Skip to main content

පවුලිස් අප්පුහාමි

සරම ඇඳලා කොණ්ඩෙ බැඳලා ප්ලේන් පැදපු අත්තනගල්ලේ පදිංචිව සිටි පවුලිස් අප්පුහාමි නොහොත් උක්කු මහත්තයා එදා රත්මලාන ගුවන් තොටුපොළට ගියේ ගුවන් යානා ඉහළට නංවන හා පහත බස්සවන හැටි දැකබලාගැනීමට කැමැත්තෙන් සිටි ලොකු පුතා විජිත කුමාරට ඒවා පෙන්වීමටය. එහෙත් ගුවන්යානා සමීපව දුටු වනම ඒවා කෙරෙහි දැඩි ලෙස ආසක්ත වූ පවුලිස් අප්පුහාමිට ‍ෙදාළක් ඇතිවූයේ ගුවන් යානා පැදවීමටය.


1952 අගෝස්තු මාසයේ දිනක් වූ එදාම පවුලිස් අප්පුහාමි රත්මලාන ගුවන් පුහුණු ආයතනයේ පුහුණුකරුවකු වෙත කිට්ටු වූයේ තම ආශාව ඉටුකර ගැනීමට හැකිවේ දැයි විමසීමටය.
'මට ගුවන් යානයක් පදවන්න ආසයි. මටත් උගන්වන්න පුළුවන්ද?'
පුහුණුකරු වෙත ඉතා බයාදු ලෙස ළං වූ පවුලිස් අප්පුහාමි විමසා සිටියේ ලැජ්ජාශීලීවය.


ගුවන්යානා පැදවීම පුහුණුකරන ලෙස තමාගෙන් ඉල්ලා සිටින මෙම තැනැත්තා දෙස පුහුණුකරු හොඳින් බැලුවේය. පුහුණුකරු දුටුවේ කමිසයකින්, කෝට් එකකින් සහ සරමකින් සැරසුණු ගමේ මුදලාලි කෙනෙක් වන් පුද්ගලයකු තමා ඉදිරියේ සිටින බවයි. ඒ මදිවාට ඔහුගේ වැවුණ හිසකෙස් එකතුකොට හිස පිටුපස කොණ්ඩයක්ද බැඳ තිබිණි. මේ ගමරාලට අහස් යානා පැදවීම පුහුණු කරන්නේ කෙසේ දැයි පුහුණුකරුට එකවරම සිතෙන්නට ඇත. එහෙත් පුහුණුකරු ඇසුවේ මේ කොණ්ඩය සමඟ අහස් යානා පදවන්නේ කොහොමද කියාය.


පුහුණුකරු 'කොණ්ඩය' පිළිබඳ ප්‍රශ්නය මතුකිරීමට හේතුවක්ද තිබිණි. ඒ එකල ගුවන්යානා පුහුණු උපදේශකයන් මෙන්ම පුහුණුවන නියමුවන්ද හිසට හොඳින් සවිවන ලෙදර් හිස්වැසුම් පැලඳිය යුතුව තිබීමය. කථන හා ශ්‍රවණ උපකරණ ඇතුළත් සන්නිවේදන කට්ටල සවිකොට තිබුණෙ එම හිස් වැසුම්වලටය. එහෙයින් පිටුපසට බැඳි කොණ්ඩය හිස්වැසුම හිසට හොඳින් තද වීමට බාධාවක් ලෙස පුහුණුකරු දක්නට ඇත.


එහෙත් පුහුණුකරුගේ කියමනෙන් අධෛර්ය වූයේ පවුලිස් අප්පුහාමි නොවේ. පවුලිස් අප්පුහාමි එක්වනම දුන් පිළිතුර වූයේ 'මගේ කොණ්ඩය ප්‍රශ්නයක් නෙවේ. මං තාමත් අහස් යානා පැදවීමට ආසයි' යන්නයි.


කෙසේ වුවත් පුහුණුකරුට තවත් ප්‍රශ්න තිබිණි. ලිහිල් හා සුළඟට එහෙ මෙහෙ යන සරොමක් ඇඳ සිටීම ගුවන් යානයේ නියමු කුටියේදී ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවිය හැක්කකි. එසේම ඉංග්‍රීසි භාෂාව නොදත් සිංහල කතාකරන්නකු නියමු පුහුණුවේදී පාඩම්මාලා ග්‍රහණය කරගන්නේ කෙසේද යන්නද පුහුණුකරුට ගැටලුවක් විය.


ටික වේලාවක් කතාබහ කිරීමෙන් පසුව පවුලිස් අප්පුහාමි ගුවන් ගමනකට එකතුවන ලෙසට පුහුණුකරුගෙන් ඇරැයුමක් ලැබිණි. එම කෙටි ගුවන් ගමනේදී පවුලිස් අප්පුහාමි තුළ ගුවන් යානා පැදවීමට තිබූ උනන්දුව අතිමහත් බව පුහුණුකරුට වැටහිණි. එය පවුලිස් අප්පුගේ ගැමි පෙනුමින් යටපත් කළ හැක්කක් නොවීය.


කෙටි ගුවන් ගමන අවසානයේදී පවුලිස් අප්පුව ප්‍රධාන ගුවන් උපදේශක කපිතාන් සී.එච්.එස්. අමරසේකර හා තවත් උපදේශකයකු වූ සුසන්ත (සුස්) ජයසේකර වෙත හඳුන්වා දීමට පුහුණුකරු කටයුතු කළේය. රත්මලාන ගුවන් තොටුපොළේ අනෙකුත් උදේශකයන් කෙසේ වුවත් ගැමි පෙනුමැති පවුලිස් අප්පුහාමි වෙත ගුවන් පුහුණු සිසුවකු ලෙස විශ්වාසය තැබීමට අමරසේකර හා ජයසේකර යන උපදේශකවරුන්ට හැකි වී තිබිණි. එහෙයින් පවුලිස් අප්පුහාමිට ගුවන් යානා පැදවීම පුහුණුවීමේ අවස්ථාව ලබාදීමට තීරණය විය.


ගැමි පෙනුමැති ඉංග්‍රීසි බස හැසිරවිය නොහැකි පවුලිස් අප්පුහාමි අත්තනගල්ලේ ගරු කටයුතු හා පාරම්පරික පවුලකින් පැවැත එන්නකු බව ඒ අවස්ථාවේ රත්මලාන ගුවන්තොටුපොළේ උපදේශකයෝ නොදැන සිටියහ. ගමේ හැදී වැඩුණත් පවුලේ මිතුරකු වූ ඩී.සී. සේනානායක මහතා හරහා කොළඹ ආනන්ද කොලීජියේ ඉගෙන ගැනීමට ඔහුට අවස්ථාව හිමිව තිබිණි. 1905 දෙසැම්බර් 21දා අත්තනගල්ලේදී උපන් පවුලිස් අප්පුහාමිට පසු කලෙක ඔහුගේ පියාගේ පෞද්ගලික බස් සමාගම හිමිවිය. ඒ වනවිට එය බස් 36ක් හිමිව තිබූ සාර්ථක බස් සමාගමක් වූ අතර අත්තනගල්ලේ සිට කොළඹ, මහනුවර, කුරුණෑගල හා හංවැල්ල යන ගමනාන්තවලට බස් ධාවනය සිදු කළේය. 1940දී පමණ පවුලිස් අප්පුහාමි බස් මුදලාලි ඔහුට වඩා වසර ගණනාවකින් බාල ඒ වනවිට 17 හැවිරිදි වියේ සිටි ඇනෙට් ඩී සේරම් හෙවත් ඇනෙට් වික්‍රමාරච්චි මෙනෙවිය සමඟ විවාහ දිවියට ඇතුළත් විය. විවාහයෙන් එම දෙපළට පුතුන් දෙදෙනකු හා දියණියන් දෙදෙනකු ලැබිණි.


කුඩා කල සිට යාන්ත්‍රික ශිල්පයෙහි නිපුණයකු වූ පවුලිස් අප්පුහාමි සිය බස් රථවල, මෝටර් රථවල යාන්ත්‍රික දෝෂ සකසාගත්තා පමණක් නොව බිරියගේ රෙදි විවීමේ යන්ත්‍රවල දෝෂද සැකසීය. එසේම පවුලිස් අප්පුහාමි ඡායාරූපකරණයටද විශේෂ ඇල්මක් දක්ෂතාවක් දැක්වූ අතර වටිනා හා දුර්ලභ කැමරා රැසක එකතුවක් ඔහු සතු විය.


අහස් යානා පුහුණුවේදී තමා ලබා තිබූ යාන්ත්‍රික දැනුම පවුලිස් අප්පුහාමිට අනගි පිටිවහලක් විය. ඉංග්‍රීසි කතා කිරීමට නොදත්, සරොම ඇඳි, කොණ්ඩය බැඳ සිටි සිසුවා ගුවන් නියමු කුටියේ අනෙකුත් සිසුන් සමඟ තරගකාරී ලෙස පුහුණුව නිමා කරමින් සාර්ථක නියමුවකු වන අන්දම උපදේශක සුස් ජයසේකරට ඉමහත් ආස්වාදයක් ගෙන දෙන්නක් වී තිබිණි.


ගුවන් යානා පැදවීමේදී මට කොණ්ඩය බාධාවක් වුණේ නැහැ යනුවෙන් පවුලිස් අප්පුහාමි පසුව පවසා තිබේ. තමාගේ පළමු ගුවන් යානා පැදවීමේ සැසිය හමාර වී අත්තනගලේ පිහිටි 'සිරි මැඳුර' නම් වූ තම නිවෙසට ගොඩවැදුණු පවුලිස් අප්පුහාමි සිය බිරියට කියා තිබුණේ මැණිකේ මම පියාසර කරන්න බය නැහැ. මම කොහොම හරි ගුවන් යානා පැදවීමේ බලපත්‍රය ගන්නවා යනුවෙනි. සරොම ඇඳ, කොණ්ඩය බැඳි මේ මිනිසා එලෙස ගුවන් යානයක් පදවමින් ගුවන් යානා ඉතිහාසයේ අපූරු පෙරළියක් කළාක් මෙන්ම නිල පුහුණුවෙන් අනතුරුව ගුවන්යානයේ පැඩලයන් මත නිරාවරණ දෙපා තබමින් සමහර අවස්ථාවලදී ගුවන් යානය පදවා තවත් ආකාරයකින් සම්මතය අභිභවා තිබේ.


වික්‍රමාරච්චි මිල්ලවල්ලගේ ‍ෙදාන් ජෝන් හෙවත් පවුලිස් අප්පුහාමි නමට 1953 ඔක්තෝබර් 5දා පෞද්ගලික ගුවන් නියමු අංක 139 දරන බලපත්‍රය නිකුත් කෙරුණේ සරොම ඇඳ කොණ්ඩය බැඳ ගුවන් යානයක් පැදවූ පළමු පුද්ගලයා ඔහු බවට පත් කරමිනි.


පවුලිස් අප්පුහාමි එදා බලපත්‍රය ලබාගැනීමේ උත්සවයේදී බලපත්‍රය ලබාගත්තේද සිංහල සිරිතට අනුව සිය උපදේශකයාට බුලත් හුරුල්ලක් පිළිගන්වා ගෞරවය දක්වමිනි.


ගුවන්යානා අධ්‍යාපන ආයතනයට අලුතින්ම ලැබුණු ටයිගර් මොත් (Tiger Moth) නවීන යානයෙන් වැඩිදුර පුහුණුව ලබාගැනීමටත් එසේම ඊටත් වඩා තාක්ෂණයෙන් දියුණු කළ  de Havilland DHC-1 සහ Chipmunk monoplane යානා පැදවීමටත් අනතුරුව ගුවන් මගීන් ගෙන යෑමටත් පවුලිස් අප්පුහාමිට අවසරය ලැබිණි.


විනෝදජනක ගුවන් සවාරිවලට පවුලිස් අප්පුහාමි සිය පුතු විජිත කුමාරවද බොහෝ විට එක්කර ගත්තේය. එවැනි දිනක පවුලිස් අප්පුහාමිට ගුවන් ගමන්මඟ වැරැදිණි. රත්මලාන ගුවන් තොටුපොළේ පිරිස පවුලිස් අප්පුහාමි ගැන විපරම් කරන්නට වූ අතර පුත්තලම - පලාවි ගුවන්තොටුපොළේ ආරක්ෂිතව යානය ගොඩ බස්වා සියලු දෙනාට සැනසිලි හුස්මක් ගෙන දෙමින් නැවත රත්මලානට පැමිණීමට පවුලිස්ට හැකිවී තිබිණි.


පෞද්ගලික ගුවන් කපිතාන්වරයකු ලෙස බලපත්‍රය ලබාගෙන නිදහසේ විනෝද වුවද පවුලිස් අප්පුහාමි ඔහුගේ පෞද්ගලික බස් ව්‍යාපාරයද හොඳින් කරගෙන ගියේය. කෙසේ වුවද 1958 ජනවාරි 1දා ශ්‍රී ලංකාවෙ සියලුම බස් සමාගම් බණ්ඩාරනායක රජය ජනසතු කළේය. ඒ සමඟම පවුලිස් අප්පුහාමිටද සිය පවුලේ ව්‍යාපාරය වන බස් සමාගම අහිමිවීම විශාල පාඩුවක් විය.


පවුලිස් අප්පුහාමි 1963දී වැලඳුණු ආඝාතයක් හේතුවෙන් බෙලහීන වූ අතර 1973 පෙබරවාරි 23 දින සදහටම නෙත් පියා ගත්තේය. එහෙත් ඔහුගේ නම ශ්‍රී ලංකාවේ ගුවන් ඉතිහාසය තුළ තබා ඇත්තේ නොමැකෙන සටහනකි.

 

මෙම ලිපිය රොජර් තීද්මන් මහතා විසින් “සන්ඩේ ටයිම්ස්“පුවත් පතේ ඉංග්‍රීසි භාෂවෙන් පළ කරන ලද අතර එම ලිපිය පහත සබැඳියෙන් කියවිය හැක

http://www.sundaytimes.lk/050306/plus/1.html

මෙම සිංහල ලිපිය උපුටා ගනු ලැබුවේ “මව්බිම“ පුවත් පතෙනි. එම සබැඳිය පහත දක්වා ඇත.

http://www.mawbima.lk/55-68218-news-detail.html

Comments

  1. මේ විස්තරය නම් පලවෙනි පාරට ඇහැව්වේ. අරහේ ඉන්න කාලේ ගුවන් ඉතිහාසය ගැන ඉගෙන ගද්දිවත් ඔය කාරණාව ඉගැන්නුවේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේක මම දැක්කෙත් පස්සෙ

      Delete
  2. යකෝ මාර විස්තරයක්නෙ මේක. අදමයි ඇහැවුවෙ මෙහෙම කතාවක්.

    ReplyDelete
  3. පවුලිස් අප්පු වීරයෙක්.ඔහුට ලැබිල තියෙන්නෙ අගනා අවස්ථාවක්.අද කාලේනම් මෙවැනි දෙයක් හිතන්නටවත් නොහැකියි.අගනා සටහනක්.

    ReplyDelete
    Replies
    1. ඔව් පවුලිස් අප්පුහාමි තමන්ට අවශ්‍ය දේ කරපු වීරයෙක්

      Delete
  4. ඇත්තටම අපේ ඉතිහාසයේ මේ වගේ චරිතයක් ගැන අපි කවදාවත් අහල නෑනේ..

    ReplyDelete
    Replies
    1. අපේ ඉතිහාසය තුල ගුවන් සේවාව ගැන කථාව අඩුයි

      Delete
  5. මාත් දැක්ක මේක පත්තරේ තියනව ඒත් කියවන්න වුනේනෑ...
    ස්තූතියි මේක සයිබරයට එක් කලාට...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව් මේක පත්තරේ තිබුණා......සයිබරය ඉතින් අතැඹුලක් සේ නෙ.. ඒකයි දැම්මෙ අළුත් අයට කියවන්න

      Delete
  6. හ්ම් ඒ කියන්නෙ මටත් ගුවන්යානා නියමුවෙක් වෙන්න පුලුවන් බොලව්.ඉදපල්ලකො වෙලාමයි නවතින්නෙ

    ReplyDelete
    Replies
    1. අනේ...නියමුවෙක් වෙන්ටමයි තියෙන්නෙ ඕං...අත අරින්න එපා.....

      Delete
  7. මෙතනදි මගේ හිතට අල්ලල ගියේ පවුලිස් අප්පුහාමි වගේ කෙනෙකුගෙ ආසාව-හැකියාව තේරුම් අරගෙන එයාට ගුවන් යානා පැදවීම පුහුණු කල අයවලුන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත....ඒ නිවැරදි පුහුණු කරුවන්

      Delete
  8. අන්න ඒ වගේ පුහුණුකරුවො ඉන්නවනම් අපිටත් වෙන්න පුලුවන් මොන කරන්නද ඉතින්

    ReplyDelete
  9. හොද ටීම් එෆර්ට් එකක්. කෝමත් පව්ලිස්ට වැඩි ගෞරවය යන්න ඕන.. ජය වේවා.. ඇයි මේක හුදකලා බ්ලොග් එකක් වී තිබෙන්නේ. කිසිම දෙයක් නැහැනේ..

    ReplyDelete
    Replies
    1. ම් ම් ම්ම්...........කිසිම දෙයක් නැහැ කිව්වෙ.........?

      Delete
  10. එහෙම තමයි බන් මේක අභිරහස් ගුහාවක් දන්න කස්ටිය විතරයි එන්නෙ දවසක් ආපු එකෙක් අයෙ පලාතෙ එන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා එහෙම කියන්නෙ.........?
      මේක අවුල් ද?

      Delete
  11. ඈ බං දැං වෙන බ්ලොග් එකක්ද අනේ මන්ද මට අවුල්ද කියලා. මං බලපු අපේ අහසේ මොකවත් තිබුනේ නැහැ..

    ReplyDelete
    Replies
    1. කෝ දැන් ඒ බලපු අහස?
      සැබෑ අහසත් අපේ අහසත් හැර වෙනත් අහසක් තිබේද?
      මටත් දැන් කොයිල් වගේ.......

      Delete
  12. අන්න අර ගිම්න්නී අයි ඈම් අ බ්ලොග් රීඩර එකේ දාලා තිබුන ලින්කටුවක්..

    ReplyDelete
  13. http://apeahasa.blogspot.com/2014/09/blog-post.html?m=1

    ඔන්න ඕක

    ReplyDelete
  14. ඉෂාර, මොකද මේ බ්ලොග් රෝල් වල හරියට අප්ඩේට් නොවෙන්නෙ.. "අපේ අහස" හැමදාම මගෙ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙන්නෙ දවස් හතරක් පහක් ගිහිල්ලා.. යටකින් පෙන්වනවා... මේකත් අහම්බෙන් දැක්කේ...

    ReplyDelete
    Replies
    1. ඔව් මම දැක්කා ගිය සැරෙත් ඕකම කියලා තියෙනවා. මටත් නම් තේරෙන්නෙ නැහැ ඇයි කියලා.
      දන්න කෙනෙක් උපදෙසක් දුන්නොත් හොඳයි

      Delete
  15. ඒ කාලෙ නීති රීති එච්චර තදබල නෑ නේද ? දැන් ඔහොම ගිහින් ඇහුවොත් ඉගන ගන්න හම්බෙයිද ! පවුලිස් මොනා වුනත් හිතුන දේ කරපු බුවෙක් පාටයි..

    ස්තූතියි මේ කවදාවත් නෑසූ කතාවට...

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා දැන් නම් ඒක කරන්න අමාරුයි. ඉංග්‍රීසි තමයි කේස් එක.
      පවුලිස් අප්පුහාමි නියම වීරයෙක් ඇත්තටම

      Delete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු ක

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුප