Skip to main content

“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ - ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- 1 කොටස





ෆෙඩෙක්ස් නව ලාංඡනය
ඇමරිකාවේ “ටෙනසි“ වල පිහිටි “මෙම්පිස්“ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පසෙක සැතපුම් සිය ගණනක් දිග වාහක පටි (conveyor belts) ද, සිය ගණනක් වූ සේවකයින්ගෙන් සහ පාර්සල් මිලියන ගණනකින් පිරුණ පර්යන්තයකි. දිනකට සියයකට වඩා වැඩි නොනවතින භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා මෙහෙයුමකින් භාණ්ඩ තේරීම සහ බෙදාහැරීම සඳහා මෙහි ගෙන එනු ලබයි. මේ “ෆෙඩ්එක්ස් එක්ස්ප්‍රස්“ නැමති භාණ්ඩ හැසිරවීමේ ආයතනයේ “සුපිරි මධ්‍යස්ථානයයි“. 1994මැද දී මෙහි දෛනිකව සිදුවන ක්‍රියාවලියේ දී යම් වෙනසක් සිදුවිය. මේ වසරේ දීම “ෆෙඩෙක්ස්“ ආයතනයේ නව නාමය ලෙස FedEx යන්න සැඟවුණ ඊ හිසක් සහිතව භාවිතයට ගැනීමද සිදු විය. නමුත් මේ ඒ පිළිබදව නොවේ. 

ෆෙඩෙක්ස් අංගනය - මෙම්පිස් ජාත්‍යන්තර ගුවන් තොටුපල
1994 අප්‍රේල් 7 වන දින සවස 3 පසු වී සුළු වේලාවකට පසුව අවුරුදු 39 ක් පමණ වූ ගුවන් ඉංජිනේරුවෙකු වන “ඇන්ඩි පීටර්සන්“ (Andy Peterson) මෙම සුපිරි මධ්‍යස්ථානයේ නවතා තිබූ DC-10 වර්ගයේ ගුවන් යානයට ඇතුළු විය. අංක 705 දරණ ගුවන් යානයේ මෙහෙයුම් පද්ධති භාර ඉංජිනේරුවරයා ලෙස කටයුතු කිරීමට ඔහුට පැවරී තිබිණ. ඔහු යානයට ඇතුළු වන විට එ් වනවිටත් යානයේ සිටි තවත් හිතවත් ඉංජිනේරුවෙකු වූ අවුරුදු 42ක් පමණ වූ  “ඕබර්න් කැලෝවේ“ (Auburn Calloway) විසින් ඔහුට සුභ පැතීය. කැලෝවේ විසින් ඔහුව හඳුන්වා දෙනු ලැබූවේ ගුවන් යානයේ රාජකාරී කිරීමට නොව වෙනත් ස්ථනයකට ගමන් කිරීම සඳහා පැමිණි බව සඳහන් කරමින්. 
ගුවන් ඉංජිනේරු ඇන්ඩි පීටර්සන්

සුළු වේලාවකට පසුව ගුවන් යානයේ නියමුවා වන 49 හැවිරිදි කපිතාන් “ඩේඩිඩ් සෑන්ඩර්ස්“ (Captain  David Sanders) සමග ඔහුගේ සහාය නියමුවා වන කපිතාන් “ජිම් ටකර්“ (Captain Jim Tucker) ද ගුවන් යානයට ගොඩ විය. සිලිකෝන් වැලි වෙත ගෙන යන ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වලින් යානයේ බඳ පිරී තිබිණ. යානය ගමන් කිරීමට නියමිත වූයේ “සැන් (San Jose - මෙය ශබ්ධ කරන්ස්පාඤ්ඤ හුරුවට ය- පහත මෙන්ට් බලන්න) වෙතය. පසුව එම භාණ්ඩ සිලිකෝන් වැලි වෙත ගෙන යාමට නියමිත විය. කෙසේ වෙතත් මෙම යානය කැලිෆෝනියා වලට ගමන් කිරීමට සටහන් ගත කර තිබුණේ නැත. 

කපිතාන් ඩේවිඩ් සෑන්ඩර්ස්
සහාය නියමු ජිම් ටකර්
ගුවන් යානයේ කාර්ය මණ්ඩලය මින් පෙර එක්ව ගුවන් ගමන් සිදු කර තිබුණේ නැත. එලෙසම ඕබර්න් කැලෝවේ කිසිවෙකු විසින් මින් පෙර හමු වී නොතිබිණ. එහෙත් “ෆෙඩෙක්ස්“ හි බොහෝ දෙනෙක් ඔහු ස්වභාවය හොඳින් දැන සිටියහ. ගුවන් යානය ගුවන් ගත කිරීම සඳහා සෑන්ඩර්ස් සහ ටකර් සූදානම් වූ අතර සහාය නියමුවාට පිටුපසින් හිඳ ගුවන් ඉංජිනේරු පීටර්සන් ද සූදානම් විය. පීටර්සන් වාඩි වූ විගස දුටුවේ ඔහුගේ අසල හිඳ සිටි කැලෝවේ විසින් ගුවන් ගත වීමේ මූලික කටයුතු සිදු කර ඇති බවයි. එය ආචාර ධර්ම වලට පටහැණි විය. කැලෝවේ මෙම යානයේ මෙහෙයුම් භාර නිලධාරීයා නොවීම එයට හේතුවයි. එසේ වුවද පීටර්සන් විසින් එහිදී ප්‍රශ්ණ ඇති කර නොගැනීමට තීරණය කර තිබිණ. කෙසේ වෙතත් පීටර්සන් විසින් ඔහුගේ සාමාන්‍ය කාර්ය කිරීමේ දී දැක ගත හැකි වූයේ නියමු මැදිරියේ හඬ පටිගත කරන යන්ත්‍රය (cockpit voice recorder -CVR) ක්‍රියා විරහිත කර ඇති බවයි. ඔහු මින් පෙර එවන් දෙයක් දැක නොතිබිණ. ඔහු එය යළි ක්‍රියාත්මක කර වීය. ඉන්පසු ගුවන් යානයේ තවත් පරීක්ෂණ කීපයක් කර නැවත තම ආසනයට එනවිට දුටුවේ යළිත් එම ස්විචය ක්‍රියාවිරහිත කර ඇති බවයි. එය යළිත් ක්‍රියාත්මක කළ ඔහු නැවත වරක් ක්‍රියා විරහිත වුවහොත් සටහනක් දැමීමට සිතා ගත්තේය. 
ඔබර්න් කැලෝවේ

ගුවන් ගතවීමේ පූර්ව කටයුතු අවසන් කළ පසු කාර්ය මණ්ඩලයට ගුවන් ගත වීම සඳහා අවසර ලැබිණ. කැලෝවේ ගුවන් නියමු කුටියෙන් පිටත ආසනයක වාඩි වී සිටි අතර සහාය නියමු ජිම් ටකර් විසින් ගුවන් යානය ගුවන් ගත කරවීය. වෙනස් දෙයක් සිදු නොවුනහොත් සැන් ජෝස් වෙත ගොස් පැමිණීමට ගතවන ගුවන් කාලය පැය 10 ක් පමණ වේ.
ගුවන් යානය ස්ථායි මට්ටමට පැමිණීමට ආසන්න වන විට කැලෝවේ ආසන පටි ඉවත් කර යානයේ පසුපස තිබූ තම ගමන් බෑගය ලබා ගැනීමට ගමන් කළේය. නියමු කුටියෙන් සිනා හඬක් ඇසෙන්නට වූයේ නියමුවන් විසින් ගුවන් සමාගමේ අනෙක් සේවකයින් සම්බන්ධයෙන් කළ විහිළුවක් නිසාය. මේ අතර තම ගමන් මල්ලේ වූ ගිටාර් බහාලනය එළියට ගෙන එය විවෘත කල කැලෝවේ එහි තිබූ අඬු මිටි දෙකක් පිටතට ගත්තේය.



නිෂ්ශබ්ධතාවක් සහ සාමකාමී පෙනුමක් තම ෆෙඩෙක්ස් මිතුරන්ට භාහිරින් පෙන්නුව ද ඔබර්න් කැලෝවේ අභ්‍යන්තරයෙන් විකාර වී ගිය මනසකින් යුතුව සිටියේය. කැලෝවේ සටන් කලාවේ දක්ෂයෙකු විය. ඔහු නාවික හමුදාවේ ගුවන් නියමුවෙකි. එසේම ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිදාරියෙකි. ඔහුගේ ජීවිතයේ ඒකායන අරමුණ වූයේ තම දරුවන් දෙදෙනාට ඉතා උසස් අධ්‍යාපනයක් ලබා දීමයි. වාණිජ ගුවන් සමාගමක රැකියාවක් ලබා ගන්නේ ත් ඒ අරමුණ ඉටු කර ගැනීමටයි. එහෙත් මෑත කාලයේ සිදූ වූ යම් යම් සිද්ධීන් ඔහුගේ බාලපොරොත්තු අඩපණ කර තිබිණ. ෆෙඩෙක්ස් ආයතනය ඔහුගේ අප්‍රිකානු-ඇමරිකානු සම්භවය නිසා තමනට හිරහැර කරන බවත් ගුවන් නියමුවෙකු වුවද ගුවන් යානා ඉංජිනේරුවෙකුගේ තනතුරකට යොමු කර  තම හැකියාවන් විනාශ කිරීමට කටයුතු කරන බවත් සිතෙන්නට විය. ඔහුගේ බිරිඳ වසර 4 කට පෙර ඔහුගෙන් දික්කසාද වී තිබිණ. මෑතක දී ඔහුගේ ගුවන් පැය වාර්තා කිරීමේ යම් අසාමාන්‍යතාවයක් ෆෙඩෙකස් ආයතනය නිරීක්ෂණ කර තිබිණ. මේ සම්බන්ධයෙන් කථා කිරීමට පසුදින එනම් අප්‍රේල් 8 වන දින අවස්ථාවක් ලබා දී තිබිණ. එම සාකච්ඡාවෙන් පසුව බොහෝ විට ඔහුගේ රැකියාව අහිමි වීමට ඉඩ ඇති බව ඔහු දැන සිටියේය. ඒ සමගම තම දරු දෙදෙනාගේ උසස් අධයාපන සිහිනය ද බිඳී යන බව ඔහුට තේරුම් ගියේය.

Comments

  1. කවදටද දෙවනි කොටස දාන්නේ

    ReplyDelete
    Replies
    1. 10/06/2016 සිකුරාදාට බලන්න

      Delete
  2. ‍රසවත් විස්තරයක් ඉෂාර.

    ReplyDelete
    Replies
    1. ඔයා ඒක කියෙව්ව ද? කෑවද?

      ස්තුතියි

      Delete
  3. බලමු ඉතුරු ටිකත් ආවහම.

    ReplyDelete
  4. මේ රසවත් කතාවේ පොඩි නිවැරදි කිරීමක් කළොත් හොඳයි කියලා හිතනවා. 'San Jose' යන්න ශබ්ද කරන්නේ ' සැන් ජොස් ' කියා නොව ' සැන් හොසේ ' කියායි. කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි නගරයක් වන මෙහි නම ස්පාඤ්ඤ භාෂාවෙන් ලැබුණක් වන අතර එම භාෂාවේ 'J' අකුර යොදා ගැනෙන්නේ 'හ' ශබ්දය සඳහායි.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ගැන සොයා බැලුවා. ඔබ කියූ දේ නිවැරදියි. එය ඉහත නිවරදි කලා.
      ස්තුතියි පැමිණියාට, කියවූවාට සහ නිවැරදි කිරීමට

      Delete
  5. ඉංගිරිස් ෆිලුමක් වගේ, ඊළග කොටසත් ඉක්මණින් දාන්ඩෝ

    ReplyDelete
  6. ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා

    ReplyDelete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු ක

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුප