Skip to main content

අපිත් ප්ලේන් එකක් සල්ලී දිලා ගමුද?

ගුවන් යානා ගැන විවිධ දේ කථා කරන අපිට ඒවායේ මිළ ගණන් ගැන කථා කරන්න අවස්ථාවක් ලැබුනෙ නැහැ. පසුගිය කාලයේ අපේ රටේ විවිධ කථ බහ ඇති වුණා ගුවන් යානා මිල දී ගැනීම් ආදී දේ පිලිබඳව සහ ඒවායේ මිළ ගණන් ආදිය පිළිබඳව.

මේ ලිපියේ මම පහත දක්වන්නේ ලෝකයේ ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදන සමාගම් දෙක වන ප්‍රංශයේ Airbus ගුවන් සමාගමේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ Boeing ගුවන් යානා නිෂ්පාදන සමාගමේ ගුවන් යානා වල සාමාන්‍ය මිළ ගණන්.



Airbus
ගුවන් යානා වර්ගය
ඇමරිකන් ඩොලර් මිලියන
රුපියල් බිලියන
A318
74.3
10.0
A319
88.6
12.0
A320
97
13.1
A321
113.7
15.3
A319neo
97.5
13.2
A320neo
106.2
14.3
A321neo
124.4
16.8
A330-200
229
30.9
A330-800neo
249.6
33.7
A330-200 Freighter
232.2
31.3
A330-300
253.7
34.2
A330-900neo
284.6
38.4
A350-800
269.5
36.4
A350-900
304.8
41.1
A350-1000
351.9
47.5
A380-800
428
57.8

Boeing
ගුවන් යානා වර්ගය
ඇමරිකන් ඩොලර් මිලියන
රුපියල් බිලියන
737-700
78.3
10.6
737-800
93.3
12.6
737-900ER
99
13.4
737 MAX 7
87.7
11.8
737 MAX 8
106.9
14.4
737 MAX 9
113.3
15.3
747-8
367.8
49.7
747-8 Freighter
368.4
49.7
767-300ER
191.5
25.9
767-300 Freighter
193.7
26.1
777-200ER
269.5
36.4
777-200LR
305
41.2
777-300ER
330
44.6
777 Freighter
309.7
41.8
777-8X
360.5
48.7
777-9X
388.7
52.5
787-8
218.3
29.5
787-9
257.1
34.7
787-10
297.5
40.2



ලෝකයේ විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය නිෂ්පාදනය කලේ ඒයාර් බස් සමාගම. A380 යන මේ ගුවන් යානයේ මිල රුපියල් බිලියන 57 ක් විතර වෙනවා. දක්ෂිණ අධි වේගී මාර්ගය ට ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් පමණ වියදම් වී තිබෙනවා. ඉතින් ඒ මුදලින් අපිට මේ විශාල ගුවන් යානා දෙකක් පමණයි මිළ දී ගන්න පුළුවන්. 

මේ හා සමානව බෝයිං සමාගමේ විශාලතම යානය වන්නෙ B747 යානය. එහි මිල රුපියල් බිලියන 50 ක් පමණ වෙනවා. 

ලංකාවට වැඩියෙන්ම එන්නෙ A320 වර්ගයේ ගුවන් යානා. ඒ වර්ගයේ ගුවන් යානයක සාමාන්‍ය මිල රුපියල් බිලියන 13 ක් පමණ වෙනවා.

එයාර්බස් සමාගම අළුතින් හඳුන්වා දුන් ගුවන් යානය වන්නෙ A350 ගුවන් යානය. එහි සාමාන්‍ය මිල රුපියල් බිලියන 37 ත් 47 ත් අතර වෙනවා. මේ යානයට සමගාමීව බෝයිං සමාගම ඉදිරිපත් කලේ B787 යානය එහි මිල සාමාන්‍යයෙන් රුපියල් බිලියන 30ත් 40ත් අතර වෙනවා. 

ඉතින් මේ අළුත්ම ගුවන් යානා වල සාමාන්‍ය මිළ ගණන්. මේ මිල ගණන් වල වෙනස් වීම් සිද්ධ වෙනවා ඒවායේ පාර්භෝගිකයින් ඉල්ලන පහසුකම් අනුව. බොහෝ ගුවන් සාමාගම් කරන්නෙ කල් බදු ක්‍රමයට ගුවන් යානා බදු ගැනීම. ඒක ආර්ථික වශයෙන් වාසි දායකයි.

Comments

  1. ‍හොඳ විස්තරයක්.

    මාත් 380 එකක් ගන්න හිටියෙ. රුපියල් 58 ක් වගේ පොඩි ගානනෙ ඒක බලාගෙන ගියාම. :D

    ReplyDelete
    Replies
    1. ප්‍රසා මේ නිකංම්ම 58 ක් නෙමේ. බිලියන.....

      Delete
  2. ඒ තරං ගනං නෑනේ බැලුවම.. ස්තුතියි විස්තරේට..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං. ගෝලිප් එකක් බොන ගානට ප්ලේන් තුනක් ගත්තහැකිනෙ.

      Delete
  3. ඔච්චර ගනන් දිලා කඩන් වැ‍ටුනම අයියෝ සල්ලි කියලා කියවෙනවා ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. Good point. හැබැයි ඉෂෘර දවසක් ඒ ගැන කිව්ව වගේ මතකයි..

      Delete
  4. හැබෑට ඔය පහු ගිය ටිකේ ගේනවා කියපු කිරි ටොයියන්ට මොකෝ උනේ

    ReplyDelete
    Replies
    1. A330-300 වර්ගෙයන් 4ක් ඉල්ලුවා.2014 වර්ෂයේ දී 2 ක් අාවා. මේ අවුරුද්දෙ ඔක්තෝබර් වල අනිත් 2ත් එනවා. දැනට තියෙන A330-200 වර්ගය වෙනුවට අළුත්ම A350 න් 7 ක් ඉල්ලලා තියෙනවා. ඒක 2016 දී තමයි ලැබෙන්නෙ. අර කලින් කියපු A330 යානා දෙක දැනටමත් ප්‍රංශයේ එයාර් බස් සමාගමේ හදමින් තියෙනවා ශ්‍රීලන්කන් ලොගෝ එකත් සමගම.

      Delete
  5. good news
    thanks....
    how to be a Sri Lankan airlines cabin crew members??????
    kohomada guwan sewakayek wenne????????????
    monawada sudusukam ....
    colification ?????????

    ReplyDelete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔ...

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැ...

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනා...