Skip to main content

Posts

Showing posts from January, 2013

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VIII කොටස

මෙම ලිපියේ හත්වන කොටස මින් පෙර පළ වී ඇත 2000 2000 වර්ෂයේ දී මාර්තු මස 24 වන දින “ස්කයිකැබ්“ සමාගමට අයත් AN12 වර්ගයේ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට සූදානම් වන අවස්ථාවේ මීගමුව කදිරාන ප්‍රදේශයට කඩා වැටිණ. SCB 702 යනුවෙන් හැඳින්වූ මෙම යානය බැංකොක් නුවර සිට පැමිණ තිබිණ. මෙම අනතුරින් කාර්ය මණ්ඩලයේ 6 දෙනකුත් සමග පුද්ගලයින් 9 දෙනකු මරණයට පත්වූ අතර 5 දෙනකු තුවාල ලැබීය. නිවාස කීපයක් ද හානියට පත් විය. 2001 2001 ජූලි මස 24 වන දින කොටි ත්‍රස්තවාදීන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන ලද අතර මෙම ප්‍රහාරයෙන් ගුවන් හමුදාව සතු ගුවන් යානා 8 ක් ද ‘ශ්‍රීලන්කන්“ ගුවන් සමාගමේ ගුවන් යානා 4 ක් ද විනාශයට පත් විය. විනාශයට පත් වූ “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගමේ ගුවන් යානා අතර ශ්‍රී ලංකාවට මුලින් ම ගෙන ලද “එයාර්බස්“ 320 වර්ගයේ ගුවන් යානයද විනාශයට පත් විය. මෙම ප්‍රහාරයේ දී A340 වර්ගෙය් යානා දෙකක් ද, A330 හා A320 යානාවක් බැගින් ද විනෘශ විය. මුලින් ම ගෙන්වන ද ගුවන් යානය විනාශයට පෙර (4R-ABA) විනාශ වූ යානයක් 2002 ...

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VII කොටස

  මෙම ලිපියේ හයවන කොට මින් පෙර පළ විය   1986 1986 මැයි මස 3 වන දින ලන්ඩනයේ සිට සුරිච් හා ඩුබායි හරහා කොළඹට පැමිණ මාලදිවයින බලා පිටත් වීමට සුදානමින් තිබූ UL512 දරණ ලොක්හීඩ් “ට්‍රයිස්ටාර්“ වර්ගයේ “එයාර් ලංකා“ ගුවන් යානය ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක් වූ අතර එම ප්‍රහාරයෙන් යානය දෙකඩ වූ අතර මගීන් 21 දෙනෙකු මරණයට පත්විය. පසුව කරන ලද පරීක්ෂණ වලදී පැහැදිලි වූයේ එම බෝම්බය යානයේ භාණ්ඩ ප්‍රවාහන කුටියේ භාණ්ඩ සමග තිබූ බවයි. මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ ගුවන් යානා ලියාපදිංචි කිරීමේ ලේඛණයට ඇතුලත් කර තිබුණේ 4R-ULD යන නමිනි. 4R-ULD යානයේ 1983 දි ගත් ඡායාරූපයක් 4R-ULD යානයේ ප්‍රහාරයෙන් පසු 1986 නොවැම්බර් මස 22 වන දින ලෝකයේ පළමු සු පර් සොනික් ගුවන් යානා වර්ගයේ කොන්කෝර්ඩ් යානාවක් ඒවා භාවිතයෙන් ඉවත් කිරීමට පෙර ලොව වටා ගිය ගමනේ දී ශ්‍රී ලංකාවට ද පැමිණියේයය. කොන්කෝර්ඩ් යානයක් 1988 1988 වන විට ගුවන් තොටුපළේ සංවර්ධන කටයතු අවසන් වූ අතර නව පහසුකම් සමග වසරකට මගීන් මිලියන 3.5 ක් ධාරීතාවක් එයට දරා ගැනීමට හැකියාව ලැබිණ. නව ධාවන පථයද විවෘත කෙරිණ. ඒ සමගම පැරණි ධාවන පථය “ටැක්සි“ පථයක් ලෙස භාවි...

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VI කොටස

  මෙම ලිපියේ පස්වන කොටස මින් පෙර පළවිය 1979 1979 වර්ෂයේ දී “එයාර් සිලෝන්“ සමාගම විසුරුවා හරිනු ලැබූ අතර එම වර්ෂයේ ම සැප්තැම්බර් මස 1 වන දින සිට “එයාර් ලංකා“ සමාගම පූර්ණ රජයේ සංස්ථාවක් ලෙස පිහිටුවන ලදී. මෙහි මුල් කාලීන කළමණාකාරීත්වය සහ තාක්ෂණික සහාය “සිංගප්පූරු“ ගුවන් සමාගම මගින් සිදු වූ අතර ඔවුන් විසින් “බෝයිං 707-300“ යානා 2 ක් ද සපයන ලදී. එම සමාගමේ මුල්ම ගුවන් ගමන තායිලන්තයේ බැංකොක් වෙත සිදු කෙරිණ. එම වර්ෂයේම නොවැම්බර් මස දී “බෝයිං 737 – 200“ වර්ගයේ ගුවන් යානා දෙකක් “එයාර් ලංකා“ සමාගම විසින් කලාපීය ගුවන් ගමන් සඳහා යෙදවීමට බදු පදනම යටතේ ලබා ගන්නා ලදී.   1980 තවද 1980 වර්ෂය වන විට “එයාර් ලංකා“ සමාගමේ මෙහෙයුම් ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් ෆ්‍රැන්ක්ෆර්ට්, සුරිච්, පැරිස්, ලන්ඩන් (ගැට්වික්), බැංකොක්, සිංගප්පූරුව, ක්වාලාලම්පූර්, බහරේන්, ඩුබායි, බොම්බාය, මදුරාසිය හා මාලේ යන නගර වලට මෙහෙයුම් සිදු කරන ලදී. එම වර්ෂයේදී 1979 අංක 46 දරණ පණත මගින් “ගුවන් තොටුපළ අධිකාරිය“ පිහිටුවමින් එම ආයතනයට එතෙක් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව භාරයේ තිබූ සිවිල් ගුවන් තොටුපල නඩත්තුව හා සංවර්ධනය ...

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– V කොටස

මෙම ලිපියේ හතරවන කොටස මින් පෙර පළවී ඇත 1957 1957 නොවැම්බර් 01 වන දින එක්සත් රාජධානිය විසින් කටුනායක ගුවන් තොටුපල ලංකාවට භාරදෙනු ලැබූ අතර 1959 දී කටුනායක ගුවන් තොටුපලේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරනු ලැබිණ. කටුනායක ගුවන් තොටුපළ 1957/58 වර්ෂ වලදී 1960 1960 වර්ෂයේ දී ලංකාවේ පළමු දේශීය පෞද්ගලික ගුවන් සමාගම වන “උපාලි එයාර්“ අරඹන ලදී. 1961 1961 වර්ෂයේ දී අනුරාධපුරයට ගුවන් ගමන් පවත්වා ගනිමින් දේශීය ගුවන් ගමන් ආරම්භ කරන ලද බවට තොරතුරු සඳහන් වන අතර පසුව ගල් ඔය (අම්පාර), මඩකලපුව, ත්‍රිකුණාමලය ආදී ස්ථාන වලට මෙය ව්‍යාප්ත විය. 1963 1963 වර්ෂයේදී කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු ආරම්භ කරන ලදී. රාජකීය ගුවන් හමුදාව සතුව තිබූ මීටර් 1840 ක් වූ කටුනායක ගුවන් ධාවන පථය මීටර් 3350 ක් දක්වා දිගු කරනු ලැබූ අතර ඒ කැනේඩියානු ආධාර යටතේයි. මේ අවස්ථාවේදී පර්යන්ත ගොඩනැගිල්ල වර්ෂයකට මගීන් 150000 ක් මෙහෙය වීම සඳහා ඉඩකඩ ඇතිව සකස් කරනු ලැබිණ. අදටත් මීගමුව කොළඹ මාර්ගයෙන් ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගය කැනඩා මිත්‍රත්ව මාර්ගය ලෙස හඳුන්වන්නෙ මේ නිසාය. මේ අතර 1962 වර්ෂයේ දී “කේ. එල්. ...

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– IV කොටස

  තුන්වන කොටස බලන්න 1947 1947 වර්ෂයේ ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂි සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස “එයාර් සිලෝන්“ ගුවන් සමාගම සන්නිවේදන සහ වැඩ අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලැබූ අතර ප්‍රථම වරට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරමින් යාපනය හරහා රත්මලානේ සිට මදුරාසිය දක්වා ගුවන් ගමන් අරඹන ලදී. මෙම අවස්ථාව සනිටුහන් වූයේ එම වර්ෂයේ දෙසැම්බර් මස 10 වන දින වන අතර “එයාර් සිලෝන්“ සමාගමට ලබා ගන්නා ලද ඩී.සී. 3 වර්ගයේ යානා මේ සඳහා උපයෝගී කර ගන්නා ලදී. මෙම යානා තුන “සීතා දේවී“, “විහාරමහා දේවී“ හා “සුනේත්‍රා දේවී“ ලෙස නම් කරනු ලැබූ අතර ප්‍රථම ගුවන් ගමන සඳහා යොදා ගන්නා ලද්දේ “සීතා දේවී“ ගුවන් යානයයි. එය පදවනු ලැබූවේ පීටර් ප්‍රනාන්දු නැමැති ගුවන් නියමුවා වූ අතර මුල්ම ගමන සඳහා මගීන් 16 දෙනෙකු සහභාගී වී තිබිණ. “එයාර් සිලෝන්“ ඉතිහාසය මෙතනින් බලන්න   1948 1948 වර්ෂයේ ජූනි මස පළමුවන දින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. එමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා වන “චිකාගෝ සම්මුතිය“ ට එකඟත්වය පළ කර තිබිණ. ...