1986
1986 මැයි මස 3 වන දින ලන්ඩනයේ සිට සුරිච් හා ඩුබායි හරහා කොළඹට පැමිණ මාලදිවයින බලා පිටත් වීමට සුදානමින් තිබූ UL512 දරණ ලොක්හීඩ් “ට්‍රයිස්ටාර්“ වර්ගයේ “එයාර් ලංකා“ ගුවන් යානය ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක් වූ අතර එම ප්‍රහාරයෙන් යානය දෙකඩ වූ අතර මගීන් 21 දෙනෙකු මරණයට පත්විය. පසුව කරන ලද පරීක්ෂණ වලදී පැහැදිලි වූයේ එම බෝම්බය යානයේ භාණ්ඩ ප්‍රවාහන කුටියේ භාණ්ඩ සමග තිබූ බවයි. මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ ගුවන් යානා ලියාපදිංචි කිරීමේ ලේඛණයට ඇතුලත් කර තිබුණේ 4R-ULD යන නමිනි.
4R-ULD යානයේ 1983 දි ගත් ඡායාරූපයක්
4R-ULD යානයේ ප්‍රහාරයෙන් පසු
1986 නොවැම්බර් මස 22 වන දින ලෝකයේ පළමු සුපර් සොනික් ගුවන් යානා වර්ගයේ කොන්කෝර්ඩ් යානාවක් ඒවා භාවිතයෙන් ඉවත් කිරීමට පෙර ලොව වටා ගිය ගමනේ දී ශ්‍රී ලංකාවට ද පැමිණියේයය.
කොන්කෝර්ඩ් යානයක්
1988
1988 වන විට ගුවන් තොටුපළේ සංවර්ධන කටයතු අවසන් වූ අතර නව පහසුකම් සමග වසරකට මගීන් මිලියන 3.5 ක් ධාරීතාවක් එයට දරා ගැනීමට හැකියාව ලැබිණ. නව ධාවන පථයද විවෘත කෙරිණ. ඒ සමගම පැරණි ධාවන පථය “ටැක්සි“ පථයක් ලෙස භාවිතාව ආරම්භ කෙරිණ.
1990
1990 වසර වන විට රජය ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් වූ නීති රීති ලිහිල් කිරීමට තීරණය කළ අතර ඒ සඳහා “විවෘත ගුවන“ ප්‍රතිපත්තියක් (Open Skies Policy) අනුගමනය කිරීමට තීරණය විය. එය ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේ පිබිදීමක් ඇති කිරීමට සමත් වනු ඇතැයි විශ්වාස කෙරිණ.
1990 නොවැම්බර් 12 දින සිට 16 වන දින දක්වා ශ්‍රී ලංකාවේ දී “ආසියා - පැසිෆික්“ කලාපීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 26 වන සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ දී පැවැත් විණ. මේ සඳහා රටවල් සහ වෙනත් සංවිධාන 31කින් නියෝජිතයින් 88 දෙනකු සහභාගී විය.
1992
1992 වසරේ දී “ගුවන් භාණ්ඩ ගම්මානය“ උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබිණ. මේ වසරේ දී ම ගුවන් සමාගම් සහ ගුවන් තොටුපළ ආයතනයෙන් සපයනු ලබන ආරක්ෂක සේවා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයාගේ නියාමනයට යටත් කරනු ලැබිණ. එලෙසම නෙදර්ලන්තයේ “හේග්“ නුවර දී සංශෝධනය කරන ලද “වෝර්සෝ“ ගිවිසුම ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක කරනු ලැබීය. තවත් විශේෂ සිදු වීමක් වූයේ එතෙක් “සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයා“ ලෙස හඳුන්වනු ලැබූ තනතුර “සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්“ ලෙස යළි නම් කරනු ලැබිණ. තවද ගුවන් ප්‍රවාහන පහසුකම් සපයන්නන් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියාමනයට යටත් කරනු ලැබීමද මෙම වසරේ දී ම සිදු කරනු ලැබිණ.
1992 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී “එයාර් ලංකා“ ගුවන් සමාගම පළමු “එයාර්බස්“ වර්ගයේ ගුවන් යානාවක් මිලදී ගන්නා ලද අතර එය “එයාර්බස් 320“ වර්ගයේ විය. පසුව මෙම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයේ දී විනාශයට ලක් විය. මෙම ගුවන් යානයේ ලියා පදිංචි අංකය වූයේ 4R-ABA ය.
පළමු එයාර් බස් ගුවන් යානය - 4R-ABA
1993
1993 වර්ෂයේ දී “ස්කයිකැබ්“ ගුවන් සමාගම විසින් ඇන්ටනොව් 12 වර්ගයේ ගුවන් යානාවක් උපයෝගී කර ගනිමින් ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කෙරිණ. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පෞද්ගලික ගුවන් සමාගමක් විසින් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කළ පළමු අවස්ථාව එය විය.
මේ අතර කටුනායක රේඩාර් පද්ධතිය වැඩි දියුණු කිරීම 1994 වසරේදී සිදු කළ අතර ද්විමාන රේඩාර් පද්ධතියක් සවි කිරීම සිදු කෙරිණ. එලෙසම “එයාර්ලංකා“ සමාගමට පළමු “එයාර්බස් 340“ වර්ගයේ ගුවන් යානා ලබා ගැනීමත් මේ වසරේ සිදු විය. දැනට ශ්‍රී ලංකාව සතු විශාලම ගුවන් යානා වර්ගය වන්නේ A340 වර්ගයේ මෙම ගුවන් යානාවන්ය. පහත දැක්වෙන්නේ මුල් ගුවන් යානාවකි.
1994
1994 වර්ෂයේ දී දේශීය ගුවන් ගමන් ක්ෂේත්‍රෙය් නව පිටුවක් පෙරළමින් දේශීය ව ලියාපදිංචි වූ “ලයන්එයාර්“,“එක්ස්පො එයාර්“, “ස්කයිකැබ්“, “එයාර් ටුවර්ස්“ වැනි ගුවන් සමාගම් රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානා සහ හෙලිකොප්ටර් යොදා ගනිමින් දේශීය ගුවන් ගමන් ආරම්භ කරන ලදී. විශේෂයෙන් රත්මලාන සිට පලාලි සහ ත්‍රිකුණාමලය දක්වා ඔවුන්ගේ මෙහෙයුම් සිදු කෙරිණ.
1995
1995 වසර වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මුළු මගී මෙහෙයුම 2,000,000 ඉක්මවා තිබූ අතර භාණ්ඩ මෙට්‍රික් ටොන් 76 සහ ගුවන් යානා මෙහෙයුම් 16500 ක් ඉක්මවා තිබිණ. එතෙක් “කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ“ වශයෙන් හැඳින්වූ ගුවන් තොටුපල “බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල“ ලෙස යලි නම් කරන ලදී. මේ වසරේ දීම ආරක්ෂක හේතු නිසා දේශීය ගුවන් ගමන් රජය විසින් නවතා දමන ලදී. නමුත් “ලයන් එයාර්“ සමගම හමුදාව වෙනුවෙන් මෙහෙයුම් සිදු කරන ලදී
1998
1998 පෙබරවාරි මස 10 වන දින ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ගුවන් සුරක්ෂිතතාවය පිළිබඳ විගණනයක් සිදු කරන ලදී.
“එයාර්ලංකා“ ගුවන් සමාගම 1998 අප්‍රේල් මස 1 වන දින ඩුබායි මූලික කරගත් මෙහෙයුම් සිදු කරන “එමිරේට්ස්“ ගුවන් සමාගමේ උපායමාර්ගික කළමණාකරනයට යටත් කරනු ලබන වසර 10 සඳහා වන ගිවිසුමකට ශ්‍රී ලංකා රජය එළඹි අතර එහි දී ගුවන් යානා බිම් මෙහෙයුම් හා ආහාර ලබා දීම එම ගිවිසුමට අදාළ විය. “එයාර්ලංකා“ සමාගමේ 51% ක් රජය සතු වූ අතර 43.6% ක්“එමිරේට්ස්“ සමාගම සතු විය. එම ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 70 ක් පමණ වටිනාකමකින් යුතු විය. මෙම ගිවිසුමත් සමගම 1999 වසරේ දී “එයාර්ලංකා“ සමාගම “ශ්‍රීලන්කන් එයාර්ලයින්ස්“ යනුවෙන් ප්‍රති නාමකරණය කරන ලදී.
“එයාර්ලංකා“ ලාංඡනය
නව සළකුණ
1998 සැප්තැම්බර් මස 29 දින “ලයන් එයාර්“ සමාගමට අයත් අංක 602 දරණ ඇන්ටනොව් 24 වර්ගයේ යානාව මගීන් සහ කාර්ය මණ්ඩලය සමග 55 දෙනෙකුත් සමග පලාලි ගුවන් තොටුපලෙන් ගුවන් ගත වී මිනිත්තු 10 ට පසු මන්නාරම් ද්‍රෝණියේ ඉරණතිව් අසල මුහුදට කඩා වැටින. මෙය කොටි ත්‍රස්තවාදීන්ගේ මිසයිල ප්‍රහාරයකින් සිදු වූ බව පසුව අනාවරණය කර ගන්නා ලදී. දැනට පවතින තොරතුරු අනුව මෙම අනතුරින් කිසිවකුත් දිවි ගලවා ගත්තේ නැත.
තව කොටසක් බලාපොරොත්තු වන්න
ස්තූතියි ඉෂාර
ReplyDeleteඅන්තර් ජාලයට සිංහලෙන් එකතුවුණු තවත් ඉතාම වැදගත් තොරතුරු ලෙස සිතමි
ඔබට ජය!
මම නම් කැමති එයාර් ලංකා ලාංඡනයට.. ශ්‍රී ලංකන් එක මටනම් මහ අජූවයි..
ReplyDeleteශ්‍රී-ලංකන් සමාගමට තියෙන්නෙ එයාර් බස් යානා විතරද ? බෝයිං යානා නැද්ද ? බෝයිං යානා කාණ්ඩයක් මේ දවස්වල බිමට බස්සලා කියලා ආරංචියි..
එයාර් ලංකා ලාංඡනය යම් වැදගත් පෙනුමක් තිබෙන බවට මමත් එකඟයි. ශ්‍රීලන්කන් සමාගමේ ලාංඡනයට එමිරේට්ස් සමාගමේ ආභාෂය ලැබුණා.
Deleteදැනට ශ්‍රීලන්කන් ගුවන් සමාගම සතුව ඇත්තේ එයාර්බස් යානා විතරයි. බොහෝ ගුවන් සමාගම් වල එකම වර්ගයේ යානා තිබීම මගින් නඩත්තු වියදම් හා මෙහෙයුම් වියදම් අවම කර ගත හැකියි.කෙසේ වෙතත් බෝයිං යානා ගැනීම සම්බන්ධයෙනුත් සාකාච්ඡා කරමින් තිබෙනවා.
දැනට මෙහෙයුම් නවතා දමා ඇත්තේ බී 787 වර්ගයේ අළුතින් හඳුන්වා දුන් යානා වර්ගය. මෙම යානා නිෂ්පාදන අවධියේදී හැඳින්වූයේ “ඩ්‍රීම්ලයිනර්“ නමින්. මෙම යානා වල ඉහළ ඉන්ධන පිරිමැසුම් දායක බවක් තිබෙන බව පසඳහන්. මෙම යානා වල පැන නැගුණ යම් තාක්ෂණික දෝෂ නිසා ඇමරිකාව ජපානය ඇතුළු රටවල් කීපයක් මෙම මෙහෙයම් තාවකාලිකව නවතා දමා තිබෙනවා. දැනට භාවිතා වන එයාර්බස් 380 වර්ගයේ යානා වලත් තාක්ෂණික දෝෂ තිබෙනවා.
ඇයි දන්නෑ නේද වෙනස් නොකරන්නෙ.. දැන් එමිරේට්ස් එක්ක ගනු දෙනුවක් නෑනෙ..
Delete// දැනට භාවිතා වන එයාර්බස් 380 වර්ගයේ යානා වලත් තාක්ෂණික දෝෂ තිබෙනවා. //
මේවා දකිද්දිනම් ඇඟ හිරි වැටෙනවා...
මෙතරම් සංක්‍ෂිප්ත නොකර තවත් සවිස්තරව ලියනවානම් වඩාත් හොදයි.
ReplyDeleteසෙන්නගේ අදහස් සමග සම්පූර්ණයෙන් එකඟ වෙනවා. පැරණි එයාර්ලංකා ලාංඡනයේ තිබුණු ලාංකීය නන්න්යතා ලක්ෂණ කුමන්ත්‍රනකාරී ලෙස විනාශ කිරීමක් තමයි නව ලාංඡනයෙන් සිදුවී තිබෙන්නේ.
අසමි දකිමි සොයමි ලියන විචාරක
වටින ලිපියක්
ReplyDelete