Skip to main content

Posts

Showing posts from November, 2009

අහස අපේ ආර්ථික සම්පතක් - Air Space is an economic resource.

සාමාන්‍යයෙන් අප කුඩා කළ සිට පුරුදු පහුණු වී සිටින්නේ රටේ ආර්ථික සම්පත් යනුවෙන් හඳුනා ගන්නා විට සාම්ප්‍රදායික දේ හඳුනා ගැනීමටයි. උදාහරණයක් ලෙස තේ, පොල්, රබර් ආදී වැවිලි බෝග වර්ගත්, මිනිරන්, මැණික් වැනි ඛණිජ සම්පතුත් ජලය වැනි ස්වභාවික සම්පතුත් අපේ සාම්ප්‍රදායික පිළිතුරු අතර වෙනවා. ශ්‍රම බලකාය පවා සමපතක් ලෙස හදුනා ගන්නේ කීයෙන් කී දෙනාද? ඔබ නොදන්නවාට, නිතර බොහෝ දෙනෙක් කථා නොකළාට අපට ඉහළින් පවතින ගුවන් කලාපය ශ්‍රී ලංකාව සතු සම්පතක්. දැනටත් මෙයින් විශාල ආදායමක් රටට ලැබෙනවා. 1944 දී අත්සන් කළ ගුවන් ප්‍රවාහනය හා සම්බන්ධ චිකාගෝ සම්මුතියෙන් සෑම රටකටම එහි ගුවන පිළිබඳ ස්වාධිනත්වයක් නැතහොත් ස්වෛරීයත්වයක් තිබෙන බවට පිළිගන්නා අතර යම් රටක් තවත් රටක අවසර නොමැතිව එම රටට පිවිසිය නොයුතු බවට ද මෙහි පිළි ගන්නවා. ඒ අනුව යම් රටක ගුවන් යානයකට වෙනත් රටක ගුවන් සීමාව හරහා යාමට අවශ්‍යය නම් පළමුව එම රටෙන් ඒ සදහා අවසර ලබා ගත යුතුයි. ශ්‍රී ලංකාවේ නම මේ අවසරය රජය වෙනුවෙන් ලබා දෙන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියයි. මෙසේ  අවසර ලබා ගත්තාට පසු එම යානයට එම අවකාශය තරණය කළ හැකියි. නමුත් මෙසේ ඉහළින් පියාසර කිර...

"ගුවන්සර" සඟරාව දැයේ දරුවන්ට- "Guwansara" for students of Sri Lanka

මම මගේ මීට පෙර Post වලදි සඳහන් කළ පරිදි ඊයේ (නොවැම්බර් 26) ගුවන් සේවා දැනුම අපේ ලංකාවේ සියළුම දරුවන්ට ලබා දීමේ අරමුණින් සකස් කරන ලද "ගුවන්සර" සඟරාව ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වුණා. මීට අමතරව www.aviationclub.lk කියන වෙබ් අඩවිය ද නිල වශයෙන් දියත් වුණා. මේ තියෙන්නේ එහි ඡායාරූප කීපයක්.     ගුවන් සේවා සමාජය මේ සඟරාව මිළ දි ගන්න පුළුවන් ගුණසේන සහ සරසවි පොත්හල් වලින්. නැතිනම් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් මිළ දී ගන්නත් පුළුවන්. වැඩි විස්තර අවශ්‍ය නම් 0112394798 අංකයෙන් රුවන් සාගර අමතන්න.

ගුවන සිංහලෙන් ලිවීම - Aviation in SInhala

මාගේ මීට පෙර Post එකෙත් සඳහන් කල පරිදි අපේ රටේ ගුවන් සේවා දැනුම හා රැකියා අවස්තාවන් සීමා වෙලා තියෙන්නේ සීමා සහති ප්‍රදේශයක් තුළ සහ සීමා සහිත පිරිසක් අතරෙයි. මෙයට තිබෙන ප්‍රධාන ‍හේතු අතර ඉංග්‍රීසි භාෂා දැනුම නොමැති කම ප්‍රධාන වෙනවා. නමුත් අපේ රටේ විශාල ප්‍රමාණයකට මෙම ක‍්සේත්‍රයට පිවිසීමීට හැකියාව තිබෙනවා. දක්ෂයින් සිටිනවා. අපි කීප දෙනෙක් එකතු වෙලා මේ තත්වයට යම් හෝ පිළියමක් ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තුළ ගුවන් සේවා සමාජයක් පිහිටුවා ගත්තා. මෙහි අරමුන වන්නේ පාසල් ජාලය තුළින් ගුවන් සේවා දැනුම ව්‍යාප්ත කිරීමයි. මේ සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේත් සහාය අපට ලැබෙනවා. මේ සඳහා අප "ගුවන්සර" නමින් සඟරාවක් අද (26) දින ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒවගේම ඊට සමගාමීය අප සමාජයේ නිල වෙබ් අඩවිය වන www.aviationclub.lk ද අද දියත් කිරීමට අදහස් කරනවා. ඕනෑම පාසැලකට හැකියාවක් තියෙනවා අප ගුවන් සේවා සමාජය හා සම්බන්ධ වෙන්න. වෙබ් අඩවියෙනුත් විමසන්න පුළුවන්. නැතිනම් 0112394798 න් විස්තර දැන ගන්න පුළුවන්. මේ සඟරාව ගුණසේන, සරසවි...

අපේ රට්ටුන්ගේ ගුවන් සේවා දැනුම - Aviation Knowledge of Sri Lankans

පුංචිම කාලෙ අපි හැමෝටම සිහිනයක් තියෙනවා ලොකු උනාම කවුද වෙන් කියන එක ගැන. දොස්තර කෙනෙක් වෙන එක තමයි ජනප්‍රියම සිහිනය. මේ සෑබෑ කරගන්නේ කීයෙන් කී දෙනාද? කොහොම හරි අද ලංකාවේ වෛද්‍ය විද්‍යාල කීපයක් තියෙන නිසා වසරකට 500-100 ත් අතර ගණනක් ඒ සඳහා තේරෙනවා. සල්ලි වැඩිපුර තියෙන කෙනෙක් නම් විදේශ අධ්‍යාපනයට යොමු වෙනවා. තවත් සිහිනයක් තමයි "පයිලට්" කෙනෙක් වෙන එක. මේක සාර්ථක කර ගන්නේ කීයෙන් කී දෙනාද? ගුවන් නියමුවෙක් නො‍වෙයි ගුවන් සේවා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කීයෙන් කී දෙනාද? අද ගුවන් සේවා ක්ෂේත්‍රය දේශීයවත් විදේශියවත් ඉතා විශාල වශයෙන් ශ්‍රම ඌනතාවයකින් පෙළෙනවා. ලංකාවෙ ගුවන් ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයින් දිහා බැලුවම පේන්නේ ඉතාමත් වැඩි ප්‍රමාණය මීගමුවේ සිට පානදුර දක්වා වන ප්‍රදේශ වල ජීවත් වන්නන් බවයි. මේකට හේතුව ඒ ආශ්‍රිත ප්‍රදේශය යම් දැනුවත් වීමක් සිදු වී තිබෙනවා. නමුත් ලංකාවේ අනෙකුත් ප්‍රදේශ වල අය මේක ගැන දැනුවත් බව අඩුයි. සමහරවිට නැති තරම්. මේකට හේතුව ඔවුන්ට දැනුවත් වෙන්න ක්‍රමයක් නැතිකම. මේ විධියේ ක්‍රමයක් තිබුණානම් වඩා සාර්ථක ශ්‍රම බලකායක් ගුවන් ක්ෂේත්‍රයට පිවිසෙනවා. එයින් අප රටේ ගුවන් කර්මාන්...

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සිවිල් ගුවන් ගමන් - Domestic Air Transportation in Sri Lanka

අප දන්නවා ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් (International Airlines)සෑහෙන ගණනක් තිබෙන බව. මේ ගණන වසරින් වසර සෘතු‍වෙන් (Season) සෘතුව වෙනස් වුවද සාමාන්‍යයෙන් එම ගණන 25 ත් 35 අතර ගණනක් වෙනවා. මේ ගණන භාණ්ඩ ප්‍රවාහනයට (Cargo)  සහ සංචාරකයින් පැමිණෙන ගුවන් යානාත් සමග. මම දැන් කථා කරන්න යන්නේ වෙනත් දෙයක් ගැන. සමහර විට ඔබ දන්නේ නැතිව ඇති අපේ රටේත් අභ්‍යන්තර ගුවන් ගමන් පවතින බවත් එය ඉතාම ජනප්‍රිය බවත්. ශ්‍රී ලංකාව තුළ ගුවන් තොටුපළවල් 15 ක් පමණ තිබෙනවා. මෙයින් එක් ගුවන් තොටුපළක්, ඒ කියන්නේ පුත්තලමේ ඇති ගුවන් තොටුපළ දැනට ක්‍රියාත්මක නැහැ. අනෙක් සියළුම ගුවන් තොටුපළවල් දැනට ක්‍රියාත්මකයි. මෙම සෑම ගුවන් තොටුපළක්ම ගුවන් හමුදාව භාවිතා කරනු ලබනවා. කෙසේ වෙතත් යාපනය (පළාලි), රත්මලාන, ත්‍රිකුණාමලය (චීන වරාය), අම්පාර ආදී ගුවන් තොටුපළවලට අභ්‍යන්තර සිවිල් ගුවන් ගමන්  පෞද්ගලික ආයතන විසින් පවත්වාගෙන යනු ලබනවා. යාපනය සහ රත්මලාන අතර ගුවන් ගමන දෛනිකව සිදු කරනු ලබනවා. දෛනිකව යාපනය සහ කොළඹ අතර ගුවන් ගමන් වාර 10 කට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යනු ලබනවා. මෙම ගුවන් ගමන් වල යෙදෙන්නේ එක්ස්පෝ ගුවන් සම...

අඩු මිල ගුවන් මෙහෙයුම් පර්යන්ත Budget Terminals

සාමාන්‍ය ගුවන් සේවා මෙහෙයුම් පවත්වාගෙන යනු ලබන ගුවන් තොටුපල වල ගුවන් යානා මෙහෙයුම් සඳහා එම ගුවන් තොටුපළ විශාල මුදලක් අය කරයි. ගුවන් යානාවේ වර්ගය අනුව සහ එහි ගුවන් ගත වන අවස්ථාවේ බර අනුව (MTOW – Maximum Takeoff Weight) මෙම මුදල තීරණය කරනු ලබයි. මෙම මුදල් ප්‍රමාණය වැඩි නම් ගුවන් සමාගම් එම ගුවන් තොටුපළට මෙහෙයුම් කිරීමට මැළි කමක් දක්වයි. මීට අමතරව තවත් විවිධ අය කිරීම් මෙහෙයුම් සම්බන්ධව තිබේ. මීට අමතරව නව ප්‍රවණතාවක් වන්නේ මිළ අඩු ගුවන් සමාගම් (Low Cost Carriers – LCC) බිහි වීමයි. ලංකාවේ මිහින් ලංකා ගුවන් සමාගම (Mihin Lanka Ltd) , එයාර් ඇරබියා ගුවන් සමාගම (Air Arabia) , එයාර් ඒෂියා ගුවන් සමාගම (Air Asia) , ටයිගර් ගුවන් සමාගම (Tiger Airways) ආදිය උදාහරණ ලෙස දැක්විය හැක. මේවා‍යේ මෙහෙයුම් වියදම් අවම කර ගනිමින් පාරිභෝගිකයාට අඩුම මිළට ගුවන් ටිකට්පත් සපයනු ලබයි. මෙම මෙහෙයුම් කරනු ලබන අඩු මිළ ගුවන් සමාගම් වල අවශ්‍යතාවයක් වූයේ තම මෙහෙයුම් වලට ගැළපෙන අඩු මිළ ගුවන් මෙහෙයුම් පර්යන්ත (Budget Terminals) ලබා ගැනීමයි. මෙම තත්වයට ප්‍රතිචාර දැක්වූ සමහර රටවල් අඩු මිළ ගුවන් මෙහෙයුම් පර්යන්ත සකස් කළ අ...

ඕමාන් එයාර් යළිත් ලංකාවට - Oman Air Back to Sri Lanka

"ඕමාන් එයාර්" (Oman Air) කියන්නේ ඕමාන් (Oman) රාජ්‍යයේ ජාතික ගුවන් සේවය. ඕමාන් රාජ්‍යය තුළ දේශිය ගුවන් ගමනුත් ඕමානයේ සිට අන්තර්ජාතික ගුවන් සේවාවනුත් පවත්වාගෙන යනවා. "ඕමාන් එයාර්" කියන්නේ ලංකාවට අළුත් ගුවන් සමාගමක් නොවේ. මීට පෙරත් ශ්‍රී ලංකාවට මෙහෙයුම් කරා. අන්තිමට ලංකාවට මෙහෙයුම් කරනු ලැබුවේ 2005 මාර්තු මාසේ. ඉන්පසුව මෙහෙයුම් නවතනු ලැබුවා. ඒකට හේතු වුනේ මගීන් නොමැති කම. කොහාම උනත් යළිත් ඔවුන් උත්සහ කරනවා තම මෙහෙයුම් පවත්වාගෙන යන්න. දැනට අනුමත කර ඇති කාලසටහනට අනුව සතියකට ගුවන් වාර 04 (04 Frequencies) පවත්වා ගෙන යා හැකියි. දැනට එකඟ වී ඇති ආකාරයට ලබන මාර්තු මාසයේ සිට මෙම සංඛ්‍යාව 7 දක්වා ඉහළ දැමීමට නියමිතයි. ඕමානයේ දැනට ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් ‍සේවය කරනු ලබනවා. මෙම ගුවන් සේවා ආරම්භය ඔවුන්ට පහසුවක් වේවි. දැගන්නට ලැබී තිබෙන ආකාරයට ගුවන් ප්‍රවේශ පත් ගාස්තුව "ශ්‍රීලන්කන්" (Srilankan) ගුවන් සේවයේ මිළටම ආසන්නයි. "ශ්‍රීලන්කන්" ගුවන් සේවයත් ඕමානයේ "මස්කට්" (Muscat - MCT)අගනුවර වෙත ගුවන් ගමන් පවත්වාගෙන යනවා. නමුත් එය සෘජු ගුවන් ගමනක් ...

ගුවන් මගීන්ගේ ගමන් මළු - Baggage and Hand Luggage

පසුගිය සිකුරාදා රාජකාරී කටයුත්තකට ගුවන් තොටුපලට ගිය අවස්ථාවේදී මට පොඩි Post ලියන්න අදහසක් ආවා. මා මාගේ කටයුතු වල නිරත වෙමින් සිටියේ මැදපෙරදිග බලා ගමන් ගන්නා ගුවන් යානයක් සම්බන්ධවයි. කියන්න ඕනෙ නැහැනෙ අනිවාර්යයයෙන් මෙහි මගීන්ගෙන් අතිමහත් බහුතරය මැද පෙරදිග බලා ගමන් ගන්නා ශ්‍රමිකයින්. ඔවුන් තම ඥාතීන්ගෙන් සමුගත්තේ ඉතාමත්ම දුකින්. තම අඹු දරුවන්ගෙන් වෙන් වූයේ හද සසල කරමින්.(අපිට මේක දැන් දැකලා පුරුදු වෙලා) හැබැයි මේ ගැන වෙනමම ලියන්න දේවලුත් තියෙනවා. මේවා කිය කියා ඉඳලා මම කියන්න හදන දේත් අමතක වෙනවා. මගේ මීට පෙර Post එකෙත් කිව්වා ගුවන් මගීන්ගේ භාණ්ඩ ගෙන යාමට ඇති හැකියාව ගැන. සාමාන්‍යයෙන් එක් මගියෙක් සඳහා වර්ග දෙකක ගමන් මළු ගෙන යාමේ හැකියාව මගියාට ලැබෙනවා. ඒ ගුවන් යානයේ ගමන් මළු ගෙන යාම සඳහා වෙන් වන කොටසේ අසුරා ගෙන යන ගමන් මල්ල සහ අතේ ගෙන යා හැකි ගමන් මල්ල ලෙස. ගුවන් යානයේ ගමන් මළු ගෙන යන කොටසේ යැවිය හැකි බෑගය (හෝ කීපය) පළමුවෙන්ම ගනිමු. මේ සඳහා සාමාන්‍යයෙන් නොමිලේ ගෙන යා හැකි ප්‍රමාණය ගුවන් සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස දැක්වුව හොත් Qatar Airways වල එය කි.ග්‍රෑ. 20 ක් පමණ වන ව...