Skip to main content

Posts

වන් වර්ල්ඩ්

මෙන්න මෙහෙමයි ශ්‍රීලන්කන් ගුවන් යානය වන්වර්ල්ඩ් ලොගෝ එක ප්‍රින්ට් කලේෙ. මේ අපේ කොල්ලෝ කටුනායක ගුවන් තොටුපලේ දී........... වන් වර්ල්ඩ් ගැන මෙතනින් බලන්න මේ තියෙන්නෙ ඔය යානය මත්තල ගුවන් තොටුපලේ දී (09/06/2014)

මොකක්ද මේ “වන් වර්ල්ඩ්“ කියන්නෙ? What is OneWorld?

ගුවන් සේවා කර්මාන්තයත් අනෙකුත් කර්මාන්ත හා වෙළඳ ව්‍යාපාර මෙන් ම විවිධාංගීකරණයට නිරන්තරයෙන් ම ලක් වේ. අද පවතින තරගකාරී ස්වභාවයත් පාරිභෝගික දැනුවත් කමත් ආදී කරුණු හේතුවෙන් ලාභදායී ව්‍යාපාරයක් ලෙස ගුවන් කර්මාන්තය පවත්වා ගෙන යාමට නම් විවිධ අලෙවි උපායමාර්ග ක්‍රියාත්මක කළ යුතු ව ඇත. ගුවන් සමාගම් එක් ව සන්ධාන ගත වීම ද මෙවන් උපාය මාර්ගයක් ලෙස දැක්විය හැක. 2014 මැයි මස 1 වන දින සිට “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම ද ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් වල සන්ධානයක් හා සන්ධානගත වී තිබෙන බව විවිධ මාධ්‍ය ඔස්සේ ඔබ දකින්න ඇති. ඒ වගේ ම මේ කුමක් ද යන්න සමහර විට ඔබට පැහැදිලි නොමැතිව බවට සැක නැහැ. මෙවන් සන්ධාන ගත වීමකින් ගුවන් සමාගමට ආර්ථික වාසි සැලසෙනවා මෙන් ම මගීන් ට ද විවිධ වාසි සැලසේ. අවාසි ද නැතිව ම නොවේ. ගුවන් සේවාවන් සන්ධාන ගත වීම අද ඊයෙ සිදු වූ දෙයක් නොව 1930 දශකය දක්වා ම දිව යන්නෙකි. මුලින් ම ගුවන් සේවා සන්ධානයක් ඇති කර ගනු ලබන්නේ Panair do Brasil සමාගම සහ එහි ම මව් සමාගම වන Pan American World Airways යන සමාගම් දෙක ලතින් ඇමරිකාවේ ගමනාන්ත බෙදා හදා ගැනීම වෙනුවෙන්. ඉන් පසුව ක්‍රමයෙන් මෙම සන්ධාන වර්ධනය ව...

ලොව තාක්ෂණයට අභියෝග කළ MH370 අතුරුදහන් වීම

MH370 ගුවන් යානය අතුරුදහන් වී අද වන විට මාසයක් ඉක්ම ගොස් ඇති මුත් තවමත් එහි කුමන හෝ තොරතුරක් සොයා ගැනීමට නොහැකි වීම ලොව තාක්ෂණයට අභියෝග කිරීමක් බව පැහැදිලි වෙමින් තිබේ. 1914 දී ඇමරිකාවේ සෙන්ට් පීටර්ස්බර්ග් හා ටැම්පා අතර “ ටැම්පා එයාර් බෝට් “ නමින් ගුවන් සේවයක් අරඹමින් වාණිජ ගුවන් සේවාව ආරම්භ වී මේ වසරේ ජනවාරි මාසයට වසර සියයක් සම්පූර්ණ විය. මේ කාල සීමාව තුල වාණිජ ගුවන් ගමන් ක්ෂේත්‍ර යේ දියුණුව ඉතා ඉහළ තාක්ෂණයෙන් සමන්විත වන බව නිරන්තරයෙන්ම කථා බහට ලක් විය. මගීන් හා ගුවන් ක්ෂේත්‍රයේ සිටින්නවුන් පවා මෙම විශ්මය ජනක තාක්ෂණය දෙස බලා සිටියේ විමතියෙනි. නමුත් මසක් ඉක්ම ගියද මැලේසියානු ගුවන් යානයට සිදු වූ දේ නිශ්චිතව සඳහන් කිරීමට හෝ තාර්කික අනුමානයක් කිරීමට හෝ අඩුම තරමින් එහි කුඩා හෝ කැබැල්ලක්වත් සොයා ගැනීමට නොහැකි වීම පැහැදිලිවම තාක්ෂණයට අභියෝග කිරීමකි. තාක්ෂණය පිළිබඳව උදම් අනන බොහෝ අය පවසනුයේ නව තාක්ෂණික සොයා ගැනීම නිසා ලොව ඉතා කුඩා වී ඇති බවකි. නමුත් සැබෑවටම එය එසේ සිදුවී ඇති නම් මෙතරම් කාලයක් මෙම යානය සොයා ගැනීමට නොහැකි වූයේ ඇයි? දැනට සඳහන් කරන පරිදි මෙම යානය අතුරුදන් වූ ඉන්දියානු...

MH370

මේ දිනවල වැඩි වශයෙන් කථා වෙන්නේ මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානයේ අතුරුදහන් වීම සම්බන්ධවයි. අන්තර්ජාතික පුවත් ඒජන්සි සහ ශ්‍රී ලංකාවේ පුවත් ආයතනත් සමාජ ජාලත් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී. කෙසේ වෙතත් මේ සෑම ප්‍රවෘත්තියකම අවසාන තොරතුර වන්නෙ මෙම යානය අතුරුදහන් වී ඇති බවත් මේ වනතුරුත් එයින් කිසිදු තොරතුරක් හෝ සුන්බුන් හෝ හමු වී නොමැති බවත්ය මේහා සමානවම දීර්ඝ කාලයක් කථා බහට ලක්වූ ගුවන් අනතුරක් වූයේ 2009 වර්ෂයේ දී අත්ලාන්තික් සාගරයේ සිදු වූ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම අයත් AF 447 ගුවන් අනතුරයි. එම යානයේත් සබඳතා බිඳ වැටී දින 5 ක් යන තෙක්ම ගුවන් යානයට සිදු වූයේ කුමක් දැයි දැන ගැනීමට නොහැකි විය. පස්වන දිනයේ දී යානයේ “රඩරය“ හමු වීමෙන් පසුව පමණි එම අනතුර සිදු වූ ස්ථානය සොයා ගැනීමට හැකි වූයේ. එහෙත් එයිනුත් වසර 2 ට පසුවයි එම යානයේ “කළු පෙට්ටි“ සොයා ගැනීමට හැකියාව ලැබුණේ. මැලේසියානු යානයේ තොරතුරුත් මේ ලිපිය සකසන වේලාව වන විටත් ලැබී නැත. තවමත් එය සොයමින් සිටී. මෙතෙක් කල් සොයා බලනු ලැබූවේ ගුවන් යානය ගමන් ගත් මාර්ගයේ පමණක් වූ අතර අද දින සිට එම සීමාවන් තවත් ව්‍යාප්ත කර ඇත. ...

සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ ආචාර්ය අසාද් කොටෙයිට් (Dr. Assad Kotaite )මහතාගේ සමු ගැනීම

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ සහ පිළිගත් චරිතයක් වන ආචාර්ය අසාද් කොටෙයිට් මහතා පසුගිය පෙබරවාරි මස 27 වන දින ලොවෙන් සමුගත්තේ ය. ඒ වන විට එතුමා 89 වන වියේ පසු වූ අතර ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ කීර්තිමත් විශ්‍රාමික සභාපතිවරයෙක් විය. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ වසර 50 ක පමණ කාලයක් තුළ සිවිල් ගුවන් සේවා කර්මාන්තයේ සුරක්ෂිත බව ඇති කර ලීම උදෙසා තම දිවියම කැප කළ අසහාය නායකයෙක් ලෙස කොටෙයිට් මහතා හඳුන්වා දිය හැක. ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය ආර්ථික, සමාජීය හා සංස්කෘතික අංශයන්හි ප්‍රධාන නියමුවෙක් බවට පත් කිරීමට එතුමා අපමණ වෙහෙස වී කටයුතු කළේය. 1924 වර්ෂයේ ලෙබනනයේ දී උපත ලද කොටෙයිට් මහතා බේරූට් හි ප්‍රංශ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගන්නා අතර පසුව ප්‍රංශයේ පැරිස් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගන්නා ලදී. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ එතුමාගේ කීර්තිමත් සේවා කාලය ඇරඹෙන්නේ 1953 දී එම සංවිධානයේ නීති කමිටුවට ඇතුලත් වීමත් සමගය. එතුමා 1970 වසර තෙක් එහි කටයුතු කළේය. 1956 සිට 1970 කාලයේ දී එතුමා සිවිල් ගුවන් සේවා කවුන්සිලයේ ලෙබනන නියෝජිතයා...

නියමුවා දිවි නසා ගැනීම - Pilot Suicide

LAM Mozambique Airlines යනු මොසැම්බික් රාජ්‍යයේ ජාතික ගුවන් සේවයයි. මොසැම්බික් රාජ්‍ය යේ මපුටෝ ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන අතර අප්‍රිකානු මහාද්වීපයේ රටවල් අතර සහ මොසැම්බික් රාජ්‍යය තුළද සිය මෙහෙයුම් සිදු කරනු ලබයි. 1936 දී පමණ ආරම්භ කර ඇති මෙම ගුවන් සමාගම අප්‍රිකානු මහාද්වීපයේ හොඳින් මෙහෙයුම් සිදු කරනු ලබන ගුවන් සමාගමකි. ගුවන් සමාගම පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී සිදු වූ ගුවන් අනතුරක් නිසා ලොවේ කථා බහට ලක් වුණා. මෙම අනතුර සිදු වූයේ මපුටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ඇන්ගෝලාවේ Quatro de Fevereiro ගුවන් තොටුපලට මොහෙයුමක් සිදු කරන අතරවාරයේ දීයි. යානය අනතුරට ලක් වූයේ නැමීබියාවේ Bwabwata ජාතික වනෝද්‍යානය ඉහළින් පියසර කරමින් තිබිය දීය. අනතුරට පත් වූ යානය මෙම ගුවන් අනතුරින් යානය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එහි ගමන් කළ මගීන් 27 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනා ජීවිතක්ෂයට පත් විය. යානය අනතුරට පත් වූ ස්ථානය පරීක්ෂක කණ්ඩායම් ලඟා වූයේ අනතුර සිදු වූ දිනට පසු දින වූ අතර ඒ වන විටත් යානය සම්පූර්ණයෙන් අළු ගොඩක් ව තිබූ බව එම කණ්ඩායම් පවසයි. ගුවන් අනතුර සිදු වූ ස්ථානයේ තිබී යානයේ...

උඩදි ඉස්සුවොත් පයිලට් කරන දේ Squawk Codes

අද (17/02/2014) අළුයම 1230 ට පමණ ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපලින් පිටත් වූ ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් අංක ET702 දරණ ගුවන් යානය ගුවනේ දී පැහැර ගැනීමක් සිදු වී ඇති බව වාර්තා වුණා. සුඩානය ඉහළින් පියාසර කරමින් තිබිය දී මෙම සිදු වීම වාර්තා වූ අතර ගුවන් යානය ගමන් කිරීමට නියමිත වූ ගුවන් තොටුපල වූයේ රෝමයේ “ලියනාඩෝ ඩාවින්සි“ ගුවන් තොටුපලයි. නමුත් එය ගොඩබා තිබුනේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා ගුවන් තොටුපලටයි. මගීන් සහ කාර්ය මණ්ඩලය 200 ක් පමණ මෙහි ගමන් කරමින් සිටි අතර ඔවුන් සියළු දෙනාම නිරුපද්‍රිතව සිටි බව ට වාර්තා ලැබී තිබේ. ගුවන් යානයෙන් මගීන් ඉවත් කර ගන්නා අයුරු (නියමුවා බැසිගිය ලණුව වම්පස එල්ලෙමින් තිබේ) මෙම සිද්ධියේ ජුගුප්සාජනකම කාරණය වන්නේ සහාය නියමුවා විසින් මෙම පැහැර ගැනීම සිදු කර තිබීමයි. ප්‍රධාන නියමුවා වැසිකිලියට ගිය  අවස්ථාවේ දී මෙම පැහැර ගැනීම සිදු කළ බව දැනට තොරතුරු අනාවරණය වී ඇති අතර ජිනීවා ගුවන් තොටුපලේ දී යානය නැවැත් වූ පසු සැකකාර සහාය නියමුවා ඉදිරිපස සුළං මුවාව විවර කර ලණුවක් ආධාරයෙන් පිටතට පැමිණ තිබේ. (හදිසි අවස්ථාවක එසේ පැමිණිමට පහසුකම් තිබේ) පසු ඔහුව අත් අඩංගුව...