

    ReplyDelete
  8. අඩෝ... නිකං ආප්ට ඇපෘවල් වගේ ලොකු ලයින් තියාගන්න එපා. හැක්..

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....