Skip to main content

Posts

MH370

මේ දිනවල වැඩි වශයෙන් කථා වෙන්නේ මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානයේ අතුරුදහන් වීම සම්බන්ධවයි. අන්තර්ජාතික පුවත් ඒජන්සි සහ ශ්‍රී ලංකාවේ පුවත් ආයතනත් සමාජ ජාලත් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී. කෙසේ වෙතත් මේ සෑම ප්‍රවෘත්තියකම අවසාන තොරතුර වන්නෙ මෙම යානය අතුරුදහන් වී ඇති බවත් මේ වනතුරුත් එයින් කිසිදු තොරතුරක් හෝ සුන්බුන් හෝ හමු වී නොමැති බවත්ය මේහා සමානවම දීර්ඝ කාලයක් කථා බහට ලක්වූ ගුවන් අනතුරක් වූයේ 2009 වර්ෂයේ දී අත්ලාන්තික් සාගරයේ සිදු වූ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම අයත් AF 447 ගුවන් අනතුරයි. එම යානයේත් සබඳතා බිඳ වැටී දින 5 ක් යන තෙක්ම ගුවන් යානයට සිදු වූයේ කුමක් දැයි දැන ගැනීමට නොහැකි විය. පස්වන දිනයේ දී යානයේ “රඩරය“ හමු වීමෙන් පසුව පමණි එම අනතුර සිදු වූ ස්ථානය සොයා ගැනීමට හැකි වූයේ. එහෙත් එයිනුත් වසර 2 ට පසුවයි එම යානයේ “කළු පෙට්ටි“ සොයා ගැනීමට හැකියාව ලැබුණේ. මැලේසියානු යානයේ තොරතුරුත් මේ ලිපිය සකසන වේලාව වන විටත් ලැබී නැත. තවමත් එය සොයමින් සිටී. මෙතෙක් කල් සොයා බලනු ලැබූවේ ගුවන් යානය ගමන් ගත් මාර්ගයේ පමණක් වූ අතර අද දින සිට එම සීමාවන් තවත් ව්‍යාප්ත කර ඇත. ...

සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ ආචාර්ය අසාද් කොටෙයිට් (Dr. Assad Kotaite )මහතාගේ සමු ගැනීම

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ සහ පිළිගත් චරිතයක් වන ආචාර්ය අසාද් කොටෙයිට් මහතා පසුගිය පෙබරවාරි මස 27 වන දින ලොවෙන් සමුගත්තේ ය. ඒ වන විට එතුමා 89 වන වියේ පසු වූ අතර ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ කීර්තිමත් විශ්‍රාමික සභාපතිවරයෙක් විය. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ වසර 50 ක පමණ කාලයක් තුළ සිවිල් ගුවන් සේවා කර්මාන්තයේ සුරක්ෂිත බව ඇති කර ලීම උදෙසා තම දිවියම කැප කළ අසහාය නායකයෙක් ලෙස කොටෙයිට් මහතා හඳුන්වා දිය හැක. ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය ආර්ථික, සමාජීය හා සංස්කෘතික අංශයන්හි ප්‍රධාන නියමුවෙක් බවට පත් කිරීමට එතුමා අපමණ වෙහෙස වී කටයුතු කළේය. 1924 වර්ෂයේ ලෙබනනයේ දී උපත ලද කොටෙයිට් මහතා බේරූට් හි ප්‍රංශ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගන්නා අතර පසුව ප්‍රංශයේ පැරිස් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගන්නා ලදී. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ එතුමාගේ කීර්තිමත් සේවා කාලය ඇරඹෙන්නේ 1953 දී එම සංවිධානයේ නීති කමිටුවට ඇතුලත් වීමත් සමගය. එතුමා 1970 වසර තෙක් එහි කටයුතු කළේය. 1956 සිට 1970 කාලයේ දී එතුමා සිවිල් ගුවන් සේවා කවුන්සිලයේ ලෙබනන නියෝජිතයා...

නියමුවා දිවි නසා ගැනීම - Pilot Suicide

LAM Mozambique Airlines යනු මොසැම්බික් රාජ්‍යයේ ජාතික ගුවන් සේවයයි. මොසැම්බික් රාජ්‍ය යේ මපුටෝ ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන අතර අප්‍රිකානු මහාද්වීපයේ රටවල් අතර සහ මොසැම්බික් රාජ්‍යය තුළද සිය මෙහෙයුම් සිදු කරනු ලබයි. 1936 දී පමණ ආරම්භ කර ඇති මෙම ගුවන් සමාගම අප්‍රිකානු මහාද්වීපයේ හොඳින් මෙහෙයුම් සිදු කරනු ලබන ගුවන් සමාගමකි. ගුවන් සමාගම පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී සිදු වූ ගුවන් අනතුරක් නිසා ලොවේ කථා බහට ලක් වුණා. මෙම අනතුර සිදු වූයේ මපුටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ඇන්ගෝලාවේ Quatro de Fevereiro ගුවන් තොටුපලට මොහෙයුමක් සිදු කරන අතරවාරයේ දීයි. යානය අනතුරට ලක් වූයේ නැමීබියාවේ Bwabwata ජාතික වනෝද්‍යානය ඉහළින් පියසර කරමින් තිබිය දීය. අනතුරට පත් වූ යානය මෙම ගුවන් අනතුරින් යානය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එහි ගමන් කළ මගීන් 27 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනා ජීවිතක්ෂයට පත් විය. යානය අනතුරට පත් වූ ස්ථානය පරීක්ෂක කණ්ඩායම් ලඟා වූයේ අනතුර සිදු වූ දිනට පසු දින වූ අතර ඒ වන විටත් යානය සම්පූර්ණයෙන් අළු ගොඩක් ව තිබූ බව එම කණ්ඩායම් පවසයි. ගුවන් අනතුර සිදු වූ ස්ථානයේ තිබී යානයේ...

උඩදි ඉස්සුවොත් පයිලට් කරන දේ Squawk Codes

අද (17/02/2014) අළුයම 1230 ට පමණ ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපලින් පිටත් වූ ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් අංක ET702 දරණ ගුවන් යානය ගුවනේ දී පැහැර ගැනීමක් සිදු වී ඇති බව වාර්තා වුණා. සුඩානය ඉහළින් පියාසර කරමින් තිබිය දී මෙම සිදු වීම වාර්තා වූ අතර ගුවන් යානය ගමන් කිරීමට නියමිත වූ ගුවන් තොටුපල වූයේ රෝමයේ “ලියනාඩෝ ඩාවින්සි“ ගුවන් තොටුපලයි. නමුත් එය ගොඩබා තිබුනේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා ගුවන් තොටුපලටයි. මගීන් සහ කාර්ය මණ්ඩලය 200 ක් පමණ මෙහි ගමන් කරමින් සිටි අතර ඔවුන් සියළු දෙනාම නිරුපද්‍රිතව සිටි බව ට වාර්තා ලැබී තිබේ. ගුවන් යානයෙන් මගීන් ඉවත් කර ගන්නා අයුරු (නියමුවා බැසිගිය ලණුව වම්පස එල්ලෙමින් තිබේ) මෙම සිද්ධියේ ජුගුප්සාජනකම කාරණය වන්නේ සහාය නියමුවා විසින් මෙම පැහැර ගැනීම සිදු කර තිබීමයි. ප්‍රධාන නියමුවා වැසිකිලියට ගිය  අවස්ථාවේ දී මෙම පැහැර ගැනීම සිදු කළ බව දැනට තොරතුරු අනාවරණය වී ඇති අතර ජිනීවා ගුවන් තොටුපලේ දී යානය නැවැත් වූ පසු සැකකාර සහාය නියමුවා ඉදිරිපස සුළං මුවාව විවර කර ලණුවක් ආධාරයෙන් පිටතට පැමිණ තිබේ. (හදිසි අවස්ථාවක එසේ පැමිණිමට පහසුකම් තිබේ) පසු ඔහුව අත් අඩංගුව...

පලමු වාණිජ ගුවන් ගමන සිදු කර වසර 100 යි

අද ලෝකයේ සෑම අතම දිනකට වාණිජමය ගුවන් ගමන් වාර ලක්ෂයකට අධික ගණනක් සිදු කරයි. දිනකට මගීන් මිලියන 8-9 ක් පමණ ගමන් කරයි. වසර 110 ක ගුවන් කර්මාන්තයේ වාණිජ ගුවන් ගමන් කර්මාන්තයට ද වසර 100 ක් පසුගිය ජනවාරි මස 1 වන දිනට (2014 ජනවාරි 1) සම්පූර්ණ විය. 1903 දී ඇමරිකාවේ කිටිහෝක් හි දී රයිට් සහෝදරයින් විසින් ප්‍රථම ගුවන් ගමන සිදු කිරීමෙන් පසුව අද වන විට ගණනය කළ නොහැකි තරමක් ගුවන් ගමන් ලොව සිදු වී ඇත. වාණිජ ගුවන් ගමන් ක්ෂේ ත්‍රයට ද ඒ සමානම ඉතහාසයක් ඇත. මුල්ම වාණිජ ගුවන් ගමන සිදු කර ඇත්තේ ද ඇමරිකාවේ දීය. ඒ පළමු ලෝක යුද්ධයට වර 3ට පෙරදීය. නිවැරදිව පවසනවා නම් ඒ 1914 ජනවාරි 1 වන දින දීය. පළමු ගුවන් ගමන යානයේ නියමුවා සහ මගියා ඇමරිකාවේ ශාන්ත පීටර්ස්බර්ග් හා ටැම්පා යන ස්ථාන දෙක අතර මෙම ගුවන් ගමන සිදු වූ අතර මුළු ගමනට ගත වූ කාලය මිනිත්තු 23 කි. සැතපුම් 21 ක් දුර ගෙවීමට මෙම යානයට පැයට සැතපුම් 60 ක වේගයෙන් පියාසර කිරීමට සිදු වූ අතර එම ප්‍රදේශයේ තිබෙන කලපුවට අඩි 15 ක් පමණ ඉහළින් පියාසැරිය සිදු විය. මේ සඳහා භාවිතා කරන ලද්දේ ඇමරිකාවේ ම නිෂ්පාදනයක් වූ Benoist XIV ගුවන් යානයක් වූ අතර එය සිලින්ඩර් 6 ක සහ අශ්ව ...

වීසා ගන්න ඕනෙ නම් ප්ලේන් පූජා කරන්න Shaheed Baba Nihal Singh Gurdwara in Jalandhar

පුරාතණයේ සිටම විවිධ දේවල වලට වන්දනා මාන කිරීම ලෝ වැසියන්ගේ සිරිත විය. ගස් ගල් පවා දේවත්වයෙන් පිදීමට ඔවුන් යොමු වී තිබිණ. අදටත් ලොව සමහර ප්‍රදේශ වල අප විශ්වාශ නොකරන දේ වලට දේවත්වයෙන් සැළකීමට මිනිසා පුරුදු වී සිටී. විශේෂයෙන් ඉන්දියාවේ මේ තත්වය වැඩි වශයෙන් දැකිය හැක. ඒ වගේම පූජා භාණ්ඩ ලෙසද ඔවුන් විවිධ දේ පූජා කිරීමට පෙළඹී සිටී. ගුවන් යානා ආදර්ශ පූජා භාණ්ඩ ලෙස යොදා ගන්නා දෙවොලක් ඉන්දියාවේ තිබෙන බව ඔබ විශ්වාස කරනවාද? එය සැබවින්ම පවතී. ඉන්දියාවේ පන්ජාබ් (Panjab) ප්‍රාන්තයේ ජලන්දාර් (Jalandhar) ප්‍රදේශයට කිලෝමීටර් 30 පමණ දුරින් පිහිටා තිබෙන ටල්හාන් (Talhan) නැමති ගමේ මේ දෙවොල පිහිටා තිබේ. යම් පුද්ගලයෙකු විදේශ රටක විසා බලාපොරොත්තු වන්නේ නම් මෙම දොවොලට ගුවන් යානයක ආදර්ශයක් පූජා කළහොත් එම වීසා ලැබීම අනිවාර්යයෙන්ම සිදු වන බව මෙම දෙවොලේ බැතිමතුන් විශ්වාස කරයි. මෙම දොවොල සික් ජාතිකයන්ගේ දෙවොලක් වන අතර එය “ෂහීඩ් බාබා නිහාල් සිං දෙවොල“ නමින් හඳුන්වයි. මෙවන් මිත්‍යා දෘෂ්ඨික පූජාවන් සිනහවට ලක් වුවද ඉරිදා දිනවල මෙම දෙවොලේ පළමු මහලේ තිබෙන ශාලාවේ සෙල්ලම් ගුවන් යානා 80-100 ත් අතර ප්‍රමාණයක් දැකිය හැකි ...

DC-10 ගුවන් යානයේ සමුගැනීම Final boarding: McDonnell Douglas DC-10 makes last passenger flight

නවතම ගුවන් යානා කර්මාන්තයට හඳුන්වා දෙන විට දැනට භාවිතා කරන ගුවන් යානා ‍සේවයෙන් ඉවත් වීම සිදු වෙනවා. ඩීසී-10 ගුවන් යානයත් එසේ සේවයෙන් ඉවත්වන ගුවන් යානයක්. දැනට මෙම ගුවන් යානය මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නේ අපේ අසල් වැසි රටක් වන බංග්ලාදේශයයි. එහි “බිමාන් බංග්ලාදේශ්“ (Biman Bangladesh) ගුවන් සමාගම සතුව මෙම ගුවන් යානා දෙකක් තිබෙන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී එක් ගුවන් යානයක් මගී ප්‍රවාහනයෙන් ඉවත් කරන ලද අතර අනෙක් යානය මෙම වසරේ දෙසැම්බර් 07 වන දින අවසන් ගුවන් ගමන පවත්වනු ලැබූවා. ඔබට මතක ඇති සමහර විට 1974 ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර සිදු වූ දැවැන්තම ගුවන් අනතුර. එසේ නැති නම් ඔබ මේ ගැන කියවා ඇති. 1974 දෙසැම්බර් 4 වන දින මස්කෙළියේ සප්ත කන්‍යා කඳු වැටියේ ගැටීම නිසා සිදු වූ මෙම අනතුරින් එහි ගමන්කළ සියළු දෙනා ම ජීවිතක්ෂයට පත්විය. මෙම අනතුරට පත් වූ ගුවන් යානය DC-8 වර්ගයේ එකකි. ඩීසී-10 යනු ඩීසී-8 ගුවන් යානයට පසුව නිපදවන ලද යානා වර්ගයයි. මෙම ගුවන් යානා වර්ගය නිපදවූයේ ඇමරිකාවේ “මැක්ඩොනල් ඩග්ලස්“ ගුවන් යානා නිෂ්පාදන සමාගමයි. එවකට තිබූ අති සාර්ථක ගුවන් යානා වර්ගයක් වූ මෙම මැක්ඩොනල් ඩග්ලස් ගුවන් යානා...